අවසන් හුස්ම විකිණීම…!!!

මේවයේ හංගන්න දේවල් නෑ… හැමෝම දන්නවනේ….

හැමෝම දන්නවනේ මේ දවස් වල අපරාධ රැල්ල කොච්චර උණුසුම්ද කියලා… මල් වගේ පිපෙන්න ඉන්න පොහොට්ටු පිපෙන්න ගන්න කලින්ම තමන්ගෙම ඥාතීන් අතින් හරි වෙන මොකෙක් හරි කාලකන්නියෙක් අතින් හරි තැලිලා පොඩිවෙලා යනවා. ඒ තිරිසනාට හිතුනොත් මේ මල් කැකුල තවත් ඉන්න ඕනේ නෑ කියලා… මරලා දානවා. සල්ලි තියෙනව නම්, දන්න කියන නඩු කාරයෝ ඉන්නවනම් ස්ත්‍රී දූෂණයක් කරන්න බය වෙන්න දෙයක් නෑ…!

ඒක ඇත්තටම මානසික රෝගයක් හින්දා කරන වැඩක් කියලා හිතන්න පුළුවන් වුනත්, දැන් මාධ්‍ය ආයතන වලින් කරන කුණුහබ්බ වැඩේ ගැන නම් තිත්තයි…! කොටින්ම කියන්න…

“අපරාධයක් වුන සැනින් එය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කොට හෝ වීඩියෝ ගත කර අප වෙත එවීමට පුළුවන් නම්, ඔබට වටිනා මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමේ අවස්ථාව.“

කියන දැන්වීම පුංචි පුංචි වෙනස් කම් සහිතව ඒත් මේ අර්ථයම ගෙන දෙමින්, මාධ්‍ය ආයතන වලින් මේ දවස් වල හෝ ගාලා ප්‍රමෝට් කරනවා. කෙලින්ම අපරාධයක් කියලා නොකිව්වට මාධ්‍ය ආයතන වලට,  “ප්‍රවෘත්ති“ කියන්නේ තනිකරම අපරාධ විතරක් කියලා වගේ තමා දැන් නම් තියෙන තත්ත්වය අනුව පේන්නේ.

මනුස්සයෙක් යම් කරදරයකට පත්වුනාම ඒ මිනිහාගේ තත්ත්වය ගැන සලකලා රෝහලකට අරගෙන යන එක හෝ අඩුම ගානේ ප්‍රථමාධාර දෙන එකටත් ඉස්සෙල්ලම කරන්නේ ඒ මිනිහාගේ ෆොටෝ එකක් හෝ වීඩීයෝ ක්ලිප් එකක් අරගන්න එක. ඊට පස්සේ කවුරු හරි හිත හොඳ එකෙක් ලං වෙලා අර මනුස්සයට උදවු කරද්දි, තවත් පුළුවන් තරම් කැමරා බස්සලා ඒ තත්ත්වයත් වීඩියෝ කරගන්නවා…! අඩුම ගානේ වාහනයක් කතා කරගෙන එන්න, යන වාහනයක් නවත්ත ගෙන ඒ කරදරයට වැටිච්ච පුද්ගලයව රෝහලකට යවන්න ඕනේ කියන හැඟීම ගොඩක් මිනිස්සු අතරේ නෑ. හැමෝම ට්‍රයි කරන්නෙ පන අදින මිනිහාගේ පින්තූර ගන්න… ඇයි ඉතිං එව්වට මාධ්‍ය ආයතන වලින් හොඳට සල්ලි ලැබෙනවනේ…! ඉතිං ඔය ඔක්කොම ඉවර වෙද්දි මිනිහා මැරිලා. ඒත්  ඒ වගේද අර වීඩියෝ ක්ලිප් එකට ලැබෙන ගාන…! හුහ්… නිකං ඉඳන් සල්ලි හොයන්න කවුද අකමැති…

ඉස්සර කියපු “ඉක්මනින් ඉවත් වෙන්න” වෙනුවට දැන් කියන්නේ… “යන්න යන්න ගිහිං කැමරා කරන්න” කියලා.

ඉස්සරනම් යුද්ධෙ තියෙන කාලේ කිව්වේ “අපරාධයක් වුන සැනින් එතෙනින් ඉවත් වෙන්න කියලා“. උදාහරණ විදියට කිව්වේ පිටරට වල එහෙමයි කරන්නෙ කියලා. ඒ කිව්වෙත් ලේසි පාසු අය නෙවෙයි… මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදියෝ හා උපාධිධාරි උංගේ ලොක්කෝ… ඒත් දැන් කියන්නේ අපරාධයක් දුටු සැනින් ඕනේ ලබ්බක් කියලා ගිහිං වීඩියෝ කරපියවු කියලා. නිකමට එකෙක් වත් කියනවද ඒ ගමන් ඒ මනුස්සයව රෝහල් ගත කරන්නත් සහය වෙන්න කියලා..?

බේරන්න පුළුවන් ජීවිතත්, මරාගැනීම…

එක කට්ටියක් බලාගෙන ඉන්නවා මිනිහෙක් මැරෙන්න පන අදින්න සෙට් වෙනකං, ඒ මිනිහාගේ ෆොටෝ ගන්න. අනිත් පැත්තෙන් තව කට්ටියක් ඉන්නවා ලොකු ගානක් දීලා ඒ ෆොටෝ අරගෙන ප්‍රචාරය කරන්න. ගෙවල් වල ඉඳන් තවත් කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා ඒ ෆොටෝ දැකලා… ආආනේ…. පවූවූවූ…. නේ… කියලා තවත් සිඟිති ආතල් එකක් ගන්න. අන්තිමේ ඒ ෆන් එක ඉවර වෙන්නේ කාගේ හරි ජීවිතයක් ආකාලයේ මියදීමෙන්. සුදුසු ප්‍රතිකාරයක් කරා යොමු කරලා මිනිහාව ජීවත් කරන්න තියෙද්දි ෆොටෝ ගහලා, ඒ මිනිහාගේ අන්තිම හුස්ම පොද වායුගෝලයට මුහුවෙන හැටි දැකලා, ඒක අනිත් එවුන්ටත් පෙන්නලා කුහක සතුටක් ලබන කාලකන්නින්ට සහ ඒ වැඩ වලට උඩගෙඩි දෙන මාධ්‍ය හැතිකරේටත්, අන්තිම හුස්ම ටික විකුණන් කන සමාජයටත් මගේ බලවත් විරෝධය..!!!

බලාගෙන යද්දි අපි ජීවත් වෙන්නේ, එකෙක් හුස්ම ඇදලා මැරෙනවා දැකලා, කටින් පවු කියලා… හිතින් වින්දනයක් ලබන සමාජයක….!!! හැමෝම උත්සාහ කරන්න ප්‍රවෘත්ති වාර්ථාකරණයේ ප්‍රමුඛයා සම්මානය ලබන්න… ඒකට ඉතිං මිනිහෙක් දෙන්නෙක් ජීවිත නැතිකරගත්තට මොකෝ වෙන්නේ… මිනිස් ජීවිතයකට වැඩිය උංට ප්‍රසිද්ධියයි, සම්මානයි වටිනවා ඇතිනේ.

Advertisements

44 Responses to “අවසන් හුස්ම විකිණීම…!!!”

  1. ගිනි කුරුල්ලා Says:

    ඒකට තමා මචන් 22 සියවසේ මාධ්‍ය සදාචාරය කියන්නේ…

  2. Nuwan Jeewantha Says:

    yep… niyama adahasa…….

    • Gold fish Says:

      🙂 ටීවී නොබල ඉන්න එක තමා හොඳම දේ…

  3. praveena Says:

    ඒ ගැන අදහස් දක්වන්ට කවුරුත් එලියට එන්නේ නැතිවීම තවත් ප්‍රශ්නයක්. මේ වගේ හරි එහෙම අදහසක් දැකීමත් සතුටක්.

    • Gold fish Says:

      කතා නොකරනවා ඇත්තේ බයට නෙමේ වෙන්න ඕනේ… තමන්ට ලැබෙන්න තියෙන ලාභ ප්‍රයෝජන නොලැබී යයි කියලා වෙන්න ඇති…

  4. හංසකිංකිණි Says:

    මලේ මං නං දැන් අවුරුදු පහක හයක ඉඳල රූපවාහිනී බලන්නෙ නෑ… ඉතිං නිවුස් බැලිල්ලකුත් නෑ.. කොහෙං හරි මග තොටදි ඇහෙන එව්ව විතරයි… වැරදීමකින් හරි දැක්කොත් මං කරන්නෙ ඉතා ඉක්මණින්ම එතනින් ඉවත් වෙන එක…
    මට හිතෙන්නෙ තරගෙ වැඩි කමට තව ටික කාලෙකින් ලයිව් කවර් කරයි මිනී මැරුම් ස්ත්‍රී දූෂණ එහෙමත් මුන් ගිහින් ..
    මෙන්න මේ දැන් අපට කඳින් වෙන්කල හිසක් හමු වුණා..ලේ ගලමින් පවතින නිසා අපට පෙනී යන්නේ මෙය මේ දැන් සිදුවූ අපරාධයක් බවයි….
    දැන් මීලඟට මේ හිසට අයත් ශරීරය සොයා යන ගමනේ සියලු දසුන් මෙන්ම සියලු තොරතුරු ලද සැනින් සත්‍ය හා උණුසුම් ලෙසින් වාර්තා කරණයට අප සූදානම්…. රැඳෙන්න අප සමගින්ම!! කියල

    • Gold fish Says:

      මමත් වාහිනියෙන් නම් ඈත් වෙලා අක්කේ ඉන්නේ. පත්තරයක් ලබන්නෙත් නෙට් එකෙන් විතරයි. ඒ බලන සමහර පත්තර වලත් පිටුවේ අන්තීමටම තියෙනවා බිස්නස් එක ගැන. ලංකාදීපේ බලන්නකෝ…

  5. Lakmal Says:

    ඕක පටන් ගත්තේ කොල්ලෝ අර සෝමාගේ රත්තරන්වාහිනිය නෙව.දැන් එක අනික් එවුන්ටත් බෝ වෙලා.අනික මම ඊයේ ඔය වාහිනියේ පොරෝවුර්ති බල ගමන් අපේ ගෙදර උන්දැත් එක්ක කීවේ, අපි පොරෝවුර්ති යන අතර මග වෙළද දැන්වීම් බලනවද..වෙළද දැන්වීම් යන අතර මග පොරෝවුර්ති බලනවද කියල හිත ගන්න බෑ කියල..

    • Gold fish Says:

      ඒක නම් ඇත්ත… ප්‍රවෘත්තියට කලින් වෙළඳ දැන්වීම… ඔක්කොම එකයි…

  6. නවම් Says:

    නීතිය, ආගම ජාතිය සදාචාරය මේ සේරම බිස්නස් එකෙක් වෙච්ච කාලෙක ප්‍රවෘත්ති කියන්නෙ තවත් බිස්නස් එකක් මාළුවො. ඒක එහෙමෙයි කියමුකො, ඒත් ඒ ඇත්ත වගන්න ගන්න උත්සාහයටෙනෙ බං බඩදඟලන්නෙ.
    සල්ලි හොයන්න පුළුවන් නම් ඕන ගූ ගොඩක බහින්න පුළුවන් මිනිස්සු ඕනම තැනක මේවගේ දේවල් වලට ඕනෑ තරම් ඉඩ.

    • Gold fish Says:

      ඇත්ත වහන්නේ ලොක්කන්ගේ ඇත්ත විතරයිනේ… අනිත් ඒවා එලිපිට පෙන්නන්නේ…

      • නවම් Says:

        නෑ මං කිව්වෙ ප්‍රවෘත්ති කියන්නෙත් තවත් බිස්නස් එකක් කියන ඇත්ත.

  7. පරිකල්පන Says:

    දැන් ඔය ප්‍රවෘත්ති වලින්නම් ගන්නම දෙයක් නැති ගානයි. මාධ්‍ය නිදහස ගැන හෙන ලොකුවට කතා කරාට මාධ්‍ය සදාචාරය ගැන කවුරුත් එච්චර උනන්දුවක් නෑ. මතකද කාලයක් එක වැඩසටහනක් ගියා පාරෙ යන මිනිස්සුංව ගොනාට අන්දල ඒක රූපවාහිනියෙ පෙන්නල ‘ගොං ආතල්’ ගත්ත.

    • Gold fish Says:

      මාධ්‍යකාරයින්ගේ මොලේ වැඩෙනවා නෙවෙයි ටික ටික ලාමක වෙනවා… තව ටික කාලෙකින් ඔක්කොමලව එකතු කරලා මොන්ටිසෝරියකට යවන්න ඕනේ. ආපහු හෝඩියේ ඉඳන් වරෙන් කියලා.

  8. තිවංක Says:

    දැන් කොහොමත් ප්‍රවෘත්ති කියන්නේ ඉස්සර වගේ පණිවිඩයට නෙවෙයි නේ. ඒකත් කතන්දරයක් කරගෙන. කිසිම සදාචාරයක් නෑ. තව ඉස්සරහට මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ. හොඳ, කාලීන ලිපියක්.

    • Gold fish Says:

      ප්‍රවෘත්තිත් හරියට ශ්‍රී fm එකේ කනාමැදිරි රාත්‍රිය වගෙයි…!!!

  9. රාජ් Says:

    මාකට් කරන්න පුළුවන් හැමදේම මාකට් කරන්නයි දැන් බලන්නෙ.කාලයක් යද්දි මේවයෙන් විකෘති සහගත ප්‍රතිඵල පැබෙනව ෂුවර්. ලඟදි, තමන්ගෙම අම්මගෙයි අක්කලගෙයි කාමරවල වීඩියෝ කැමරාවක් හයිකරල තිබුන කොල්ලෙක් මාට්ටු වෙලා තිබුනෙ.

    • Gold fish Says:

      දැනටම විකෘති ප්‍රතිඵල ලැබෙනවනේ. ඉස්සරහට මීට වැඩිය දරුණු වෙයි…

  10. විසිතුරු Says:

    රූපවාහිනි නාලිකා සජීවී අපරාධ විකාශය වැඩි ඈතක නොවේ!

    • Gold fish Says:

      සජීවීවම නොවුනත් දැනටමත් ඒවගේනේ… මිනිහෙක් හැපුනද මෙන්න අනිත් පැත්ත හැරෙද්දි ටීවී එකේ පෙන්නනවා… ඒ වෙද්දිත් හැපිච්ච එකා පන අදිනවා…

  11. LA Says:

    100000% එකගයි

  12. X-porter Says:

    දැන් පරවුර්තිත් ටෙලියක් වගේනෙ බං…. සිද්දිය අතිං පයිං දාල රස කොරල කියනව අන්තිමට ඒකෙ පරවුර්තියක් නෑ. මාලුවො අයිස්චර්ය අයිස්චර්ය….. අපි ඒ අතිංනං වාසනා වන්තයි බං… කාන්තාරෙ හිටියත්….

    • Gold fish Says:

      ඇත්තම කියන්න මටත් මේ ඉලවු රට දාලා කොහේහරි කැලේකට යන්න හිතිලා තියෙන්නේ…

  13. henryblogwalker Says:

    මම උඹ කියනකල් ඔහොම කතාවක් දන්නෙත් නෑ. දැන් ඒකද තත්වය?
    henryblogwalker the Dude

    • Gold fish Says:

      ඔව් අයියේ… දැන් මාස කීපයක් ඉඳන් හැමෝම ප්‍රවෘත්ති විකුණනවා…

  14. මඩිස්සලේ නිශාන් Says:

    මාළුවට මල පැනලා වගේ
    මොනා වුනත් ඇත්ත කතාව බං.දැන් මොන රෙද්දක් වුනත් කොහෙන් හරි එකෙක් ෆෝන් එක අල්ලාගෙන වට වෙනවා.ඒ වගේ උන්ව දැක්කම මට මල පනිනවා.

    • Gold fish Says:

      මළ පනින්නේ නැද්ද බං… බලන බලන හැම වෙලාවෙම කාව හරි මරපු එකක්…

  15. රූ Says:

    හැමදේම මාකට් වෙන තැනක මිනිස් ජීවිතයක වටිනාකම මාකට් නොවි තියේවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ යාළු මාළු..
    ඒත් අපිට හරි කියලා හිතෙන දේ කරන්න හැමදාම නිදහස තියනවා..

    ස්තුතියි පෝස්ටුවට..

    • Gold fish Says:

      අක්ක කියන කතාව හරි… තමන්ට කැමති දෙය කරන්න අයිතිය තියෙනවා. කරන දේ මොකද්ද කියලා තෝරගන්න ඕනේ අදාල අයමයි. ඒත් හොඳ දේ තෝරගන්නේ නැත්තේ මං හිතන්නේ මුදල් ගැන අනවශ්‍ය විදියට පෙළඹවීමක් සිදු කරන නිසා වෙන්න ඕනේ.

  16. මධුරංග Says:

    ගොඩක් වෙලාවට ඔය විදිහේ පජාත වැඩ කරන්නේ අර පචවාහිනියේ !!!
    උන්ට ඕන හැම අපරාදෙම නාට්ටියක් කරලා ප්‍රවෘත්ති බලන එවුන් නාට්ටි බලන එවුන් කරන්න !!! සික් ඉතරක් මේවගේ අසමජ්ජාතියෝ !!!!

    • Gold fish Says:

      උංගේ පවුල් වල එකෙකුටත් ඔය වගේ දෙයක් වෙලා නොදැනිම ඒ ක්ලිප් එකත් අතට ආවම තමා ආතල් එක දැනේනනේ…

      • මධුරංග Says:

        මේකෙන් නොකියා කියන්නේ අපරාධයක් වෙනකන් බලන් ඉදලා වීඩියෝ කරන්න කියලා නෙව.

  17. DDT Says:

    අපෝ …… මම නම් ටීවී බැලිල්ල නවත්තල හුඟක් කල්. විශේෂයෙන් ප්‍රවෘත්ති. මට බැලිල්ල එපාම කරපු එක අර පිත්තලවාහිනිය.

    • Gold fish Says:

      ප්‍රවෘත්ති කියලා දෙයක් නෑ දැන්… දැන් තියෙන්නේ 8.00 ට යන කතාවක්…

  18. දමිත් Says:

    මිනිස් ජිවිතයත් දැන් වෙලදාම් වෙනවනේ..කවර කතාද දැන් සාරධර්ම කොයිබද,

    • Gold fish Says:

      සාරධර්ම කමක් නෑ කියමු… මනුස්සකම…???

  19. mohan kanishka Says:

    apo mewa gana katha karana ekath boru wadak ban

  20. පිණිබිඳු Says:

    හරි නිව්ස් එකක් දැනගන්නෙ දැන් ගොසිප් සයිට් එකකින්. මනුස්සකම වල පල්ලට යන කාලෙ මේ.

    • Gold fish Says:

      මමත් දැනගන්න දෙයක් දැන ගන්නේ වෙබ් එකේ කොහෙන් හරි තමා…

  21. නිසුපා Says:

    අපෝ….මං නම් දැන් ප්‍රවෘත්ති බලන්නෙම නෑ.විකාරයි ඒවා ඇහුවාම.

    • Gold fish Says:

      විකාරයි කියන්නේ හොඳට ඉන්න අයටත් හොඳටම පිස්සු හැදෙනවා. කතාවක් බලනවද ප්‍රවෘත්ති බලනවද ඇඩ් බලනවද කියලා හිතාගන්න බෑ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: