ඔන්න එකමත් එක ස්කෝලෙකින් ලැහැත්ති කරාලු වාර්ෂික අධ්‍යාපන චාරිකාවක්. ඔය කියන ස්කෝලේ ගාලු පාර අයිනෙම තිබුන වුනත් පිහිටලා තියෙන ගම් පලාතේ වාසනාවට, ඒ ගම් පලාතටම ආවේණික සිරා වචන ටිකකුත් ස්කෝලේ ළමයි අතර නිතර අහන්න පුළුවන් කම තිබුනලු. ස්කෝලේ ලොකු ලොක්කෝ කොයිතරම් උත්සාහ කලත්, කොයිතරම් සාරධර්ම වැඩමුළු පැවැත්තුවත් මුංගේ කටවල් වලින් ඔය වචන දෙක තුන නම් ඉවත් කරන්නම බෑලු. කොටින්ම කියනව නම් ඒ අහල පහල ස්කෝල වල ළමයි අදාල ස්කෝලෙට කිව්වේ “අම්මා *කා“ විද්‍යාලය කියලා. ඒත් නැත්තං ඔය එක එක කෑම්ප් වලදී එහෙම “හුටා ස්කෝලේ” ළමයි කියලත් හඳුන්වනවලු. ඒකට හේතුව තමා ඔය ස්කෝලෙ හැම ළමයෙක්ම වගේ මොකක් හරි තමන්ට නොරුස්නා දෙයක් ඉවසා වදාරන්න බැරි වුනොත් “අම්මහා අම්මහා මොනාද ඕයි කරන්නේ“ කියලා අනිත් එකාගෙන් ප්‍රශ්න කරන එක.
අනිත් හුරු පුරුදු වචනය තමා “හුටා“ කියන්නේ . ඒක වැඩි වශයෙන් යොදා ගන්නේ පුදුමය ප්‍රකාශ කරන්න, එහෙමත් නැත්තං බලාපොරොත්තු කඩවීමකදී වගේ තමා. ඒ පුරුද්ද ස්කෝලෙදි ඇති වෙච්චි එකක් නෙමෙයි, පොඩි එවුන් උපදින්න කලින් උංගේ තාත්තලගේ දනහිස් දෙකේ ඉද්දි ඉඳන්ම ගෙවල් වල කතා කරනවා ඇහෙන භාෂාව තමා ඒ. එව්වා නැති කරන්න ඉතිං සක්කරයාටවත් බෑ. හැබැයි ඔය ප්‍රදේශයේ ළමයි යන දහම් පාසලටම වෙන ස්කෝලෙක ළමයෙක් ඇවිත් ඌත් ඔය භාෂාව පුරුදු වෙලා ගෙදර ගිය දවසක නම්… උගේ මවුතූම් කොල්ලගේ චූටි කට පොඩ්ඩ මිරිකුවලු කඳුළු පනින කම්ම. ඉතිං බුවාගේ භාෂාව නම් මුල් දවසෙම අභාවයට ගියා ඒක නිසා.
ඉතිං ඔන්න අර ස්කෝලේ ට්‍රිපට කලින් දවසේ ට්‍රිප් එක යන ළමයින්ව ප්‍රධාන ශාලවට රැස්කරලා සර්ලා මිස්ලා එකතු වෙලා ලොකූකූකූ දේශනයක් දෙනවලු. හැම දාමත් වගේ මේ දේශනේත් වැඩිපුරම අන්තර්ගත වෙන්නේ ළමයින්ගේ හැසිරීම ගැන තමා. ඊට අමතරව යන කොට ගෙනියන්න ඕනේ දේවල්, දෙමාපියන්ට කීයටද එන්න කියන්න ඕනේ වගේ දේවල් තමා. ඊටත් අමතරව අර භාෂා භාවිතයත් උපරිම අන්දමින් අඩුකරගන්න කියලා උපදෙස් පිට උපදෙස් දෙනවලු. සර්ලා මිස්ලා මාරුවෙන් මාරුවට කතා පවත්වනවලු.
පුතාලා දැන් අපි හෙට යන්නේ අධ්‍යාපන චාරිකාවක්නේ. ඉතිං අපි බලන්න යන තැන් වලදී එක එක අය කතාකරාවි. එතකොට ඔයාලා ඔය ගෙවල් වල කතාකරන නරක වචන එහෙම කතා කරන්න එපා. ඒක කැතයිනේ. අනිත් එක ස්කෝලෙටත් හොඳ නෑනේ… ඒක නිසා හොඳට හැසිරෙන්න ඕනේ. කියලා එහෙම දේශනේ දීලා ඉවර වෙලා… දැන් තේරුනා නේද කියලා අහන කොටම පිටීටීටී පස්සේ හිටය කොල්ලෙක් අනිත් එකාගෙන් අහනවලු…
හුටා… එතකොට අපි කතා කරන්නේ කොහොමද ඕයි….???
2012 ජූලි 4 දින පෙ.ව. 8:54 ට
හුටා… මාළුවටත් තිබිච්ච ප්‍රශ්න. 🙂
2012 ජූලි 4 දින පෙ.ව. 11:13 ට
මට නෙවෙයි අප්පා…
2012 ජූලි 4 දින පෙ.ව. 8:58 ට
අර කට මිරිකුවේ මාලුවගෙ නේද ?
2012 ජූලි 4 දින පෙ.ව. 11:15 ට
ඔව් බං… තාම රිදෙනවා… 😀
2012 ජූලි 4 දින පෙ.ව. 9:01 ට
තාම ඒ පුරුද්ද තියෙයිද ?
2012 ජූලි 4 දින පෙ.ව. 11:15 ට
ඔව්… ඔව්… ඒවා අරිනවා බොරු…
2012 ජූලි 4 දින පෙ.ව. 9:04 ට
ඉස්කෝලෝ තියෙන්නේ කොයි ගම් පලාතේද? කොළඹ පලාතේ නෙමේනේ?
2012 ජූලි 4 දින පෙ.ව. 11:19 ට
නෑ නෑ කොළඹ නෙමෙයි. අක්කා බය වුනා නේද අක්කලාගේ ස්කෝලේ ගැන කිව්වයි කියලා 😀 😀
2012 ජූලි 4 දින පෙ.ව. 9:19 ට
huta kolla anagena neda ethanama
2012 ජූලි 4 දින පෙ.ව. 11:20 ට
පොඩි එවුන්නේ… ඔය සීන් එක වෙලා තියෙන්නේ හත හරි අට හරි වසරේ සෙට් එකකට.
2012 ජූලි 4 දින පෙ.ව. 10:48 ට
සංජුත් මේ වගේ කතාවක් ලියලා තියනවා දැක්කා අපූරු විදුහල්පතිතුමෙක් ගැන..
2012 ජූලි 4 දින පෙ.ව. 11:28 ට
කියවන්න ඕනේ ඒකත්… සංජු අක්ක අපේ ඉක්කෝලේ ඉගැන්නුවා කාලයක්…
2012 ජූලි 4 දින ප.ව. 4:19 ට
අන්න ඒකට ලින්ක් එක දීපං. #@$% වගේ.
2012 ජූලි 4 දින ප.ව. 5:31 ට
//#@$% වගේ.// මෙන්න මෙතෙන තමා අවුල… මට තේරුනේ නැහැනොවැ… 😀
2012 ජූලි 4 දින ප.ව. 8:21 ට
මට ගෙදරින් බලපෑම් බං. මම ලිව්වෙ”අන්න ඒකට ලින්ක් එක දීපං. #@$% නැතුව”. කියලා. 😀 මට ගෙදරින් වලිය ඇද්දා ‘එපා එපා මාලුවට දුක හිතෙයි’ කියලා. ඉතින් මම ඉතාම අකමැත්තෙන් ‘නැතුව’ කියන එක කපලා ‘වගේ’ කලා. දැන් උඹට තේරුනානේ?
ඉතින් කෝ #$% ලින්ක් එක? 😀
2012 ජූලි 4 දින ප.ව. 8:23 ට
හික්ස්…. එහෙම කේස් නෑ… ලින්ක් එක කිව්වේ සංජුගේ පෝස්ට් එකේ ලින්ක් එක නම්…. මං තාම ඒක බැලුවෙත් නෑ…. 😀 😀
2012 ජූලි 4 දින පෙ.ව. 11:24 ට
හුටා.. මාර කථාවක් ඕයි..
2012 ජූලි 4 දින පෙ.ව. 11:29 ට
ඔය පේනවනේ…. 😀
2012 ජූලි 4 දින ප.ව. 12:03 ට
ඔකනෙ කියන්නෙ බලු වලිගෙ දාලවත් උණ පුරුකෙ ඇද අරින්න බෑ කියලා…… 😀
2012 ජූලි 4 දින ප.ව. 1:50 ට
උංගේ බලු වලිගේ දැම්මොත් එහෙම ආයේ දෙකක් නෑ උණ පුරුකත් ඒ වගේ වෙනවා… 😉
2012 ජූලි 4 දින ප.ව. 1:00 ට
හුටා මම ටක්කෙට කියන්නං මේ මාලුවට වෙච්ච දෙයක් නෙමෙයි.. අම්මහ..ස්කෝලෙ නෙමෙයි බං ඉස්කෝලෙ…මූට හිංඟලත් බැරිවෙලානෙ….
2012 ජූලි 4 දින ප.ව. 1:51 ට
ඉස් කියන්නේ නෑ… පොෂ් විදියට කියන්නේ ස්… ස්…. ස්කෝලේ කියලා…
2012 ජූලි 4 දින ප.ව. 2:04 ට
ජම්මෙට වඩා ලොකු පුරුද්ද කියන්නේ ඒකනේ..
2012 ජූලි 4 දින ප.ව. 5:25 ට
කොච්චර කරත් ගතිය අරින්න බෑ කියලා කියන්නේත් ඒකටලු… 🙂
2012 ජූලි 4 දින ප.ව. 2:21 ට
අපේ එකෙකුත් ඉන්නව ඔයවගේ. වචන වලින් 75%ක් “හුටා”.
2012 ජූලි 4 දින ප.ව. 5:26 ට
වාද්දුව – කළුතර අතර ප්‍රාන්තයේ එකෙක්ද…. 😀
2012 ජූලි 4 දින ප.ව. 2:31 ට
අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා.. උගේ ශබ්ද කෝෂයේ තියෙන ප්‍රධාන ම වචනය හුටා..
අනේ අපොයි!!
2012 ජූලි 4 දින ප.ව. 5:26 ට
ඔය වචනෙට මට තාම හරිහමං තේරුමක් හොයාගන්න බැරිවුනානේ…
2012 ජූලි 4 දින ප.ව. 4:10 ට
හුටා!!
2012 ජූලි 4 දින ප.ව. 5:27 ට
කොහෙද ඉක්කෝලේ ගියේ…. ???? 😀 😀
2012 ජූලි 4 දින ප.ව. 5:11 ට
හපොයි බොල
2012 ජූලි 4 දින ප.ව. 5:28 ට
උඹේත් ලඟින් පාතින් ගෑවිගෙන යනවද සීන් එක…???? 😀
2012 ජූලි 4 දින ප.ව. 6:58 ට
හුටා මේක මාර සීන් එකක්නේ ඕයි 😀
2012 ජූලි 4 දින ප.ව. 8:05 ට
අම්මහ අම්මහ මෙයා මොනා කියවනවද මන්දා… 😀
2012 ජූලි 4 දින ප.ව. 7:10 ට
මාරයිනේ 🙂
2012 ජූලි 4 දින ප.ව. 8:06 ට
ආශ්‍රය කරලම බලන්න ඕනේ වාග් කෝෂය දිහා…
2012 ජූලි 5 දින පෙ.ව. 4:38 ට
උඹ ගියේ ඔය ඉස්කෝලෙට නේද?
2012 ජූලි 5 දින පෙ.ව. 7:04 ට
නෑ බං… අපේ ගෙවල් පැත්තේ හිටිය එවුන් නම් ඔක්කොම වගේ ගියේ ඒ ස්කෝලෙට.
2012 ජූලි 5 දින ප.ව. 3:03 ට
ඔය වගෙ වචන කාටත් තියෙන්න පුලුවන්.. 😀
2012 ජූලි 5 දින ප.ව. 3:38 ට
ආ… ඒ කිව්ව දේ නම් මට තේරුනා… බලමුකෝ හම්බුවෙච්චි දවසක මොනාද ඒ වචන කියලා… 😀
2012 ජූලි 5 දින ප.ව. 9:46 ට
මටත් තාම ඔය වචන සෙට් එක නවත්ත ගන්න බෑ බොල !!!
කොයි වෙලෙත් මොන හූ..හ් කියලා කියවෙනවා !!!
නවත්තගන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්ඩ !!! 🙂
2012 ජූලි 7 දින පෙ.ව. 10:34 ට
කුනුහබ්බ කියන පාරක් පාරක් ගානේ රුපියල් 5ක් කැටේකට දාන්න. හැබැයි සල්ලි එකතු වෙනවා දකිද්ද උඹ තවත් කියයිද දන්නේ නෑ… 😀
2012 ජූලි 7 දින ප.ව. 4:05 ට
මේ රිප්ලයි එක දැක්කමත් රුපියක් 25ක් කැටේට දැම්මා !!! 🙂
2012 ජූලි 7 දින ප.ව. 4:59 ට
හික්ස්…. 😀