සීයාගේ මෙව්වා එක….

කිඹුලා ගහපු එක

ඔන්න එකමත් එක රටක ගොවියෙක් හිටියලු. ඉතිං ඔය ගොවියට තිබුනලු අවුරුදු සිය ගානක් පරන, පරම්පරාවෙන් පරම්පරාවට ආපු උදැල්ලක්. ඉතිං දවසක්දා ගොවියා තමන්ගේ මුනුපුරෙකුට පොර ටෝක් දෙනවලු…

පුතා දන්නවද මේ උදැල්ලට වයස කීයක් විතර ඇත්ද කියලා…

නෑනේ සීයේ…. (කොල්ලගේ උත්තරේ වෙනස් කරානම් කතාව තව අදින්න තිබුනට කම්මැලියි අප්පා)

ඒකනේ, මයේ පුතේ… මේ උදැල්ල සීයට වැඩිය වයසයි…

ඇහ්…. බොලු… බොලු….

බොරු නෙමේ දරුවෝ ඇත්ත….

අනේ නන්න සීයේ නන්න… මේ උදැල්ල සීයට වැඩිය වයසනම් තලේ (උදැල්ලේ) කොහොමද මෙච්චර හොඳට තියෙන්නේ… බලන්ඩකෝ,  මිටත් ( ඒකත් උදැල්ලේ) ගෙවිලා නෑනේ…

ඉතිං පුතේ මං අවුරුද්දකට පාරක් මේ උදැල්ලට අළුතෙන් මිටකුයි, ඊට පස්සේ තලේ ගෙවුනම අළුතෙන් තලේකුයි දානවනේ… ඒකනේ මෙහෙම හොඳට තියෙන්නේ…

ආහ්… ඔව් නෙහ්….

ඒක නෙමේනේ සිරා කතාව… දන්නවද කලින් ඔෆිස් එකේ මගේ පී.සී එකට කොච්චර වයසද කියලා…? තාම අවුරුදු තුනක් විතර ඇති. ඒත් ඉතිං අර සීයගේ මෙව්ව එක වගේ තමා… මදර් බෝඩ් එක පස් පාරයි, පවර් සප්ලයි එක හතර පාරයි….!!!! දැන් නම් තවත් වයස ඇති…

ඉතිං ඔච්චරයි කතාව….!!! 😀

අද හරීරීරීරී ම්මැලියි මට….

38 Responses to “සීයාගේ මෙව්වා එක….”

  1. praveena Says:

    මටත් අද හරීඊඊඊඊඊඊඊ කම්මැලියි. ඒ හන්දා වැඩ ඔක්කොම පැත්තකට දාලා, බ්ලොග් කියවන්ට පටන්ගත්තා…:-)

  2. DDT Says:

    ඕක ලෙඩක් බං, නිවාඩු දවස් අස්සෙ එන වැඩකරන දවසට ටිකක් කම්මැලිඊඊඊඊඊඊ වගේ තමා.

  3. Glimmer Girl Says:

    🙂 mate nam harima duke dawesak ade.. ayyalate kammali dawesak witherak une eke hoday 🙂 take care 😥

  4. මාඩා Says:

    අපි වගේ ආයතනයට ආදරෙන් කම්මැලිකම අත ඇරලා වැඩ කරපන් බං, එතකොට තමයි ගොඩ යන්නේ… 😉 😉 😀

  5. hasithag Says:

    මටත් හරීරීරීරී කම්මැලියි. හෙට පෝය නිවාඩුව නිසා වෙන්න ඕනේ…………

  6. kumaraya Says:

    බොලා ඔහෝම කම්මැළි වෙනවනම් ….
    අපි කොහ්හෝම කම්මැළි වෙන්න ඕනද …?

    • Gold fish Says:

      ඇයි ඒ එහෙම කියන්නේ… මේ කමෙන්ට් බලන සැම වෙනුවෙන් මේ අහන්නේ…. //අපි කොහ්හෝම කම්මැළි වෙන්න ඕනද …?// කියන එක ජුංඩක් විස්තර කරන්න කරන්නකෝ… අපි දන්නවැයි වයසක උන්දලා කොහොම කම්මැලි වෙනවද කියලා….

  7. රූ Says:

    ඇයි මල්ලි මලක් වත් කඩන්න කවුරුත් නැද්දෝ?!!

      • මාඩා Says:

        පුත මාළු, කම්මැලිකමට කඩන්න අවැසි මල් ළගට නොඒයි, නමුත් සෑම තැනම ඇත… ඒවා සොයා ගෙන තම සීමාවේ සිටුවා ගත යුතුවේ,, නමුත් ගෙට නොගත යුතුය.. මන්ද නිවසේ වැජඹෙන මහා පූෂ්පය තොව කා දමන හෙයිනි..
        කම්මැලිකම අහවර වූ පසු කැමතිනම් වෙන වත්තකට දිය හැකිය,, නැතහොත් නිවසේ මහා පුෂ්පයට හොරෙන් නඩත්තු කරගෙන යා හැකිය…… 😉 😀

      • Gold fish Says:

        බමුණ මාඩ,
        හොර වැඩ පුරුදු වුනාට තුන්වන සිල්පදය තදින් කරමි ඕයි. ඒ නිසා වෙන මල් අවැසි නැත.

  8. රාජ් Says:

    අපේ ඔපීසියෙත් එකක් තියනව. මාරු නොකලේ කේසින් එක විතරයි.

  9. henryblogwalker Says:

    අපේ පරම්පරාවෙත් ඔහොම කැත්තකුයි පොරොවකුයි තිබිලා තියෙනවා.

    වහිනවද ඇහුවා? මෙහෙට වැස්සා ඊයෙ රෑ, හිටගෙන *ක හෝදන්න පුලුවං, ඕයි! 😀

  10. Sumith Niriella Says:

    වැස්සනම් අජරාමරයි……………..දවස් තුනකින් දොලේ බැහැලා නාගන්න බැරිවුනා, දිගටම ෆැන්ටා…….අඩුම ගණනනෙ ක්‍රීම් සෝඩාවත් වුනානම් ඩිංජක් නාගන්න තිබුණා.

    ……..මටත් හරීරීරීරීරීරීරීරීරීරීරී කම්මැලියි……!!!!!!

  11. මඩිස්සලේ නිශාන් Says:

    ඔය උදැල්ලේ කතන්දරේ කසුත් දාලා තිබ්බනේ බං.

    • Gold fish Says:

      කම්මැලිකමට ලියවෙන එව්වා එහෙම තමා බං. ඒවයේ තනිකර තියෙන්නේ වෙන වෙන කෑලි… 😀 උදැල්ලේ කතාව දැන ගත්තේ ඔෆිස් එකේ එකෙක්ගෙන් ගිය ජනවාරි වල. ඌ මට ඔෆිස් ආපු දවසෙම ඕක කියලා තේ බොන ගමන් හිනස්සලා මැරුවේ නැති ටික විතරයි…

  12. මධුරංග Says:

    අපටත් මාර කම්මැලි දවසක්. නුගේගොඩ ටවුමට හෝගෑවිල්ලේ වහිනවා !
    මාර කම්මැලියි. නිදිමතයි !!!
    මේ කතාව කියෝගෙන යනකොට එදා කනාමුට්ටි බිදපු දවස මතක් උනා. හික්ස් 🙂

  13. සාබිත් Says:

    මතකද බොට ඉස්සර කිඹුලා උදැලු ඇඩ් එකක් ගියා ‘සිරිපාලගේ උදැල්ල කපන්න කපන්න මුවත්වෙනවා’ කියලා! 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: