සීයාගේ මෙව්වා එක….

කිඹුලා ගහපු එක

ඔන්න එකමත් එක රටක ගොවියෙක් හිටියලු. ඉතිං ඔය ගොවියට තිබුනලු අවුරුදු සිය ගානක් පරන, පරම්පරාවෙන් පරම්පරාවට ආපු උදැල්ලක්. ඉතිං දවසක්දා ගොවියා තමන්ගේ මුනුපුරෙකුට පොර ටෝක් දෙනවලු…

පුතා දන්නවද මේ උදැල්ලට වයස කීයක් විතර ඇත්ද කියලා…

නෑනේ සීයේ…. (කොල්ලගේ උත්තරේ වෙනස් කරානම් කතාව තව අදින්න තිබුනට කම්මැලියි අප්පා)

ඒකනේ, මයේ පුතේ… මේ උදැල්ල සීයට වැඩිය වයසයි…

ඇහ්…. බොලු… බොලු….

බොරු නෙමේ දරුවෝ ඇත්ත….

අනේ නන්න සීයේ නන්න… මේ උදැල්ල සීයට වැඩිය වයසනම් තලේ (උදැල්ලේ) කොහොමද මෙච්චර හොඳට තියෙන්නේ… බලන්ඩකෝ,  මිටත් ( ඒකත් උදැල්ලේ) ගෙවිලා නෑනේ…

ඉතිං පුතේ මං අවුරුද්දකට පාරක් මේ උදැල්ලට අළුතෙන් මිටකුයි, ඊට පස්සේ තලේ ගෙවුනම අළුතෙන් තලේකුයි දානවනේ… ඒකනේ මෙහෙම හොඳට තියෙන්නේ…

ආහ්… ඔව් නෙහ්….

ඒක නෙමේනේ සිරා කතාව… දන්නවද කලින් ඔෆිස් එකේ මගේ පී.සී එකට කොච්චර වයසද කියලා…? තාම අවුරුදු තුනක් විතර ඇති. ඒත් ඉතිං අර සීයගේ මෙව්ව එක වගේ තමා… මදර් බෝඩ් එක පස් පාරයි, පවර් සප්ලයි එක හතර පාරයි….!!!! දැන් නම් තවත් වයස ඇති…

ඉතිං ඔච්චරයි කතාව….!!! 😀

අද හරීරීරීරී ම්මැලියි මට….

%d bloggers like this: