​විකෘති වෙච්ච ළමා අවධියක් ගත කරන්නවුන් වෙනුවෙන්….

යම් පෞද්ගලික සබැඳියාවක් නිසා එහේ මෙහේ ෂෙයා වෙන පින්තූරයක් ඕනෙවට වැඩිය හිතට දැනුනම මොන වගේ දේවල් හිතෙයිද….?

පිලීපීන වීදි දරුවන්

මෙන්න පින්තූරේ. ෂෙයා වුනේ ෆේස් බුක් එකේ. පින්තූරයේ වගතුග හොයා ගෙන යද්දි තමා දැනගත්තේ මෙතන ඉන්නේ පිලීපීනයේ වීදි දරුවන් දෙන්නෙක් කියලා. සමහර විට මේ ළමයි අම්මල තාත්තලා දැකලවත් නැතුව ඇති. ඒත් නැත්තං සමහර විට අම්මලා තාත්තලා දෙන්නෙග්ගේ දරුවෝ දෙන්නෙක් වෙන්න ඇති. තව තව විකල්ප සම්බන්ධ කිරීම් ඕනේ තරම් තියෙන්න පුළුවනි. ඒත් මට නම් මේ අයියයි මල්ලියි විතරයි.

අම්ම කෙනෙක් පුංචි දරුවෙක්ව උණුසුම් කරනවා වගේ ලඟට කරගෙන ඉන්න හැටි අපූරුයි කියලා අපිට පෙනුනට ඒත් එක්කම ඇතිවෙන හිත කඩා වැටෙන හැඟීමට මොහොතකට ඉඩ දීලා… අපි මේ දරුවන්ව දකින ඇස් වලින්ම අපිවත් දැකලා පුංචි සැසඳීමක් කරොත් නිකංම හිතෙයි අපි මොන තරම් වාසනාවන්තද කියලා.

මට මල්ලියෙක් ඉන්නවා. පුංචි කාලේ මාත් එයාව ඔය වගේ ඇඳ මුල්ලේ තුරුලු කරං ඉන්නවා මතකයි. මගේ නහයෙන් අදිද්දි, කනෙන් අදිද්දි කවමදාවත් තරහක් ආවේ නෑ. අදටත් ඌට මොකක් හරි ප්‍රශ්නයක් වුනාම හරි අම්මලා වැරැද්දකට බනිද්දි හරි ටිකක් දුක හිතෙන්නේ, අන්න ඒ මෙව්වා එක නිසා. පින්තූරය ගැනත් මහ ලොකුවට දැනුනේ ඒ මතකය නිසා වෙන්න ඕනේ. හැබැයි අපි උපන් දා ඉඳන් අපිට ඉන්න හිටින්න ගෙයක් තිබුනා. අම්මලා තාත්තලා අපිට අවශ්‍ය රැකවරණය දුන්නා… ආහාර ලබාදීලා පෝෂණය කලා, අධ්‍යාපනය ලබා දුන්නා… අපි වෙනුවෙන් කෙරෙන්න ඕනේ යුතුකම් ගොඩක් ඉටුකලා. තව දුරටත් තවමත් එහෙම්මයි.

විකෘති වෙච්ච ළමා අවධිය

ඒත් තැන් තැන් වල නිදියන, අධ්‍යාපනයක් ගැන ආසාවක් නැති, පුංචි ඉඳුල් පිඬකින් බඩ පුරෝගන්න මේ වගේ තවත් කී දාහක් නම් ඇතිද…? ඒ අතරින් සුළු පිරිසක් හොඳ විදියට සමාජ ගත වුනත් වැඩි දෙනෙක් ලොකු වෙන්නේ සමාජ විරෝධි දේවල් අතින් කටින් එල්ල ගෙන. ඊට පස්සේ ඒ දේවල්ම තමා කවදා හරි ජීවිතය ගැට ගහගන්න උපයෝගී කරගන්නෙත්. මැදි වයසට එද්දි, වැරැද්ද කියන දේ එයාලගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වගේම, බඩ ගෝස්තරේ හොයාගන්න මූලිකම ක්‍රමය වෙලා, ඒ හැම දේකම ස්පේෂලිස්ට්ස්ලා වෙලාත් ඉවරයි. ඒ ජීවිත වල වටිනාම හරිය වෙද්දි හිරගෙය, පොලිසිය, ගුටි කෑම්, හතුරෝ කියන්නේ අපිට හම්බුවෙන බිල්ඩින් බ්ලොක්ස් වගේ. ඕනේ වෙලාවක අතේ දැවටෙනවා… ඕනේ වෙලාවක ඕනේ හැඩයක් දෙන්න පුළුවන්… ආයෙම ඕනේ නම් කඩල බිඳලා කෑලි කරලා දාන්නත් පුළුවන්.

වීදි වල ජීවත් වෙන ළමයි එක නිශ්චිත හේතුවක් නිසා ඒ තත්ත්වෙට වැටෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැති වුනත්… අපි අපේ පුංචි කාලේ ගත කලා වගේම සුවෙන් සැපෙන් ළමා කාලයක් ගත කරන්න කැමති ඇති….!!!

ලංකාවේත් මේ තත්වය කොයි කාලේ පටන් ගත්තද කියන්න මං දන්නෙ නැති වුනත්, පාරවල් ගානේ ටින් බෙලෙක්ක ඇහිඳින, බස් වල නැගලා සල්ලි ඉල්ලන, ඒ අතරෙම සෙනග අස්සේ ගැවසිලා මුදල් පසුම්බි දෙක තුනකට විද ගෙන ජීවිතේ ගෙන යන ළමයි ඕනෙ තරම් ඉන්නවා. බලන්න මෙතනින් තවත් අපි නොදන්න මේ වගේ ජීවිත කොච්චරක් නම්, විවිධ කරුණු මත යැපෙමින් ජීවිතය විඳින්න හදනවාද කියලා.

තියෙන තැනට තවත් පුදන ලොකු මහත්තුරු උං ගැනත් ටිකක් හිතුවනම් උංටත් ලස්සන ළමා කාලයක් උදා වේවි…!!!

කලින් ලිපියක්…

ඒ දවස ඉක්මනට උදාවෙන්න…!!!  ස්කෝලේ යන්න ඕනෙ, හොඳින් සමාජයේ හැසිරෙන්න ඕනේ… කාත්කවුරුවත් නැති වුනත් හිතේ ශක්තියෙන් වගේම අනිත් අයගේ උදවුවෙන් මේ දරුවන්ට නැගී සිටින්න පුළුවන් කාලයක් ඉක්මනට උදාවෙන්න…!!!

24 Responses to “​විකෘති වෙච්ච ළමා අවධියක් ගත කරන්නවුන් වෙනුවෙන්….”

  1. praveena Says:

    //ඒ දවස ඉක්මනට උදාවෙන්න…!!! ස්කෝලේ යන්න ඕනෙ, හොඳින් සමාජයේ හැසිරෙන්න ඕනේ… කාත්කවුරුවත් නැති වුනත් හිතේ ශක්තියෙන් වගේම අනිත් අයගේ උදවුවෙන් මේ දරුවන්ට නැගී සිටින්න පුළුවන් කාලයක් ඉක්මනට උදාවෙන්න…!!!//
    මෙහෙම වෙන්ට කියලා මාත් ප්‍රාර්ථනා කරනවා මාලුවේ.

    අර පින්තූරේ නම් සෑහෙන්ට හිත සසල කලා.

  2. DDT Says:

    සංවේදී මාතෘකාවක්. ඔහොම දේවලුත් ලෝකෙ වෙනව කියන එක අමතක කරල ඉන්න තමයි මමනම් උත්සාහ කරන්නෙ. ඒක ටිකක් ආත්මාර්ථකාමී වැඩක් තමයි. ඒත් මම හිතෙන් දුක් විඳිනව ඇරෙන්න මට ඒ වෙනුවෙන් කළ හැකි දේකුත් නැති නිසා මම එහෙම කරනවා. මොකද මම පොඩි කාලෙ ඉඳලම ඔය හිඟන්නෙක් එහෙම දැක්කත් ටිකක් අප්සට්. ඒ මනුස්සය ඇයි ඒ වගේ වුනේ, එයා ජීවත් වෙන්නෙ කොහොමද කියල හුඟක්වෙලා ඒ ගැන කණගාටුවෙන් හිතන පුරුද්දක් මට තිබුණ. ඉතින් වයසෙන් වැඩෙනකොට මට තේරුණ එහෙම සංවේදී වෙලා ජීවත් වෙන්න අසීරුයි කියල. ඉතින් මම ක්‍රමයෙන් ඒ දේවල් නොතකා හරින්න පුරුදු වුණා.
    කොයි රටේ වුණත් ඔය වගේ ළමයි සම්බන්ධයෙන්, ඒ රටේ රජයන්ට රාජ්‍ය නොවන සංවිධාන සිවිල් ක්‍රියාකාරී සංවිධානවලට ක්‍රියාකළ හැකියි. ඒත් හුඟක් රටවල වැඩිහරියක්ම වෙන්නෙ ප්‍රදර්ශනාත්මක වැඩ විතරයි. ළමයි වෙනුවෙන්ම පිහිටවපු රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකලාපය මම හොඳින්ම අත්දැක්ක 2004 සුනාමි වෙලාවෙ. ඔවුන්ට ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වෙන්වෙන්නෙ ඒවයි ඉන්න විදේශිකයින් ඇතුළු නිළධාරීන්ගෙ සුඛ විහරණයට හා නිතරම ආයතනිකව පැවැත්වෙන ප්‍රියසම්භාෂණවලට.
    අනෙක් අතට දරුවන් මහමග දමායෑමට සිදුවන විදියෙ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයින් මෙහි මූලික වැරැද්ද සිදුකරන්නෙ. ඒවත් හැකිතරම් අවම කිරීමට වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලයි මටනම් හිතෙන්නෙ.

  3. Amarasinghe Sujatha Says:

    ඒ සැරේ ඔයා මට ඔව්ව ලියන්ට එපා කියල මට වඩා පසු තැවෙනවා වගේ………..http://emailkavikaari.blogspot.com/2012/06/blog-post_16.html

  4. henryblogwalker Says:

    මම දැනටමත් විකෘති වෙච්ච මනස් තියෙන උන් පන්තියකට උගන්නනවා. උගන්නන අනිත් පන්ති දෙක සාමාන්‍ය කියලා කියන්න පුලුවන්. මම මේ අවුරුද්ද ඇතුලත තුන් පාරක් “F**king Asshole” කියලා අහගත්තා ඒ අයට උදව් කරන්න ගිහින්. උඹලට තියෙනවද ඒ වගෙ අත්දැකීම්?

    එංගලන්තයේ ලන්ඩනයේ උගන්නමින් ඉඳලා ආපු බ්‍රිතානය ස්වෙච්ඡා ගුරුවරියක් කියනවා ඇය මෙහෙට ආවෙ ඇය උගන්නපු ඉස්කෝලෙ ලමයි වැඩිදෙනෙක් F**king කියන වචනෙ නැතිව කතා කරන්නෙ නැති හන්දලු එක වාක්‍යයක් වත්…

    එයා මේ ඉස්කෝලෙ මාස තුනක් උගන්නලා ආපහු ගියා. මම මේ ගැන බ්ලොග් පෝස්ට් කීපයක්ම ලියන්න හිතාගෙන ඉන්නෙ. 🙂

  5. ගිනි කුරුල්ලා Says:

    තියෙන තැනට තවත් පුදන ලොකු මහත්තුරු උං ගැනත් ටිකක් හිතුවනම් උංටත් ලස්සන ළමා කාලයක් උදා වේවි…!!!

  6. මඩිස්සලේ නිශාන් Says:

    මගේ ජීවිතේ ගැනත් මගේ අම්මා පොඩි කාලේ මෙහෙම හිතුවා නම්…

  7. රත්ගමයා Says:

    බලපන් ඉතින් අයියෙ..ඉදලා ඉදලා කනක්ශන් එකක් අරගත්තා..ඒකෙන් ඇවිල්ලා අවලම් පෝස්ට් එකක් කියවන්න කියලා හිතාගෙන ටැන්කියටත් ආවා…මේක සීරියස් සීන් එකක් නේ බන්

  8. රූ Says:

    ම්..මේ ගැන මමත් ලියන්න හිතාගෙන හිටිය දෙයක් මල්ලි..සමහර වෙලාවට අපි මේවා දැක දැක ඇස්කන් පියාගෙන ඉන්නවට වැඩිය මේ වගේ අකුරු කරන එකේ වැදගත් කමක් තියනවා…

    මේ වගේ ලිපි ගොඩක් ලියන්න හැකිවෙන්න කියලා රන් මාළුවට සුභ පතනවා.. (මේ වගේ ඒවා කලින් දැකලා නැ මලේ ඒකයි එහෙම කිව්වෙ..මේ වගේ ලිපි..අඳුරු මිටියාවත සීරීස් එක ඔයාගෙ දක්ෂතා හොඳට පෙන්නුම් කරනවා..)

  9. මධුරංග Says:

    අර වගේ දරුවෙක් දෙන්නෙක් ට උදවුවක් කරන්න තියෙනවනම් ඒක කොච්චර නම් පිනක් ද !
    ලොකු ලොක්කෝ දෙනකම් බලාගෙන හිටියොත් උන් හැමදාම බඩගින්නේ !!! මොකද ඔය වගේ දේකින් හරි උන්ට ඕනේ කරන්නේ ප්‍රසිද්ධිය නේ !!!

    හිතන්න දෙයක් ඉතුරු කරපු පෝස්ටුවක් !!!

    ඊයේ ඇවිදින් කම්මැලිකමට කියවන්නේ නැතුව ගියා. අද තමා හරියටම කියෙව්වේ 🙂

  10. රත්ගමයා Says:

    මම මේ පැත්තේ ආවේ නැති දවස් ටිකට මාලුවා හෙන සෙන්සිටිව් වෙලා…මාර සංවේදී නේ අනී ඔයැයි


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: