​විකෘති වෙච්ච ළමා අවධියක් ගත කරන්නවුන් වෙනුවෙන්….

යම් පෞද්ගලික සබැඳියාවක් නිසා එහේ මෙහේ ෂෙයා වෙන පින්තූරයක් ඕනෙවට වැඩිය හිතට දැනුනම මොන වගේ දේවල් හිතෙයිද….?

පිලීපීන වීදි දරුවන්

මෙන්න පින්තූරේ. ෂෙයා වුනේ ෆේස් බුක් එකේ. පින්තූරයේ වගතුග හොයා ගෙන යද්දි තමා දැනගත්තේ මෙතන ඉන්නේ පිලීපීනයේ වීදි දරුවන් දෙන්නෙක් කියලා. සමහර විට මේ ළමයි අම්මල තාත්තලා දැකලවත් නැතුව ඇති. ඒත් නැත්තං සමහර විට අම්මලා තාත්තලා දෙන්නෙග්ගේ දරුවෝ දෙන්නෙක් වෙන්න ඇති. තව තව විකල්ප සම්බන්ධ කිරීම් ඕනේ තරම් තියෙන්න පුළුවනි. ඒත් මට නම් මේ අයියයි මල්ලියි විතරයි.

අම්ම කෙනෙක් පුංචි දරුවෙක්ව උණුසුම් කරනවා වගේ ලඟට කරගෙන ඉන්න හැටි අපූරුයි කියලා අපිට පෙනුනට ඒත් එක්කම ඇතිවෙන හිත කඩා වැටෙන හැඟීමට මොහොතකට ඉඩ දීලා… අපි මේ දරුවන්ව දකින ඇස් වලින්ම අපිවත් දැකලා පුංචි සැසඳීමක් කරොත් නිකංම හිතෙයි අපි මොන තරම් වාසනාවන්තද කියලා.

මට මල්ලියෙක් ඉන්නවා. පුංචි කාලේ මාත් එයාව ඔය වගේ ඇඳ මුල්ලේ තුරුලු කරං ඉන්නවා මතකයි. මගේ නහයෙන් අදිද්දි, කනෙන් අදිද්දි කවමදාවත් තරහක් ආවේ නෑ. අදටත් ඌට මොකක් හරි ප්‍රශ්නයක් වුනාම හරි අම්මලා වැරැද්දකට බනිද්දි හරි ටිකක් දුක හිතෙන්නේ, අන්න ඒ මෙව්වා එක නිසා. පින්තූරය ගැනත් මහ ලොකුවට දැනුනේ ඒ මතකය නිසා වෙන්න ඕනේ. හැබැයි අපි උපන් දා ඉඳන් අපිට ඉන්න හිටින්න ගෙයක් තිබුනා. අම්මලා තාත්තලා අපිට අවශ්‍ය රැකවරණය දුන්නා… ආහාර ලබාදීලා පෝෂණය කලා, අධ්‍යාපනය ලබා දුන්නා… අපි වෙනුවෙන් කෙරෙන්න ඕනේ යුතුකම් ගොඩක් ඉටුකලා. තව දුරටත් තවමත් එහෙම්මයි.

විකෘති වෙච්ච ළමා අවධිය

ඒත් තැන් තැන් වල නිදියන, අධ්‍යාපනයක් ගැන ආසාවක් නැති, පුංචි ඉඳුල් පිඬකින් බඩ පුරෝගන්න මේ වගේ තවත් කී දාහක් නම් ඇතිද…? ඒ අතරින් සුළු පිරිසක් හොඳ විදියට සමාජ ගත වුනත් වැඩි දෙනෙක් ලොකු වෙන්නේ සමාජ විරෝධි දේවල් අතින් කටින් එල්ල ගෙන. ඊට පස්සේ ඒ දේවල්ම තමා කවදා හරි ජීවිතය ගැට ගහගන්න උපයෝගී කරගන්නෙත්. මැදි වයසට එද්දි, වැරැද්ද කියන දේ එයාලගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වගේම, බඩ ගෝස්තරේ හොයාගන්න මූලිකම ක්‍රමය වෙලා, ඒ හැම දේකම ස්පේෂලිස්ට්ස්ලා වෙලාත් ඉවරයි. ඒ ජීවිත වල වටිනාම හරිය වෙද්දි හිරගෙය, පොලිසිය, ගුටි කෑම්, හතුරෝ කියන්නේ අපිට හම්බුවෙන බිල්ඩින් බ්ලොක්ස් වගේ. ඕනේ වෙලාවක අතේ දැවටෙනවා… ඕනේ වෙලාවක ඕනේ හැඩයක් දෙන්න පුළුවන්… ආයෙම ඕනේ නම් කඩල බිඳලා කෑලි කරලා දාන්නත් පුළුවන්.

වීදි වල ජීවත් වෙන ළමයි එක නිශ්චිත හේතුවක් නිසා ඒ තත්ත්වෙට වැටෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැති වුනත්… අපි අපේ පුංචි කාලේ ගත කලා වගේම සුවෙන් සැපෙන් ළමා කාලයක් ගත කරන්න කැමති ඇති….!!!

ලංකාවේත් මේ තත්වය කොයි කාලේ පටන් ගත්තද කියන්න මං දන්නෙ නැති වුනත්, පාරවල් ගානේ ටින් බෙලෙක්ක ඇහිඳින, බස් වල නැගලා සල්ලි ඉල්ලන, ඒ අතරෙම සෙනග අස්සේ ගැවසිලා මුදල් පසුම්බි දෙක තුනකට විද ගෙන ජීවිතේ ගෙන යන ළමයි ඕනෙ තරම් ඉන්නවා. බලන්න මෙතනින් තවත් අපි නොදන්න මේ වගේ ජීවිත කොච්චරක් නම්, විවිධ කරුණු මත යැපෙමින් ජීවිතය විඳින්න හදනවාද කියලා.

තියෙන තැනට තවත් පුදන ලොකු මහත්තුරු උං ගැනත් ටිකක් හිතුවනම් උංටත් ලස්සන ළමා කාලයක් උදා වේවි…!!!

කලින් ලිපියක්…

ඒ දවස ඉක්මනට උදාවෙන්න…!!!  ස්කෝලේ යන්න ඕනෙ, හොඳින් සමාජයේ හැසිරෙන්න ඕනේ… කාත්කවුරුවත් නැති වුනත් හිතේ ශක්තියෙන් වගේම අනිත් අයගේ උදවුවෙන් මේ දරුවන්ට නැගී සිටින්න පුළුවන් කාලයක් ඉක්මනට උදාවෙන්න…!!!

%d bloggers like this: