ගඟ මැද්දෙන් රවුමක්….

ලාස්ට් සැටර්ඩේ…. ඒ කියන්නේ අපේ තවත් ෆන් දවසක්. ඉතිං ඔෆිස් එකට වෙලා ඉන්න කම්මැලි නිසා අපි ගියා රවුමක්…! රවුමක් කියන්නේ අර ස්කෝලේ යන කාලේ කුසු-කුසු ගගා කෝච්චි ගියා වගේ නෙවෙයි. ඇත්තටම ඔෆිස් එකෙන් එලියට බැහැලා අහල පහල ස්ථානයක් දැක බලාගන්න තමා ගියේ.

ඉතිං දැන් බලන්න ගියේ මොකද්ද දන්නවද….? අපි ගියේ පාලම් පාරුවක් බලන්න….!!! මං ජීවිතේට ගිහිං තිබුනේ නෑ පාලම් පාරුවක. ගමන් මග වුනේ (හරියට නිකං ඇඩ්වෙන්චර් ටුවර් එකක් වගේ) පානදුර – දිග්ගල තොටුපොලේ ඉඳන් කැස්බෑවට අයිති වෙන දම්පේ තොටුපොල දක්වා පාලම පාරුවෙන් විනාඩි 15ක විතර ගමනක්. යන්න තියෙන්නේ බොල්ගොඩ ගඟ මැද්දෙන්.

මෙහා ඉවුරේ තිබුන ඔරුව…

දිග්ගල තොටුපොලට  ගිහිං අපිට පැය භාගයක් විතර බලාගෙන ඉන්න වුනා එහා ඉවුරේ තියෙන පාලම් පාරුව, ඒ පැත්තේ සෙනගයි වාහනයි පටවගෙන මෙහා පැත්තට එනකං. ඒ අතරෙදි පොඩි වෙලාවක් පැවතුන ලොකු වැස්සකටත් තෙමුනා. ඒ අත්දැකීමත් මරු. ස්කෝලේ යන කාලේ හොරෙන් ගඟේ නාද්දි, ගඟක් කිට්ටුවක වැස්සට තෙමුනට පස්සේ… ගඟ උඩින් හමා ගෙන එන හීතල හුළඟත් කාගෙන වැස්සට තෙමුනමයි ඔය. අප්පා ඒක නම් සුපිරි. මතක් කරන්න මතක් කරන්න ආසයි. වෙලාවට කුඩයක්  තිබුනේ නෑ කාගාවවත්. නැත්තං ඒ ෆන් එකත් කුඩේට යට වෙන්න තිබුනා.

පාලම් පාරුව එන තැනට ටිකක් එහාට වෙන්න ඔරුවකුත් තිබුනා. ඒකත් පදින්න උත්සාහ කලාට වැඩේ හරිගියේ නෑ හරි හමං හබලක් තිබුනේ නැති නිසා.

පාලම් පාරුව ගැන කියනවනම්, ඒක ඔරු දෙකක් එකට එකතු කරලා ඊට උඩින් ලෑලි දාලා හදපු එකක් නෙවෙයි. මං බලාපොරොත්තු වුනේ එහෙම එකක්. ඒත් මේක තනිකරම යකඩ වේදීකාවක් එකක් හදලා තව භූමිතෙල් මෝටර් එකකුත් සෙට් කරපු අලුත් පන්නයේ එකක්. ඇත්තටම හිතේ ඇඳන් ගිය එක නෙවෙයි නිසා පින්තූරක් වත් ගත්තේ නෑ. නිකං මොකටද යකඩ ගොඩවල් වල පින්තූර ගන්නේ. අනිත් එක සමහරු මූණු පබ්ලිෂ් කරන්න අවසර නැති නිසා ඉතුරු පින්තූර දාන්න විදියක් ඇත්තේම නැත.

ආදරය ප්‍රකාශ කිරීමක්… 😀

ඊට පස්සේ ඔන්න පාරුවට නැගලා අර භූමිතෙල් මෝටරේ ආධාරයෙන් ගියා අනිත් පැත්තට. ඒ කියන්නේ කැස්බෑව – දම්පේ තොටුපලට. කවදාවත් ඒ පැත්තට අඩිය තියලා තිබුනේ නැති නිසා ඊලඟ වටේ පාලම් පාරුව ගිහිං එනකං අපි පොඩ්ඩක් ඇවිද්දා. ඇත්තටම පාර දෙපැත්තේ තිබුනා සිරා තැන් ටිකක්. රඹුටන් ගස් කීපයක් තිබුනත් ගෙවල් වල මිනිස්සු හිටි නිසා හා එවේලේ වටේ පිටේ එලිය තිබුන නිසා රඹුටන් ගස් ටික නම් යාන්තං බේරුනා.

ඊට පස්සේ දම්පේ තොටුපොල අවට ටිකක් ඇවිදලා කරලා එහෙම පාලම් පාරුවෙන්ම මෙගොඩට ආවා. වැඩි විස්තරයක් නෑ. ඒත් වැස්සයි ගඟයි පාලම් පාරුවයි එක්ක ලබාගත්ත අත්දැකීමනම් නියමයි…!!! ආයේ කාලෙකට අමතක වෙන්නේ නෑ…

බොල්ගොඩ ගඟ පැතිරිලා තියෙන හැටි…

මෙන්න දම්පේ තොටුපොල කිට්ටුව තිබුන බොල්ගොඩ ගඟේ මෙව්වා එක. ෆොටෝ ටික බලද්දි තමා දැක්කේ අපි නැව් නැගලා තියෙන්නේ 672B  ස්ථානයෙන් හා අනිත් පැත්තේ ඉවුර වෙලා තියෙන්නේ 566න් ආවරණය වෙන ප්‍රදේශයේ තැනක් කියලා. මුළු ගමනටම වැය වුනේ රුපියල් හතලිස් අටයි. ඒ පාලම් පාරුවේ ආව – ගිය වාරයකට රුපියල් 15 ගානයි බස් එකේ දෙවාරෙට රුපියල් 9 ගානෙයි විතරයි…! ඉන්ස්ටන්ට් මිනි ට්‍රිප් කියන්නේ මෙව්වා තමා.

34 Responses to “ගඟ මැද්දෙන් රවුමක්….”

  1. මාඩා Says:

    අඩේ මාලුවෙක් චෙව්ව එකේ පීනලා කරල එන්න එපැයි…. අපරාදේ… 😉
    පොටෝ කෑලිත් මදින් හොදේ… 😦
    වහිනකොට ගගක මුහුදක නාලා බලපන්… කියලා වැඩක් නෑ සුපිරි…. 😀

  2. Sumith Niriella Says:

    වැස්ස වෙලාවක වතුරෙ……….
    …………….ඒ ආතල් එකත් නරක නෑ……

  3. henryblogwalker Says:

    ඉස්සර වගේ නෙවෙයිනෙ දැන්. ට්‍රිප් නොයන එකෙක් නෑනෙ!

  4. අඩවි රජා Says:

    ඒකත් නරක නෑ…. 🙂
    මෙන්න අපේ එක. – http://harshana-bc.blogspot.com/2012/06/01-awesome-journey-day-01.html

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

  5. නිසුපා Says:

    මොනවා වුනත් එල මිනි ට්‍රිප් එකක් වගේ…

  6. praveena Says:

    ලස්සන ගමනක්….යන්ට ආසා හිතෙනවා… 🙂

  7. DDT Says:

    පාලම් පාරුවක යෑමේ අදහසක් ඇත. තවම අවස්ථාවක් ලැබුණේ නැත.

    අර පාරුවෙ යද්දි ගඟ මැදදි වහින්න තිබ්බෙ. උඹල නාන්නෙත් නෑනේ, වැස්සකට තෙමුනොත් ඇරෙන්න.

  8. මධුරංග Says:

    අඩේ මරු ට්‍රිප් එක නේ.
    මේක කියෙව්වම එහේ ගිහින් එන්ඩ ආස හිතුනා !!!

  9. රූ Says:

    යකඩ ගොඩකින් හරි ගඟ හරහා ට්‍රිප් එකක් යන්න මටත් ආස හිතුනා..

  10. ඕනමැන්ටල් (Dulip Sikurajapathy) Says:

    ඔය පාලම් පාරුව කියන යකඩ පෙට්ටිය වගේ එකට කියන්නෙ බාජ් කියල.

  11. දුකා Says:

    මේ ට්‍රිප් එක යන්න මටත් ආසා හිතුන බන් . . කාගෙන්ද අවසර නැත්තේ ෆොටෝ දාන්න?

  12. ඔබ නොදු‍ටු ලොවක් Says:

    ඔයිට මෙහා තිබුනා හිරණ තො‍ටුපල, එතනත් තිබුනා පාලම් පාරුවක්,දැන් ඒක නෑ.පාලමක් දැම්මනේ..

  13. Dinesh Umagiliya Says:

    හදිසියේ ගිය මිනි ට්‍රිප් එකක්.. බොලේ දැන් ඔකොම ට්‍රිප් ගිහින් ඒ ගැනනේ දාන්නේ.. 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: