මට කම්මැලියිඊඊඊඊඊඊඊ…. කිව්වට කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑනේ. ඉතිං ඔන්න ඔහේ ආතක් පාතක් නැතුව ඉද්දි තමා ආයෙම පරණ විනෝදාංශේ මතක් වුනේ. ඒක තමා…
මතකද මම එක පාරකුත් ලිව්වා පෝස්ට් එකක් ඩෙස්ක් ටොප් එක කියන්නේ යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක් කියලා. අන්න ඒ වගේම තමා මේකත්. හිත නිවෙන්න, බන භාවනා කරන්න ඕනය, මාළු ටැංකි දිහා බලන් ඉන්න ඕනය කිව්වට එව්වා කරන්න වෙලාවක් කොයින්ද අපි වගේ කොම්පූටර් වලට කොටු වෙච්චි මිනිස්සුන්ට. එහෙම කරන්න නම් ඉතිං රස්සාවෙන් අස්වෙලා තමා වැඩේ කරන්න ඕනේ. ඇයි ඉතිං පොඩි පහේ නිවිල්ලක්යැ නිවන්න තියෙන්න මේ හිත් වල. හැම තිස්සේම ගිනි ගත්ත ගමන්මනේ. ඔන්න මේ ලඟදී දවසක ඔෆිස් එකේ මට එහාපැත්තේ ඉන්න බුවා…
යකෝ… තොට පිස්සුද….?
කියලා හදෘයාංගම විදියට අමතන කොට ඔන්න යන්තං සිහිය ආවේ. වෙලාවට බොස්ලා හිටියේ නෑ. ඉතිං දැන් බැනුම් අහගත්තේ මොකටැයි කියලද හිතන්නේ…? කාටවත් අතවරයක් කරන්න හිතලද…. නෑ… වංචාවක් කරන්න හිතලද… නෑ…. හොරකමක් කරන්න හිතලද…. නෑ…. එහෙනම්….?
ඩෙස්ක්ටොප් එක දිහා විනාඩි කීපයක් එක දිගට බලාගෙන ඉඳලා….
ඒකත් මාර ෆන් වැඩේ. ඩෙස්ක් ටොප් එකට දාගන්නවා සිරා වෝල් පේපර් එකක්… ඊට පස්සේ ඉතිං ඒකේ තියෙන වර්ණ ගැන හිතනවා. පින්තූරෙ ගැන හිතනවා. පේන්න තියෙන ඒවා ගැන හිතනවා…. ෂුහ්… තව ගොඩක් දේවල් හිතන්න පුළුවන් තනියම…!
දැන් ඉතිං සමහරු කියයි අනේ මූට පිස්සු නැත්තං ෂෝක් කියලා… වෙලාවකට මටත් එහෙමම හිතෙන නිසා එච්චර පස්නයක් නෑ ඒක. 🙂
දැන් මගේ අළුත්ම ට්‍රෙන්ඩ් එක තමා හෝම් ඉන්ටීරියර් වයිඩ් ස්ක්‍රීන් වෝල් එකක් දාලා, ඒකේ බිත්තියේ පින්තූරයක් වගේ විජට් එකක් එල්ලලා ඒකේ මාරු වෙන පින්තූර එක්ක පසුබිම ගැලපෙන හැටි මෙනෙහි කරන එක. පින්තූර සීයක් විතර සෙට් කරලා ෆෝල්ඩර් එකකට දාගෙන ස්ලයිඩ් ෂෝ දාගත්තම මරේ මරු. ඕනේ තරම් වෙලාවක් බලාගෙන හිටියෑකි. කොහොමටත් මගේ ඩෙස්ක්ටොප් එකේ ගොඩක් අඩුවෙන් තමා අයිකන් තියෙන්නේ. ඒක නිසා ඉතිං දර්ශන පථය අවහිර වෙන්නෙත් නෑ.
ඔයාල කැමතිනම් මං යූස් කරන සොෆ්ට් වෙයා එක ඩවුන් කරගෙන විජට් කීයපක් දාලා පුංචි භාවනා මධ්‍යස්ථානයක් වගේ වෙන්න ඩෙස්ක්ටොප් එක හදාගන්න පුළුවන්. එක එක් කෙනාට එක එක ඉමේජ් හිට් වෙන නිසා තම තමන්ගේ කැමැත්තට තමා වැඩේ සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඉතිං හිතේ තියෙන මනස්කාන්ත මෙව්වා එක අනුව තමා වැඩේ අල කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේම තියෙන ඔක්කොම විජට් දාගත්තම නම් කිසි අපහසුවක් නැතුව පිළිකුල් භාවනාව වඩන්නත් පුළුවන්. සොෆ්ට් වෙයා එකේ නම රේන් මීටර්… අපරාදේ කියන්න බෑ පොඩි පොඩි විජට් ටිකක් දාගත්තම සොෆ්ට් වෙයා එකේ නමට හරියන්නම ලංකාවේ නගර කීපයකත් කාලගුණය බලාගන්නත් පුළුවන්. හැබැයි ඉතිං අපේ වාහිනී වල කියන කාලගුනෙත් එක්ක නම් ගැලපෙන්නේ නෑ… මේකෙ තියෙන විජට් හොයන්න ඕනේ රේන් මීටර් තීම් කියලා. ඕනේ තරම් තියෙනවා ඕනේ ඕනේ විදියට.
තව පුංචි දෙයක් කියන්නම්. ඔයාලාට ඕනේ නම් මාලු ටැංකියක ඉමේජ් එකක් දාගෙන ඩෙස්ක් ටොප් විජට් තියෙනවා ඇත්තම මාළු ඩෙක්ස් ටොප් එක පුරා පීනනවා වගේ හදපු. අන්න එයින් ටිකක් සෙට් කරගෙන සිරා මාළු ටැංකියක් ඩෙස්ක් ටොප් එකේම හදාගන්න පුළුවන්. සීනි කාරයින්ට, ප්‍රෙෂර් කාරයින්ට වගේම අපි වගේ කම්මැලිකමේ ඉන්න අයටත් මරු වැඩක් ඒක. ආයේ ටැංකි සුද්ධ කිරිලි නෑ… මාළුන්ට කෑම දැමිලි නෑ… පී.සී ඔන් එක කරලා බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ.
ඇත්තටම මට ඕනේ වුනේ සොෆ්ට් වෙයා එක ප්‍රමෝට් කරන්න නෙවේ. උඩ තියෙන මගේ ලස්සන ඩෙස්ක් ටොප් එක පෙන්නන්න….!
තව කාරනයක්… මේකටනම් පිරිමි ළමයි හෙනට කැමති වෙයි ඒ වගේම අනුමත කරයි. මුතුහර සඟරාවක තිබිලා තමා කියෙව්වේ… ඒකේ තිබුනේ මෙහෙමයි… දවසකට විනාඩි දහයක් පිරිපුන් කාන්තා පියයුරු යුගලක් දෙස බලාගෙන හිටියොත් කලබලකාරි හිත කූල් ඩවුන් වෙනවලු. ඔන්න මං නම් දන්නේ නෑ ඇත්ත නැත්ත… සඟරාවේ නමත් එක්කම කිව්වේ ඒකයි. සඟරාවේ කලාපේ කීයද කියල නම් දැන් මතක නෑ.
2012 ජූනි 23 දින පෙ.ව. 10:27 ට
බලාන යද්දී උබවත් ප්‍රමෝට් කොරගයි වගේ බං
2012 ජූනි 23 දින පෙ.ව. 10:44 ට
මාව ඉතිං නිකංම ප්ම්රෝට් වෙනවනේ බං
2012 ජූනි 23 දින පෙ.ව. 10:36 ට
/* සිරාවට ඩෙස්ක්ටොප් එක කියන්නේ යූසර්ගේ ඔලුවේ x-ray ස්කෑන් එක වගේ නෙහ්? 🙂
මේ බන් උබේ ඩෙස්ක්ටොප් එකේ වටේ විතරනේ තියෙන්නේ මැද හිස්නේ 😛 .. එතකොට උබේ ඔලුවත් මේ වගේ නෙහ්? 😀 (මැද හිස්).. 😛 හි හි හි. */
2012 ජූනි 23 දින පෙ.ව. 10:44 ට
ඔව් බං… මැද හිස්… උඹට ඒක තේරුණා නේද…
2012 ජූනි 23 දින පෙ.ව. 10:40 ට
මරු වැඩ කෑල්ලක් නේ.. අර ගන්න ඕන.. මාත් මේ කම්පූටර් එක රීප්රෝග්රෑම් අරපු ගමන්.. තාම අයිකන් මුකුත් නෑ.. 🙂
2012 ජූනි 23 දින පෙ.ව. 10:45 ට
අන්න එල… හැබැයි දිනේෂ් මේන්ටේන් කරන්නත් වෙනවා….
2012 ජූනි 23 දින පෙ.ව. 11:49 ට
ම් ……. නරකමත් නෑ, ඒත් ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන ඉන්න වෙන්නෙ නෑ බං, අඩු තරමෙ ෆිල්ම් එකක් බලාගන්නෙත් අමාරුවෙන්. හාඩ් එකේ ෆිල්ම් ගොඩගැහිල, බලන්න වෙලාවක් නැතුව. බලමු … කෝකටත් ට්‍රයි කරල බලන්න ඕන.
(ආ …. ඕකට රැම් එක අදින්නෙ නැත් ද බං, වින්ඩෝස්වල සුකුරුත්තම්වලටයි සෝබනවලටයි රැම් එක කන එක නම් මට පේන්න බැරි වැඩක්.)
2012 ජූනි 23 දින පෙ.ව. 11:57 ට
රැම් එක භාවිතා වෙන්නෙ අනිත් ගැජමැටික් එක්ක බලද්දි සෑහෙන අඩුවෙන්…. ඒ ගැන භය වෙන්න දෙයක් නෑ…
2012 ජූනි 23 දින ප.ව. 1:27 ට
ඔන්න මම බාගත්තා….
අර අනිත් කේස් එක ටෙස් කොරන්න ගියොත් ඔලුවේ අමාරුව කෙසේ වෙතත් ඔලුව පලාගන්න වෙයි කියලා හිතෙන නිසා ඒක
| පසුව කරමි | ලිස්ට් එකට දාගන්න ලදි…. 😉
මොකෝ බං මේ කාලෙන් කාලෙට මුණු මාරු වෙන්නේ…
2012 ජූනි 25 දින පෙ.ව. 7:08 ට
හික්ස්…. උඹට ඒක කරන්න ට්‍රිප් එකක් යන්න වෙනවනේ…
2012 ජූනි 25 දින පෙ.ව. 11:55 ට
😀
2012 ජූනි 23 දින ප.ව. 5:29 ට
ඇක්වේරියම් එකක් නම් මේකත් හොදයි
2012 ජූනි 25 දින පෙ.ව. 7:08 ට
හ්ම්… මමත් ගන්න ඕනේ… තෑන්ක්ස්
2012 ජූනි 23 දින ප.ව. 7:01 ට
බලාගෙන ඉන්න දෙනවා නම් විනාඩි 10ක් නෙමේ දවසම බලාන ඉන්ට බැරිය නේද මාළුවා
2012 ජූනි 25 දින පෙ.ව. 7:09 ට
අනේ අම්මෝ මම නම් දන්නේ නැතෝ…. 😀 😀
2012 ජූනි 23 දින ප.ව. 10:34 ට
උඹ කලින් දාලා තිබ්බ පෝස්ට් එක කියවලා මම මගේ ඩෙස්ක් ටොප් එක පිළිවෙලකට අස්කරලා අයිකන් ඔක්කොම උඩින් තනි පේලියකටත් යටින් තනි පේලියකටත් දැමූ බව උමට කියන්න බැරි වුනානෙ මාලු.
2012 ජූනි 25 දින පෙ.ව. 7:10 ට
දැන් කොහොමද ක්ලියරිටි එක…
2012 ජූනි 23 දින ප.ව. 10:38 ට
අපිට වෙන වැඩ නැහැනේ කොම්පීටරේ දිහා බලන් ඉන්න 😛
ඔය සොෆ්ට්වෙයා දාලා මැෂින් එක ස්ලෝව් වෙයිද දන්නේ නැහැනේ බන්.
අර අන්තිම කාරණේ නම් මමත් අහලා තියෙනවා 😀 ඒත් අත්හදා බලල නැහැ
2012 ජූනි 25 දින පෙ.ව. 7:12 ට
මැෂින් ස්ලෝ වෙනවා මැසිම p2 වගේ එකක් නම්… 😀 😀
මමත් ලොකු ටෝක් දුන්නට මමත් කරලා නැහැ බං තාම
2012 ජූනි 24 දින පෙ.ව. 11:42 ට
කාන්තා පියයුරු දෙස බැලීම රුධිර පීඩනය ක්‍රමවත් කරයි කියලා මාත් අහලා තියනවා ;D
2012 ජූනි 25 දින පෙ.ව. 7:13 ට
අන්න එකනේ… උඔ වැඩේ ට්‍රයි කරලා නැද්ද…
2012 ජූනි 24 දින ප.ව. 4:00 ට
හොඳයි, වරදක් නෑ 😛 (උඹට ටිකක් විතර කොයිල් කියලා මම උඹව මුලින් දැකපු දවසෙම දැනගත්තා..)
2012 ජූනි 25 දින පෙ.ව. 7:15 ට
උඹ මගේ යාළුවෙක් වීම ගැන මමත් උඹ ගැන ආඩම්බර වෙනවා මචං… 😀
2012 ජූනි 24 දින ප.ව. 4:16 ට
නයිට් ඩියුටි කරපු මාස හයේම ලේ පිරිසිදු උනා ඇති වෙන්න…..
2012 ජූනි 25 දින පෙ.ව. 7:16 ට
ඈ ඒ මොකද්ද කිවිවේ…? මට තේරුනේ නෑ….
2012 ජූනි 24 දින ප.ව. 6:25 ට
අපි ලිනක්ස් යූසර්ලා හන්දා ඩෙක්ස්ටොප් එක ගැන හිතන්නේ නෑ. ටර්මිනල් එක ලෝඩ් වෙනවනම් ඒ ඇති !!! 🙂
2012 ජූනි 25 දින පෙ.ව. 7:16 ට
උඹලා ටර්මිනල් එක කනවද බං…
2012 ජූනි 25 දින පෙ.ව. 6:37 ට
අනේ හරිම ලස්සනයි මාලුවෝ. එතන ගිහින් ඉඳගෙන ඉන්ට හිතෙනවා වෙන වැඩක් නොකර… 🙂
2012 ජූනි 25 දින පෙ.ව. 7:19 ට
අනේ අක්කේ… එතකොට වෝල් පේපරේ අබ්ලික් වෙයිද දන්නේ නෑ නෙහ්…. අනික අපිට ඔයා දිහානේ බලාගෙන ඉන්න වෙන්නේ…
2012 ජූනි 25 දින ප.ව. 3:01 ට
අර අන්තිමට කිවුව එත අත්මදා බලන්නත් හිතයි මට….. එක්කෝ ඕනේ නෑ…
2012 ජූනි 25 දින ප.ව. 4:57 ට
අනේ අප්පේ කසාද බැඳලා ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියන කතා…
2012 ජූනි 26 දින ප.ව. 1:24 ට
කොහොමහරි මාලුවෝ වෝල් පේපර් එක පෙන්න ගත්තානෙ.මදෑ ඒක..
2012 ජූනි 26 දින ප.ව. 4:03 ට
නැතුව නැතුව….