කාටද මේ බෑග් එක…?

ගිය ඉරිදා යාළුවෙක් එක්ක ගියා ප්‍රදර්ශනයක් බලන්න. ඇති වැඩකට නෙමේ නිකං ෆන් එකට. කොහොම හරි හදිස්සිය හින්දාම කෝච්චියට ටිකට් ගන්නත් අමතක වුනා. වෙලාවට ටික්කෝ ඉරිදට නිවාඩු. ඉතිං උදේ නවය මාරට විතර ගියා අදාල ස්ථානයට…

ඒ වෙද්දි ප්‍රදර්ශනේ පටන් අරගෙන තිබුනේ නෑ. ස්ටෝල් අස්සේ ගෑණූ ළමයි කොන්ඩේ පීරනවා, තොල් පාට කරනවා… එක එක විකාර. ඉස්සර වගේ ගවුම් හදන්නේ නෑ… දැන් කලිසම් නේ…  ඉතිං ප්‍රදර්ශනේ පටන් ගන්න කලින් ගිහිං අළුතෙන් ඉගෙන ගත්තේ එව්වා තමා. දැන් ඉතිං ඊළඟ ප්‍රදර්ශනේට යන්නේ ඒක පටන් ගන්න තවත් පැයකට විතර කලින්…! එතකොට තව මොනාහරි ඉගෙන ගන්න පුළුවන් වෙයිනේ…

ඉතිං ඔහොම ගිහිං අන්තිමේ දහයමාරට විතර ප්‍රදර්ශනේ පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න ආයෙම වටයක් දාලා, වහල තිබුන ස්ටෝල් ආයෙම බලලා, පට්ට ෂාප් ටී.වී එකකින් ඇවෙ(ච්)ටාර් (පොෂ්) මූවි එකත් ටිකක් බලලා එහෙම එන්න හදද්දි මාත් එක්ක ගිය බුවාට ඕනේ උනා උංගේ නංගිට ක්ලාස් ගෙනියන්න “කඳුරට බෑග්“ එකක් ගන්න. ඉතිං චූටි සුපියල් 50ක් දීලා ගත්තා එකක්. පස්සෙ ඉතිං බුවාට ඒක අතේ ගෙනියන්න බෑ කියලා මූ දැම්මා ඒක මගෙ බෑග් එකට.

අන්න එතෙන තමා මං නාගත්තේ…!

ඊට පහුවෙනිදා මං කෑම ගෙනිච්චේ නැති නිසා, ෆ්ලෑෂ් එක බෙල්ලේ දාගෙන හෙඩ් සෙට් එක සාක්කුවේ දාගෙන ඔෆිස් ආවේ. බෑග් එක ගේන්න ඕනේ වුනේ නෑ. ඔන්න හවස ගෙදර යද්දි අම්මා ඉන්නවා මූන සතූ කරගෙන. තාත්තා ඉන්නවා ඔරොව ගෙන… මල්ලි ඉන්නවා ෆන් එකේ… ඌ දන්නවා කොහෙහරි යන හෙන ගෙඩියක් මගේ ඔලුවට උඩින් සක්මන් කරන්න බලාගෙන ඉන්නවා කියලා.

ඊයේ කොහෙද ගියේ…? 

උදේ පාන්දරම ගියාට යන්නේ කොහෙද කියලා කියන්න අමතක වුනා වගේම ගෙදර ආවේ රෑ නවයත් පහුවෙලා නිසා තමා ඒ ප්‍රශ්නේ…

අහවල් ප්‍රදර්ශනේ බලන්න ගියා, ඊට පස්සේ ක්ලාස් ගියා…

හ්ම්…. එද්දි රෑ වුනේ…? ඒ තාත්තා… අම්ම ගිරේ එක පැත්තක් වගේ, තාත්තා අනිත් පැත්ත වගේ… දෙන්නටම මැදි වෙච්චි අහිංසක මං පුවක් ගෙඩිය වගේ…!

හරි හරි ඉතිං පොඩ්ඩක් පරක්කු වුනා… බස් නැතුව…

එතකොට අර බෑග් එකේ තිබුන අනිත් බෑග් එක කාටද…?

විවේකයක් නොලබාම මවුතුමීගෙන් කෙලින්ම පන්දුව මට… ආයෙ ගොත ගැහුවොත් එහෙම කඩුල්ල මුවා කලා වෙනවා… එකට එක කිව්වොත් පන්දුවට උඩිං යන්න පහරක් එල්ල කලත් පැත්තක ඉඳන් තාත්තා පන්දුව රැකගෙන ආය අම්මටම භාර කරනවා… නිශ්ශබ්දව හිටියොත් පැත්තක වෙලා බලාගෙන ඉන්න මල්ලි, උගේ මැද ඇඟිල්ල උස්සලා… හරි  අයියා දැවී ගියා කියලා සංඥාව දෙනවා…

ඔක්කොගෙන්ම බේරිලා හිනා වුන නිසා…

මොකද හිනා වෙන්නේ….? කියලා දැවී යාමකට ලක් නොවී වේගය මඳක් අඩාල වෙච්චි පන්දුවක් පිටියේ මැද පතිත වෙලා ගානට බැට් එකටම ආවා… අන්න ඒකට නම් වැරෙන් පහරක් එල්ල කලෑකි.

ඔය බෑග් එක මගේ නෙමේ… මිස්ට සිල්වාගේ… උංගේ නංගිට ගත්තේ. මගේ බෑග් එකේ දැම්මා ඌට අතේ තියන් බැරි නිසා. ඒක ඉල්ලගන්න අමතක වෙන්න ඇති.

මිස්ට සිල්වට නංගිලා දෙන්නෙක් ඉන්නවා කියලා අපේ අම්මා දන්න නිසා වගේම හා මිස්ට සිල්වාගේ අම්මලා තාත්තලාවත් දන්න නිසා මං ගහපු පහරට ලකුණු හයයි..! ප්‍රතිවිරුද්ධ පිලේ බැට් එක උස්සන් හිටිය මල්ලිගේ මූන… හ්ම් ඒකට උපමා නෑ… එච්චරට හැඩයි…!

ඊට පස්සේ….

ඒක මිසක්…! මං හිතුවේ…!

ඇයි කාට කියලද අම්මා හිතුවේ… කොච්චර ලොකු මිනිහෙක් වුනත් අම්මා ඉස්සරහ බබා පාට් එක දැම්මම තමා ඔක්කොම අහගන්න පුළුවන් වෙන්නේ.

ඒ ළමයට බෑග් එකක් ගෙනත් දුන්නට කමක් නෑ… ඒ ගෙනෙද්දි මටත් එකක් ගේන්න…

ඇයි අම්මත් ක්ලාස් යන්නද..? කියලා බෝලෙට ගහන පහර ඉමැජින් කරලා, ඇක්චුවලි බැට් කරා…

හා… කියලා.

ඒ බෝලේ කෙලින්ම කඩුල්ලට වැදෙන්න නොහැර, පහරක් එල්ල කරන්න ගියා නම් එහෙම මට තව ගොඩක් වෙලා පිටියේ රැඳී ඉන්න වෙනවා. එහෙම වුනානම් තව තව එක එක විදියේ බෝල වලට මූන දෙන්න සිද්ධවෙනවා. ඒක නිසා තරඟය පාවා දීලා මං ඉක්මනට අවුට් වුනා…!

41 Responses to “කාටද මේ බෑග් එක…?”

  1. වර්ණ Says:

    ඔය ඉතින් කියලම තියෙන්නෙ ඒ ළමයට බෑග් ගෙනත් දුන්නට කමක් නෑ කියලා.දැන් ඉතින් වැඩ අල්ලන්නයි තියෙන්නෙ.

  2. hasithag Says:

    අම්මා ඉස්සර හමුදාවේවත් හිටියාද මෙච්චර බෑග් චෙක් කරන්න 🙂

  3. රාජ් Says:

    //බෝලෙට ගහන පහර ඉමැජින් කරලා, ඇක්චුවලි බැට් කරා…
    හා… කියලා.\\
    ඒක හොඳයි.

  4. Weni Says:

    ඔන්න නංගිලා ඉන්න යාළුවො එක්ක ප්‍රදර්ශන බලන්න ගියහම එන චෑන්ස්..මන් ගියා හවස..

  5. DDT Says:

    හෙහ් හෙහ් හොහ් …. බොලෑ ෆැමිලි ක්‍රිකට්.
    අර කෝච්චියේ ටිකට් නැතුව තකහනියක් දුවගෙන ගියේ ප්‍රදර්ශන භාණ්ඩ බලන්ට වෙන්ටැ …

  6. හිරු Says:

    අම්මා කොහොම හරි වැඩේට අනුමත දීලා වගේ… 😀

  7. අකීකරුහිත Says:

    මට නම් සැකයි වගේ…බෑග් එක අයියා අරගෙන මිස්ට සිල්වගෙ පිටින් යැව්වද කියල කවුද දන්නේ? 😀

  8. ගිනි කුරුල්ලා Says:

    එතකොට අර බෑග් එකේ තිබුන අනිත් බෑග් එක කාටද…? 😛

  9. henryblogwalker Says:

    අරූ නම් නියම සහෝදරයෙක්.
    උඹේ විපත උගේ සැපතයි
    henryblogwalker the Dude

  10. ජෝජ් රජ්ජුරුවෝ Says:

    මෙන්න මූ කෝච්චියෙ හොරාට ගිහින්!!! 😛

  11. මඩිස්සලේ නිශාන් Says:

    😀 මාර සීන් නේ මාලුවටත් වෙන්නේ තව පොඩ්ඩෙන් බින්දුවට දැවී ගිහින් ගෙවලුත් ගිනිතියාගන්නවා

  12. රූ Says:

    මාළුවගේ බැටින් නම් නියමයි..!!
    මල්ලි දස්සයා නෙව..

  13. සාබිත් Says:

    බෑග් එකක් වෙච්ච නිසා හොඳට ගියා 😀

  14. maal Says:

    මම මේ කල්පනා කලේ ඇත්තටම අම්ම ඒ කිව්වා කතාව හරිද කියල?? ඒ ළමයට අරන් දෙන හැම එකක්ම අනාගතයේදී අම්මටත් අරන් දෙන්න වේද එතකොට මළුවාට?? නෙත්තන් අම්මා ඔරොප්පු වෙයිද??

  15. praveena Says:

    ලංකාවේ පුතාලා තාම අම්මලාට බයයිනේ. සමහරු චැට් කරනකොට අම්මලාගේ සද්ද ඇහුනාම දුවන වලු මල් කැඩිල්ල නතර කරලා.
    ඉතින් අම්මටත් බෑග් එකක් අරන් දුන්නද? 🙂

  16. නවම් Says:

    //ෆ්ලෑෂ් එක බෙල්ලේ දාගෙන සෙට් එක සාක්කුවේ දාගෙන ඔෆිස් ආවේ.// ??????

  17. ඔබ නොදු‍ටු ලොවක් Says:

    දැං ඇත්තටම සිල්වාගේ නංගිටද බෑග් එක ගත්තේ….

  18. මධුරංග Says:

    සිල්වා කියන්නේ අදින ගන්න වටින පොරක් !!!
    මචං මාළු…. කොහෙද බන් ඌ ඉන්නේ ? 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: