පන්සලේ සාදුගේ වෙන්ඩ ගෑණිට හුලං….!!!

ඉස්සර අපි දහම් පාසල් යද්දි, එක දවසක් දා පිං පාට තියෙන පොඩි කොල්ලෙක් පන්සලේ පදිංචියට ඇවිත් හිටියා. ඒ කියන්නේ මහන වෙන්න හිතාගෙන. හෙන හොඳ බුවා වගේම හරි අහිංසකයි. ඔන්න ඉතිං අවුරුදු පහ හයක් යද්දි මෑන් මහන වුනා. අපිත් ගියා අම්මලා එක්ක පොඩි හාමුදුරුවරු මහණ කරන උත්සවේට.

ඉතිං ඔහොම මහන වුන පොඩි හාමුදුරුවන්ගේ නම තමා “සුගත“. ඇත්තම නම. මේක හාමුදුරුවෝ කියෙව්වත් එකයි මට නැතත් එකයි. කියවන තරමට වඩා හොඳයි…! ඉතිං සුගත හාමුදුරුවෝ ධර්මය හොඳට ඉගෙන ගෙන උපසම්පදාත් වුනා මට මතක විදියට. හරියටම කියන්න බැරි ඒ වෙන කොට අපි දහම් පාසලෙන් ඉවත් වෙලා පන්සලට යන්නේ පෝයකට හෝ දෙපෝයකට වරක් විදියට සීමා වෙලා තිබුන නිසා. හැබැයි අපිට මොන වැඩේ තිබුනත් පොසොන් පෝයට දහම් පාසලේ තියෙන භක්ති ගීත උත්සවේ නම් අනිවාර්යෙන් බලන්න යනවමයි. හේතුව තමා මමත් හතර පස් පාරක්ම චෛත්‍ය වටේ හිටගෙන අනිත් අයත් එක්ක භක්ති ගීත කියලා තියෙන නිසා.

ඉතිං මේ පොසොන් එකට භක්ති ගීත කියන්න ගියාම තමා සුගත හාමුදුරුවන්ගේ සෙල්ලං ටික දැනගත්තේ. මේවා කට කතා විදියට ගලාගෙන ගියාට කිසිම බොරුවක් වංචාවක් නැතිව ඇත්ත ඇතිසැටියට විකසනය වෙන බව නම් හොඳින්ම කියන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමා ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ට අවවාද කරන්නේ පන්සලේ දායක මහත්තරු ඉස්සරහ වීම.

“මචං… දැන් සුගතයාට කෙල්ලෙකුත් ඉන්නවා බං…“ ඒ කාලෙකට පස්සේ හම්බුවෙච්ච යාළුවෙක් භක්ති ගීත පළමු දර්ශනය බලන්න ගියා වෙලාවේ කියපු දේ…

මං හිතුවේ මුලින්ම හිතුනේ මෑන් ජෝක් එකක් දානවා වෙන්න ඇති කියලා. පස්සේ තව එකෙක් ඇවිත් වැඩේ කන්ෆර්ම් කලා තවත් විස්තර ගොඩකුත් එක්ක. හොඳම යාළුවෝ වගේම, පන්සලේ නිත්‍ය දායකයොත් වෙච්ච ඒ වගේ යාළුවෝ කියන දේක ඇත්තටම තාර බර අරිනවා කියලා එකක් නෑ.

ඉතිං පන්සලේ ප්‍රධාන දායක මහත්තුරු කියන විදියට, සුගත හාමුදුරුවෝ යාලු වෙලා ඉන්නේ පන්සල පිටිපස්සේ ගැරේජ් එකේ අයිතිකාරයගේ කෙල්ල එක්ක. ඒ කෙල්ලට ගෑණු ළමයා කියන එක ටිකක් හරි මදි වගේ… ඒක නිසා කෙල්ලම කියන එක තමා හොඳ. සම්බන්ධය පටං අරගෙන තියෙන්නේ සුගත හාමුදුරුවෝ පිරිවෙනට ගිහිං එන වෙලාවට කෙල්ල ක්ලාස් ගිහිං එනවලු. ඉතිං එහෙම වෙලාවලට, පන්සලේ තවත් දායකයෙක්ගේ දුවෙක් වගේම, නිතර පන්සල් යන එන උපාසකම්මා කෙනෙක් වෙච්චි නිසා කතා බහ කරලා දැන ඇඳින ගෙන තියෙනවා. ඔය ඇඳිනිල්ල උඩුදුවලා තමා, හාමුදුවරුන්ගේ අහවල් එකටත් කිරි එරෙන්න අරං තියෙන්නේ. කව්ද හරි කව්ද වැරදි කියන්න අපි කවුරුවත් දන්නේ නෑ. ඔය විස්තර ටික දන්නේ, පන්සලේ දායක මහත්තරුන්ට ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ගෙන් අහගෙන කියපු දේවල් නිසා විතරයි.

ඉතිං ෆන්ම කේස් එක වෙන්නේ ඔය වැඩේ නම් නෙමේ… මේං මේක…

කාලයාගේ ඇවෑමෙන් සුගත හාමුදුරුවන්ගේ ආලේ මෝරලා ගිහිං… අන්තිමේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලන්න ගිහිං සිවුරු ඇරලා අර කෙල්ලව බැඳගෙන පවුලක් කන්න. පස්සේ ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ට කියලා…

අනේ මේ සුගත… උඹට සිවුරු ඇරලා ගියොත් ලගින්න වෙන්න එක ගෑණියෙක් එක්ක. ඒත් පන්සලේ හිටියොත් දවසට එක ගානේ ගෙන්න ගන්න බැරියෑ…. කියලා.

මේං ඊලඟ මොහොතේ සුගත හාමුදුරුවන්ගේ ආලේ හිඳිලා ගිහිං. පන්සලේම ඉන්නවා ලොකු හාමුදුරුවනේ කියලා තීරණේ වෙනස් කරලා. අන්තිමේ ලොකු හාමුදුරුවෝ නිසා සුගත හාමුදුරුවන්ගේ වෙන්ඩ ගෑණිට හුලං….

මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ නම් නෑ. ඒත් දුක් වෙන්න නම් අවස්ථා ගොඩයි. එකක් තමා උපාසකම්මලා මේ වගේද කියන එක ගැන. ඊට පස්සේ හාමුදුරුවරු මේ වගේද කියන එක ගැන. ලොකුම එක තමා අපේ පන්සලත් ඉක්මනටම “බඩු පොට් එකක්“ වෙයිද කියන එක ගැන…! සියළු දේ නැසෙන සුළු නිසා වගේම, අවුරුදු 5000ක් පවතින්න නියමිත බුද්ධ ශාසනේ, දැනට අවුරුදු 2500කට වැඩි ප්‍රමාණයක් ගෙවී ගිහිං තියෙනවා කියන්නේ දැන් බුද්ධ ශාසනේ බහින කලාව වගේනේ. ඉතිං ඒ අස්සේ මේ වගේ හාමුදුරුවරු එක්ක තව අවුරුදු 100ක් වත් බුදු දහම තියෙයිද කියන එන ගැන සැකයි…

දැනට කාලෙකට කලින් අපිත් එක්ක එකට ස්කූල් වෑන් එකේ ගිය අක්ක කෙනෙක් එයාලගේ පන්සලේ, එයාටත් වැඩිය බාල පොඩි හාමුදුරුවෝ එක්ක පැනලා ගියා. දැන් බබෙකුත් ඉන්නවා. සුගත හාමුදුරුවෝ එහෙම ගියානම් ආතල් එක සුගත හාමුදුරුවන්ට වගේම පන්සලටත් ආරක්ෂාවයි. ඒත් දැන් මේ වෙන දෙයින් මුළු පන්සලටමයි, පන්සලේ පිරිමි දායකයෝ ඔක්කොටම යහපත් ආතල් කාලයක් උදාවෙනවා නිසැකයි…!

 

 

Advertisements

51 Responses to “පන්සලේ සාදුගේ වෙන්ඩ ගෑණිට හුලං….!!!”

  1. කුරුල්ලෙක් මං Says:

    මොනවා වුනත් හරියටම කියල තියනවා..බුද්ධ සාසනයක් ඉතුරු වෙන්නේ නෑ මේකෙන්…ඕකුන්ට හාමුදුරුවෝ කියන්නෙපා බන්…චීවරධාරියෝ කියපන්..නැත්නම් හාමුරුවන්ට නිගා කරන අපිටත් පව්…දැන් කාලේ වෙන දේවල් දැක්කාම ගෑනු ගන්ඩත් බයයි…පිරිමියෙක් ගෙට ගන්ඩත් ගෑනියෙක් එලියට යවන්දත් කලින් දෙපාරක් හිතන්ඩ වෙලා…ඔන්න මම නම් අනගාරික වෙනවා අනිවා ඩෙෆා…නැත්නම් ගිහි ගෙය නෙවේ සංසාරෙම කලකිරිලා එක තැන නිර්වානේ ලැබෙයි මෙව්වා හිතලා…

    • Gold fish Says:

      එහෙම නිර්වානේ ලැබෙන්න නිර්වානේ ගැන දැනගන්න තියෙන පාරවල් ඇහිරෙනවනේ බං…

  2. Weni Says:

    බොහොමයක් තැන් වල ඔහොම තමයි. සුලුතරයක් තමයි ධර්මය රකින්න ඉන්නෙ !

    • Gold fish Says:

      අනාගතේ අවාසනාව…

  3. නවම් Says:

    අනාවබෝධයෙන් මහණකරවීම [මෙලෝ දෙයක් නොදන්න පොඩි එකා කාලෙ] මේවගේ දේවල් සිද්ධවෙන්න ප්‍රධාන කාරණාවක්. ඒවගේම එහෙම මහණ උනත් පසුකාලීනව ඒ අවබෝධය ලබදෙන්න සමත් නැති ගුරුහාමුදුරුවරු නොමැතිවීම ඊලඟ කාරණාව.

    ජීවිතයගැන යම් අවබෝධයක් ඇතිව, නිස්සාර බව අවබෝධකරගෙන සසුන්ගතවීම ක්‍රමක්ක්‍රමයෙන් ආගම රජය හා ඒකාබද්ධ වීමත් එක්ක මඟැරිල ගියා. අරයගෙ උපන්දිනේට මෙයාගෙ අර දිනේට, වෙසක් පෝයට පොසොන් පෝයට රොත්තපිටින් අල්ලගෙන මෙලෝ සංසාරයක් නොදන්නා පොඩි උන් මහණකිරීම මේකට එක හේතුවක්. කොලිටි එකට වඩා කොන්ටිටි එක වැඩිකරන කොට කොයිකකෙත් අන්තිම ඔහොම තමා.

    මේක බොහොම නිවිහැනහිල්ලෙ ලියන්න ඕන කොමෙන්ට් එකක්, කඩදාසිය ලිපේදාල නෙමෙයි. ඒක නිසා ආයෙම එන්නම් මෙතන හොඳ සවාදයක් ඇතිවුනොත් විතරක්…

    • Gold fish Says:

      මටත් හිතෙනවා අයියේ… වැරදිකාරයොත් මේකට වග උත්තර බඳින්න බලාගෙන ඉන්නවා කියලා…
      සමහර විට බැණුම් අහන්න වෙයි… ඕනේ එකක් ඔව්වුයි…

      • රන්දිල් Says:

        ඒ විතරක් ද නවම් ඔන්න අද උදේ ඉහළම පාර්ශ්වයක ඉහළම හාමුදුරුවෝ (මං දැක්ක විදිහට) ස්වර්ණවාහිනියේ මුල් පිටුවයි, බන්දුල පද්මකුමාරවයි වර්ණනා කරමින් කාරණා කියන ඇඩ් එකක් මුල් පිටුව අතරේ සැරින් සැරේ ගියා…………. ඉස්සර ඔය පාර්ශ්වයේ ඉහළම හාමුදුරුවරු ටීවි වල දකින්නවත් හිටියේ නැහැනේ………..

  4. Praසන්ன Says:

    ඕක මොකක්ද බං අපේ පංසලෙත් ඉන්නෙ ගෑනියි මිනිහයි වගේ

    • Gold fish Says:

      ඒ කියන්නේ මි බොරුව​ට කලබල වෙලා වගේ සීන් එකක්ද…! 😀

  5. henryblogwalker Says:

    හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් උඹට තියෙන ගට මම අගය කරනවා.

    • Gold fish Says:

      ස්තූතියි අයියේ…

  6. DDT Says:

    ඔය හාමුදුරු කොල්ලෙක් හා කෙල්ලක් ගැන මට ලැබුණු අත්දැකීමක් මම රාජ්ගෙ ලිපියකට කමෙන්ට් එකක් විදියට දැම්ම. කතාකරල වැඩක් නෑ. තමන් කරන දේවල් තමා යනකොට අරගෙන යන්නෙ. උන්ට හොඳනම් අපිට මොක ද? මම නම් ඔය කොළු හාමුදුරුවරු තඹේකට මායිම් කරන්නෙ නෑ. වයස වැඩි කෙනෙක් නම් ඉතින් වැඩිහිටියෙක් කියලවත් සලකන්න බැරිය. වැඩේ වැරදි වෙන්න පුළුවන්, ඒත් කරන්න දෙයක් නෑ. (හාමුදුරුවරුන්ගෙ ඔය වගේ සීන් මම ඕන තරම් අහල තියනව, ගොඩක් දුරට ඒව කටකතා විතරක්ම නෙවි. හාමුදුරුවරුන්ට ඔය වගේ සම්බන්ධකම් තියෙන්නෙ කෙල්ලොත් එක්ක විතරක්ම නෙවි, පන්සල්වලට රිංගන කොල්ලොත් එක්කත් !)

    • Gold fish Says:

      මගෙත් පුංචි කාලේ යාළුවෙකුට ඇපල්, මිදි දීලා හාමුදුරුවෝ එක්ක ලොකු සීන් එකක් තිබුනා. අන්තිමේ උගේ ස්කෝලේ යාළුවෝ මෑන්ට හාමුදුරුවන්ගෙ නම කියලා විහිළුකරනවා කියලා මූ ස්කෝලෙ යන එකත් නැවැත්තුවා. ඊට පස්සේ කොහොමහරි මෑන්ගේ ස්කෝලේ ගුරුවරු එකතුවෙලා තමා ආයෙ ස්කෝලෙ යන්න පුළුවන් වෙන්න මයින්ඩ් එක හදලා තියෙන්නේ…

  7. Says:

    මට මතක නැහැ හරියටම මන් හිතන්නේ සන්න්ස්ගලගේ ආදරේ තරම් යශෝදරා එකේද කොහේද තිබ්බේ
    එක ගෑනියෙක් ඕනේ නම් කසාද බඳින්න ගමේම ගෑනු ඕනේ නම් මහන වෙන්න කියලා තිබ්බා තව ගුනදාස ලියනගේ ගේ තුන්වෙනි සිල්පදය නොකඩමි පොතේත් ඔය වගේ කතා ගොඩක් තිබ්බා ඔය සේරම ප්‍රබන්ධ වෙන්නත් බැහැ නේ. ගිය අවුරුද්දේ අපේ අවුරුදු දවසේ අපේ පන්සලට පොලිසියෙන් පැන්නා හාමුදුරුවෝ ආවාසේ පලතුරු එකක් දාලා තිබිලා

    • Gold fish Says:

      ඉවසගෙන ඉන්න එකයි මෙහෙම කෑගහන එකයි ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බං මරණේ. හාමුදුරුවන්ගේ ඔඩොක්කුවේ දේශපාලකයොත් ඉන්නවා දැන්…

  8. නිසුපා Says:

    භයානකයි….. එක අතකට පැනලා ගියානම් එකක්.දැන් සිවුරෙ ඉදගෙන……….. අනේ මන්දා………

    • Gold fish Says:

      සිවුරු ඇරලා ඕනේ එකක්. ඒත් මෙහෙම ඉඳගෙන ඔය වගේ දේවල් කරන එක වැරදි ආදර්ශයක් වගේම, ඉදිරියට සිදුවෙන ලොකු අනතුරක පුංචි ඉඟියක්…!

  9. මාඩා Says:

    ගල් ගහලා සිවුරු අැරවන්න ඔන මචං… බුද්ධාගමට අායිමත් සංගායණාවක් ඔන කරන කාලයක් ෙම්..

    • Gold fish Says:

      ඒක නම් ඇත්ත මනූජ… ඒත් මචං සිල්වත් හාමුදුරුවරු ටිකක් එකතු කරන්නේ කොහෙන්ද..?

  10. රොබින් Says:

    අයියෝ මුන් වගේ කාලකන්නි චීවරදාරියෝ …

    • Gold fish Says:

      වැඩක් නෑ රොබින් කතාකරලා…

  11. මඩිස්සලේ නිශාන් Says:

    මං අන්‍යාගමිකයෙක් නිසා ඔව්වට මුකුත් කියන්නේ නැහැ බන් නැත්තම් උඹලා ඊට පස්සේ මට බනියි.

    • Gold fish Says:

      ඔවු අපිට වෙන වැඩ නැහැනේ උඹට බැන බැන ඉන්නවා මිසක්… 😀 මං උඹලාගේ ආගමට කොච්චර දේවල් කියලා තියෙනවද…
      ආගමම නෙමේ බං ප්‍රශ්නේ… ආකල්ප…

  12. ගිනි කුරුල්ලා Says:

    ගඟේ මාළු ඇඟේ නටනවා බන් මේවා කියවනකොට..

    • Gold fish Says:

      බී කූල් මචං… ඔව්වා සාමාන්‍ය දේවල්. අපිට අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්…

  13. Bunny Says:

    ශ්‍රීමහබෝදියෙ පංසලෙ හාමුදුරුවන්ටත් ඉන්න එකෙ මෙවුන් මොක්කුද?

    • Gold fish Says:

      ඔය වගක් දන්නවනම් සුගත හිමි… පන්සලම අන්තඃපුරයක් කරනවා…

  14. arunishapiro Says:

    යාළු මාළුවාට අමතක වෙන්නැති බුදු හාමුදුරුවෝ පන්සියයක් ලස්සන කාන්තාවන් සමඟ විවාහ වෙන්න/දිව්‍යාංගනාවන් ලබාගන්න පුළුවන් බුද්ධ ශාසනේට ආවොත් කියලා විවාහ වෙන්න ගිය නන්ද කුමාරයාව සාසනයට ගත්තා යැයි කියන කතන්දරය. ලොකු හාමුදුරුවන් කරන්න ගියෙත් ඒ වගේ වැඩක් ද දන්නෙ නැහැනෙ!!!!

    එදත් ඔය වගේ කතන්දර තිබ්බා. අද පරිහානියට යනවා නෙමෙයි. මට මතකයි මගේ තාත්තා කේන්දර බලන කාලයේ එක පංසලක නායක හාමුදුරුවන්ගේ දුව තවත් පංසලක නායක හාමුදුරුවන්ගෙ පුතා හා විවාහ වෙද්දී පොරොන්දම් බලවා ගන්න තාත්තා ළඟට එවලා තිබ්බ හැටි. ඒත් ඒ කාලේ ඒවා කියන්න තැනක් තිබ්බෙත් නැහැ අහපු කෙනෙක් පිළිගත්තෙත් නැහැ. ඒත් දන්න මිනිස්සු දැන සිටියා. අද අපිට මේවා ගැන කතාබස් කරන්න, වැරදි කරනවුන් හෙළි කරන්න ප්‍රධාන මාධ්‍ය්‍යේ අවසරය ගන්න ඕන නැති කම මහත් වාසියක්.

    අපිට අද පුළුවන් මුලාවෙන් රවටා පරිසරය විනාශ කරමින් බාල බඩු හදමින් අයහපත් ලෙසින් තම සේවකයන්ට සලකන ව්‍යාපාරිකයන්ගෙ භාණ්ඩ හා සේවා නොගෙන ඉන්න. ගූගල් පාවිච්චිය නවතන්න ද හෝ නෝ ලිමිට් එකේ ටොපිවල මැලික් අම්ලය තියෙනවා ද නැද්ද යන්න අපිට ම තීරණය කරන්න. අපිට පුළුවන් කෲර මෘගයන් සේ හැසිරෙන නායකයන් ඉන්න රටවල් වලින් භාණ්ඩ හා සේවා නොගෙන ඉන්න. ඒ පැතිවල සංචාරයට නොයා ඉන්න. තමන්ගෙ පැත්තේ අය ගැන වුවත් වැරදි කියන්නට බිය නොවීමෙන් තම පැත්තේ වැරදි කරන අයවත් බලයෙන් පහකර ගෙදර යවන්න. ඒ වගේ ම අපිට පුළුවන් අපේ ආගමික නායකයන්ගේ වැරදි නොසඟවා කීම ආගමට කරන අගෞරවයක් නෙමෙයි ආගමටත් මිනිසාටත් කරන සේවයක් කියා දැක ආගමික නායකයන්ට තමන්ගෙ කාර්ය භාරය කුමක් දැයි මතක් කරලා දෙන්න.

    • Gold fish Says:

      නන්ද කුමාරයට ඊට පස්සේ පෙන්නුවා “අලුත ගිනිතබන ලද කුඹුරක දාව ගිය වැඳිරි මෑල්ලක්”… ඒකෙන් තමා නන්ද කුමාරයාගේ හිත වෙනස් වුනේ. ඒත් අක්කේ දැන් හාමුදුවරුන්ට හෙලුවෙන් පිච්චුන ගෑණියෙක් පෙන්නුවත් ඒ ටිකත් ඇති යටි හිතින් නිවන් යන්න.

      ඇත්ත ඉස්සරත් ඔහොම දේවල් තිබිලා තියෙනවා. මං අහලත් තියෙනවා. ඒවා ඒ දවස් වල යට ගහන් හිටියට අද එහෙම ඕනේ නෑ… ඒක නම් ලොකු දෙයක්. නැත්තං අපිටත් වෙන්නේ කිසිදෙයක් නොදකින් පෙනෙනෙන ගානට ඇහැ කන පියාගෙන ඉන්න…

  15. සාබිත් Says:

    උඹ දහම් පාසලුත් ගිහින් තියේද? ලොල්!

    • Gold fish Says:

      ඒ විතරක්ද බං භක්ති ගීත කියලත් තියේ… 😉

  16. වර්ණ Says:

    කියන්න දුක තමයි.ඒත් මේක තමයි ඇත්ත.

    • Gold fish Says:

      ඔව්… මොනා කරන්නද… ඉස්සරහ අයටවත් දැනගන්න කියන්න වෙනවා…

  17. මධුරංග Says:

    එක හිතකින් සීලේ ආරක්ශා කරන්න බැරි නම් හොද හිතින් චීවරේට සමු දුන්නා නම් එලොවටයි මෙලොවටයි සුගතියක් !!!

    • Gold fish Says:

      ඒක නොකරන්න දීලා චීවරේ රඳවා ගන්න එකට මං කැමතිත් නෑ බං…

  18. hasithag Says:

    “‘අනේ මේ සුගත… උඹට සිවුරු ඇරලා ගියොත් ලගින්න වෙන්න එක ගෑණියෙක් එක්ක. ඒත් පන්සලේ හිටියොත් දවසට එක ගානේ ගෙන්න ගන්න බැරියෑ…. ”

    උපුල් ශාන්ත සන්නස්ගලගේ “ආදරේ තරම් යශෝධරා” පොතෙත් මේ කතාව තිබුණා. එක ගෑනියෙක් එක්ක ඉන්න ඕනේ නම් කසාද බැදපන්. ගමේම ගෑණු ගන්න ඕනේ නම් මහණ වෙයන්”

    කාසවකණ්ඨකයන් පහළ විම වැඩි ඈතක නෙමෙයි වගේ 😦

    • Gold fish Says:

      මට පේන්නේ ලොකු හාමුදුරුවෝ සන්නස්ගලගේ පොත් කියෝලා තියෙනවා…

  19. ගැමියාගේ පත් ඉරුව Says:

    හ්ම්ම්ම් හරිම හිත්වේදනාවක් දැනුනා අන්තිමට නම්…

    //ඉස්සර අපි දහම් පාසල් යද්දි, එක දවසක් දා පිං පාට තියෙන පොඩි කොල්ලෙක් පන්සලේ පදිංචියට ඇවිත් හිටියා. //

    මම මුලින්ම දහම් පාසල් ගිය දවසේ (5 ශිෂ්‍යත්වේ ඉවර වුනාම) අපේ පන්තියෙ හිටියා තරමක් පොඩි කොල්ලෙක් හැබැයි හැමෝම ඒකට බයේ හිටියේ.ඕනේ එකෙක්ට කනේ පාරක් ගහන තරමට.එයාගේ නම ඉෂාන්.කොහොමෙන් හරි අළුත ආපු මාව රැග් එකට ගන්න මේකා හෙනට දත කෑවා… කරපු හිංසා කෙලවරක් නැති නිසා මම ඒකට බිම දාගෙන ගැහුවා ගහලා උගෙ ඇඟ උඩ නැගලා නෙලද්දි කවුදෝ මන්දා මගෙ බෙල්ලෙන් අල්ලලා උස්සලා පැත්තකට කලා බැලින්නම් ලොකු හාමුදුරුවෝ….

    අන්තිමේදි ඉෂාන්ගේ කනෙන් ඇදගෙන ආවාසෙට එක්කන් ගියා…. ටික වෙලාවකින් මටත් අඬගැහුවා.ඊට පස්සෙයි මම දන්නේ මේ ලමයා මහන වෙන්න ඉන්න කෙනෙක් ලොකු හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ විදියට පත්වෙන්නලු ඉන්නේ…. මීට පස්සේ වලි දාගන්න බෑ කියලා අවවාද කලා.එදා ඉඳන් මාත් එක්ක ඇරෙන්න අනික් හැම එකාටම පුරුදු විදියට නෙලන්න ගත්තා… පස්සේ අවුරුද්දකින් විතර එයා ආගිය අතක් නැතිවුනා.

    මම සාමාන්‍ය පෙල කරනකොට හදිසියෙම මට ආරංචියක් ආවා ඉෂාන් ඇවිත් කියලා.පොඩිම කාලෙදි මාත් එක්ක ගහගත්තු එකාව බලන්න යන්න මාත් ඉතින් ගියා ඒත් මම දැක්කේ මහණ වෙලා පන්සලට වැඩලා ඉන්න පොඩි හාමුදුරුවන්ව.ඇස් වලට කඳුලු ආවා ඒ දර්ශනේ දැක්කම.මම ගිහින් හාමුදුරුවන්ට වැඳලා හිමින් සැරේ ෂේප් වෙලා ආවේ මම මෙයාට ගැහුවා නේද කියන මානසිකත්වෙන් උන්නාන්සේ දිහා බලන්න බැරි නිසා.සෑහෙන්න කාලයක් හිතට වද දුන්නා මම ගහලා පාපකර්මයක් කරගත්තදෝ කියලා…. ඒ ආපු හැඟීම නිසා අවුරුදු 4ක් 5ක් යනකන් අල්ලපු වැටේ තිබුනු පන්සලට වැස්සකටවත් ගියෙ නෑ… මේ ලඟදි දෙවරක් තුන්වරක්ම ගියා ඒත් උන්නාන්සේ දැන් පන්සලේ නෑ වෙන පන්සලකට ගිහින් කියලයි ආරංචිය….

    මට මේ කතාව කියෙව්වම මතක් වෙච්චි කතා දෙක තුන අතරින් මේක පමණයි ලියන්න හැකි…. අනික්වා ලිව්වොත් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා….

    දායකයන්ට දායිකාවන්ට යන්න බැරි පන්සලකින් වැඩක් නෑ.අකටයුතුකම් වුනොත් පන්සලට විතරක් නෙමෙයි මුළු බෞද්ධ ජනතාවටමයි ප්‍රශ්නය.මේ ලොකු හාමුදුරුවන් කරපු වැඩේ මම අනුමත කරන්නේ නෑ….

    • Gold fish Says:

      පන්සල් වල මහණ වෙන්න ඇවිත් ඉන්න ළමයි හරි හොඳයි ගොඩක් වෙලාවට. මරුමුස් බුවාලත් ඉන්නවා කියලා දැන් දන්නවා.

      උඹ කනගාටු වෙන්න එපා… අනාගත හාමුදුරු කෙනෙක්ද නැද්ද කියලා දැනගෙන ගැහුනේ නෑනේ…

  20. Dinesh Says:

    යන්න හදපු කෙනාට යන්න අරින්නයි තිබ්බේ… දැන් මේකෙන් වෙන්නේ වෙනම අපරාදයක්නේ…

    • Gold fish Says:

      ඔව් දිනේෂ් ඒක සහතික ඇත්ත. මටත් හිතට අමාරු ඒකට….

  21. kathandarakaraya Says:

    නන්ද කුමාරයා ලියූ කවියක්?

    සොඳ ලෙස වායු සමනිත මහ මැදුරු තුල
    අමරස මධු විතෙන් සැතපෙති දේව කැල
    සුසිනිඳු සළු පැළඳි සුරඹුන් දකින කල
    සිහිවුනි පෑ විකුම් නව දැලි හේන් වල

    • Gold fish Says:

      නව දැලි හේනේ පිච්චුන වඳුරු රුව වගේ කියලද කියන්නේ මේ…

  22. Amarasinghe Sujatha Says:

    http://emailkavikaari.blogspot.com/2012/06/blog-post_05.html

    මම ආගම අදහන එක නවත්තනවා. දෙයියො අදහන එක නැවැත්තුවෙ අක්කගෙ කොල්ල මැරුණ වෙලාවෙ.

    • Gold fish Says:

      එහෙම කරන්න එපා. ඒකෙ තේරුමක් නැහැ. අනිත් අයටත් ආගම අදහන්න පුළුවන් විදියට කුණු දූවිලි ටික පිහිදලා දාන්න පුළුවන් නම් ඒක තමා කරන්න ඕනේ….

  23. පිණිබිඳු Says:

    ලොකු හාමුදුරුවො එහෙනම් පොඩි හාමුදුරුවන්ට එහා ඇත්තෙ. පුදුම කළකිරීමක් දැනෙන්නෙ මුන් ගැන.

  24. ඔබ නොදු‍ටු ලොවක් Says:

    ආවාසගේ හදන්න දායක සභාවෙන් දීපු සල්ලි වලින් ලොකු හාමුදුරුවෝ උපාසක අම්මා කෙනෙක්ට වියදං කරලා වැඩේ නෝන්ඩි උනා අපේ ගමේ….

    • Gold fish Says:

      තාම උන්දා පන්සලේ ඉන්නවැයි?

  25. ඕනමැන්ටල් (Dulip Sikurajapathy) Says:

    පුන්සඳ හොඳින් පායා දිලිසෙන රෑක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    එපා කියද්දිත් ඇදගෙන දංගේට
    ****** ** **** ** සේක !

    • Gold fish Says:

      හොහ් හොහ්… තරු ටික පුරවගන්න ඕනේ හිමීට…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: