කොම්පූටර් දත්ත කෙළිය….

ඩේටා… සිංහලෙන් කියන්නේ දත්ත කියල. අපි ඉගෙන ගත්තෙත් එහෙම. අළුත් ඉක්කෝල වල නම් කියන්නේ “ඩාටා“ කියලා. ඉතිං කොහොම හරි කමක් නෑ ඔය දත්ත මත තමා මුළු මහත් පරිගණක සමාජයම ගොඩනැගිලා තියෙන්නේ. ඩේටා එකම ආකාරයක 101101111000101 වගේ  වුනත් ඒවයේ භාවිතය වෙනස්. ඒ කියන්න සමහර දත්ත එකතුවක අවසාන ඵලය ඉමේජ් එකක්. තවත් දත්ත රොත්තක් එකතු වුනාම තියෙන්නේ මූවි එකක් එහෙමත් නැත්තං සිංදුවක්… ඒත් නැත්තං සොෆ්ට් වෙයා එකක්… ඔය වගේ දහස් සංඛ්‍යාත යෙදුම් භාවිතා වෙනවා හැසිරවෙනවා අපි නොදැනුවත්වම අපේ ඇඟිලි වලට අහුවෙන මවුස් එක, කී බෝඩ් එක එක්ක එකතුවෙලා.

ගල් යුගයේ මිනිස්සුන්ට තිබුන වටිනාම සම්පත් වුනේ, තම තමන් සතු ගල් ආයුධ, ගින්දර වගේ දේවල්… ඊට  පස්සේ ශිෂ්ට සම්පන්න වෙලා මධ්‍ය කාලීන හා මේ මෑතක් වෙන කම්ම වටිනාම වස්තු වුනේ ආභරන, මුතු මැණික්… මුදල් හදල් වගේ දේවල් වුනාට මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත තමා, තම තමන්ගේ දත්ත…! ඒක තමුන්ගෙම ඒවාද අනුන්ගෙන් ගත්ත ඒවද කියලා වෙනසක් නෑ. තමන්ගේ පී.සී එකට ආවම ඔක්කොම දත්ත තමන්ගේ වගේ තමා.

ඉතිං කාලෙකට ඉස්සර මාසික සඟරාවක තිබුනා තමන් සතු දත්ත සුරැකිව තබා ගන්න විදි ගැන ලොකු ලිපියක්. ලොකු කියන්නේ පිටු දෙකක් හෝ තුනක් පිරෙන්න විස්තර සහිතව. අන්න ඒ ලිපිය ගැන මතක් වෙච්චි නිසා තමා මේක ලියන්න හිතුනේ.

ඇත්තටම ඒ දවස් වෙද්දි නම් කම්පියුටර් භාවිතය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. කම්පියුටර්ම නෙමේ පොදුවේ බැලුවොත් ඩිජිටල් දත්ත භාවිතය කියලා තමා හඳුන්වන්න වෙන්නේ. මොකද මොබයිල් ෆෝන්වත්, පරිගණක නොවන, ඒත් දත්ත ආශ්‍රිතව ක්‍රියාකරන අනෙකුත් උපකරණවත් වැඩිය භාවිතා වුනේ නෑ. මං මේ කියන්නේ අද දවසත් එක්ක සසඳලා බලද්දි විතරයි. ඉතිං අර සඟරාවේ තිබුන විදියට “තමන් සතු දත්ත නැතිවෙන්න පුළුවන් ක්‍රම“ කියලා තිබුනේ, මට මතක විදියට ප්‍රධාන ක්‍රම දෙකයි. ඔය දෙක එක එක පැත්තට හරවලා තමා අනිත් කරුණු ටික ලියලා තිබුනේ…

හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වීම

පරිගණක වෛරස නිසා දත්ත ගොනු විනාශ වීම

(ඒ දවස් වල දත්ත සොරකම් කිරීමක් ගැන අහලවත් නෑ මයෙ හිතේ…)

ඉතිං පිළියම් විදියට තිබුනේ… තමන් සතු වටිනා දත්තවල තවත් පිටපතක් ලබාගෙන තබාගැනීම. ඒ කියන්නේ බැකප් එකක් තියාගන්න එක. තව දුරටත්, බැකප් එක ලබාගත්ත සී.ඩී එක හොඳින් සුරැකෙන පරිදි ආවරණය කර “ගමේ ගෙදර හෝ වෙනත් යාළුවෙකුගේ ගෙදර තැබීම“.

අනේ මන්දා ඒ දවස් වල නොතේරුම් කමට මේක තමා හොඳම විසඳුම කියලා හිතුවට දැන් තමා තේරෙන්නේ… ඒ දවස් වල ගමේ ගෙදර ගිහිං තිබ්බනම් එහෙම මේ වෙද්දි බඩු බනිස් වෙලා. අනිත් එක හැමෝටම ගමේ ගෙවල් නෑනේ. ඊළඟ එක තමා සුපිරිම. ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්චි අපිගාව තිබුනේ ඔය වගේ තාක්ෂණික සඟරා විතරයි. කම්පූටරයක් ආවේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. ඒක නිසා හොඳට ගියා. නැත්තං අපේ ගමේ ගෙදර දුර වැඩි නිසා අපිත් අපේ පින්තූරයි, සිංදුයි.. අරකයි මේකයි හැම මළ ඉලව්වම තියන්නේ යාළුවන්ගේ ගෙවල් වල. එහෙම වුනානම් අපිට කොච්චර විශ්වාස වුනත් යාළුවා ගේම දුන්නොත් අපි ඉවරයි…!

හරි බයිලා පැත්තක් තියලා ඇත්තම කතාව බලමුකෝ දැන් වෙන විදියට…

අපේ බැකප් අපි තියාගන්නවා ඩී.වී.ඩී එකක. ඩී.වී.ඩී එක නැති වෙනවා… නැත්තං කැඩෙනවා… නැත්තං ආරක්ෂිත ලේයර් එක ගැලවිලා යනවා… ඒත් නැත්තං පොඩි එකෙක් හූරනවා…. එහෙම්මත් නැත්තං බර්න් කරපු එක පස්සේ කාලෙකදී රීඩ් කරන්නේ නෑ…. එතකොට ඒ දත්ත ආරක්ෂිතද…?

 ඊට පස්සේ අපි අපේ ඩේටා වල බැකප් එකක් තියාගන්නවා හාඩ් ඩිස්ක් එකේ… ඔන්න ටික දවසකින් මොකක් හරි දෝෂයක් නිසා හාඩ් එක හුචස් වෙනවා… ඒත් නැත්තං වෛරස් එකක් හාඩ් එකට ගේම දෙනවා… ඒත් නැත්තං පී.සී බිම වැටිලා හාඩ් එක වැඩ නොකර යනවා… ඒ දත්තත් ආරක්ෂිතද…?

වැඩි දෙනා කරනවා වගේ ඩේටා ටික ෆ්ලෑෂ් එකට දාගන්නවා. ඔන්න ටික දවසකින් ෆ්ලෑෂ් එක නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් දැන්… එහෙමත් නැත්තං හාඩ් එක අතෑරුනා වගේ බිම වැටෙනවා. ඒත් නැත්තං ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් වෙලාම යනවා… එතකොට…????

ඒ අතරෙදි ටික දෙනෙක් කරනවා වගේ, දත්ත ටික බැකප් කරනවා රිමෝට් ලෝකේෂන් එකක තියෙන සර්වර් එකක හෝ සල්ලි වලට හෝ නොමිලේ ගත්ත ඔන් ලයින් ඉඩක. කොහොමෙන් හරි රිමෝට් සර්වර් එකටත් මක්ක හරි වෙනවා… නැත්තං අපේ දත්ත ටික රැස්කරගෙන සේවාව නවත්තනවා… මොකුත්ම නැත්තං අපිට ඩේටා ගන්න බැරි විදියට පාස් වර්ඩ් මාරු වෙලා හෝ ඒ වගේ වෙන මොකක් හරි හෝ වෙනවා… එතකොට ඒ දත්ත ආරක්ෂිතද….?

ඒත් නැත්තං පී.සී එකේ තියෙද්දිම රිමෝට් ලොග් වෙලා හැකර් කෙනෙක් සුද්ද කරනවා දත්ත ටික… එතකොට මොකද කියන්නේ…?

සර්ව අසුභවාදිව හිතනවා නෙවෙයි. ඒත් මේ හැම දෙයක්ම ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දේවල්…! මට කිසිම වෙලාවක කොයි තරම් ආරක්ෂිත ක්‍රම තිබුනත් දත්ත වල ආරක්ෂාව ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. අපි දත්ත ගොනුවකට දාන පාස් වර්ඩ් එකක් කඩන්න  කාටවත් බෑ කියලා හරියටම කියන්න පුළුවන්ද…? මගේ උත්තරේ නම් “එහෙම හිතන්න බෑ“ කියන එකයි. මොකද දත්ත ගොනුවකට යොදන එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකට අනිත් පැත්තට ඩික්‍රිප්ෂන් මෙතඩ් එක අදාල ආයතනය සතුව තියෙනවා. ඒ නැතත් ඕනෙම කෙනෙකුට ඕනෙම පාස්වර්ඩ් එකක් කඩන්න හරි, බයිපාස් කරන්න හරි පුළුවන් සොෆ්ට් වෙයාර්ස් ඕනේ තරම් නෙට් එකෙන්ම සොයාගන්න පුළුවන්.

අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සු කතාකරපුවා වායුගෝලයෙන් උකහා ගෙන ආයෙම කන්දෙකට ඇහෙන්න සලස්වන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු නම් තව මොන කතාද අපි ගාව තියෙන දත්ත ගැන. මොබයිල් ෆෝන් හා අනෙකුත් වයර්ලස් උපාංග වලට භෞතික අතපෙවීමකින් තොරව රේඩියෝ තරංග වලින්ම වෙනස්කම් සිදුකොට ඒ උපාංග වල සන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක කර තොරතුරු බාහිර ලෝකයට විවෘත කිරීමට තාක්ෂණය පොහොසත් නම් තවදුරටත් අපි සතු දත්තයන් තවමත් අපිම පමණක් දනිමුයි සිතිය හැකිද…?

36 Responses to “කොම්පූටර් දත්ත කෙළිය….”

  1. මධුරංග Says:

    දත්ත ගැන දත්ත ගොඩායි
    (අන්තිමට එන හරි වචනේ දැම්මා නම් බැනුනුත් අහන්ඩ තිබ්බා !!!)
    මම එක වෙලා ???

  2. ලහිරු Says:

    කවුරු කොහොම කිව්වත් මොන ම පද්ධතියක්වත් 100%ක් ආරක්ෂිත නැහැනෙ සහෝ… දත්ත වලටත් ඒක පොදුයි. වෙනසක් නැහැ.

  3. රූ Says:

    ඒත් මෙච්චර ආරක්ෂාවක් පුද්ගලික දත්ත වලට ඕනද කියලත් හිතෙනවා යාළු මාළු..

  4. ගිනි කුරුල්ලා Says:

    දත්ත ආරක්ෂාව කියලා දෙයක් නෑ. එකම දේකට තියෙන්නේ දත්ත හොරකම් කරන්න අපහසු කරන එක විතරයි….

  5. මාඩා Says:

    ම්…………. සැහෙන්න හිතන්න වෙන කේස් එකක්…..

    මචං වින්ඩොස් 7 වල එන බිට් ලොකර් පාස්වර්ඩ් කඩන්න පුළුවන්ද? වැඩ කරන තැන පාර්ට්ශන් එකකට දාපු පාස්වර්ඩ් එක මට මතක නැ…. 😦

  6. මඩිස්සලේ නිශාන් Says:

    ඇත්ත තමයි කතාව
    දත්ත සීඩි එහෙකට දාලා හොදට ඇසුරුම් කරලා අපි විතරක් දන්න තැනක නිධන් කරොත් නම් අවුරුදු බරගානක් යනකම් ආරක්ෂා වෙයි.

  7. DDT Says:

    කොල්ලොන්ගෙ හාර්ඩ්වල තියන වටිනාම දත්ත මොනවද කියල ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හාර්ඩ් එකෙන් බාගෙකට වැඩිය තියෙන්නෙ ඒවම තමා. ඒවනම් ඉතින් ඔය ගෙදර වගකිවයුත්තන්ගෙන් ආරක්‍ෂා කොරගත්තම මැදෑ. ඒකට නම් ඔය වැඩිපුර සොෆ්ට්වෙයා කෑලි ඕන නෑ මයෙ හිතේ. 🙂
    සමස්තයම සැලකුවොත් නම් දත්ත ආරක්‍ෂාව කියන එක මුළු ලෝකෙටම හරියකට විසඳගන්න බැරි වුණ ප්‍රශ්නයක් තාම.

    • Gold fish Says:

      අපි කොල්ලෝ වුනාට අයියලාගේ වගේ හාඩ් වල ඔය තියෙන්න ඕනෙ එව්වා තියෙන්නේ හෙන කලාතුරකින්… ඒවා දැන් තියෙන්න ඔන්ලයින් ස්ටෝර්ස් වල.

      • DDT Says:

        හප්පොච්චියේ ….. මගේ කාඩ් එක කාල නෙව මේකා. පික්‍ෂුද මචං, අපි ඕව තියාගෙන හිටියෙ සෑහෙන කාලෙකට කලින්. දැන් නම් මේ හාර්ඩ් එකේ ඔය මොනවත් නෑ. මේක අර අපේ අක්කගෙ කොළුවො තුන් දෙනත් ඔබනව නොවැ.
        මම මුලින් කිව්වෙ ඉතින් රටේ – තොටේ සාමාන්‍ය තත්ත්වය ගැන හිතල.

      • Gold fish Says:

        හරි හරි… ඉතිං ඒක එච්චර ගනන් ගන්න එපා…

  8. vpokura Says:

    ඔබගේ කතාව සත්්‍යයක්..!

  9. henryblogwalker Says:

    අනේ බං මං හිතුවෙ උඹ මේකට ground breaking solution එකක් දෙන්න යනවා කියලා.

    මමත් ප්‍රශ්ණයක් අහන්නද? දැන් CD නැතිනම් DVD එකක පිටපත් කරලා අරන් තියෙන ඡායාරූප ගොන්නක් corrupt වෙලා අලුපාට පසුබිමක් එන්නෙ කොහොමද? ඕවා optic media නේද? තනියෙම වෙනස් වෙන්න, ප්‍රෝසෙස් වෙන්න වයිරස් ඇතුල්වෙන්න විදියක් නෑනෙ. එතකොට කොහොමද ඒක වෙන්නෙ?
    henryblogwalker the Dude

    • Gold fish Says:

      කරප්ට් වෙන්න තාක්ෂණික සම්බන්ධයක් අවශ්‍යම නෑ… පුංචි හීරිමකින් වුනත් ඩේටා කරප්ට් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම අයියා කියන විදියට වෙන්නේ එකම ඉමේජ් එකක ඩේටා වලින් කොටසක් පමණක් නැවත සකසන්න බැරි විදියට අක්‍රිය වීම. ඔය දේ වැඩි හරියක්ම වෙන්​නේ කැමරාවලින් ෆොටෝ අරගෙන ​සේව් වෙන්න කලින් ඕෆ් කරද්දි…

  10. පරිකල්පන Says:

    දත්ත වල ආරක්ෂාව කියන එක එක අතකට බැලුවම අපි හිතෙන් හදාගෙන ඉන්න මායාවක්. විශේෂයෙන්ම හැම ගැජමැටික් එකම අන්තර්ජාලෙට සම්බන්ධ කරල තියෙන අද වගේ කාලෙක. දැන් මෙහෙම බලන්ඩකො, අපි මේල් එකවුන්ට් වල, මූණු පොතේ ඒ විතරක් නෙවෙයි අපි ලියන බ්ලොග් වලත් අපේ පෞද්ගලික විස්තර තියාගෙන ඉන්නව. පාස්වර්ඩ් දන්නෙ අපි විතරක් කියන විස්වාසෙන් ඒ විස්තර පරිස්සං කියල හිතාගෙන ඉන්නව. ඒත් ඒ විස්තර ගබඩා වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන සර්වර් වල. ඒ ඩේටබේස් පවත්වගෙන යන අයට ඕනිනං අපේ අවසරයක් නැතුව උනත් අපි සේව් කරල තියෙන විස්තර බලන්න පුළුවන්.

  11. මධුරංග Says:

    ‘PDF එකතුව’ යටින් මට පහල තියෙන jQuery කෝඩ් කෑල්ලක් පේනවා. ඒක මගේ අවුලක් දෑ.
    ‘#polldaddyRatings’ ).after( script ); }); })(jQuery); //–>

  12. henryblogwalker Says:

    මොකද මාලු මේ ඊයෙ මං ලියපු පෝස්ට් එක එකම බ්ලොගර් සයිට් එකක බ්ලොග් රෝල් එකක වත් අප්ඩේට් නොවෙන්නෙ? අනුන්ගෙ තියා මගෙම HeyDude බ්ලොග්ස්පොට් බ්ලොගේ වත් අප්ඩේට් වෙන්නෙ නෑනෙ? මොකක් වෙන්න පුලුවන්දන් අවුල?

  13. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    සියළු දේ අනිත්‍යයි බං.. මං ඒක නිසා මගේ ඒවගෙ බැකප් තියා ගන්නෑ.. මළ වදේ බං ඕක…. 😀

  14. වර්ණ Says:

    වැඩකාරයෙක්ගෙන් දත්ත බේර ගන්නවා කියන්නෙ නම් ටිකක් අමාරු වැඩක්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: