තම තමන්ගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් වැටුනම ඒක ඒ වෙලාවෙම තමන්ගේ මොබයිල් එකටත් ගෙන්න ගන්න කැමති අයට තමා මේ පෝස්ට් එක. මට ඕනේ වෙලා තිබුනේ වර්ඩ් ප්‍රෙස් වල නොටිෆිකේෂන් ටික මගේ මොබයිල් එකට ගෙන්න ගන්න විදියක්. ඒකට වර්ඩ් ප්‍රෙස් වල දීලා තියෙනවා ඔප්ෂන් එකක්, හැබැයි ඒක වැඩ කරන්නේ ඇමරිකාවට විතරයිලු. අපි ඉතිං පොඩි එවුන්නේ… ඇමරිකාව අලි සයිස්… ඒකනේ ඒ… ඒත් ඉතිං එහෙමයි කියලා වැඩේ අතාරින්න පුළුවනෑ… ඒක නිසා ක්‍රමයක් හොයද්දි තමා මේක සෙට් වුනේ. දෙයියනේ කියලා වැඩ. වර්ඩ් ප්‍රෙස් විතරක් නෙමේ බ්ලොගර් වලටත් වැඩ. මේක හරියටම ෆේස් බුක් නොටිෆිකේෂන්ස් ෆෝන් එකට එනවා වගේ වැඩක්…!!!
කරන්නේ මෙහෙමයි…
මුලින්ම ඔයාලගේ බ්ලොගර් හෝ වර්ඩ් ප්‍රෙස් අකවුන්ට් වල, කමෙන්ට් එකක් ආවාම, ෆලොවර් කෙනෙක් ඇඩ් වුනාම, එතකොට කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන වෙලාවක ඒක පබ්ලිෂ් කරන්න වුනාම එහෙම ඔයාලගේ බ්ලොග් එකට අදාල ඊමේල් එකට මැසේජ් එකක් එනවනේ. ඉතිං අන්න ඒ මැසේජ් එක ඔයාලගේ මොබිටෙල් හරි ඩයලොග් හරි නම්බර් එකකට ෆෝවර්ඩ් කරගන්න. එච්චරයි.
බ්ලොග් එකටත් දාලා තියෙන්නේ ඔයාලා අනිත් වැඩ වලටම යූස් කරන ඊමේල් එකනම්, වෙන එකක් හදාගෙන ඒක බ්ලොග් එකේ ප්‍රයිමරි ඊමේල් එක විදියට සෙට් කරගන්න එක වැඩිය හොඳයි. නැත්තං වෙන්නේ ඔයාලගේ ඊමේල් එකට එන හැම මැසේජ් එකම ෆෝන් එකට එන එක. එහෙම නැතුව බ්ලොග් එකෙන් එන මැසේජ් විතරක් ෆිල්ටර් කරලා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒත් ඒක කරදර වැඩක්.
මේ වැඩේ කරන්න, මූලිකවම mms පහසුකම තියෙන මොබයිල් එකක් අවශ්‍යයි. මොකද ඊමේල් එකට එන මැසේජ් එක ෆෝන් එකට එන්නේ mms එකක් විදියට. අපි සිංහලෙන් බ්ලොග් ලියන නිසා මොබයිල් එකේ සිංහල තියෙනවා නම් තවත් හොඳයි. නැත්තං ඔයාලට දකින්න වෙන්නේ කමෙන්ට් එක දාපු කෙනාගේ ඊමේල් එක විතරක් වෙන්න පුළුවන්. කමෙන්ට් එක පේන්නේ කොටු කොටු.
ජීමේල් සෙටිංග්ස් වලට ගියාම තියෙනවා Forwarding and POP/IMAP කියලා අන්න ඒකෙන් ගිහිං ඔයාලගේ මොබිටෙල් හරි ඩයලොග් හරි නම්බර් එක දෙන්න 940711234567@mms.mobitel.lk හෝ 940771234567@mms.dialog.lk කියන විදියට අන්තිමට @mms.dialog or mobitel .lk එක්ක. ඊට පස්සේ බ්ලොග් එකෙන් ඔයාලගේ ඊමේල් එකට එන හැම ඊමේල් එකම mms එකක් විදියට මොබයිල් එකට ලැබේවි…! ඊමේල් එකේ හා බ්ලොග් එකේ පොඩි පොඩි සෙටිංග්ස් හදාගන්න වේවි, ඒත් ඒවා ඒ තරම් සංකීර්ණ නැති නිසා වැඩි අවුලක් වෙන එකක් නෑ…
කමෙන්ට් ගොඩක් වැටෙන බ්ලොග් වලටනම් මේ ක්‍රමය ටිකක් අහිතකර තත්ත්ව ඇති කරන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම ෆෝන් එක ඇලර්ට් වෙන්න ගත්තම මළ වදයක් වෙන නිසා. කැමති අය ට්‍රයි කරලා බලන්න.
2012 ජූනි 14 දින පෙ.ව. 8:58 ට
හොඳ අදහසක්. ට්‍රයි කරලා බලන්නම්. thanks මාලුවට. 🙂
2012 ජූනි 14 දින පෙ.ව. 9:15 ට
ලංකාවේ ඒවට නම් වැඩ… ඒත් අනිත් රටවල ඒවටනම් වැඩද දන්නේ නැත… 😀
2012 ජූනි 14 දින පෙ.ව. 9:04 ට
// ඇමරිකාව ඉතිං අලි සයිස් නෙ// හෙහ් හෙහ්..
2012 ජූනි 14 දින පෙ.ව. 9:15 ට
බොරුද…
2012 ජූනි 14 දින පෙ.ව. 11:08 ට
//මේ වැඩේ කරන්න, මූලිකවම mms පහසුකම තියෙන මොබයිල් එකක් අවශ්‍යයි. //
අන්න එතනින් මම වැඩේ අල්ලල දැම්ම.
2012 ජූනි 14 දින ප.ව. 12:04 ට
සිහ්… අපරාදේ… සුපියල් 1200ට තියෙන්නේ, එකක් ගත්තනම් ඉවරයිනේ…
2012 ජූනි 14 දින පෙ.ව. 11:25 ට
මං මේක හොය හොයා හිටියේ මචන් තැන්ක්යූ වේවා.
2012 ජූනි 14 දින ප.ව. 12:07 ට
හරියට කන්ෆිගර් කරගන්න වෙයි පුතෝ….!
2012 ජූනි 14 දින ප.ව. 3:43 ට
මාලු මලේ… මට ඕනෙ වෙන උපදෙසක්.. මගෙ ලඟ තියෙන ෆෝන් කබලෙන් ඊමේල් කොහොමටත් කියවන්න පුලුවන්…( බාල බ්ලැක්බෙරියක් ).. මට තියෙන කෙලිය අර කොටු වැටෙන එක… සිංහල අකුරු ඒකෙන් කියවන්න ක්‍රමයක් නැද්ද..?
2012 ජූනි 14 දින ප.ව. 4:56 ට
බ්ලැක් බෙරි වලට යුනිකෝඩ් දාන්න බෑ මයෙ හිතේ… අළුත් එව්වයේ නම් එනවා….
2012 ජූනි 14 දින ප.ව. 4:35 ට
හොඳ අයිඩියා එකක්. ඒත් ඩයලොග්වත් මොබිටෙල්වත් පාවිච්චි කරන්නැති නිසා මමත් වැඩේ අල්ලලා දැම්මා..
මාළුවට නම් මලවදයක් වෙනවා මෙච්චර එන කොමෙන්ට් SMS වෙන්න ගත්තාම..නිදහසේ ෆිල්ම් එකක්වත් බලන්න වෙන්නෑ…
2012 ජූනි 14 දින ප.ව. 4:53 ට
මං දන්න තරමින් අනිත් එව්වට නම් ඔය ෆැසිලිටි එක නෑ…
මට එන කමෙන්ට්…. හික්ස්… දැනට වැඩිම තියෙන්නේ පනස් ගානක් එක ලිපියකට. අක්කට බලාගන්න පුළුවන් පහුගිය ලිපිවල කමෙන්ට් ගාන දෙකෙන් බෙදුවම මට එන කමෙන්ට් කන්දරාව. 😀 කමෙන්ට් වලට ආසා වුනාට ඉල්ලන්නෙත් නෑ, තන්හාවකුත් නෑ… ලැබෙන හැටියකට සතුටුවෙනවා.
2012 ජූනි 14 දින ප.ව. 4:46 ට
මාත් හදාගන්න ඕනේ….. මේ මචං එතකොට සින්ඩි වලින් එහෙම එන මේල් වලටත් ඇලට් එනවද? ඒක නැති කරගන්න බැරිද?? තමන්ගේ බ්ලොග් එකේ ඒවා විතරක් ගන්න…
2012 ජූනි 14 දින ප.ව. 4:56 ට
ඒක තමා බං බ්ලොග් කමෙන්ට් වලට විතරක් වෙනම ඊමේල් හදාගන්න ඕනේ…
2012 ජූනි 14 දින ප.ව. 5:12 ට
ආ … අද බ්ලොග් ලියන අයට විතරයි. අපි ගියා.
2012 ජූනි 14 දින ප.ව. 7:35 ට
ඇවිල්ලා බලලා ගියාට තෑන්ක්ස්.. 😀
2012 ජූනි 14 දින ප.ව. 11:07 ට
ආ … උඹ හොඳ කොළුවෙක් බං. “අපි ගියා“ කිව්වම උඹ නිකම්ම “තෑන්ක්ස්“ කිව්වනම් ආයෙ ඉතින් රෙද්දක් ඇඳන් මේ පැත්තෙ එනව බොරු. 😉
2012 ජූනි 15 දින පෙ.ව. 7:01 ට
අපි පාඨකයෝ ගැන සෑහෙන්න හිතනවනේ… 😀
2012 ජූනි 14 දින ප.ව. 5:50 ට
බලමු ට්‍රයි එකක් දීලා..
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
2012 ජූනි 14 දින ප.ව. 7:36 ට
එල…
2012 ජූනි 15 දින පෙ.ව. 6:03 ට
මගේ මොබයිලයට නම් මේක දාන්නෙ නැහැ. ඒක නාද වෙන්නෙ ඉතා කලාතුරකින්, ඒක ඒ විදියට ම තියාගන්න සෑහෙන්න කැමතියි.
අලි සයිස් කිව්වේ woolly mammoth සයිස් ගැන ද? 😀
2012 ජූනි 15 දින පෙ.ව. 7:07 ට
මට අමතක වුනානේ “ඇමරිකන්කාරයො”ත් මේක කියවනවා කියලා… 😉
මං ඔය මැමත් තියන අලි පැටියාව දැකලා තියෙන්නේ Ice Age series එකෙනුයි, 10000 BC එකෙනුයි විතරයි. ඒත් මං අහලා තියෙන විදියට මැමත්ලට වැඩිය ලොකූකූකූ ඩයිනසෝර්ලා ඉඳලා තියෙනවා… මං කිව්වේ අන්න ඒ සයිස් ගැන… 😛
2012 ජූනි 15 දින පෙ.ව. 8:41 ට
ඒ කියන්නෙ මාළුව මැමත්ල බලන්න Ice Age, 10000 BC බැළුවට ඩයිනසෝර්ලා බලන්න Jurassic Park බැළුවෙ නෑ. වැරදියි .. වැරදියි … බොහොම වැරදියි.
ඔය Jurassic Park මුල් ෆිල්ම් එක ආපු දවස්වල ඉස්කෝලවලිනුත් එක්ක ගියා බලන්න. මමත් පොඩි සන්දියෙදි අපේ අම්මත් මාව එක්ක ගියා ඕක බලන්න. හි හී … ලස්සනම වැඩේ ඔය ෆිල්ම් එක දුවවන්න ෆිල්ම් හෝල් අයිතිකාරයොන්ට සවුන්ඩ් සිස්ටම් එකක් අළුතෙන් හදන්න වුණා.
2012 ජූනි 15 දින පෙ.ව. 10:23 ට
Jurassic park මූවි එකේ සමහර තැන් වල තියෙන්නේ සිංහල උළු… 😀
අනිත් එක Ice age එකේ ඩයිනසෝර්ලා ඉන්න නිසා ආයෙ Jurassic park බලන්න දෙයක් නෑ..
ඒ කියන්නේ අයියා මළාට Ice age බලලා නෑ.. හී… හී…. 😀 😀 😀
2012 ජූනි 15 දින පෙ.ව. 10:51 ට
// ඒ කියන්නේ අයියා මළාට Ice age බලලා නෑ.. හී… හී… //
පිස්සුද කොළුවො. ඔන්න උඹල අපි ගැන හිතන් ඉන්න විදිය. එහෙමත් අතාරිනවද ඒව. ඔය ඩයිනසෝර්ලා ගැනම එහෙකුත් ගැහැව්වෙ. ice age – 3 dawn of the dinosaurs. මමත් තවම ඔය චූටි එකා නිසා කාටුන් පිචෑර්වලට ප්‍රියමනාපයි. අර මගේ බ්ලොගර් ප්‍රොෆයිල් හුචක්කුවෙත් ඔය ෆිල්ම් ලිස්ට් එකෙත් තියෙන්නෙ බැබලි බැබලි. Jurassic Park 1, 2, 3 වගේම Ice age 1, 2, 3 යි ඔය Ice age Christmas කතන්දරයි මම DVD වල රයිට්කරල තියෙන්නෙ. ආයිත් හිතුනම අරගෙන බලන්න.
2012 ජූනි 15 දින පෙ.ව. 11:02 ට
ඒ කියන්නේ අපි වගේම ඇනිමේෂන් ලෝලියෙක්… 😀 Ice age 4 රිලීස් වුනා පෙරේදා..
2012 ජූනි 15 දින පෙ.ව. 11:52 ට
ඔව් ඔව්, මමත් දැක්ක. හොඳ කොපියක් ටොරන්ට් වැටෙන්න ටික දවසක් යාවිනේ. එතකන් ඉතින් දුක තමා සහෝ.
2012 ජූනි 15 දින ප.ව. 12:00 ට
මට කලින් හොයාගත්තොත් පොඩ්ඩක් කියන්න…
2012 ජූනි 15 දින පෙ.ව. 9:41 ට
මගෙ ෆෝන් එකෙත් අවුල තියෙන්නෙ සිංහල වෙනුවට කොටු කොටු
2012 ජූනි 15 දින පෙ.ව. 10:25 ට
මේ මගුල විසික් වෙරලා වෙන එකක් ගන්න ඕනේ අක්කේ… මගෙත් ඔහොම්මයි… යාන්තං කමෙන්ට් එක දාපු කෙනාගේ අනිත් විස්තර වලින් අදාල පුද්ගලයාව හිතාගන්නවා… එච්චරයි…
2012 ජූනි 15 දින පෙ.ව. 11:13 ට
එපා බං. දැනටමත් ඉස්කෝලෙ ඉන්නකොට Wi fi වලින් ලැපයි ෆෝන් එකයි දෙකම සම්බන්ධ නිසා මේල් එකක් එන ගානෙ ලැපයි ෆෝන් එකයි දෙකම ටිං ගානව. මල ඇනයක් වෙලාවකට.
ඔය සිංහල වෙනුවට කොටු වැටෙනවට SETT බ්‍රව්සර් එක පාවිඩ්ඩි කලාම වැඩේ ගොඩ.
henryblogwalker the Dude
2012 ජූනි 15 දින ප.ව. 12:00 ට
SETT එක ෆෝන් වලට දාන්න පුළුවන් වර්ෂන් එකක් අයියා ගාව තියේනම් අපිටත් දෙන්ටකෝ… 😀
2012 ජූනි 15 දින ප.ව. 12:45 ට
මන් හිතන්නේ අපේ යාලුවා වැඩ කරන කොම්පැනියේ පාලකයා වෙස්සන්තර රජ්ජුරුවෝ වෙන්න ඇති.. නැත්නම් මෙච්චර එවුව හොයන්න කරන්න වෙලාවක් කොහින්ද ?
2012 ජූනි 15 දින ප.ව. 1:43 ට
නෑ අයියේ වුවමනාව ඇති වුනාම කරන්න ඕනේ දේවල් ඉක්මනට මීටර් වෙනවා… ඒකට වෙලාවක් කලාවක් නෑ…
2012 ජූනි 17 දින පෙ.ව. 8:10 ට
වත්තල දිහාවටත් මේ සර්විස් එක වැඩ ද ? ඇක්ටිවු කරන්න කලින් වැඩ කරනවද කියලා දැනගන්න එපැයි…. හික්ස් 🙂
2012 ජූනි 17 දින ප.ව. 8:19 ට
එල කිරි වගේ වැඩ…
2012 ජූනි 17 දින පෙ.ව. 11:18 ට
අපේ බ්ලොග් වලටනං ඕක හරියන්නෑ… මොකද මගේ බ්ලොග් එකට කමෙන්ට් වැටෙන්නෙ අර මොකාද මොන සිදුරකිංද අහස බලනව වගේ බං… ඕක ඇක්ටිවේට් කරන එකටත් පාඩුයි…
2012 ජූනි 17 දින ප.ව. 8:21 ට
කැස්බෑවා විය සිදුරෙන් බං….