මෙන්න මෙව්වට තමා ෆෝමියුලා කියන්නේ…!

ඉස්සර ඉක්කෝලේ යද්දි අපිට තිබුනා එක එක සමීකරණ. සමගාමී සමීකරන, වර්ග සමීකරන… තවත් මහා ගොඩක්…  මතකනේ වෘත්තයේ වර්ග ඵලය හොයන එක… a = πr2. ඊට පස්සේ එක දිගට සමීකරන පහක් හයක් පාවිච්චි කරන්න වුනා ෆිසික්ස් වලදී. අනුකලනය, අවකලනය කරද්දි තවත් ඇඩ්වාන්ස්. ඉතිං වාසනාව කියන්නේ ඒ දවස් වල මැරීගෙන සමීකරන විසඳුවාට දැන් එව්වා එකක් වත් මතක නෑ…

ඉතිං දැන් එක පාරටම සමීකරන මතක් වුනේ ඔෆිස් එකේ යාළුවෙක්ගේ පොඩි වැඩකට සමීකරණයක් දාලා මිසක් විසඳුමක් හොයාගන්න බැරි වුන නිසා.

මේකයි ගැටළුව….. මගේ යාළුවගේ වෙන්ඩ ගෑණි ඉන්නවනේ… එයා කැම්පස්. ඉතිං ඔන්න ඒ ළමයට ප්‍රොජෙක්ට් එකක් කරන්න වෙලා. කොහොමරි ප්‍රොජෙක්ට් එක වර්ඩ් වලින් සිරාවටම සෙටප් කරගෙන තිබුනා. අන්තිමේ ඉතුරු වෙලා තිබුනේ ප්‍රින්ට් කරලා බයින්ඩ් කරන එක විතරයි. ඉතිං දැන් ඔන්න බුවා යනවලු කමියුනිකේෂන් ගානේ මේක ප්‍රින්ට් කරන්න. හැම තැනම පට්ට ගනන්. පිටු ටික බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් කරගන්න විතරක් සුපියල් 600ක් විතර යනවා. ඉතිං ඒ ගානට වැඩේ කරන්න මිනිහා සැටිස් නෑ… ඒපාර බුවාගේ කම්පනාව ඔෆිස් එකේ ලේසර් ප්‍රින්ටර් එකෙන් වැඩේ කරගන්න. ඒත් ඉතිං පොර හෙන සත්‍යවාදියා නිසා, මෑන් කැමති නෑ ප්‍රින්ට් අවුට් ටික නිකං ගන්න. හැබැයි ඉතිං සල්ලි දෙන්න විදියකුත් නෑ. දැන් ඔන්න ඔය ගැන පොර දහ අතේ කල්පනා කර කර ඉද්දි මං හැදුවා පොඩි සමීකරණයක්… මොකටද…?  අසාධාරන විදියට වියදම් වෙන්න යන මුදල ඉතුරු කරන්න…

මේං ඒ සමීකරනේ…

H = 600 / R

H = ඕ.ටී පැය, R = ඕ.ටී පැයකට ගෙවන ගනන හෙවත් ඕ.ටී රේට් එක

ඔන්න ඔච්චරයි. හරි ලේසියි මේ ගැටළුව විසඳන්න. හිතන්න පොරගේ ඕ.ටී පැයකට රුපියල් 100ක් ගෙවනවා කියලා. එතකොට සමීකරනේ මෙහෙම වෙනවනේ…

H  = 600 / 100

අන්න ඊට පස්සේ , H වලට ලැබෙන උත්තරේ ගානට බුවා ඕ.ටී නොකර ඉන්නවා. සිම්පල් ප්ලෑන් එකක්නේ. ඔෆිස් එකට පාඩුත් නෑ…! අදාල පුද්ගලයට පාඩුත් නෑ…! වැඩිම වුනොත් බුවාට දවස් දෙක තුනක් කලින් යන්න වෙනවා. ඒත් මොකද කෑල්ල එක්ක රවුමක් යන්න බැරියැ….!

ඉතිං අපි ස්කෝලේ යද්දිත් ඔය වගේ අපේම කියලා රටක් වටින ෆෝමියුලා හැදුවා. ඒ දවස් වල සෞඛ්‍ය පොත පෙරලගෙන හොයගත්ත  ඔය පේන එක විතරක් තාම හොඳටම මතකයි. ඕක විසඳන එක ලේසි නෑ. ඒත් එක රැයක් හරියට පාන්දර වෙනකං ඇහැරගෙන දකුණු ඇලයෙන් කැපවීමෙන් නයිට් එකක් කලොත් වයිපරේ එක්ක අන්න වැඩේ ගොඩ. ඇලය වැරදුනොත් එහෙම ජනකතා අනුව නම්, තවත් චූටි ලස්සන සමීකරණයක්ම තමා බිහිවෙන්නේ. ඒක විසඳිල්ල කෙසේ වෙත්ත තේරුම් ගන්නවා  කියන්නේත්  අමාරු වැඩක්…!

පිරිමි අයට මේ සමීකරණය තේරුම් ගන්න එක අමාරු නෑ… හැබැයි ගෑණු ළමයින්ටත් බැරි වෙන්න විදියක් නෑ…!!!

31 Responses to “මෙන්න මෙව්වට තමා ෆෝමියුලා කියන්නේ…!”

  1. මාඩා Says:

    කික්ම තමා…. මතක තියාගන්න ඕනේ කවද හරි දවසක විසදගන්න බැරියැ…..

  2. praveena Says:

    //පිරිමි අයට මේ සමීකරණය තේරුම් ගන්න එක අමාරු නෑ//
    ගෑනු ලමයින්ට තේරුම් ගන්ට ඕනේ නෑ. 🙂

  3. Hasitha Chamikara Gunasinghe Says:

    සහෝ උඹ ඔතැන නෙමෙයි ඉන්න ඕනේ පරණ z ස්කෝර් එකයිර් අලුත් z ස්කෝර් එකයි එකට මෙව්ව කරන, ඒකාබද්ධ කරන තැනයි උඹ ඉන්න ඕනේ 🙂

  4. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හික්. මරු සමීකරණෙ ඈ… යට එක නං තේරුං ගත්ත… ඒත් විසදන්න තාම කල් වැඩියි බං…. 😛

  5. henryblogwalker Says:

    අරූ මාර අවංකයෙක්නෙ. පුදුමයි. උඹ අහල නැද්ද මේ සමීකරනෙ? උඹ කිව්ව එකට කිට්‍ටුවෙන්මයි යන්නෙ.
    I O 2 + O
    henryblogwalker the Dude

  6. රාජ් Says:

    H = 600 / R වැරදියි බොල! ඌ ඕටී නොකර හිටිය කියල වැඩක් වෙන්නෙ නෑ. එහෙනම් කරන්න ඕන ඔය පැය ගාන ඕටී කරල සල්ලි නොගෙන ඉන්නඑක.

    බොලේ මෙහෙම ප්‍රශ්නයක් නං තියනව. ඕටී කරනව කියල නිකංම නං ඉන්නෙ-නිකං ඉඳල සල්ලිත් ගන්නව නං- උඹ කියපු ක්‍රමේ හරියනව.
    ii π n 1/3 la

  7. රූ Says:

    අනේ මන්දා මාත් ටියුබ් ලයිට් ද කොහෙද..අන්තිම සමීකරණෙ මටත් තේරුනේ නෑ..

  8. DDT Says:

    ඒ පාර උඹ සමීකරණ විසඳන්න ගත්ත ද?
    පරණ මතකයනුත් අළුත් වුණා. අවකලනෙ නම් ගේමක් නෑ බං, අනුකලනෙ සමීකරණ මතක තියා ගන්න එක තමා අමාරු.
    අර සමීකරණ ටිකත් මරු. පිස්සුද බං, දැන් ඉන්න කෙල්ලොන්ට ඕව පට ගාල මීටර් වෙනව. උන් බොරුව කරන්නෙ, තේරුන්නෑ වගේ. 🙂

  9. නවම් Says:

    ඈ බං මල්ලි, උඹලයි OT වලදි සතපහක ප්‍රඩක්ෂන් එකක් වෙන්නෙ නැද්ද ?

  10. Dinesh Says:

    සමීකරණය විසදන හැටි සොයාගත්තෙමි.. පස්සේ විසදන්නම්..

    අර යාළුවා මොනා උනත් අවංක මසුස්සයෙක්..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: