මෙන්න මෙව්වට තමා ෆෝමියුලා කියන්නේ…!

ඉස්සර ඉක්කෝලේ යද්දි අපිට තිබුනා එක එක සමීකරණ. සමගාමී සමීකරන, වර්ග සමීකරන… තවත් මහා ගොඩක්…  මතකනේ වෘත්තයේ වර්ග ඵලය හොයන එක… a = πr2. ඊට පස්සේ එක දිගට සමීකරන පහක් හයක් පාවිච්චි කරන්න වුනා ෆිසික්ස් වලදී. අනුකලනය, අවකලනය කරද්දි තවත් ඇඩ්වාන්ස්. ඉතිං වාසනාව කියන්නේ ඒ දවස් වල මැරීගෙන සමීකරන විසඳුවාට දැන් එව්වා එකක් වත් මතක නෑ…

ඉතිං දැන් එක පාරටම සමීකරන මතක් වුනේ ඔෆිස් එකේ යාළුවෙක්ගේ පොඩි වැඩකට සමීකරණයක් දාලා මිසක් විසඳුමක් හොයාගන්න බැරි වුන නිසා.

මේකයි ගැටළුව….. මගේ යාළුවගේ වෙන්ඩ ගෑණි ඉන්නවනේ… එයා කැම්පස්. ඉතිං ඔන්න ඒ ළමයට ප්‍රොජෙක්ට් එකක් කරන්න වෙලා. කොහොමරි ප්‍රොජෙක්ට් එක වර්ඩ් වලින් සිරාවටම සෙටප් කරගෙන තිබුනා. අන්තිමේ ඉතුරු වෙලා තිබුනේ ප්‍රින්ට් කරලා බයින්ඩ් කරන එක විතරයි. ඉතිං දැන් ඔන්න බුවා යනවලු කමියුනිකේෂන් ගානේ මේක ප්‍රින්ට් කරන්න. හැම තැනම පට්ට ගනන්. පිටු ටික බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් කරගන්න විතරක් සුපියල් 600ක් විතර යනවා. ඉතිං ඒ ගානට වැඩේ කරන්න මිනිහා සැටිස් නෑ… ඒපාර බුවාගේ කම්පනාව ඔෆිස් එකේ ලේසර් ප්‍රින්ටර් එකෙන් වැඩේ කරගන්න. ඒත් ඉතිං පොර හෙන සත්‍යවාදියා නිසා, මෑන් කැමති නෑ ප්‍රින්ට් අවුට් ටික නිකං ගන්න. හැබැයි ඉතිං සල්ලි දෙන්න විදියකුත් නෑ. දැන් ඔන්න ඔය ගැන පොර දහ අතේ කල්පනා කර කර ඉද්දි මං හැදුවා පොඩි සමීකරණයක්… මොකටද…?  අසාධාරන විදියට වියදම් වෙන්න යන මුදල ඉතුරු කරන්න…

මේං ඒ සමීකරනේ…

H = 600 / R

H = ඕ.ටී පැය, R = ඕ.ටී පැයකට ගෙවන ගනන හෙවත් ඕ.ටී රේට් එක

ඔන්න ඔච්චරයි. හරි ලේසියි මේ ගැටළුව විසඳන්න. හිතන්න පොරගේ ඕ.ටී පැයකට රුපියල් 100ක් ගෙවනවා කියලා. එතකොට සමීකරනේ මෙහෙම වෙනවනේ…

H  = 600 / 100

අන්න ඊට පස්සේ , H වලට ලැබෙන උත්තරේ ගානට බුවා ඕ.ටී නොකර ඉන්නවා. සිම්පල් ප්ලෑන් එකක්නේ. ඔෆිස් එකට පාඩුත් නෑ…! අදාල පුද්ගලයට පාඩුත් නෑ…! වැඩිම වුනොත් බුවාට දවස් දෙක තුනක් කලින් යන්න වෙනවා. ඒත් මොකද කෑල්ල එක්ක රවුමක් යන්න බැරියැ….!

ඉතිං අපි ස්කෝලේ යද්දිත් ඔය වගේ අපේම කියලා රටක් වටින ෆෝමියුලා හැදුවා. ඒ දවස් වල සෞඛ්‍ය පොත පෙරලගෙන හොයගත්ත  ඔය පේන එක විතරක් තාම හොඳටම මතකයි. ඕක විසඳන එක ලේසි නෑ. ඒත් එක රැයක් හරියට පාන්දර වෙනකං ඇහැරගෙන දකුණු ඇලයෙන් කැපවීමෙන් නයිට් එකක් කලොත් වයිපරේ එක්ක අන්න වැඩේ ගොඩ. ඇලය වැරදුනොත් එහෙම ජනකතා අනුව නම්, තවත් චූටි ලස්සන සමීකරණයක්ම තමා බිහිවෙන්නේ. ඒක විසඳිල්ල කෙසේ වෙත්ත තේරුම් ගන්නවා  කියන්නේත්  අමාරු වැඩක්…!

පිරිමි අයට මේ සමීකරණය තේරුම් ගන්න එක අමාරු නෑ… හැබැයි ගෑණු ළමයින්ටත් බැරි වෙන්න විදියක් නෑ…!!!

%d bloggers like this: