මායාවරු කියන්නේ දකුණු ඇමරිකාවේ හා ආශ්රිත ප්‍රදේශ කීපයක ජීවත් වෙන සෑහෙන අතීතයක් තියෙන ජන කොට්ඨාශසයක්. මේ වෙද්දි ගෝතමාලාවේ, බ්‍රසීලයේ, යුක්ටාන් අර්ධද්වීපයේ වගේම තවත් ප්‍රදේශ කීපයක මිලියන 7ක පමණ ප්‍රමණයක් ජීවත් වෙනවලු. ඉතිං එයාලා කොහොමද අපේ යුනිටි ප්ලාසා එක හොල්ලන්නේ…??? ම්හ්… කොහොමද තමා… ඒක තමයි ගේම….
ඒ දවස් වල, ඒ කියන්නේ 2007 දී විතර මොකක් හරි මගුලකට එක දිගට දින කීපයක් යන්න වුනා යුනිටියට. මතක විදියට කාගේ හරි පෞරාණික පීසී එකකට, ඒකටම ගැලපෙන මදර් බෝඩ් එකක් හොයන්න. ඉතිං පළවෙනි දවසේ ගිහිං කඩ ගානක බැලුවම ඕං කිව්වා… “මල්ලි දැනටනම් බඩු නෑ… හෙට දිහාවේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. හෙට ස්ටොක් එනවා“ කියලා. ඉතිං ඔහොම හෙට, හෙට, හෙට, හෙට….. කියලා සතියකට දවස් තුනක් හතරක් එක දිගට ගියා යුනිටියට. ඒ හැම දාමත් වගේ අර කඩ කාරයින්ගේ හෙට… හෙට… වගේ තමා මුළු යුනිටිය පුරාම විකුණන්න තිබ්බ ඇල්.සී.ඩි මොනිටරුත්….!!!
හැම කඩේකම එලියට පේන්න තියලා තියෙන මොනිටර් වල එකම මූවි එකක් රන් වෙනවා. එක කඩේක මොනිටරේක, වැද්දෝ වගේ සෙට් එකක් පොරෝ අමෝරා ගෙන එකෙක්ව එලවනවා. ඊට පස්සේ ඊට එහායින් තියෙන කඩේ මොනිටරේ බලද්දි ඔන්න තව මොනරෙක් වගේ පොරක් ඉන්නවා දුන්නක් අමෝහ්රා ගෙන, තව සෙට් එකකට විදින්න. ඊටත් එහායින් තියෙන කඩේ මොනිටරේ බලද්දි අර දුන්න අමෝරාගෙන හිටිය බුවා දුනුදිය ඇදලා විදින්න ලෑස්තිය… ආයේ අනිත් කඩේ බලද්දි, ඔන්න පේනවා…. අඩි දෙකක් විතර දිග ඊතලයක් උඩින් එනවා. ඒ කියන්නේ කලින් කඩේ මොනිටරේ දුන්න ඇදගෙන හිටිය බුවා ඊතලේ රිලීස් කරලා… අප්පටසිරි, ඊටත් එහායින් පහලට බහින පඩිපෙල ගාව කඩේ මොනිටරේදි, එකෙක්ට ඊතලේ වැදිලා… බෙල්ල පසාරු කරගෙන ගිහිං කටෙන් එලියට ඇවිත්…!
ඒ දවස් වල මුළු යුනිටිය පුරාම මායා සෙට් එකක් ඇමරිකාවෙන් බැහැලා, එක එක වැඩ කෑලි දානවා. ඉතිං කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නෑ. එක තැන ඉඳගෙන ෆිල්ම් බලනවා වගේද යාළුවෙක් එකක් කතා කර, අඟල් හයේ සාය කෑල්ලක් ඇඳපු කෑල්ලක් දෙකක් බලාගෙන ඒ ගමන්ම ෆිල්ම් එකේ කෑල්ලක් වත් මිස් වෙන්නේ නැතුව ෆිල්ම් එකත් බලනවා කියද්දි. ඒ මදිවට එක එක රෙසලූසන් තියෙන එක ජාතියේ මොනිටර් වලින්. සමහර කඩවල නම් චූටි සබ් එකකුත් සෙට් කරලා එලියට සද්දේ ඇහෙන්න. වෙන අහවල් එකක් ඇහෙන්නේ නෑ… කැලේ කඩාගෙන දුවන සද්දයි, යටිගිරියෙන් කෑගහන එව්වයි… ගෑණු ළමයි හූ කියන එව්වයි තමා ඇහෙන්නේ ඉතිං.
ඊට පස්සෙත් තවත් මාස ගානක් යනකම්ම ඔය මායා සෙට් එක උදේ ඉඳන් හවස් වෙනකං යුනිටියේ රජකලා. ඊටත් පස්සේ කාලයක් ගිහිං තමා මටත් ඔය මෙව්වා එක හම්බුනේ. හප්පා මරු ඒක. සිරා ෆිල්ම් එක.
ඊට පස්සේ යුනිටියේ කඩ කාරයින්ටම ඇතිවෙලා, වෙන වෙන වීරයෝ බැස්සුවා තම තමන්ගේ විකුණන්න තියෙන මොනිටර් වලට. ඒ අතරේ ට්‍රාන්ස්ෆෝමර්, ඉප්පයිඩර් මෑන්, තව තව ඇනිමේෂන් ෆිල්ම් වගයක් එහෙම අහඹු වශයෙන් රන් වුනා. හැබැයි ඇපොකැලිප්ටෝ වගේ හැම කඩේම එකම ෆිල්ම් එක රන් වුනේ නෑ. ඇපොකැලිප්ටෝ රන් වෙච්ච දවස් වල ඇත්තටම යුනිටියෙ කඩ දිහා බලන්න ලස්සනයි. හැම කඩේම එකම ෆිල්ම් එක. සමහර කඩ වල සද්ද නෑ… ඒත් ඒවටත් එක්ක හරියන්න සද්ද දාලා තිබ්බ ඒවයේ සද්දේ තිබුනා ඇති වෙන්න…! අන්තිමේ ගූග්ල් කරද්දි තමා දැක්කේ, මෙල් ගිබ්සන් මාම තමා සෙට් එක, ඩී.වී.ඩී වලින් බස්සලා තියෙන්නේ කියලා…
දැන් නම් මොකා හොල්ලන් ඉන්නවද දන්නේ නෑ යුනිටිය…! බොහෝ දුරට ඇවෙන්ජර් සෙට් එක වෙන්ඩ ඕනේ…!
2012 ජූනි 10 දින පෙ.ව. 8:37 ට
“ඇපොකැලිප්ටෝ ” ෆිල්ම් එකනම් මරු…මමත් දහ වතාවක් විතර බලලා තියෙනවා. මේකෙ රගපෑව ඔක්කොම වගේ මායාවරුමලු.
ඒත් ඉතින් මායාවරු ඔයතරම් අනාවැකි කියන්න දක්ෂ අයනම් ඒ ශිශ්ටාචාරය දියුණුනොවුනෙ ඇයි….? තවමත් ඔවුන් ගෝත්‍රිකයො විතරයිනෙ…..
2012 ජූනි 10 දින ප.ව. 7:32 ට
අනාවැකි කියන්න දක්ෂ වුනාට, දියුණු වෙන්න අකමැතිද කවුද දන්නේ… අනිත් එක ඒ මිනිස්සුන්ට තියෙන්නේ බොහොම පුංචි අවශ්‍යතා නිසා අපිත් එක්ක බලද්දි හරිම සරල ජීවීතයක් ගෙවන්නේ. ඒ ගැන නම් මට පට්ට ඉරිසියයි.
2012 ජූනි 10 දින පෙ.ව. 8:47 ට
දැන් නම් යුනිටියේ සින්ක්රොනයිස්ඩ් ෆිල්ම් නැත.. එක එක කඩවල එක එක විගඩං යන්නේ. සමහර උන්ගේ පෝලිමට බබල් ස්ක්‍රීන්සේවර් එක නම් තියෙනවා 😀 .
2012 ජූනි 10 දින ප.ව. 7:32 ට
ඔව්ව ඔහොම තමා බං…
2012 ජූනි 10 දින පෙ.ව. 8:50 ට
ඒක නියම ෆිල්ම් එක නේ. මම දෙතුන් වතාවකට වැඩිය බලලා තියෙනවා.
අපොයි මම රැම් එකක් ගන්න ගිහින් යුනිටිය පුරාම රවුම් ගැහුවා දැන් ඩිඩිආර් 2 රැම් එන්නේ නෑ වැඩිය. ඒකයි ලූ.
අද මම එක !! 🙂
2012 ජූනි 10 දින ප.ව. 7:33 ට
වැඩිය නෙමේ මල්ලි… දැන් ඇත්තෙම නෑ… තිබුනත් යස්ස ගනන්…
මල්ලි හතරවෙනියට කලින්, එක…!!! 😛
2012 ජූනි 10 දින පෙ.ව. 9:34 ට
සිරාවටම ඕක පට්ට ෆිල්ම් එකක් තමා… සුපිරි…
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
2012 ජූනි 10 දින ප.ව. 7:34 ට
හ්ම්… ගූගල් වල පෙන්නනවා ඕකෙ දෙකකුත් තියෙනවා කියලා… ඒත් මට තාම හරියට තොරතුරක් හම්බුනේ නෑ…
2012 ජූනි 10 දින පෙ.ව. 9:51 ට
උඹ නෝට් කරලාතියෙනවද යුනිටියෙ කොයි සාප්පුවෙන් මොකක් ගත්තත් එක එක ගනං කිව්වත් කොයි බඩුවත් නිකුත් කරන්නෙ එකම තට්ටුවෙ එකම ස්ටෝ එකෙන් කියන එක. ඒකෙන් මොකක්ද කියවෙන්නෙ?
(මං උඹට ඊයක් විද්දා. මට තියෙනවා උඹත් එක්ක පොඩි කතාවක්.)
henryblogwalker the Dude
2012 ජූනි 10 දින පෙ.ව. 11:01 ට
එසෙම්බල් කරන්නෙත් එකම තැනක වගේ….ඒක හරියට ගමේ වඩු මඩුවට සමානයි…
2012 ජූනි 10 දින ප.ව. 2:34 ට
ඔව් මමත් මාස දෙක තුනකට කලින් i 3 එකක් ගැහැව්ව. යුනිටිය පුරාම ඇවිදල ගතිපු බඩු අරගත්තෙ බිම් මහලෙන්. එසෙම්බල් කරන්නෙත් එතනමයි. මම නම් කෑලි ටික වෙනම ගෙනත් ගෙදරදි එසෙම්බල් කරගත්ත.
2012 ජූනි 10 දින ප.ව. 1:05 ට
අත්දැකීමෙන්ම දන්නවා.. ඔක්කොම කඩ ටික එකෙක්ගෙ.. එක එක කඩවල එක එක බඩු වල ගණන් අඩුකරලා පෙන්නනවා.. මුලින් අහන එකට කියන්නෙ අඩු ගාණක්.. දවසක් මම ස්ටොරුවට ගියා.. ඔක්කොම හොරු එතැන..
යුනිටියෙ ඉන්නෙ හොරු.. මැසිමක් ගන්න හොඳ තැනක් දන්න අය කියන්න..
2012 ජූනි 10 දින ප.ව. 1:17 ට
යුනිටියෙ කඩ දෙගොල්ලකට අයිති.බහුතරයක් අයිති පීසී පාට්නර්ලට..ටෙක්සෝන් එකයි තව එකකුයි වෙන සෙට් එකකට..
2012 ජූනි 10 දින ප.ව. 7:37 ට
මූ දන්න එව්වා….
2012 ජූනි 10 දින ප.ව. 3:25 ට
සිරාවටම.. දැන් warranty එක වත් හරියකට දෙන්නේ නෑ, දාහක් දෙදාහක් වැඩියෙන් දීලා වෙන කොහෙන් හරි ගන්න එක ඔක්කොටම වැඩිය හොදයි..
2012 ජූනි 10 දින ප.ව. 7:37 ට
සහතික ඇත්ත….
2012 ජූනි 10 දින ප.ව. 7:35 ට
අප්පා ඔව් ඔව්… ඒක එහෙම තමා. ඔය කඩ ඔක්කොම අයිති දෙතුන් දෙනෙකුට…
ඊය වැදිලා තිබ්බා… මමත් ආයේ එව්වා…
2012 ජූනි 11 දින ප.ව. 11:49 ට
gold fish kiyanne patta boru ape shop eke oka damme na *(hamadama api bluwata showroom eke unnta dunne na ,mokada unnta oka thirune naa)@ තීර්ථ යාත්‍රිකයා macho ape ekath hoda sinhala ekak eth pc house ta wikkunana una ban dan okkoma ekai
*ඊටත් එහායින් පහලට බහින පඩිපෙල ගාව කඩේ
2012 ජූනි 12 දින පෙ.ව. 7:15 ට
හික්… ඔව් ඔව් හැම කඩේම දාලා තිවුනේ නෑ තමා. සමහර හිපාටු කඩවල තිබුනේ නිකං ස්ක්‍රින් සේවර් එකක් දාලා… 😀
2012 ජූනි 10 දින පෙ.ව. 10:07 ට
patta film eka .film eke mewwa porage awasana shot eka maru aruge bell gahala yanna gahana
2012 ජූනි 10 දින ප.ව. 7:36 ට
අප්පච්චියේ උඹ ඌට වැඩිය කෲරයි වගේ…. 😀 😀
2012 ජූනි 10 දින ප.ව. 2:37 ට
ඇපොකැලිප්ටෝ බැලුව අවුරුදු කීපෙකට කලින්. නරකමත් නෑ. ඒ වුනාට ඒක හරි මිලේච්ඡයිනේ. ඒ වගේ ඒව බලනකොට මට වමනෙට එනව.
2012 ජූනි 10 දින ප.ව. 7:37 ට
වමනේ යන ගතියක් නම් නෑ… ඒ වුනාට ඒකෙ තියෙන වලි අමුතු එව්වා නිසා බලන්න ආසයි.
2012 ජූනි 11 දින පෙ.ව. 10:24 ට
මම කියපු දේ උඹ වැරදියට තේරුම් අරන් තියෙන්නෙ. (බැලුවම වමනෙ යන ෆිල්ම් නම් ඔය ලංකාවෙත් ඕන තරම් හදන්නෙ. මම කිව්වෙ එහෙම අදහසකින් නෙවෙයි.) ඒක ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වයට සාක්ෂියක් ලෙස සලකන්නත් පුළුවන්. ගෝත්‍රික සමාජයක් ගැන පෙන්නනකොට අද අපි ශිෂ්ඨයි කියල සලකන මිනුම් දඬුවලට අනුව ඒක හැදුවනම් කිසිම තාත්වික ගතියක් නැතිවෙනව නෙව. මට මතක හැටියට ඕකෙ එක තැනක තියනව තලගොයෙක් දඩයම් කරනව පෙන්නන දර්ශනයක්. නමුත් ඔවුන් ඒ රූගත කිරීම වෙනුවෙන් ඒ සතා මරන්නෙ නැති බව අපිට හිතාගන්න පුළුවන්. (ඒවගේ හේතු නිසයි මම මුලින් කිව්වෙ ෆිල්ම් එක නරකමත් නෑ කියල.) ඒ වුනාට සමහර විට ඔයාට මතක ඇති ලංකාවෙ තහනම් කරපු ෆිල්ම් එකක ඔය වගේම ගෝත්‍රිකයො වගයක් තලගොයෙක් මරන දර්ශනයක් තිබුණා. ඔවුන් සත්‍යවශයෙන්ම ඒ සතාව මස් කරනව. ඔය සිදුවීම දැක්ක ගමන් මම ඒක බැලුවෙ නැතිවම ඩිලීට් කළා. ඒකෙ නම් තවත් මිලේච්ඡ දර්ශන අඩංගු වුණ නිසා තමයි මම හිතන්නෙ ලංකාවෙ තහනම් කළේ. ඒ වගේ කෲර සිදුවීම් බැලීමේ අපහසුවක් තියන නිසයි මම මුලින් අරවගේ කතාවක් කිව්වෙ.
2012 ජූනි 11 දින පෙ.ව. 10:42 ට
මම කිව්වේ අයියේ මට ඔය වගේ ගෝත්‍රික ජීවිත වල ඇත්ත තත්වය පෙන්වන්න යොදා ගන්න සත්තු මරණ එව්වා දැක්කට වමනේ යන ගතියක් නෑ. හැබැයි ඔය විකාර ෆිල්ම් තියෙන්නෙ වෛරස් ආසදාන කියලා මිනිස්සු, මිනිස්සුව පන පිටින් කනවා, බෙල්ල කපනවා වගේ… අන්න එව්වනම් මං බලන්නේ නෑ…
//බැලුවම වමනෙ යන ෆිල්ම් නම් ඔය ලංකාවෙත් ඕන තරම් හදන්නෙ/// කියන දෙය 98%ක් විතර වෙනවා….!
2012 ජූනි 10 දින ප.ව. 3:06 ට
ලංකාවට ආපු වෙලාවේ මම යුනිටියට ගොඩ වැදිච්ච පළවෙනි කඩෙන් ම බඩුව අරන් මාරු වුන එකේ පාඩුවක් නැහැ එහෙනම් බලාගෙන යනකොට!!!
මායාවරු කියද්දි දකුණු ඇමෙරිකාවේ කියමු. දැනටමත් සමහරු කැනඩාවයි, ඇමෙරිකාවයි, දකුණු ඇමෙරිකාවයි ඔක්කොම එකක් කියලා හිතනවා.
2012 ජූනි 10 දින ප.ව. 3:16 ට
හික්ස් … කිව්වට තරහ වෙන්න එපා අක්කෙ, ලංකාවෙ හුඟක් අය කොහොමටත් බඩුව ගත්ත ගමන් අරන් මාරු වෙනව තමා.
2012 ජූනි 14 දින පෙ.ව. 7:56 ට
තරහා වෙන්නෙ මොකට ද DDT (මල්ලි ද? නංගි ද?) මාත් කරන්නේ ඒකමනෙ. ගත්තු ගමන් මාරු වෙන එකට කැමති නැත්නම් බඩු නොදී ඉන්න ඕනා නේ!! 😀
2012 ජූනි 10 දින ප.ව. 7:40 ට
ම්… එහෙමනම් ඔන්න මායා වරු ඉන්නේ “දකුණු ඇමරිකාවේ” හොදද… 😀 අක්කගේ අදහසක් වත් නැද්ද නිකමට හරි ඇමසන් කෑලෑව මායිමටත් ගිහිං එන්න….? මාත් දැන් අවුරුදු ගානක ඉඳන් සිංහරාජේ යන්න ප්ලෑන් කරනවා…
2012 ජූනි 14 දින පෙ.ව. 8:03 ට
යාළු මාළුවෝ,
සිංහරාජේ ගියත් ඇමේසන් පැත්තට යන්න නම් අදහසක් නැහැ. පත පිඹුරෝ ඉන්න නිසා උන්ට කැමති සුදු අප්පුහාමි එක්කන් නොයාත් බැහැ, මම උන්ට අකමැති නිසා එයාව එක්කන් ගිහිනුත් බැහැ. විශේෂයෙන් ම මේ අවුරුද්දෙ ඔක්කොම බුක් වෙලා ඉවරයි, මායාවරුන්ගේ කැලැන්ඩරේ අවසන් වෙන වසර නිසා උත්සව වලට ම.
2012 ජූනි 14 දින පෙ.ව. 8:19 ට
එතකොට දෙසැම්බර් 21න් පස්සේ මොකද වෙන්නේ…
2012 ජූනි 10 දින ප.ව. 4:46 ට
මාරයි බං අපේ පැත්තෙත් ඇවිදින් යන්නකෝ හොද සබදතාවක් ගොඩනගමු
2012 ජූනි 10 දින ප.ව. 5:30 ට
මලයෝ ඔයා තාම අට වසරේ නේද?.හැමෝම උබේ වයසේ එවුන් නෙමේ කොල්ලෝ..
2012 ජූනි 10 දින ප.ව. 5:49 ට
http://yasiruudana.wordpress.com/about/
2012 ජූනි 10 දින ප.ව. 7:40 ට
බලමු බලමු….
2012 ජූනි 10 දින ප.ව. 5:30 ට
ඇත්තටම ඇපකලිප්ටෝ ෆිල්ම් එක නම් පට්ට තමා.උබලා ඔය කොයි කාලේද ඕක දැක්කේ යුනිටියේ?
2012 ජූනි 10 දින ප.ව. 7:42 ට
2007, 2008 විතර… අර යකාගේ මදර් බෝඩ් එකේ වොරන්ටි කොලේ හොයාගත්තනම් හරියටම දිනෙත් කියන්ට පුළුවන්… 😀
මං හිතන්නේ ඒ මූවි එක විතරයි එහෙම සමාදානෙන් බෙදා හදාගෙන රන් වුනේ…
2012 ජූනි 10 දින ප.ව. 5:59 ට
Apocalypto පට්ට ෆිල්ම් එක ඈ…. සුපිරියි මචං.. කියල වැඩක් නෑ…. මගේ ගාව තාමත් තියේ…. ඒ ඇත්තටම ඒ මායාවරුද බං ඉන්නෙ (මම කිව්වෙ රගපාන්නෙ?)
2012 ජූනි 10 දින ප.ව. 7:43 ට
ඔව්… ඇත්තම මායාවරු ඉන්නවා. නැත්තේ නෑ… හැබැයි IMDB එකේ සර්ච් එකක් දුන්නනම් රඟාපාපු අයගේ නම් ගම් ටික බලාගන්න පුළුවන්…
2012 ජූනි 10 දින ප.ව. 9:44 ට
ලෝකෙ හිටපු දියුණුම ගෝත්‍රිකයෝ පිරිසක් කියල කියනවා නොවැ~ මෙව්වා වගේද බං ලංකාවේ සුපර් (සෙ/සි)ක්ස් ! 😀
2012 ජූනි 11 දින පෙ.ව. 7:03 ට
අන්න නියම වනචාරි ජීවිත… දුප්පත් මිනිස්සු… එච්චර කොට ඇඳුම් ඇඳන්…
2012 ජූනි 11 දින පෙ.ව. 6:08 ට
එයාලගේ ජීවිතය හරි සරලයි කීව කතාව නම් ඇත්තයි. ඒ අතින් බැලුවාම අපේ ජීවිතේ කොච්චර නම් සංකීර්ණද? මටත් ඊරිසියා හිතෙනවා.
2012 ජූනි 11 දින පෙ.ව. 7:04 ට
අපිට තියෙන දේවල් වගේ තව තව එව්වා හොයන්න යනවනේ අක්කේ… ඒකනේ. ඒ මිනිස්සු බලන්නේ තියෙන දෙයින් කොහොමහරි රැකෙන්න….
2012 ජූනි 11 දින ප.ව. 12:53 ට
මම බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා..
බලලම කියන්නම්..
2012 ජූනි 11 දින ප.ව. 3:05 ට
මේක නම් අක්කා බලන්න තියා හිතන්නවත් එපා. භයානක මෙව්වා එකක් මේක… ඔයා බයවෙයි….
2012 ජූනි 11 දින ප.ව. 3:35 ට
කොළඹ ආවට පස්සෙ එකතුකරන්න ගත්තු DVD වලින් මුලින්ම ගත්තෙ මේක. රුපියල් දෙසීයය් හරි දෙසීය පණහයි හරි තමා. හැබැයි ඒ ගත්තේ MC පිචෑර් තැටි විකු කඩයකින්. හරිම ආසාවෙන් බලපු එකක්.
2012 ජූනි 11 දින ප.ව. 4:06 ට
මරු නේහ්…..!!!
2012 ජූනි 11 දින ප.ව. 6:00 ට
පට්ට ෆිල්ම් එක නේ ඇපකලිප්ටෝ… විකාරයි!!
2012 ජූනි 11 දින ප.ව. 6:56 ට
මං දැකපු හොඳම ෆිල්ම් එකක්…
2012 ජූනි 11 දින ප.ව. 7:28 ට
“යාළුවෙක් එකක් කතා කර, අඟල් හයේ සාය කෑල්ලක් ඇඳපු කෑල්ලක් දෙකක් බලාගෙන ඒ ගමන්ම ෆිල්ම් එකේ කෑල්ලක් වත් මිස් වෙන්නේ නැතුව ෆිල්ම් එකත් බලනවා කියදදී”
හේ හේ අපිත් ඉස්සර claz යනකාලේ ඔහොමයි. MC එකට ගිහිල්ලා යාලුවෝ එක්ක කතා කර කර අඟල් 6 සායවල් ඇඳපු කැලි දිහා බල බල ඉන්නවා
2012 ජූනි 11 දින ප.ව. 7:32 ට
අපිනම් තාමත් එහෙමයි තාරක… ඒ වගේ ෆන් එකක් වෙන තැන් වලින් ගන්න බෑ බං.