පස් නැතුව මල් වැවිල්ල…

මල් වැවිල්ල ගැන වැඩිපුරම දන්නේ ගෑණු ළමයි. ඒ පස් නාගෙන, මඩ ගාගෙන, බිම කොටාගෙන මල් වවන හැටි. මේ කියන්නේ අතේ පස් අංශුවක් වත් ගාගන්නේ නැතුව මල් වවන විදියක් ගැන. මට මේක මුලින්ම සෙට් වුනේ ගිය නොවැම්බර් වල තිබුන කලවම් ප්‍රදර්ශනේකින්.

ගෑණු ළමයිනම් දන්නවාත් ඇති මේ ක්‍රමය. ඒත් නොදන්න අයත් ඇතිනේ.

මේ ක්‍රමය ගොඩක් වෙලාවට යොදාගන්නේ ගෘහ අලංකරණ සඳහා තමයි. ඒ වගේම කාර්යයාල වල ඇතුලත අලංකාරය පිණිස තියන ශාක වලට පස් වලින් තොර පස් වලින් කෙරෙන කාර්යයට සමාන කාර්යයක් කරමින් විසිතුරුව තියාගන්න.

පස් වලින් ගොඩක්ම කෙරෙන්නේ ගසකට අවශ්‍ය ඛනිජ ලවන වගේම ජලයත් ගසට ලබාදෙන එක. අර මතක නැද්ද ඉස්සර කුකුලු සායම් වලට කූඩළු පැල දාලා මුල් දිගේ ජලය පත්‍ර කරා යන හැටි ඉගෙන ගත්තා…! අන්න ඒ වගේම තමා මේකත්. මේ ජලය හා පස් වෙනුවට යොදා ගන්න ද්‍රව්‍යයට කියන්නේ “ක්‍රිස්ටල් සොයිල්“ කියලා. සිංහලෙන් කිව්වොත් විනිවිද පෙනෙන පස්…! අර ජෙලි තියෙන්නේ අන්න ඒ වගේ.

මේක කඩෙන් ගන්න කොට තියෙන්නේ පුංචි බෝල විදියට හෝ වෙනත් විවිධ හැඩති කැබලි විදියට. ඊට පස්සේ මේවා අරගෙන පැය 5ක් 6ක් විතර වතුරේ තියන්න ඕනේ. වතුර අනුපාතය විදියට තිවුනේ එකට අට… පත අට එකට හින්ඳනවා වගේ වැඩක්. අනේ මන්දා මම නම් ඔය අනුපාත බල බල හිටියේ නෑ, පැකට් එක කැඩුවා දැම්මා පොඩි වීදුරු භාජනේකට. ඊට පස්සේ පැය දෙක තුනක් යද්දී අර පුංචි වීදුරු බෝල වගේ එව්වා වතුර උරාගෙන  පිම්බිලා… පැය හයක් යද්දී තිබුනා වගේ දහ ගුණයකට වැඩිය ලොකුයි.

ඒ ටික එහෙම පිම්බෙද්දී, මොකක් හරි ලස්සන පැලයක් හොයාගෙන ඒකේ මුල් තියන්න ඕනේ පැය විසිහතරක් හෝ ඊට වැඩි කාලයක් වතුර භාජනයකට දාලා. එහෙම කරන්නේ පැලය ජලීය පරිසරයකට හුරු කරන්නලු. ඉතිං මුලින්ම පැලය හොයාගෙන ඒක වතුරට දාලා පැය දහයක් පහලොවක් ගියාම තමා ක්‍රිස්ටල් සොයිල් ටික වතුරට දාන්න ඕනේ…! ඊට පස්සේ පැලයයි, ක්‍රිස්ටල් සොයිල් ටිකයි සුදානම් වුනාම, ලස්සන වීදුරු භාජනයක් අරගෙන ඒකේ පතුලට එක එක පාටවලින් ක්‍රිස්ටල් සොයිල් දාලා ඊට පස්සේ පැලයත් දාලා, පැලය වටේටත් ක්‍රිස්ටල් සොයිල් දානවා. මම නම් කරේ එහෙම. නෙට් එකේ හොයද්දි නම් එක එක රටා වලට ක්‍රිස්ටල් සොයිල් දාලා පට්ට ලස්සනට සරසපු පැලත් තිබුනා.

මට මේක ගත්ත තැනින් හම්බුන විස්තර පත්‍රිකාවනම් මේ වෙද්දි හොයාගන්න නෑ. ඒත් ඔය මල් පැල ප්‍රදර්ශන තියෙන තැන වල බඩු ඇති ඕනේ තරම්. ලොකු ගානක් වෙන්නෙත් නෑ. ගොඩක්ම පාවිච්චි කරන්නේ නිවාස අභ්‍යන්තර සැරසුම් වලට තමා. ලොකුම​ දේ තමා සෑහෙන කාලයක් යනකං පැලයට වතුර දාන්න ඕනේ නැති වීම. වතුර ටික පැලයෙන් උරාගෙන හා වාෂ්ප වෙලා යද්දි ක්‍රිස්ටල් සොයිල් ටික ආයෙමත් පුංචි වෙනවා. එතකොට ආයෙමත් වතුර ටිකක් දැම්මම හරි. එහෙම ඕනේ වෙන්නෙත් මාස ගානකට සැරයක් විතරයි.

මගේ මල් පැලෙත් මේ වෙද්දි නියමෙට තියෙනවා. හැබැයි එක පොටෝ එකක්වත් දාන්නේ නෑ… ඇස් වහ කටවහ වැදුනොත් හෙම…!!!

මල් වැවිල්ලට ගෑණු ළමයි කප් ගහලා හිටියට මේක හරියට කරගත්තොත් ඒ කප් කැලේ. මොකද මල් හා අනෙකුත් ශාක විශේෂ වැවීම ගැන හොඳටම උනන්දු වෙන්නේ පිරිමි අය කියලා ලොකු ලොක්කෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගෑණු ළමයි 100ක් විතර මල් වවද්දි 20 විතර සිරාවටම ඒ වැඩේ කරනවා නම්, පිරිමි 5 දෙනෙක් අතරේදි පිරිමි 4 දෙනෙක් සිරාවටම මල් වැවිල්ල කරනවලු. අයිස් ගහන්නේ එකයිලු. ගෑණු ළමයින්ගෙන් සීයට අසූවක්ම අයිස් පාරලු.

ඇත්තටම ගෙයක් ඇතුලේ වගේම ඔෆිස් එකක වුනත් කිසි බයක් නැතුව, වැටිලා බිඳුනත් වැඩි අවුලක් නැතුව ලස්සන මල් පැලයක් තියාගන්න හොඳම ක්‍රමයක් මේක…!

61 Responses to “පස් නැතුව මල් වැවිල්ල…”

  1. තීර්ථ යාත්‍රිකයා Says:

    මේවා ගන්න තියෙන්නේ කොහෙන්ද මචං.. මට මැසේජ් එකක් දාපං ෆෝන් එකට

  2. අකීකරු හිත Says:

    මේක නම් මරේ මරු…
    කොහෙන්ද අයියා මේවා ගන්න තියෙන්නේ?

  3. අටම්පහුර Says:

    අපේ වගේ බාගෙට අටවපු ගෙවල් වලට ඔව්වා හරියන්නැත.
    ගෑණුන්ගේ මල් වැවිල්ල ගැන මටත් හොද අත්දැකිම් තියේ.
    අපේ උන්දැ මල් ජාති හිටෙව්වා හෙනට.මමත් ඉතින් ආසාවට මානෙල් මල් ගහකූයි,සමන් පිච්ච ගහකූයි,ගැට පිච්ච ගහකූයි,තව පිටරටකින් ගෙනාපු ජාතියක්ද කොහෙද පිච්ච ගහකූයි.තව සුවද හමන දම්පාටමලක් පරවෙනකොට සුදුපාට වෙන ගහකූයි හිටෙව්වා.
    ඒටිකනං දැන් දිලිසි දිලිසි තියනවා.
    හාමිනේගේ මල් පෝච්චි ටික මම මෙ ලගකදි වැස්සට වත්ත හෝදගන යනවට මුණින් නමලා තිබ්බා.
    ගෙදරට ආපු මනුස්සයෙක් මල්පෝච්චි විකූණනවද කියලත් ඇහුවා.(කොච්චර තියනවද කියලා හිතාගත්ත හැකිනේ)
    දැන් අපේ හාමිනේ මගේ ගස්ටික අයිතිකරගන එව්වා උන්දැගේලු.

  4. මාඩා Says:

    අඩේ උඹත් මාර අයිඩියා තමයි දෙන්නේ…. එල එල… මාත් ට්ර්යි කරන්න ඕනේ….
    පරිස්සම් කරලා හදලා, වටින කියන කෙනෙක්ට තෑග්ගක් විදියට දෙන්නත් පුළුවන්නේ… 🙂

    • Gold fish Says:

      අන්න එල… එහෙම කරපං… මචං මේ විදියට ඕන කැලෑ ගහක් ගේ ඇතුලේ වවන්ඩ පුළුවන්… කහඹිලියා වුනත් එලටම හැදෙනවා… 😀 හැබැයි ඉර එලිය ජුංඩක් ඕනේ…

      • මාඩා Says:

        මචාං අපිට බොන්සායි මේ විදියට හදන්න බැරිද, බොන්සායි ගහක් ගන්න තැනක් එහෙම දන්නවද

      • Gold fish Says:

        උඹ රටේ ලෝකෙ ඇවිදින එකා නිසා බොන්සායි ගහක් ගන්න තැනක් මට කියපං… ඊට පස්සේ මං අරගෙන ඔය විදියට හදන්න පුළුවන්ද කියලා බලලා උඹට කියන්නම්…. ජෝක් නෙමේ සිරාවටම මටත් පොඩි බොන්සායි පැටියෙක් හොයාගන්න ඕනේ…

  5. Hasitha Chamikara Gunasinghe Says:

    අලුත් අලුත් දෑ නිසා දැන් ඕන කෙනෙක්ට ආසාවෙන් මල් වැවිල්ල කරන්න පුලුවන් නොවැ. මාත් මේ ළඟදී හොටෙල් එකක් ඕක දැක්කා. ඒත් මොකක්ද කියලා දැනගෙන උන්නේ නැහැ. තැන්කු වේවා 🙂

  6. Sumith Niriella Says:

    මාත් දැක්කා වයිපරේගෙ අක්කලාගෙ ගෙදරදි…..මොකද්ද කියලා හරියටම මීටර් කරගන්න බැරිවුනා….”එහෙනම්…ඒකයි මේ සෙනග….”

  7. රාජ් Says:

    මේ බෝල ජාතිය නං මම දන්නව. මේකෙ මල් වවන්න පුළුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

  8. praveena Says:

    //ඒ කියන්නේ ගෑණු ළමයි 100ක් විතර මල් වවද්දි 20 විතර සිරාවටම ඒ වැඩේ කරනවා නම්, පිරිමි 5 දෙනෙක් අතරේදි පිරිමි 4 දෙනෙක් සිරාවටම මල් වැවිල්ල කරනවලු. අයිස් ගහන්නේ එකයිලු. ගෑණු ළමයින්ගෙන් සීයට අසූවක්ම අයිස් පාරලු.//
    ලෝකයේ හොඳම ගොවියෝ පිරිමිලු. 🙂

  9. Weni Says:

    මේකෙ වවන්න පුළුවන් සමහර ජාති විතරයි..හැම එකම බෑ..මමත් ගෙනත් ට්‍රයි කලා..හොඳයි ටිකයි..

  10. Gimhani Says:

    මාත් දැක තියෙනවා සාප්පු වල තියෙනවා . හරිම ලස්සනයි . විස්තරයට ස්තූතියි මල්ලී .

  11. ගිනි කුරුල්ලා Says:

    මම කලින් පෝටබල් විදියට පොඩි පොඩි ගස් හිටවන්න හැදුවා බන් පස් ,කැට පෝර එහෙම දාලා. පෝර වැඩි හින්දා වෙන්න ඇති අතිසාර්ථක ලෙස අසාර්ථක උනා. මේකට පොඩි ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ…

  12. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    අනේ මගේ රත්තරං මාළුවෝ… උබේ පැල සැට් එකෙත් පොටෝ ටිකක් එවහං කෝ….. තෝ අර බෝතලේ පොටෝවත් එව්වෙ නෑ….. මාත් ආසයි බං කොරල බලන්න…. මේ ඕක සදාකාලිකයිද බං? මාස 3 4කට පාරක් වතුර දැම්මම? නැත්තං අවුරුද්දකින් විතර ආයෙත් කඩෙං ගෙනත් දාන්නෝනද?

  13. Isuru Liyanage Says:

    මම දන්නා තරමට ඔය විනිවිද පෙනෙන පස් වර්ගය ලංකාවේ තහනම් කලා. පොඩි ලමය් ඕව කාල මැරුණු නිසා.

  14. DDT Says:

    // මම දන්නා තරමට ඔය විනිවිද පෙනෙන පස් වර්ගය ලංකාවේ තහනම් කලා. පොඩි ලමය් ඕව කාල මැරුණු නිසා. //

    බුදු අම්මෝ … ඕව කාල පොඩ්ඩො මැරෙනව නම් අපේ ගෙදර තියාගන්න විදියක් නම් නැත. හේතුව කලින් කියා ඇත. දැක්කම නම් ආස හිතේ. කරන්ට දෙයක් නැත. අනෙක තහනම් බඩු ළඟ තියාගන්න මම බය වෙමි. 😉

    මමත් ඉස්සර බොන්සායි ගස් හදන්න මාර ගේමක් දුන්න බං. ගහ අතුපතර විහිදිල යනකම් බලන් ඉඳලම මට එපා වුණා. මාතර කෝච්චිය කොළඹ යනව වගේනේ ඒක හැදෙන්නෙ. 😦

    • Gold fish Says:

      // මම දන්නා තරමට ඔය විනිවිද පෙනෙන පස් වර්ගය ලංකාවේ තහනම් කලා. පොඩි ලමය් ඕව කාල මැරුණු නිසා. // මේ ගැන නම් මං දන්නේ නෑ… හැබැයි මං ඔව්ව අතගාලා අනන්තවත් සබන් නොදා අත් නොසොදා ඕනේ තරම් දේවල් මේ අත් දෙකෙන් අල්ලලා කාලා බීලා ඇති…. මේ ඉන්නේ කිසි හෙනයක් නැතුව තාම.

      පොඩි අයගෙන් ඈත් කරන එකට අකමැත්තක් නැත. ගේ ලස්සන වුනා වගේ නෙමේනේ පුංචි කෙනෙකුට මොනාහරි වුනොත්. ඒක නිසා අයියගේ කැමැත්තක්….

      බොන්සායි ගහක් ගන්න තැනක් දන්නවනම් කියන්න…

  15. මධුරංග Says:

    මේක කියවගෙන යනකොට තමා කොළඹදි ඔයවගේ මැජික් බෝල දැක්කේ. ඒවා වතුර දැම්මහම පිම්බෙන බෝල ජාතියක් !!

  16. vpokura Says:

    ෂා.. හරි ආස හිතුනා ,කොහොම හරි හොයාගන්න ඕන..!

  17. නිසුපා Says:

    අපේ ගෙදරනම් ඕවා මල් පැලයක් නැතුව ලස්සනට තියලා තියෙනවා.මල් නැතුවත් පාට පාටට පේනකොට ලස්සනයිනෙ.

  18. මඩිස්සලේ නිශාන් Says:

    ඔය ක්‍රිස්ටල් සොයිල් අපේ ගෙදරත් තියෙනවා ඒත් අදයි දන්නේ මල් හිටවන්න පුළුවන් ක්‍රමය

  19. Malaka Says:

    meken palayata wathura withrane ban enne… poshanaya kohenda enne?

  20. අඩවි රජා Says:

    ඒකත් නරක නෑ…. 🙂
    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

  21. Reaz west Says:

    අපි ඒ කලෙ මේව අරගෙන බෝතල් වල දාල ලස්සනට තියාගෙන හියිය..

  22. arunishapiro Says:

    බොන්සායි ප්‍රදර්ශනයක් 2012 අගෝස්තු 24, 25, 26 වැනි දිනවල කලායතනයේ පැවැත්වෙනවා කියන්නෙ Sri Lanka Bonsai Association එක. තව විස්තර සඳහා යන්න මල්ලි මෙතැනට: http://bonsaisrilanka.org/slba.htm

  23. Hareendra Perera Says:

    ඔය ක්‍රිස්ටල් නම් දැන් අවුරුද්දකට කලින් පොළවල්වල බරටම විකුණුනා.. පැකට් එකම 10යි. කවුද දන්නෙ ඔහොම එව්වා කරනවා කියලා.. මම ගෙදර ගෙනත් ලස්සනට බෝතලේක දාලා තිබ්බා..

  24. henryblogwalker Says:

    මාත් හිතුවෙ අර දෙදාස් මුල ගනං වල තිබ්බ වතුරට දැම්මාම පිපෙන පාට පාට දේවල් කියලා මේ. දැන් ඔය පැල වලට වතුර විතරද ඕනෙ? පෝර ඕනෙ නැත්ද?

    henryblogwalker the Dude

  25. රූ Says:

    මේක නම් කාන්තා පාර්ශවයට දරුණු ලෙස පහර එල්ල කරපු පෝසටුවක්..
    මාළුවාව සම්පූර්ණයෙන් හෙලා දකිනවා..!!

    හැබැයි හොඳ අයිඩියා එකක් නිසා මේවතාවෙ යන්න අරිනවා..!!

  26. RanDil Says:

    මේ එතකොට අර වස බෝල නෙමෙයිද? කාලයක් අපේ ගෙදර ඔය වගේ ජාතියක් ගෙනැල්ලා වීදුරු බඳුන් වල දාලා තිබුනා. පස්සේ කවුද ඒවා වස කියලා කිව්වාට පස්සේ ඉවත් කලා. මේ ඒවාමද? නැද්ද? ඒ කියන්නේ ඒ ජාතිය වස නොවෙයිද?

  27. RanDil Says:

    මල් වැවිල්ලට ගෑණු ළමයි කප් ගහලා හිටියට මේක හරියට කරගත්තොත් ඒ කප් කැලේ. මොකද මල් හා අනෙකුත් ශාක විශේෂ වැවීම ගැන හොඳටම උනන්දු වෙන්නේ පිරිමි අය කියලා ලොකු ලොක්කෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගෑණු ළමයි 100ක් විතර මල් වවද්දි 20 විතර සිරාවටම ඒ වැඩේ කරනවා නම්, පිරිමි 5 දෙනෙක් අතරේදි පිරිමි 4 දෙනෙක් සිරාවටම මල් වැවිල්ල කරනවලු. අයිස් ගහන්නේ එකයිලු. ගෑණු ළමයින්ගෙන් සීයට අසූවක්ම අයිස් පාරලු.

    මේ කථාව නං සහතිකයෙන් ඇත්ත වග කියන්න වෙනවා…………….. අපේ ගෙදරත් ඒ සන්තෑසියම තමයි……… මං පටන් ගන්නවා මහත්තයා කරගෙන යනවා…….. අන්තිමට මේ මගේ නෝනාගේ මල් පැල…………… 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: