ඔන්න එකෝමත් එක කාලෙක වෙසක් දවසක, යාළුවෝ කට්ටියක් සංගීතය සපයන භක්ති ගීත සන්දර්ශනයක් බලන්න තව යාළුවෝ කට්ටියක් ගියාලු. ඒ දවස් වල ගමන ගිහිං තියෙන්නේ ෆුටාර් වලින්. රෝද වලට බලුප් හයිකරලා, රෝද රේසර් කරලා වෙසක් එකට වෙසක් බලන්න යන්න කියලා වෙනමම කස්ටමයිස් කරපු ෆුටාර් තමා තිබිලා තියෙන්නේ. ඒ දවස් වල ෆුටාර් වල බ්රේක් ගැනත් අහන්න දෙයක් නෑ… වැලි පාරවල් වල ඇරෙන්න අනිත් ඕනේ පාරක් කකුල බිම නොතියා ෆුටාර් එක ඩ්‍රිෆ්ට් කරලා අංශක අනූවේ වංගුවක් ගන්න පුළුවන්. තව සමහර දක්ෂයින්ට කෙලින්ම අංශක තුන්සිය විස්සක් විතර කරකවන්න පුළුවන්. හදිසියේ වත් වේගෙ වැඩියෙන් ගිහිං ඉස්සරහ මොකක හරි හැප්පෙන්න ගියොත් ෆුටාර් එක නවතින්න පිටපස්සේ රෝදේ උඩ ගිහිං. ඒ තරමට බ්රේක් තියෙනවා. හැබැයි ඔය කොච්චර බ්රේක් තිබුනත්, බ්රේක් වදින්නේ නැති අවස්ථාත් තියෙනවා.
මේං එකක්…!
ඉතිං අර භක්ති ගීත කණ්ඩායමට සංගීතය සපයන යාළුවොන්ට සංගීතට දෙන්න වෙලා තිවුනේ පානදුරේ පන්සලකට. අනිත් යාළුවෝ කට්ටියත් ගියා භක්ති ගීත පටන් ගන්න වෙලාවට… අර කලින් කිව්ව විදියේ ෆුටාර් වලින්. ඉතිං ඔන්න භක්ති ගීත ටික බලලා එහෙම, ආපහු එද්දි සංගීත බුවාලා ටිකත් සංගීත භාන්ඩ ටික වෑන් එකට දාලා, උනුත් සෙට් වුනා අර අනිත් යාළුවොත් එක්ක.
ඉතිං ඔන්න කට්ටිය ඩබල් දාලා එද්දී, එක අණ්ඩපාල බුවෙක් හිටියා ගයාන් කියලා. මිනිහා, සක්කරයා ඇවිත් පොල්ලේ වාඩි වුනත් ෆුටාර් එකෙන් බස්සනවා. ඒ ෆුටාර් එක උගේ තනි පාවිච්චියට. ඒත් බුවා හරි හොඳයි… චූටි වැරැද්දකට තියෙන්නේ රෝස පාට රේන්ද කෑල්ලක් දැක්ක ගමන් ඌ දියවඩන නිලමේ වෙන්න යන එක. ඒ වෙලාවට උගේ ෆුටාර් එක ඇතෙක් වෙනවා. ඌ ඉන්නේ එතකොට ඇතාගේ පිට උඩ වෙනවා. අනිත් යාළුවෝ ටික එතකොට නිකංම නිකං විලක්කු කාරයෝ වෙනවා. කරන්න දෙයක් නෑ… යාළුවනේ කියලා අනිත් එවුන් ටික ඉවසගෙන ඉන්නවා.
ඉතිං ඔහොම ගිහිං ඩබල් දාලා යන කට්ටිය හිමීට ගාටද්දී මූ යනවා “ඉක්මනට වරෙන් බං“ කිය කිය අනිත් යාළුවන්ට ඉස්සරහින්. ඔහොම ගිහිං ගිහිං වාද්දුවටත් කිට්ටු කලා. රෑ දහයට විතර ඇති. ඒ වෙලාවට තමා වාද්දුවේ තොරන් දෙක බලලා එහෙම ගෑල්ලමයි අම්මලා, තාත්තලා එක්ක ගෙවල් වලට යන්නේ. ඉතිං එහෙම එන ගමන් වාද්දුවේ හතරමං හන්දියෙන් යන වාහන වැල නැවතුනාම පාර මාරු වෙලා අනිත් පැත්තට පයින්න බලාගන සෑහෙන සෙනගක් එකතු වෙනවා කහ ඉර ගාව. පොලිස් අංකල් කෙනෙකුත් ඉන්නවා එයාලට සහය වෙන්න. ඔන්න ඔහොම ලොකු පිරිසක් කහ ඉර ගාව රැඳිලා අතරෙදි අර යාළුවෝ කට්ටිය කිට්ටු කරනවා පානදුරේ පැත්තේ ඉඳන් වාද්දුව හන්දියට. එකෙක් තනියම ඉස්සරහින් යනවනේ. ඉතිං ඔන්න සාය කෑල්ලක් දැක්ක ඌ දියවඩන නිලමේ වුනා.
දැන් ඉතිං දුර තියලා පදිනවා සාය කෑල්ල බලාගන්න. එතකොටත් සෙනග පාර මාරු වෙලා ඉවර නෑ… මූත් මොකාද වගේ යනවා. දැන් ඉතිං යන්නේ ඇතා පිටනේ. පොලිස් කාරයෝ, පාර පනින සෙනග එහෙම මූට ගානක් නෑ… පොලිස් අංකල් වම් අත අංශක අනූවට දික් කරගෙන ඉද්දිම බුවාත් දැම්මා සෙනග මැද්දෙන් කහඉරෙන්…
ෆ්ෆ්රී…..ෆ්ෆ්රී… ගාලා දෙපාරක් පොලිස් මාම විසිල් කරනකං බුවා දියවඩන නිලමේ. විසිල් එකට තමා පොඩ්ඩක් කල්පනාව ආවේ. එතකොට ඉතිං මෑන් සාය කෑල්ලට කිට්ටු කරලා වුනත් වැඩේ ජබොක්. අර පිටිපස්සෙන් ගිය යාළුවන්ට පේනවා… ගයාන්ගේ පිටිපස්සෙන් පොලිස් මාමා දුවනවා… ඊට පස්සේ ගයාන් බ්රාස් ගාලා බ්රේක් ගහනවා… ඊට පස්සේ පොලිස් මාමා දුවගෙන ආපු වේගෙ පාලනය කරගන්න බැරුව ගයාන්ගේ ෆුටාර් එකේ හැප්පිලා ගයාන්වත් පෙරලගෙන බිම වැටෙනවා… පොලිස් මාමාගේ තොප්පිය ගැලවිලා පාරට විසික් වෙනවා…. ඊට පස්සේ වටේ හිටිය මිනිස්සු හිනා වෙවී දෙන්නවා නැගිට්ටවනව….
හොඳම වැඩේ කියන්නේ පොලිස් මාමාටත් වැඩේට හිනා… ගයානුත් සතූ වෙලා… අනිත් යාළුවෝ වෙලාවට එතෙන්ට ලෑන්ඩ් කරලා ගයාන්වත් ඇදගෙන ගෙදර නොඑන්න පොලිස් මාමයි ගයානුයි තාමත් එතෙන හිනා වෙනවා….
ඊට පස්සේ ඔන්න ගෙදර එන ගමන් ගයාන්… “අඩෝ මේ කාටවත් කියන්න එපා බං සීන් එක“…. කියලා කියපු නිසාම ගයාන්ගේ යාළුවෝ කට්ටිය වෙච්ච සීන් එක කාටවත් කිව්වේ නෑ… පස්සෙන්දා උදේ ගයාන්ව දකින හැමෝම… “ආ මල්ලී ඊයේ මාර සීන් එකලු නෙහ්….“ / “ මොකද්ද බං උඹ කෙල්ලෙක් දිහා බලාගෙන ගිහිං පොලිස් කාරයෙක් එක්ක වැටුනයි කියන්නේ“ / “ ඇත්තට මොකද්ද පුතේ උනේ… උඹ මක් කරන්න ගියාද පොලිස් කාරයත් එක්ක“ වගේ උදේ පාන්දරම හිත කුල්මත් කරන ප්‍රබෝදමත් කරන ප්‍රශ්න වලින් බුවාගේ හිත පිරලා ඉතිරිලා ගියාලු…!
ඔය කතාව මතක් වුනේ මේ පොසොන් දවසෙත් බුවා එක්ක දන්සැල් වඳින්න යන ගමනෙදී කවුරු හරි එකෙක් වාද්දුව හන්දිය ගැන ගයාන්ගේ අතීතය මතක් කරන්න හිතාගෙන… “මචං … ගයාන් උඹට මේ කහඉර මතකද බං..?“ කියලා වාද්දුව හන්දියේදි අහපු නිසා.
ගයාන් : *&#$!&$#^&!$!(*^)&#($
පරන එව්වා මතක් කරද්දි මොන පොසොන්ද…?
2012 ජූනි 6 දින පෙ.ව. 6:40 ට
අනේ දුප්පත් ගයාන්!!! 🙂
2012 ජූනි 6 දින පෙ.ව. 7:28 ට
මෑන් හොඳම ටික අහගත්තේ ගෙදර අයගෙන් අපි ඉස්සරහා…
ගයාන්ගේ ඩැඩා : “ඈ බොල පුතේ… උඹට පිස්සුද බං නාකි ගෑණු පස්සේ යන්න…”
2012 ජූනි 6 දින පෙ.ව. 6:56 ට
වාද්දුවේ මොන කහ ඉරද? අර ෆුඩ් සිටිය එහා පැත්තේ එකද? නැත්නම් ටවුන් එකේද? පව් අහිංසකයා….
2012 ජූනි 6 දින පෙ.ව. 7:28 ට
පොලෝසිය ඉස්සරහ… මොරොන්තුඩු පාරට හැරෙන තැන තියෙන එක…
2012 ජූනි 6 දින පෙ.ව. 8:16 ට
ඔහොම වෙන එක සාධාරනයි ඇයි බන් ඔච්චරම ඇඹරෙන්නෙ රෝස පාටට..ඉතියෝපියාවෙද පොර ඉන්නෙ ? 😀
2012 ජූනි 6 දින පෙ.ව. 10:53 ට
අයියල ඉතිං දැන් වයස හින්දා ඔහොම හිටියට.. ඒ දවස් වල ඔයාලත් ඔහොමනේ…
2012 ජූනි 6 දින පෙ.ව. 8:57 ට
හයියූ… 🙂
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
2012 ජූනි 6 දින පෙ.ව. 10:53 ට
අපේ යාළුවො ඔහොමමයි බං
2012 ජූනි 6 දින පෙ.ව. 9:05 ට
he he he LOL pawu wade gayante une.. hode police uncle kenek une nisa yanne denne athi natham ithin hode dadeyak kala thama enne wenne 😛
2012 ජූනි 6 දින පෙ.ව. 10:54 ට
පොලෝසියේ මාමා ගයාන්ව දන්නවලු.. කොටින්ම බාප්පා – පුතා සම්භන්ධයක්ලු තියෙන්නේ…
2012 ජූනි 7 දින ප.ව. 9:27 ට
aaaaaaa ehenam kamak na 😛
2012 ජූනි 6 දින පෙ.ව. 9:16 ට
විනාසයි විනාසයි අහිංසක කොල්ලෙක්ගේ ජීවිතේ 🙂
2012 ජූනි 6 දින පෙ.ව. 10:55 ට
නෑ බං අපේ කරුමේ. ඌට හිරේ යන්න නොදී අපි එක්කං ආවනේ…
2012 ජූනි 6 දින පෙ.ව. 9:37 ට
අපුරු යාලුවෙක්නෙ.. මදැයි කාටවත් කියන්න එපා මචන් කිවුවා. දන ඉතින් මුළු ජන්ජාලේම දන්නවානේ !!
2012 ජූනි 6 දින පෙ.ව. 10:57 ට
ජන්ජාලෙට එන්න කලින්, අපි කියන්නත් කලින් උගේ ආදරණීය බාප්පි උංගේ ගෙදරට ගින්න දීලා… ” පුතා කෙල්ලෙක් දිහා බලාගෙන ගිහින් කහ ඉරේදි මගේ විසිල් එකවත් ගනන් ගන්නේ නැතුව ගියානේ අයියේ” කියලා….
2012 ජූනි 6 දින පෙ.ව. 9:56 ට
සිරා බුවෙක්.. අපෙත් ඉන්නවා මොකක්ද දැකපු ගමන් ගෙම්බෙක් වෙන එකෙක්..
2012 ජූනි 6 දින පෙ.ව. 10:59 ට
කොලු ගතියනේ….!!!
2012 ජූනි 6 දින පෙ.ව. 10:52 ට
ෂෙහ් … මාළුවටත් වෙන වැඩ.
2012 ජූනි 6 දින පෙ.ව. 10:59 ට
අඩේ මට නෙවේ…!!!!
2012 ජූනි 6 දින ප.ව. 12:37 ට
හා …. ඒ උඹ නෙවෙයි ද? 😀
2012 ජූනි 6 දින ප.ව. 1:53 ට
අපිට හෙනයක් පාත් වෙනකං තමා බලාගෙන ඉන්නේ නෙහ්… 😀 😀
2012 ජූනි 6 දින පෙ.ව. 11:14 ට
පවූ අපේ ගෝල් පිසා… අඩේ උඹට තාමත් ඔය සෝස පාට සේන්ද කේස් එක තියෙනවද…? (අනවශ්‍ය කොටසක් ඉවත් කරන ලදී)
අපිනං වෙසක් බලන්න ගියේ පුටාර් එකේ තුන් දෙනෙක් ඩබල් දාලා… පිටිපස්සෙ එකා ඇක්සලේඋඩ හිටගෙන… පුල් ආතල් බං…..තැන්කූ කොලු කාලෙ මතක් කොලාට (හුහ්…තාම කොල්ලො තමයි ඩෝ…..)
2012 ජූනි 6 දින ප.ව. 1:02 ට
අයියෝ ගයාන්ටමයි වෙන්නෙ…
ගෑනුළමයෙකුට ලයින් දාන්න ගිහින් කතාව ගිය දුර…
2012 ජූනි 6 දින ප.ව. 1:55 ට
එහෙම තමා ඉතිං විසේ කාලෙනේ… දැන් නම් අපි නිවිලලු…
2012 ජූනි 6 දින ප.ව. 7:42 ට
කාටවත් කියන්න එපා කිවුව නිසා තම ඔහොම ප්‍රසිද්ද කලේ. ඉතිංඊට පස්සෙත් දියවඩන නිලමේ වගේද වැඩ කලේ.
2012 ජූනි 7 දින ප.ව. 6:41 ට
බලු වලිගේ ඇද උණ පුරුකේ දාලා අරින්න පුළුවනෑ….
2012 ජූනි 6 දින ප.ව. 8:35 ට
හික් හික් උබලා වගේ පැණියෝ ටිකක්.
2012 ජූනි 7 දින ප.ව. 6:42 ට
අපි…? අපි නෑ මෙතෙන… යාළුවෝ ටිකක්නේ ඉන්නේ… 😀
2012 ජූනි 6 දින ප.ව. 10:47 ට
පුදුමයි පොලිස් මාමා කණ පලන්නේ නැතුව හිටපු එක..
2012 ජූනි 7 දින ප.ව. 6:42 ට
උංගේ බාප්ප බොල පොලිස් කාරයා….
2012 ජූනි 8 දින ප.ව. 4:35 ට
ඌත් සායක් දැක්කම තිබහා හැදෙන ජාතියේ ඩයල් එකක් ද !!!
2012 ජූනි 8 දින ප.ව. 7:42 ට
අන්න හරි….
2012 ජූනි 11 දින ප.ව. 7:36 ට
එල කතාව . 😀