​විකෘති වෙච්ච ළමා අවධියක් ගත කරන්නවුන් වෙනුවෙන්….

යම් පෞද්ගලික සබැඳියාවක් නිසා එහේ මෙහේ ෂෙයා වෙන පින්තූරයක් ඕනෙවට වැඩිය හිතට දැනුනම මොන වගේ දේවල් හිතෙයිද….?

පිලීපීන වීදි දරුවන්

මෙන්න පින්තූරේ. ෂෙයා වුනේ ෆේස් බුක් එකේ. පින්තූරයේ වගතුග හොයා ගෙන යද්දි තමා දැනගත්තේ මෙතන ඉන්නේ පිලීපීනයේ වීදි දරුවන් දෙන්නෙක් කියලා. සමහර විට මේ ළමයි අම්මල තාත්තලා දැකලවත් නැතුව ඇති. ඒත් නැත්තං සමහර විට අම්මලා තාත්තලා දෙන්නෙග්ගේ දරුවෝ දෙන්නෙක් වෙන්න ඇති. තව තව විකල්ප සම්බන්ධ කිරීම් ඕනේ තරම් තියෙන්න පුළුවනි. ඒත් මට නම් මේ අයියයි මල්ලියි විතරයි.

අම්ම කෙනෙක් පුංචි දරුවෙක්ව උණුසුම් කරනවා වගේ ලඟට කරගෙන ඉන්න හැටි අපූරුයි කියලා අපිට පෙනුනට ඒත් එක්කම ඇතිවෙන හිත කඩා වැටෙන හැඟීමට මොහොතකට ඉඩ දීලා… අපි මේ දරුවන්ව දකින ඇස් වලින්ම අපිවත් දැකලා පුංචි සැසඳීමක් කරොත් නිකංම හිතෙයි අපි මොන තරම් වාසනාවන්තද කියලා.

මට මල්ලියෙක් ඉන්නවා. පුංචි කාලේ මාත් එයාව ඔය වගේ ඇඳ මුල්ලේ තුරුලු කරං ඉන්නවා මතකයි. මගේ නහයෙන් අදිද්දි, කනෙන් අදිද්දි කවමදාවත් තරහක් ආවේ නෑ. අදටත් ඌට මොකක් හරි ප්‍රශ්නයක් වුනාම හරි අම්මලා වැරැද්දකට බනිද්දි හරි ටිකක් දුක හිතෙන්නේ, අන්න ඒ මෙව්වා එක නිසා. පින්තූරය ගැනත් මහ ලොකුවට දැනුනේ ඒ මතකය නිසා වෙන්න ඕනේ. හැබැයි අපි උපන් දා ඉඳන් අපිට ඉන්න හිටින්න ගෙයක් තිබුනා. අම්මලා තාත්තලා අපිට අවශ්‍ය රැකවරණය දුන්නා… ආහාර ලබාදීලා පෝෂණය කලා, අධ්‍යාපනය ලබා දුන්නා… අපි වෙනුවෙන් කෙරෙන්න ඕනේ යුතුකම් ගොඩක් ඉටුකලා. තව දුරටත් තවමත් එහෙම්මයි.

විකෘති වෙච්ච ළමා අවධිය

ඒත් තැන් තැන් වල නිදියන, අධ්‍යාපනයක් ගැන ආසාවක් නැති, පුංචි ඉඳුල් පිඬකින් බඩ පුරෝගන්න මේ වගේ තවත් කී දාහක් නම් ඇතිද…? ඒ අතරින් සුළු පිරිසක් හොඳ විදියට සමාජ ගත වුනත් වැඩි දෙනෙක් ලොකු වෙන්නේ සමාජ විරෝධි දේවල් අතින් කටින් එල්ල ගෙන. ඊට පස්සේ ඒ දේවල්ම තමා කවදා හරි ජීවිතය ගැට ගහගන්න උපයෝගී කරගන්නෙත්. මැදි වයසට එද්දි, වැරැද්ද කියන දේ එයාලගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වගේම, බඩ ගෝස්තරේ හොයාගන්න මූලිකම ක්‍රමය වෙලා, ඒ හැම දේකම ස්පේෂලිස්ට්ස්ලා වෙලාත් ඉවරයි. ඒ ජීවිත වල වටිනාම හරිය වෙද්දි හිරගෙය, පොලිසිය, ගුටි කෑම්, හතුරෝ කියන්නේ අපිට හම්බුවෙන බිල්ඩින් බ්ලොක්ස් වගේ. ඕනේ වෙලාවක අතේ දැවටෙනවා… ඕනේ වෙලාවක ඕනේ හැඩයක් දෙන්න පුළුවන්… ආයෙම ඕනේ නම් කඩල බිඳලා කෑලි කරලා දාන්නත් පුළුවන්.

වීදි වල ජීවත් වෙන ළමයි එක නිශ්චිත හේතුවක් නිසා ඒ තත්ත්වෙට වැටෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැති වුනත්… අපි අපේ පුංචි කාලේ ගත කලා වගේම සුවෙන් සැපෙන් ළමා කාලයක් ගත කරන්න කැමති ඇති….!!!

ලංකාවේත් මේ තත්වය කොයි කාලේ පටන් ගත්තද කියන්න මං දන්නෙ නැති වුනත්, පාරවල් ගානේ ටින් බෙලෙක්ක ඇහිඳින, බස් වල නැගලා සල්ලි ඉල්ලන, ඒ අතරෙම සෙනග අස්සේ ගැවසිලා මුදල් පසුම්බි දෙක තුනකට විද ගෙන ජීවිතේ ගෙන යන ළමයි ඕනෙ තරම් ඉන්නවා. බලන්න මෙතනින් තවත් අපි නොදන්න මේ වගේ ජීවිත කොච්චරක් නම්, විවිධ කරුණු මත යැපෙමින් ජීවිතය විඳින්න හදනවාද කියලා.

තියෙන තැනට තවත් පුදන ලොකු මහත්තුරු උං ගැනත් ටිකක් හිතුවනම් උංටත් ලස්සන ළමා කාලයක් උදා වේවි…!!!

කලින් ලිපියක්…

ඒ දවස ඉක්මනට උදාවෙන්න…!!!  ස්කෝලේ යන්න ඕනෙ, හොඳින් සමාජයේ හැසිරෙන්න ඕනේ… කාත්කවුරුවත් නැති වුනත් හිතේ ශක්තියෙන් වගේම අනිත් අයගේ උදවුවෙන් මේ දරුවන්ට නැගී සිටින්න පුළුවන් කාලයක් ඉක්මනට උදාවෙන්න…!!!

තණකොල පෙත්තා….

“ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!

මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.

අනේ අපටත් ඒ පැනපු හැටි කියලා දෙන්න බැරිද අල්යෝෂා? තමුසේ නං නියම තණකොළ පෙත්තෙක්. නැත්තං ඔහොම පනින්න පුළුවන්යැ?”

අල්යෝෂා – කත්‍යානා අමරසිංහ

1914 සිට 1918 කියන්නේ මුළු රුසියාවම දෙවනත් වෙච්ච කාල පරිච්චේදයක්. ඒ, ඒ වෙන විට රුසියාවේ පාලකයා වුන දෙවෙනි නිකොලොස් සාර් රජු බලයෙන් පහකිරීමට රුසියාවේ විවිධ නගර වල රහසිගතව සංවිධානය වුන කන්ඩායම් විසින් විප්ලවයක් කිරීම නිසයි. ඒ විප්ලවය දියත් වෙලා තියෙන්නේ දැන් ශාන්ත පීටර්ස්බර්ග් නමින් හඳුන්වන නගරය මධ්‍යලක්ෂය කරගෙන. විප්ලවය අවසානයේ සාර් රජු බලයෙන් ඉවත් කර නව පාලකයකු පත් වූවත්… ඒ විප්පලව වලදී මිය ගිය, මිය නොගිය… ඒ වගේම මිය ගියත් මිය නොගිය අය ගැන තොරතුරු එළිවෙන්නේ කාලයක් යන විටයි.

Grasshopper – Oleg Tikhomirov

මේ “තණකොල පෙත්තා“ ගේ කතාවත් ඔහුගේ සහෝදරිය විසින් එලි නොකරන්න රුසියානු යුධ භුමියේම වැලලි යන්න තියෙන්න ඇති. ඔවුන් දෙදෙනාම රුසියානු විප්ලව සමයේ තුවාල කරුවන්ට ප්‍රථමධාර දෙන කණ්ඩායමක සාමාජිකයන් වුවත් තණ කොලපෙත්තාට නම් වැඩිය හුරු වෙන්න ඇත්තේ තැනින් තැනට කඩිසරව දිව යමින් ඔත්තු බැලීමේ වැඩ විය යුතුයි. කෙසේ හෝ… අල්යෝෂා නම් අවුරුදු 15ක් වුන ක්‍රියාශීලි තරුණයා 1917 දී විප්ලව සටනදී වෙඩි වැදීමකින් මිය ගිය පුවත කාලයකට පසුව හෙලි කරන්නේ කලින් කී පරිදි ඔහුගේ සහෝදරිය විසින්.

රුසියානු ලේඛක ඔලෙග් තිකොමිරොව් විසින් තණ කොලපෙත්තා – පුංචි සොල්දාදුවා (Grasshopper – The little soldier)  නමින් ලෝකයට කියවන්න ලැබෙන්නේ ඒ අවුරුදු 15ක් වුන තරුණයාගේ යුද්ධය හා සබැඳි සිදුවීම් මාලාවක්. ලාංකික අපිට කියවන්න ලැබෙන්නේ කත්‍යානා අමරසිංහ ලේඛිකාව අතින් පරිවර්තනය වුන “අල්යෝෂා“ විධියට. යුද්ධය අපිට අමුතු දෙයක් නොවන නිසා නිරායාසයෙන්ම තණකොල පෙත්තාගේ කතාව සිතුවිලි අතර කිඳා බහීවී…!

පරිවර්තනය – කත්‍යානා අමරසිංහ

ප්‍රථම මුද්‍රණය – 2011

ප්‍රකාශනය – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

ගඟ මැද්දෙන් රවුමක්….

ලාස්ට් සැටර්ඩේ…. ඒ කියන්නේ අපේ තවත් ෆන් දවසක්. ඉතිං ඔෆිස් එකට වෙලා ඉන්න කම්මැලි නිසා අපි ගියා රවුමක්…! රවුමක් කියන්නේ අර ස්කෝලේ යන කාලේ කුසු-කුසු ගගා කෝච්චි ගියා වගේ නෙවෙයි. ඇත්තටම ඔෆිස් එකෙන් එලියට බැහැලා අහල පහල ස්ථානයක් දැක බලාගන්න තමා ගියේ.

ඉතිං දැන් බලන්න ගියේ මොකද්ද දන්නවද….? අපි ගියේ පාලම් පාරුවක් බලන්න….!!! මං ජීවිතේට ගිහිං තිබුනේ නෑ පාලම් පාරුවක. ගමන් මග වුනේ (හරියට නිකං ඇඩ්වෙන්චර් ටුවර් එකක් වගේ) පානදුර – දිග්ගල තොටුපොලේ ඉඳන් කැස්බෑවට අයිති වෙන දම්පේ තොටුපොල දක්වා පාලම පාරුවෙන් විනාඩි 15ක විතර ගමනක්. යන්න තියෙන්නේ බොල්ගොඩ ගඟ මැද්දෙන්.

මෙහා ඉවුරේ තිබුන ඔරුව…

දිග්ගල තොටුපොලට  ගිහිං අපිට පැය භාගයක් විතර බලාගෙන ඉන්න වුනා එහා ඉවුරේ තියෙන පාලම් පාරුව, ඒ පැත්තේ සෙනගයි වාහනයි පටවගෙන මෙහා පැත්තට එනකං. ඒ අතරෙදි පොඩි වෙලාවක් පැවතුන ලොකු වැස්සකටත් තෙමුනා. ඒ අත්දැකීමත් මරු. ස්කෝලේ යන කාලේ හොරෙන් ගඟේ නාද්දි, ගඟක් කිට්ටුවක වැස්සට තෙමුනට පස්සේ… ගඟ උඩින් හමා ගෙන එන හීතල හුළඟත් කාගෙන වැස්සට තෙමුනමයි ඔය. අප්පා ඒක නම් සුපිරි. මතක් කරන්න මතක් කරන්න ආසයි. වෙලාවට කුඩයක්  තිබුනේ නෑ කාගාවවත්. නැත්තං ඒ ෆන් එකත් කුඩේට යට වෙන්න තිබුනා.

පාලම් පාරුව එන තැනට ටිකක් එහාට වෙන්න ඔරුවකුත් තිබුනා. ඒකත් පදින්න උත්සාහ කලාට වැඩේ හරිගියේ නෑ හරි හමං හබලක් තිබුනේ නැති නිසා.

පාලම් පාරුව ගැන කියනවනම්, ඒක ඔරු දෙකක් එකට එකතු කරලා ඊට උඩින් ලෑලි දාලා හදපු එකක් නෙවෙයි. මං බලාපොරොත්තු වුනේ එහෙම එකක්. ඒත් මේක තනිකරම යකඩ වේදීකාවක් එකක් හදලා තව භූමිතෙල් මෝටර් එකකුත් සෙට් කරපු අලුත් පන්නයේ එකක්. ඇත්තටම හිතේ ඇඳන් ගිය එක නෙවෙයි නිසා පින්තූරක් වත් ගත්තේ නෑ. නිකං මොකටද යකඩ ගොඩවල් වල පින්තූර ගන්නේ. අනිත් එක සමහරු මූණු පබ්ලිෂ් කරන්න අවසර නැති නිසා ඉතුරු පින්තූර දාන්න විදියක් ඇත්තේම නැත.

ආදරය ප්‍රකාශ කිරීමක්… 😀

ඊට පස්සේ ඔන්න පාරුවට නැගලා අර භූමිතෙල් මෝටරේ ආධාරයෙන් ගියා අනිත් පැත්තට. ඒ කියන්නේ කැස්බෑව – දම්පේ තොටුපලට. කවදාවත් ඒ පැත්තට අඩිය තියලා තිබුනේ නැති නිසා ඊලඟ වටේ පාලම් පාරුව ගිහිං එනකං අපි පොඩ්ඩක් ඇවිද්දා. ඇත්තටම පාර දෙපැත්තේ තිබුනා සිරා තැන් ටිකක්. රඹුටන් ගස් කීපයක් තිබුනත් ගෙවල් වල මිනිස්සු හිටි නිසා හා එවේලේ වටේ පිටේ එලිය තිබුන නිසා රඹුටන් ගස් ටික නම් යාන්තං බේරුනා.

ඊට පස්සේ දම්පේ තොටුපොල අවට ටිකක් ඇවිදලා කරලා එහෙම පාලම් පාරුවෙන්ම මෙගොඩට ආවා. වැඩි විස්තරයක් නෑ. ඒත් වැස්සයි ගඟයි පාලම් පාරුවයි එක්ක ලබාගත්ත අත්දැකීමනම් නියමයි…!!! ආයේ කාලෙකට අමතක වෙන්නේ නෑ…

බොල්ගොඩ ගඟ පැතිරිලා තියෙන හැටි…

මෙන්න දම්පේ තොටුපොල කිට්ටුව තිබුන බොල්ගොඩ ගඟේ මෙව්වා එක. ෆොටෝ ටික බලද්දි තමා දැක්කේ අපි නැව් නැගලා තියෙන්නේ 672B  ස්ථානයෙන් හා අනිත් පැත්තේ ඉවුර වෙලා තියෙන්නේ 566න් ආවරණය වෙන ප්‍රදේශයේ තැනක් කියලා. මුළු ගමනටම වැය වුනේ රුපියල් හතලිස් අටයි. ඒ පාලම් පාරුවේ ආව – ගිය වාරයකට රුපියල් 15 ගානයි බස් එකේ දෙවාරෙට රුපියල් 9 ගානෙයි විතරයි…! ඉන්ස්ටන්ට් මිනි ට්‍රිප් කියන්නේ මෙව්වා තමා.

කොම්පූටරයිස්ඩ් චිත්ත ප්‍රීතිය…

මට කම්මැලියිඊඊඊඊඊඊඊ…. කිව්වට කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑනේ. ඉතිං ඔන්න ඔහේ ආතක් පාතක් නැතුව ඉද්දි තමා ආයෙම පරණ විනෝදාංශේ මතක් වුනේ. ඒක තමා…

ඩෙස්ක්ටොප් එක සැරසීම….

මතකද මම එක පාරකුත් ලිව්වා පෝස්ට් එකක් ඩෙස්ක් ටොප් එක කියන්නේ යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක් කියලා. අන්න ඒ වගේම තමා මේකත්. හිත නිවෙන්න, බන භාවනා කරන්න ඕනය, මාළු ටැංකි දිහා බලන් ඉන්න ඕනය කිව්වට එව්වා කරන්න වෙලාවක් කොයින්ද අපි වගේ කොම්පූටර් වලට කොටු වෙච්චි මිනිස්සුන්ට. එහෙම කරන්න නම් ඉතිං රස්සාවෙන් අස්වෙලා තමා වැඩේ කරන්න ඕනේ. ඇයි ඉතිං පොඩි පහේ නිවිල්ලක්යැ නිවන්න තියෙන්න මේ හිත් වල. හැම තිස්සේම ගිනි ගත්ත ගමන්මනේ. ඔන්න මේ ලඟදී දවසක ඔෆිස් එකේ මට එහාපැත්තේ ඉන්න බුවා…

යකෝ… තොට පිස්සුද….?

කියලා හදෘයාංගම විදියට අමතන කොට ඔන්න යන්තං සිහිය ආවේ. වෙලාවට බොස්ලා හිටියේ නෑ. ඉතිං දැන් බැනුම් අහගත්තේ මොකටැයි කියලද හිතන්නේ…? කාටවත් අතවරයක් කරන්න හිතලද…. නෑ… වංචාවක් කරන්න හිතලද… නෑ…. හොරකමක් කරන්න හිතලද…. නෑ…. එහෙනම්….?

ඩෙස්ක්ටොප් එක දිහා විනාඩි කීපයක් එක දිගට බලාගෙන ඉඳලා….

ඒකත් මාර ෆන් වැඩේ. ඩෙස්ක් ටොප් එකට දාගන්නවා සිරා වෝල් පේපර් එකක්… ඊට පස්සේ ඉතිං ඒකේ තියෙන වර්ණ ගැන හිතනවා. පින්තූරෙ ගැන හිතනවා. පේන්න තියෙන ඒවා ගැන හිතනවා…. ෂුහ්… තව ගොඩක් දේවල් හිතන්න පුළුවන් තනියම…!

දැන් ඉතිං සමහරු කියයි අනේ මූට පිස්සු නැත්තං ෂෝක් කියලා… වෙලාවකට මටත් එහෙමම හිතෙන නිසා එච්චර පස්නයක් නෑ ඒක. 🙂

දැන් මගේ අළුත්ම ට්‍රෙන්ඩ් එක තමා හෝම් ඉන්ටීරියර් වයිඩ් ස්ක්‍රීන් වෝල් එකක් දාලා, ඒකේ බිත්තියේ පින්තූරයක් වගේ විජට් එකක් එල්ලලා ඒකේ මාරු වෙන පින්තූර එක්ක පසුබිම ගැලපෙන හැටි මෙනෙහි කරන එක. පින්තූර සීයක් විතර සෙට් කරලා ෆෝල්ඩර් එකකට දාගෙන ස්ලයිඩ් ෂෝ දාගත්තම මරේ මරු. ඕනේ තරම් වෙලාවක් බලාගෙන හිටියෑකි. කොහොමටත් මගේ ඩෙස්ක්ටොප් එකේ ගොඩක් අඩුවෙන් තමා අයිකන් තියෙන්නේ. ඒක නිසා ඉතිං දර්ශන පථය අවහිර වෙන්නෙත් නෑ.

ඔයාල කැමතිනම් මං යූස් කරන සොෆ්ට් වෙයා එක ඩවුන් කරගෙන විජට් කීයපක් දාලා පුංචි භාවනා මධ්‍යස්ථානයක් වගේ වෙන්න ඩෙස්ක්ටොප් එක හදාගන්න පුළුවන්. එක එක් කෙනාට එක එක ඉමේජ් හිට් වෙන නිසා තම තමන්ගේ කැමැත්තට තමා වැඩේ සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඉතිං හිතේ තියෙන මනස්කාන්ත මෙව්වා එක අනුව තමා වැඩේ අල කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේම තියෙන ඔක්කොම විජට් දාගත්තම නම් කිසි අපහසුවක් නැතුව පිළිකුල් භාවනාව වඩන්නත් පුළුවන්. සොෆ්ට් වෙයා එකේ නම රේන් මීටර්… අපරාදේ කියන්න බෑ පොඩි පොඩි විජට් ටිකක් දාගත්තම සොෆ්ට් වෙයා එකේ නමට හරියන්නම ලංකාවේ නගර කීපයකත් කාලගුණය බලාගන්නත් පුළුවන්. හැබැයි ඉතිං අපේ වාහිනී වල කියන කාලගුනෙත් එක්ක නම් ගැලපෙන්නේ නෑ… මේකෙ තියෙන විජට් හොයන්න ඕනේ රේන් මීටර් තීම් කියලා. ඕනේ තරම් තියෙනවා ඕනේ ඕනේ විදියට.

තව පුංචි දෙයක් කියන්නම්. ඔයාලාට ඕනේ නම් මාලු ටැංකියක ඉමේජ් එකක් දාගෙන ඩෙස්ක් ටොප් විජට් තියෙනවා ඇත්තම මාළු ඩෙක්ස් ටොප් එක පුරා පීනනවා වගේ හදපු. අන්න එයින් ටිකක් සෙට් කරගෙන සිරා මාළු ටැංකියක් ඩෙස්ක් ටොප් එකේම හදාගන්න පුළුවන්. සීනි කාරයින්ට, ප්‍රෙෂර් කාරයින්ට වගේම අපි වගේ කම්මැලිකමේ ඉන්න අයටත් මරු වැඩක් ඒක. ආයේ ටැංකි සුද්ධ කිරිලි නෑ… මාළුන්ට කෑම දැමිලි නෑ… පී.සී ඔන් එක කරලා බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ.

ඇත්තටම මට ඕනේ වුනේ සොෆ්ට් වෙයා එක ප්‍රමෝට් කරන්න නෙවේ. උඩ තියෙන මගේ ලස්සන ඩෙස්ක් ටොප් එක පෙන්නන්න….!

තව කාරනයක්… මේකටනම් පිරිමි ළමයි හෙනට කැමති වෙයි ඒ වගේම අනුමත කරයි. මුතුහර සඟරාවක තිබිලා තමා කියෙව්වේ… ඒකේ තිබුනේ මෙහෙමයි… දවසකට විනාඩි දහයක් පිරිපුන් කාන්තා පියයුරු යුගලක් දෙස බලාගෙන හිටියොත් කලබලකාරි හිත කූල් ඩවුන් වෙනවලු. ඔන්න මං නම් දන්නේ නෑ ඇත්ත නැත්ත… සඟරාවේ නමත් එක්කම කිව්වේ ඒකයි. සඟරාවේ කලාපේ කීයද කියල නම් දැන් මතක නෑ.

කාටද මේ බෑග් එක…?

ගිය ඉරිදා යාළුවෙක් එක්ක ගියා ප්‍රදර්ශනයක් බලන්න. ඇති වැඩකට නෙමේ නිකං ෆන් එකට. කොහොම හරි හදිස්සිය හින්දාම කෝච්චියට ටිකට් ගන්නත් අමතක වුනා. වෙලාවට ටික්කෝ ඉරිදට නිවාඩු. ඉතිං උදේ නවය මාරට විතර ගියා අදාල ස්ථානයට…

ඒ වෙද්දි ප්‍රදර්ශනේ පටන් අරගෙන තිබුනේ නෑ. ස්ටෝල් අස්සේ ගෑණූ ළමයි කොන්ඩේ පීරනවා, තොල් පාට කරනවා… එක එක විකාර. ඉස්සර වගේ ගවුම් හදන්නේ නෑ… දැන් කලිසම් නේ…  ඉතිං ප්‍රදර්ශනේ පටන් ගන්න කලින් ගිහිං අළුතෙන් ඉගෙන ගත්තේ එව්වා තමා. දැන් ඉතිං ඊළඟ ප්‍රදර්ශනේට යන්නේ ඒක පටන් ගන්න තවත් පැයකට විතර කලින්…! එතකොට තව මොනාහරි ඉගෙන ගන්න පුළුවන් වෙයිනේ…

ඉතිං ඔහොම ගිහිං අන්තිමේ දහයමාරට විතර ප්‍රදර්ශනේ පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න ආයෙම වටයක් දාලා, වහල තිබුන ස්ටෝල් ආයෙම බලලා, පට්ට ෂාප් ටී.වී එකකින් ඇවෙ(ච්)ටාර් (පොෂ්) මූවි එකත් ටිකක් බලලා එහෙම එන්න හදද්දි මාත් එක්ක ගිය බුවාට ඕනේ උනා උංගේ නංගිට ක්ලාස් ගෙනියන්න “කඳුරට බෑග්“ එකක් ගන්න. ඉතිං චූටි සුපියල් 50ක් දීලා ගත්තා එකක්. පස්සෙ ඉතිං බුවාට ඒක අතේ ගෙනියන්න බෑ කියලා මූ දැම්මා ඒක මගෙ බෑග් එකට.

අන්න එතෙන තමා මං නාගත්තේ…!

ඊට පහුවෙනිදා මං කෑම ගෙනිච්චේ නැති නිසා, ෆ්ලෑෂ් එක බෙල්ලේ දාගෙන හෙඩ් සෙට් එක සාක්කුවේ දාගෙන ඔෆිස් ආවේ. බෑග් එක ගේන්න ඕනේ වුනේ නෑ. ඔන්න හවස ගෙදර යද්දි අම්මා ඉන්නවා මූන සතූ කරගෙන. තාත්තා ඉන්නවා ඔරොව ගෙන… මල්ලි ඉන්නවා ෆන් එකේ… ඌ දන්නවා කොහෙහරි යන හෙන ගෙඩියක් මගේ ඔලුවට උඩින් සක්මන් කරන්න බලාගෙන ඉන්නවා කියලා.

ඊයේ කොහෙද ගියේ…? 

උදේ පාන්දරම ගියාට යන්නේ කොහෙද කියලා කියන්න අමතක වුනා වගේම ගෙදර ආවේ රෑ නවයත් පහුවෙලා නිසා තමා ඒ ප්‍රශ්නේ…

අහවල් ප්‍රදර්ශනේ බලන්න ගියා, ඊට පස්සේ ක්ලාස් ගියා…

හ්ම්…. එද්දි රෑ වුනේ…? ඒ තාත්තා… අම්ම ගිරේ එක පැත්තක් වගේ, තාත්තා අනිත් පැත්ත වගේ… දෙන්නටම මැදි වෙච්චි අහිංසක මං පුවක් ගෙඩිය වගේ…!

හරි හරි ඉතිං පොඩ්ඩක් පරක්කු වුනා… බස් නැතුව…

එතකොට අර බෑග් එකේ තිබුන අනිත් බෑග් එක කාටද…?

විවේකයක් නොලබාම මවුතුමීගෙන් කෙලින්ම පන්දුව මට… ආයෙ ගොත ගැහුවොත් එහෙම කඩුල්ල මුවා කලා වෙනවා… එකට එක කිව්වොත් පන්දුවට උඩිං යන්න පහරක් එල්ල කලත් පැත්තක ඉඳන් තාත්තා පන්දුව රැකගෙන ආය අම්මටම භාර කරනවා… නිශ්ශබ්දව හිටියොත් පැත්තක වෙලා බලාගෙන ඉන්න මල්ලි, උගේ මැද ඇඟිල්ල උස්සලා… හරි  අයියා දැවී ගියා කියලා සංඥාව දෙනවා…

ඔක්කොගෙන්ම බේරිලා හිනා වුන නිසා…

මොකද හිනා වෙන්නේ….? කියලා දැවී යාමකට ලක් නොවී වේගය මඳක් අඩාල වෙච්චි පන්දුවක් පිටියේ මැද පතිත වෙලා ගානට බැට් එකටම ආවා… අන්න ඒකට නම් වැරෙන් පහරක් එල්ල කලෑකි.

ඔය බෑග් එක මගේ නෙමේ… මිස්ට සිල්වාගේ… උංගේ නංගිට ගත්තේ. මගේ බෑග් එකේ දැම්මා ඌට අතේ තියන් බැරි නිසා. ඒක ඉල්ලගන්න අමතක වෙන්න ඇති.

මිස්ට සිල්වට නංගිලා දෙන්නෙක් ඉන්නවා කියලා අපේ අම්මා දන්න නිසා වගේම හා මිස්ට සිල්වාගේ අම්මලා තාත්තලාවත් දන්න නිසා මං ගහපු පහරට ලකුණු හයයි..! ප්‍රතිවිරුද්ධ පිලේ බැට් එක උස්සන් හිටිය මල්ලිගේ මූන… හ්ම් ඒකට උපමා නෑ… එච්චරට හැඩයි…!

ඊට පස්සේ….

ඒක මිසක්…! මං හිතුවේ…!

ඇයි කාට කියලද අම්මා හිතුවේ… කොච්චර ලොකු මිනිහෙක් වුනත් අම්මා ඉස්සරහ බබා පාට් එක දැම්මම තමා ඔක්කොම අහගන්න පුළුවන් වෙන්නේ.

ඒ ළමයට බෑග් එකක් ගෙනත් දුන්නට කමක් නෑ… ඒ ගෙනෙද්දි මටත් එකක් ගේන්න…

ඇයි අම්මත් ක්ලාස් යන්නද..? කියලා බෝලෙට ගහන පහර ඉමැජින් කරලා, ඇක්චුවලි බැට් කරා…

හා… කියලා.

ඒ බෝලේ කෙලින්ම කඩුල්ලට වැදෙන්න නොහැර, පහරක් එල්ල කරන්න ගියා නම් එහෙම මට තව ගොඩක් වෙලා පිටියේ රැඳී ඉන්න වෙනවා. එහෙම වුනානම් තව තව එක එක විදියේ බෝල වලට මූන දෙන්න සිද්ධවෙනවා. ඒක නිසා තරඟය පාවා දීලා මං ඉක්මනට අවුට් වුනා…!

පන්සලේ සාදුගේ වෙන්ඩ ගෑණිට හුලං….!!!

ඉස්සර අපි දහම් පාසල් යද්දි, එක දවසක් දා පිං පාට තියෙන පොඩි කොල්ලෙක් පන්සලේ පදිංචියට ඇවිත් හිටියා. ඒ කියන්නේ මහන වෙන්න හිතාගෙන. හෙන හොඳ බුවා වගේම හරි අහිංසකයි. ඔන්න ඉතිං අවුරුදු පහ හයක් යද්දි මෑන් මහන වුනා. අපිත් ගියා අම්මලා එක්ක පොඩි හාමුදුරුවරු මහණ කරන උත්සවේට.

ඉතිං ඔහොම මහන වුන පොඩි හාමුදුරුවන්ගේ නම තමා “සුගත“. ඇත්තම නම. මේක හාමුදුරුවෝ කියෙව්වත් එකයි මට නැතත් එකයි. කියවන තරමට වඩා හොඳයි…! ඉතිං සුගත හාමුදුරුවෝ ධර්මය හොඳට ඉගෙන ගෙන උපසම්පදාත් වුනා මට මතක විදියට. හරියටම කියන්න බැරි ඒ වෙන කොට අපි දහම් පාසලෙන් ඉවත් වෙලා පන්සලට යන්නේ පෝයකට හෝ දෙපෝයකට වරක් විදියට සීමා වෙලා තිබුන නිසා. හැබැයි අපිට මොන වැඩේ තිබුනත් පොසොන් පෝයට දහම් පාසලේ තියෙන භක්ති ගීත උත්සවේ නම් අනිවාර්යෙන් බලන්න යනවමයි. හේතුව තමා මමත් හතර පස් පාරක්ම චෛත්‍ය වටේ හිටගෙන අනිත් අයත් එක්ක භක්ති ගීත කියලා තියෙන නිසා.

ඉතිං මේ පොසොන් එකට භක්ති ගීත කියන්න ගියාම තමා සුගත හාමුදුරුවන්ගේ සෙල්ලං ටික දැනගත්තේ. මේවා කට කතා විදියට ගලාගෙන ගියාට කිසිම බොරුවක් වංචාවක් නැතිව ඇත්ත ඇතිසැටියට විකසනය වෙන බව නම් හොඳින්ම කියන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමා ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ට අවවාද කරන්නේ පන්සලේ දායක මහත්තරු ඉස්සරහ වීම.

“මචං… දැන් සුගතයාට කෙල්ලෙකුත් ඉන්නවා බං…“ ඒ කාලෙකට පස්සේ හම්බුවෙච්ච යාළුවෙක් භක්ති ගීත පළමු දර්ශනය බලන්න ගියා වෙලාවේ කියපු දේ…

මං හිතුවේ මුලින්ම හිතුනේ මෑන් ජෝක් එකක් දානවා වෙන්න ඇති කියලා. පස්සේ තව එකෙක් ඇවිත් වැඩේ කන්ෆර්ම් කලා තවත් විස්තර ගොඩකුත් එක්ක. හොඳම යාළුවෝ වගේම, පන්සලේ නිත්‍ය දායකයොත් වෙච්ච ඒ වගේ යාළුවෝ කියන දේක ඇත්තටම තාර බර අරිනවා කියලා එකක් නෑ.

ඉතිං පන්සලේ ප්‍රධාන දායක මහත්තුරු කියන විදියට, සුගත හාමුදුරුවෝ යාලු වෙලා ඉන්නේ පන්සල පිටිපස්සේ ගැරේජ් එකේ අයිතිකාරයගේ කෙල්ල එක්ක. ඒ කෙල්ලට ගෑණු ළමයා කියන එක ටිකක් හරි මදි වගේ… ඒක නිසා කෙල්ලම කියන එක තමා හොඳ. සම්බන්ධය පටං අරගෙන තියෙන්නේ සුගත හාමුදුරුවෝ පිරිවෙනට ගිහිං එන වෙලාවට කෙල්ල ක්ලාස් ගිහිං එනවලු. ඉතිං එහෙම වෙලාවලට, පන්සලේ තවත් දායකයෙක්ගේ දුවෙක් වගේම, නිතර පන්සල් යන එන උපාසකම්මා කෙනෙක් වෙච්චි නිසා කතා බහ කරලා දැන ඇඳින ගෙන තියෙනවා. ඔය ඇඳිනිල්ල උඩුදුවලා තමා, හාමුදුවරුන්ගේ අහවල් එකටත් කිරි එරෙන්න අරං තියෙන්නේ. කව්ද හරි කව්ද වැරදි කියන්න අපි කවුරුවත් දන්නේ නෑ. ඔය විස්තර ටික දන්නේ, පන්සලේ දායක මහත්තරුන්ට ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ගෙන් අහගෙන කියපු දේවල් නිසා විතරයි.

ඉතිං ෆන්ම කේස් එක වෙන්නේ ඔය වැඩේ නම් නෙමේ… මේං මේක…

කාලයාගේ ඇවෑමෙන් සුගත හාමුදුරුවන්ගේ ආලේ මෝරලා ගිහිං… අන්තිමේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලන්න ගිහිං සිවුරු ඇරලා අර කෙල්ලව බැඳගෙන පවුලක් කන්න. පස්සේ ලොකු හාමුදුරුවෝ සුගත හාමුදුරුවන්ට කියලා…

අනේ මේ සුගත… උඹට සිවුරු ඇරලා ගියොත් ලගින්න වෙන්න එක ගෑණියෙක් එක්ක. ඒත් පන්සලේ හිටියොත් දවසට එක ගානේ ගෙන්න ගන්න බැරියෑ…. කියලා.

මේං ඊලඟ මොහොතේ සුගත හාමුදුරුවන්ගේ ආලේ හිඳිලා ගිහිං. පන්සලේම ඉන්නවා ලොකු හාමුදුරුවනේ කියලා තීරණේ වෙනස් කරලා. අන්තිමේ ලොකු හාමුදුරුවෝ නිසා සුගත හාමුදුරුවන්ගේ වෙන්ඩ ගෑණිට හුලං….

මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ නම් නෑ. ඒත් දුක් වෙන්න නම් අවස්ථා ගොඩයි. එකක් තමා උපාසකම්මලා මේ වගේද කියන එක ගැන. ඊට පස්සේ හාමුදුරුවරු මේ වගේද කියන එක ගැන. ලොකුම එක තමා අපේ පන්සලත් ඉක්මනටම “බඩු පොට් එකක්“ වෙයිද කියන එක ගැන…! සියළු දේ නැසෙන සුළු නිසා වගේම, අවුරුදු 5000ක් පවතින්න නියමිත බුද්ධ ශාසනේ, දැනට අවුරුදු 2500කට වැඩි ප්‍රමාණයක් ගෙවී ගිහිං තියෙනවා කියන්නේ දැන් බුද්ධ ශාසනේ බහින කලාව වගේනේ. ඉතිං ඒ අස්සේ මේ වගේ හාමුදුරුවරු එක්ක තව අවුරුදු 100ක් වත් බුදු දහම තියෙයිද කියන එන ගැන සැකයි…

දැනට කාලෙකට කලින් අපිත් එක්ක එකට ස්කූල් වෑන් එකේ ගිය අක්ක කෙනෙක් එයාලගේ පන්සලේ, එයාටත් වැඩිය බාල පොඩි හාමුදුරුවෝ එක්ක පැනලා ගියා. දැන් බබෙකුත් ඉන්නවා. සුගත හාමුදුරුවෝ එහෙම ගියානම් ආතල් එක සුගත හාමුදුරුවන්ට වගේම පන්සලටත් ආරක්ෂාවයි. ඒත් දැන් මේ වෙන දෙයින් මුළු පන්සලටමයි, පන්සලේ පිරිමි දායකයෝ ඔක්කොටම යහපත් ආතල් කාලයක් උදාවෙනවා නිසැකයි…!

 

 

කොම්පූටර් දත්ත කෙළිය….

ඩේටා… සිංහලෙන් කියන්නේ දත්ත කියල. අපි ඉගෙන ගත්තෙත් එහෙම. අළුත් ඉක්කෝල වල නම් කියන්නේ “ඩාටා“ කියලා. ඉතිං කොහොම හරි කමක් නෑ ඔය දත්ත මත තමා මුළු මහත් පරිගණක සමාජයම ගොඩනැගිලා තියෙන්නේ. ඩේටා එකම ආකාරයක 101101111000101 වගේ  වුනත් ඒවයේ භාවිතය වෙනස්. ඒ කියන්න සමහර දත්ත එකතුවක අවසාන ඵලය ඉමේජ් එකක්. තවත් දත්ත රොත්තක් එකතු වුනාම තියෙන්නේ මූවි එකක් එහෙමත් නැත්තං සිංදුවක්… ඒත් නැත්තං සොෆ්ට් වෙයා එකක්… ඔය වගේ දහස් සංඛ්‍යාත යෙදුම් භාවිතා වෙනවා හැසිරවෙනවා අපි නොදැනුවත්වම අපේ ඇඟිලි වලට අහුවෙන මවුස් එක, කී බෝඩ් එක එක්ක එකතුවෙලා.

ගල් යුගයේ මිනිස්සුන්ට තිබුන වටිනාම සම්පත් වුනේ, තම තමන් සතු ගල් ආයුධ, ගින්දර වගේ දේවල්… ඊට  පස්සේ ශිෂ්ට සම්පන්න වෙලා මධ්‍ය කාලීන හා මේ මෑතක් වෙන කම්ම වටිනාම වස්තු වුනේ ආභරන, මුතු මැණික්… මුදල් හදල් වගේ දේවල් වුනාට මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත තමා, තම තමන්ගේ දත්ත…! ඒක තමුන්ගෙම ඒවාද අනුන්ගෙන් ගත්ත ඒවද කියලා වෙනසක් නෑ. තමන්ගේ පී.සී එකට ආවම ඔක්කොම දත්ත තමන්ගේ වගේ තමා.

ඉතිං කාලෙකට ඉස්සර මාසික සඟරාවක තිබුනා තමන් සතු දත්ත සුරැකිව තබා ගන්න විදි ගැන ලොකු ලිපියක්. ලොකු කියන්නේ පිටු දෙකක් හෝ තුනක් පිරෙන්න විස්තර සහිතව. අන්න ඒ ලිපිය ගැන මතක් වෙච්චි නිසා තමා මේක ලියන්න හිතුනේ.

ඇත්තටම ඒ දවස් වෙද්දි නම් කම්පියුටර් භාවිතය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. කම්පියුටර්ම නෙමේ පොදුවේ බැලුවොත් ඩිජිටල් දත්ත භාවිතය කියලා තමා හඳුන්වන්න වෙන්නේ. මොකද මොබයිල් ෆෝන්වත්, පරිගණක නොවන, ඒත් දත්ත ආශ්‍රිතව ක්‍රියාකරන අනෙකුත් උපකරණවත් වැඩිය භාවිතා වුනේ නෑ. මං මේ කියන්නේ අද දවසත් එක්ක සසඳලා බලද්දි විතරයි. ඉතිං අර සඟරාවේ තිබුන විදියට “තමන් සතු දත්ත නැතිවෙන්න පුළුවන් ක්‍රම“ කියලා තිබුනේ, මට මතක විදියට ප්‍රධාන ක්‍රම දෙකයි. ඔය දෙක එක එක පැත්තට හරවලා තමා අනිත් කරුණු ටික ලියලා තිබුනේ…

හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වීම

පරිගණක වෛරස නිසා දත්ත ගොනු විනාශ වීම

(ඒ දවස් වල දත්ත සොරකම් කිරීමක් ගැන අහලවත් නෑ මයෙ හිතේ…)

ඉතිං පිළියම් විදියට තිබුනේ… තමන් සතු වටිනා දත්තවල තවත් පිටපතක් ලබාගෙන තබාගැනීම. ඒ කියන්නේ බැකප් එකක් තියාගන්න එක. තව දුරටත්, බැකප් එක ලබාගත්ත සී.ඩී එක හොඳින් සුරැකෙන පරිදි ආවරණය කර “ගමේ ගෙදර හෝ වෙනත් යාළුවෙකුගේ ගෙදර තැබීම“.

අනේ මන්දා ඒ දවස් වල නොතේරුම් කමට මේක තමා හොඳම විසඳුම කියලා හිතුවට දැන් තමා තේරෙන්නේ… ඒ දවස් වල ගමේ ගෙදර ගිහිං තිබ්බනම් එහෙම මේ වෙද්දි බඩු බනිස් වෙලා. අනිත් එක හැමෝටම ගමේ ගෙවල් නෑනේ. ඊළඟ එක තමා සුපිරිම. ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්චි අපිගාව තිබුනේ ඔය වගේ තාක්ෂණික සඟරා විතරයි. කම්පූටරයක් ආවේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. ඒක නිසා හොඳට ගියා. නැත්තං අපේ ගමේ ගෙදර දුර වැඩි නිසා අපිත් අපේ පින්තූරයි, සිංදුයි.. අරකයි මේකයි හැම මළ ඉලව්වම තියන්නේ යාළුවන්ගේ ගෙවල් වල. එහෙම වුනානම් අපිට කොච්චර විශ්වාස වුනත් යාළුවා ගේම දුන්නොත් අපි ඉවරයි…!

හරි බයිලා පැත්තක් තියලා ඇත්තම කතාව බලමුකෝ දැන් වෙන විදියට…

අපේ බැකප් අපි තියාගන්නවා ඩී.වී.ඩී එකක. ඩී.වී.ඩී එක නැති වෙනවා… නැත්තං කැඩෙනවා… නැත්තං ආරක්ෂිත ලේයර් එක ගැලවිලා යනවා… ඒත් නැත්තං පොඩි එකෙක් හූරනවා…. එහෙම්මත් නැත්තං බර්න් කරපු එක පස්සේ කාලෙකදී රීඩ් කරන්නේ නෑ…. එතකොට ඒ දත්ත ආරක්ෂිතද…?

 ඊට පස්සේ අපි අපේ ඩේටා වල බැකප් එකක් තියාගන්නවා හාඩ් ඩිස්ක් එකේ… ඔන්න ටික දවසකින් මොකක් හරි දෝෂයක් නිසා හාඩ් එක හුචස් වෙනවා… ඒත් නැත්තං වෛරස් එකක් හාඩ් එකට ගේම දෙනවා… ඒත් නැත්තං පී.සී බිම වැටිලා හාඩ් එක වැඩ නොකර යනවා… ඒ දත්තත් ආරක්ෂිතද…?

වැඩි දෙනා කරනවා වගේ ඩේටා ටික ෆ්ලෑෂ් එකට දාගන්නවා. ඔන්න ටික දවසකින් ෆ්ලෑෂ් එක නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් දැන්… එහෙමත් නැත්තං හාඩ් එක අතෑරුනා වගේ බිම වැටෙනවා. ඒත් නැත්තං ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් වෙලාම යනවා… එතකොට…????

ඒ අතරෙදි ටික දෙනෙක් කරනවා වගේ, දත්ත ටික බැකප් කරනවා රිමෝට් ලෝකේෂන් එකක තියෙන සර්වර් එකක හෝ සල්ලි වලට හෝ නොමිලේ ගත්ත ඔන් ලයින් ඉඩක. කොහොමෙන් හරි රිමෝට් සර්වර් එකටත් මක්ක හරි වෙනවා… නැත්තං අපේ දත්ත ටික රැස්කරගෙන සේවාව නවත්තනවා… මොකුත්ම නැත්තං අපිට ඩේටා ගන්න බැරි විදියට පාස් වර්ඩ් මාරු වෙලා හෝ ඒ වගේ වෙන මොකක් හරි හෝ වෙනවා… එතකොට ඒ දත්ත ආරක්ෂිතද….?

ඒත් නැත්තං පී.සී එකේ තියෙද්දිම රිමෝට් ලොග් වෙලා හැකර් කෙනෙක් සුද්ද කරනවා දත්ත ටික… එතකොට මොකද කියන්නේ…?

සර්ව අසුභවාදිව හිතනවා නෙවෙයි. ඒත් මේ හැම දෙයක්ම ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දේවල්…! මට කිසිම වෙලාවක කොයි තරම් ආරක්ෂිත ක්‍රම තිබුනත් දත්ත වල ආරක්ෂාව ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. අපි දත්ත ගොනුවකට දාන පාස් වර්ඩ් එකක් කඩන්න  කාටවත් බෑ කියලා හරියටම කියන්න පුළුවන්ද…? මගේ උත්තරේ නම් “එහෙම හිතන්න බෑ“ කියන එකයි. මොකද දත්ත ගොනුවකට යොදන එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකට අනිත් පැත්තට ඩික්‍රිප්ෂන් මෙතඩ් එක අදාල ආයතනය සතුව තියෙනවා. ඒ නැතත් ඕනෙම කෙනෙකුට ඕනෙම පාස්වර්ඩ් එකක් කඩන්න හරි, බයිපාස් කරන්න හරි පුළුවන් සොෆ්ට් වෙයාර්ස් ඕනේ තරම් නෙට් එකෙන්ම සොයාගන්න පුළුවන්.

අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සු කතාකරපුවා වායුගෝලයෙන් උකහා ගෙන ආයෙම කන්දෙකට ඇහෙන්න සලස්වන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු නම් තව මොන කතාද අපි ගාව තියෙන දත්ත ගැන. මොබයිල් ෆෝන් හා අනෙකුත් වයර්ලස් උපාංග වලට භෞතික අතපෙවීමකින් තොරව රේඩියෝ තරංග වලින්ම වෙනස්කම් සිදුකොට ඒ උපාංග වල සන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක කර තොරතුරු බාහිර ලෝකයට විවෘත කිරීමට තාක්ෂණය පොහොසත් නම් තවදුරටත් අපි සතු දත්තයන් තවමත් අපිම පමණක් දනිමුයි සිතිය හැකිද…?

%d bloggers like this: