යාන්තං දෙයියනේ කියලා සතියේ මැද්දේ හම්බුවෙචිචි නිවාඩු දවසේ, ටිකක් වැඩියෙන් නිදා ගන්න ඕනේ කියලා හිතාගෙන, අටාමාරට විතර ඇහැරිලා අනිත් පැත්ත හැරෙද්දිම…
පුතා… දැන් නැගිටින්න… අන්න යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා…. හහ්… අපේ අම්මගේ මිනි කිංකිණි හඬ්…
හපෝ… මුං නම්…! නිවාඩු දවසක් ආවොත්, එලිවෙද්දි එනවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් උස්සගෙන ෆිල්ම් ගෙනියන්න. උංගේ හිතේ මං දන්සැලක් කියලා.
හිතින් බැන බැන ගෙයින් එලියට බහින කොටම…. අම්මට සිරි…. ටී.සමන් ඇන්ඩ් ටී උදයංග කොලබරේෂන්. මුං දෙන්නව මං දැක්කේ අවුරුදු හතකින්. ස්කෝලෙන් අයින් උනත් හරි මුං දෙන්න අන්තරස් දහං වුනා. ටී.සමන් රට ගිය බව දන්නවා වගේම ඇත්තටම උගේ පින්තූර කෑලි වගේකුත් දැක්කා. ටී උදයංගත් රට ගියා කියලා ඇහුවා වුනාට කිසිම සාක්ෂිකයක් හම්බුනේ නෑ.
ඉතිං මේ දෙන්නා එදා උදේම අපේ ගෙදරට පාත් වෙලා. වරෙල්ලා ගෙට…
බෑ… බං… ඉක්මනට ඇඳුමක් දාගෙන වරෙන් බෝධි යන්න…!
මෙන්න යාළුවෝ… ස්කෝලෙ යද්දී වල බැහැපු, තියෙන ඔක්කොම ස්කෝලේ කාලයේ නරකයි කියන වැඩ අත්හදා බලපු සහ ඒවා පුරුද්දක් විදියට කරගෙන ගිය එවුන් දෙන්න අද මට බෝධි යන්න කතා කරනවා…! මිනිහෙක් රට යන්නම ඕනේද කොහෙද හැදෙන්න.
පස්සේ ඉතිං මාත් තද මැදලා, සෝයි ටී ෂර්ට් එකක් එහෙම ඇඳගෙන උං දෙන්නා ආපු රතුපාට මරුටියටම නැග්ගා.
ඔන්න යන ගමන් උංගේ විස්තර මට කියනවා, මගේ එකම විස්තරේ උන්ට කියනවා. පස්සේ කොහොම හරි ගඟ මැද මෙව්වා එකේ කාර් එක දාලා ගියා බෝධියට. යන කොට හාමුදුරු නමක් බන කියනවා. අරුං දෙන්නත් එක්කම ඊට පස්සේ බන නෑහෙන මානයක් බලලා වාඩි වුනා. ඔන්න දැන් තමා කතාව.
මචං… පොඩි කේස් එකක් බං. ඒ සමන්…
හ්ම්… හූ මිට්ට උදංගගෙන්…
කියපං බලන්න…
උඹට මතකද අර ෆර්ෂිමා කියන කෙල්ල…?
ආහ් අර මුස්ලිම් එකනේ…? තාත්තා මුස්ලිම් අම්ම සිංහල, කෑල්ලනේ… අර උඹ මැරීගෙන බැස්සේ…
ඔව් බං…
ඉතිං…
ඒකිව මට සෙට් වුනා… ඒත් පොඩි අවුලක් ඕයි…
ඒ මොකද්ද…
මට ඒකිව බඳිනවනම් උංගේ ආගමට එන්නලු….
ඉතිං පල…
බෑ බං… මට බෑ…
ඒ අස්සේ උදයංග… උංගේ අයියා මූට නෙලන්න හොයනවා බං…
මෙහෙමනේ මචං… ඔන්න දැන් අර හෙන්රි අයියා වගේ පොත පත ඇසුරෙන් ප්රශ්නය නිරාකරනය කරන්න තමා මගෙත් ට්‍රයි එක. මොකද මට ගහන්න එන්න අයියලා නෑනේ….
සමන්… දැන් උඹ බුදු දහම දන්නවා නේද…?
ඔව්… ඉතිං…
දැන් බලපං මචං… දේවදත්ත… උඹ හිතන්නේ ඌ බුදුහාමුදුරුවන්ගේ කව්රු කියලද….?
හතුරානේ බං…
ආච්චිගේ රෙද්ද… හතුරා නෙමෙයි යකෝ… බුදුහාමුදුරුවන්ගේ මස්සිනා….
ඔව්වා ඔහොම තමා බං. බුදුහාමුදුරුවන්ට මස්සිනා හතුරු කං කලා නං තොට නොකර ඉන්න තෝ ඊට වැඩිය ලොක්කෙක්ද…? අනිත් එක කෙල්ලගේ අයියා ඒකිව ඔහොම තියාගෙන ඉඳලා, ඌ අහවල් එක කරන්නද ඒකිට… නෑනේ බං… උඹටමනේ කරන්න වෙන්නේ… ඒක නිසා කෙල්ලව බැඳපං… බැයිනම් පැනලා පලයන්…! බබෙක් එක්ක එනකොට මස්සිනාගේ සැර බහිනවා. ඊට පස්සේ ඌ පොඩි එකාගේ මාමානේ… මාමලා ආදරෙයි නංගිගේ බබාට. බොරුනම් බලපංකෝ බැඳලා…
උදයංගත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන, ඒකනේ බං මාත් කිව්වේ… මූ බයේ බං. ස්කෝලේ කාලේ තිබ්බ චන්ඩිකම් දැන් බැහැලා.
ඊට පස්සේ සමන් කට පියං හිටියට ඌ කිසිදෙයක් ඔලුවට ගියේ නෑ කියලා උදයංගයි මායි දෙන්නම දන්නවා…
ඊට පස්සේ මේ ලඟඳී දවසක මට එනවා අංක පහක නොම්මරේකින් කෝල් එකක්. පිටරට එකක්…!
මචං… සමන්…!
අඩෝ කොහොමද බං..? උඹ රට ගියේ කවද්ද…?
උඹව හම්බුවෙන්න ඇවිත් සතිදෙකෙන්…
ආහ්… කොහොමද ඉතිං…
ඉන්නවා බං… පොඩි වැඩක් කියන්න ගත්තේ…
මොකද්ද බං…. උඹ ආයෙම ගහෙන් වැටුනවත්ද..?
විහිළු නෙමේ බං…. තෑන්ක්ස්….
මං අන්දුං කුන්දුං… මොනාද මේ මූ කියවන්නේ කියලා. කවදාවත් නැති තරම් සංවේදී විදියට.
මොකද බං…. සීන් එක..?
එදා උඹ කියපු දේවල් නිසා, මං හිත හදාගෙන කෙල්ල එක්ක පැනලා ගියා මචං. ඒකිට පාස් පෝට් හදාගෙන කෙලින්ම මෙහෙටම එක්ක ගෙන ආවා…
නෑහ්…
නෑ නෙමේ… ඔව් බං… ඒක කියද්දී සමන්ට ඇඬුන බව කට හඬ වෙනස් වෙන විදියෙන් දැනුනා.
හ්ම්… ඉතිං…. ඇත්තටම මටත් වෙන කියන්න දෙයක් නෑ ඒ වෙලාවේ.
දැන් වයිෆ්ට බබෙක් හම්බුවෙන්න ඉන්නේ… ඒක නෙමේ යකෝ වැඩේ… උගේ ඇඬිල්ල ක්ෂණිකව නැවතිලා… මාර හැපී මූඩ් එකකින්…
මස්සිනා කෝල් කර කර කියනවා, ලංකාවට ඇවිත් උගේ බිස්නස් වලට සෙට් වෙලා නංගිත් එක්ක ලංකාවේ හිටපං කියලා…! ඌට දැන් ආගම වෙනස් කරත් එකයි නැතත් එකයිලු. පොඩි එකාටත් ඕනේ නමක් තියපන්ලු. ඕනේ නම් කෙල්ලවත් බුද්ධාගමට ගනින්ලු. කොහොමහරි ලංකාවට වරෙන් කිය කිය අඬනවා ඕයි. එන්න යන වියදමත් දෙන්නම්ලු බං…. උඹ කිව්ව කතාව හරි බං, මාමල නංගිගේ බබාලට ආදරෙයි තමා බං…!
දැන් මං මොනා කියන්නද…? මං විහිළුවට කියපු දේ මූ ඇත්තටම කරලා දැන් එකේ සතුට විඳිනවා.
වරෙන් මචං වරෙන්… උඹලා එන එක හොඳයි…!
ඔව් බං… තව මාස තුනකින් විතර කන්ට්‍රෑක්ට් එක ඉවර කරලා මං එනවා. කියලා කෝල් එක කට් කරා.
මට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ට වැඩිය උඹ එකපැත්තකින් වාසනාවන්තයි බං. රාහුල කුමාරයා ඉපදුනාට පස්සෙවත් දේවදත්තගේ හතුරුකං නැවතුන නැති එකේ… බලපංකෝ උඹේ මස්සිනා….!
2012 මැයි 30 දින ප.ව. 12:17 ට
හම්මේ මම හිතුවේ මේක හෙන ජංජාලෙකින් කෙලවර වෙයි කියලා…. මෙහෙම වෙච්චි එක කොයිතරම් දෙයක්ද.මොනා උනත් එල කොල්ලෙක් ඒ දෙන්නටයි මාළුවටයි මගේ උපහාරය
2012 මැයි 30 දින ප.ව. 8:20 ට
අපි දෙන උපදෙස් වරදිනවද….
2012 මැයි 30 දින ප.ව. 1:40 ට
අහල නැද්ද ප්‍රස්තා පිරුලක් තියෙන්නෙ
“තනේ ඇත්නම් මාමාත් අම්මාය” කියල. කරුමෙ කියන්නෙ මට නං මාමල නෑ එකෙක්වත්! හැබැයි මම නං 4 දෙනෙකුගෙ මාම කෙනෙක්!
2012 මැයි 30 දින ප.ව. 8:21 ට
ආඩම්බර මාම කෙනෙක් එහෙනම්…
2012 මැයි 30 දින ප.ව. 1:41 ට
හික්ස්….. මොනවා වුනත් මාලුවගෙ උපදෙසක් වැඩ කොරලා නොවැ.සතුටු වෙයන් මාලුවෝ….:D
2012 මැයි 30 දින ප.ව. 8:21 ට
සතුටු නැතුව…
2012 මැයි 30 දින ප.ව. 1:49 ට
අයියා පටන් ගන්න උපදේශන සේවාවක්…..
2012 මැයි 30 දින ප.ව. 8:21 ට
ඔය එකක් දෙකක් හරිගියාට… හැම එකම හරියන්නේ නෑනේ නංගියේ…
2012 මැයි 30 දින ප.ව. 3:00 ට
මුස්ලිම් කියන වචනෙ නිසා මට නම් බයක් දැනෙනවා බං. ඔච්චර ආදරෙන් කථකරන්නෙ ගෙන්නගෙන දෙන්නටම ගේම දෙන්න වෙන්න පුලුවන්. සමාව දෙන්න කියලා කතාකරලා මේ වගේ කපල් මරපු අවස්ථා නම් තියෙනවා. මස්සිනා විතරක් නෙමෙයි මාමණ්ඩිලාත්.
හැම මුස්ලිම් කෙනාම එහෙමයි කියලා මම කියන්නෙ නෑ. ඒත් සමහර අය විශ්වාස කරනවානෙ වැරදි කළ කෙනා මැරීමෙන් පවුලට ගෞරවය ලැබෙනවා කියලා.. මම හිතන්නෙ කෝකටත් මස්සිනාගෙන් ඈත්වෙලා ඉන්න එක තමා හොඳ. මොකාට එනවද කියන්න බෑනෙ.
2012 මැයි 30 දින ප.ව. 8:22 ට
බලමු ඌ ආවම…
2012 මැයි 30 දින ප.ව. 3:24 ට
පැනලා යන එක අනුමත කලේ නැති වුනත් අවසානය ගැන පට්ට සතුටුයි…:) මාළුවත් එසේ මෙසේ උපදෙස් නෙමෙයිනේ දෙන්නේ…:D
2012 මැයි 30 දින ප.ව. 8:22 ට
ඔව්වා කසුන් හැමෝම දෙන උපදෙස් නෙවේනේ බං… ඒක නිසා ටක්කෙටම වැඩ.
2012 මැයි 30 දින ප.ව. 3:27 ට
මාළුවෝ නරකද කන්සල්ටන්සි වැඩක් වත් පටන් ගත්තොත්..
මේ වගේ උපදේශ දෙක තුනක් දුනේනොත් හොඳට ගොඩ යතෑකි..!!
2012 මැයි 30 දින ප.ව. 8:23 ට
අනිවාර්යෙන් ගොඩ යතෑකි….! මටත් එල්ලුම් ගස් යතෑකි… 😀
2012 මැයි 30 දින ප.ව. 3:39 ට
සිරාවටම ලකී කොල්ලෙක්
2012 මැයි 30 දින ප.ව. 8:24 ට
ඔව් … ඒක නම් ඇත්ත…
2012 මැයි 30 දින ප.ව. 6:10 ට
මට නං ඇල්ලුවේ නෑ ඒ එකපාරට වේ පෙරලුන එක… කොයිකටත් කෙලින්ම ඔලුව දාන්නේ නැතුව මුට්ටියක් දාලා බලන්න කියපං උඹේ යාලුවට..
2012 මැයි 30 දින ප.ව. 8:25 ට
මේ උඹ අර අස්සයා මැරිච්ච සෝරෝම නේද බං?
බලමු ඕක එන්න කලින් CID පාර දාලා ඇත්තේ…
2012 මැයි 30 දින ප.ව. 7:19 ට
ඇත්ත. ඇත්ත. මාමල නංගිලගෙ බබාලට ආදරේ තමයි. පන ඇරල. අපේ නංගිටත් ඉන්නව හුරතල් කෙලි පැටික්කියෙක්. මමත් හරි ආදරෙයි.
ඒකටත් එක්ක හරියන්න අක්කට ඉන්නව අණ්ඩපාල කොළුවො තුන් දෙනෙක්.
මටත් කියන්න තියෙන්නෙ උඹේ යාළුවට කෝකටත් පරිස්සමින්.
2012 මැයි 30 දින ප.ව. 8:25 ට
ඔක්කොමල මාව බය කරනවනේ දෙයියනේ….
2012 මැයි 30 දින ප.ව. 7:44 ට
අරූට පර්ස්සං වෙන්න කියපහං…මට නං පේන්නෙ ගොනා පොල් පැලේට වගෙයි හැරෙන්නෙ….. ඕව ලංකාවෙත් නෙවෙන දේවල් නෙවෙයි
2012 මැයි 30 දින ප.ව. 8:26 ට
මටත් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ….
2012 මැයි 31 දින ප.ව. 2:21 ට
හැබෑ හැබෑ මාළුවො! මම අහල තියෙනවා මාමාලගෙ මාපට ඇඟිල්ලට කිරි එරෙනවාළු සහෝදරියන්ගෙ දරුවො වෙනුවෙන්. හොඳම උදාහරණෙ අපේ තාත්තා!
2012 ජූනි 2 දින ප.ව. 2:30 ට
මම ඒ කතාව ඇහුවමයි…! ඇත්ත වෙන්න ඕනේ…
2012 මැයි 31 දින ප.ව. 3:31 ට
මටත් පොඩ් උපදෙසක් උවමනාවෙලා තියනව..බැරිවේද?
2012 ජූනි 2 දින ප.ව. 2:31 ට
උපදෙසක්… එල එල… කියපං ප්‍රශ්නේ මොකද්ද…
2012 මැයි 31 දින ප.ව. 5:32 ට
agree with ජෝජ් රජ්ජුරුවෝ. අරුට ඇලර්ට් පිට ඉන්න කියපන්.
2012 ජූනි 2 දින ප.ව. 2:31 ට
ඌ මීටරේ මචං… භය වෙන්න දෙයක් නෑ…
2012 මැයි 31 දින ප.ව. 10:50 ට
කොහොමත් යාලුවට පරිස්සම් වෙන්න කියන්න, මොකද ඔය වගෙ සාමෙට කතාකරලා ගෙම දෙන අය තමයි ඔය ජන වර්ගය…මගෙත් අක්කගෙ අවු3 පුතා මට පුදුම ආදරයක් තියෙන්නේ, මමත් එහෙමයි
2012 ජූනි 2 දින ප.ව. 2:32 ට
හ්ම්… බුවා රෙඩි පිට ඉන්නේ…
2012 මැයි 31 දින ප.ව. 11:36 ට
කපලා මූදේ දානවා කීවත් තමන්ගේ උන්ගේ කැක්කුම කාටත් දැනෙනවා . කොහොම වුණත් වැඩේ ගොඩින් බේරුණ එකම මදෑ .. ඒත් යාලුවට පරිස්සම් වෙන්ඩ කියාපන් ..
2012 ජූනි 2 දින ප.ව. 2:32 ට
ඔව් බං… ෂුවර් කරන්න ටිකක් අමාරුයි තමා…
2012 ජූනි 2 දින ප.ව. 4:45 ට
එන පොට නම් එච්චරම හොද නෑ වගේ…
2012 ජූනි 2 දින ප.ව. 9:21 ට
බලමු… ගේමක් සෙට් වුනොත් ඉතිං උඹලා ඉන්නවනේ…