ෆයිල් නේමිං….!!!

ඔය කොම්පූටරේ තියෙනවනේ… ඉතිං ඒකේ ෆයිල් තියෙනවනේ…. ෆයිල් තියෙන්නේ ෆෝල්ඩර් ඇතුලෙනේ… ඉතිං ඒ ෆෝල්ඩර් වලට එක එක නමුත් තියෙනවනේ…! අන්න එහෙම නම් තියෙන ෆෝල්ඩර් වලට ගොඩක් දෙනා නම් දාන්නේ හොඳට හිතලා බලලා.

මේං අපේ හිත රත්තරං (HR) ඩිපාමන්ට් එකේ එකෙක්ගේ ෆෝල්ඩර් වල නම් ටික. මේ ලඟදී අදාල ස්ථානයට ගිය දවසේ තමා ඕක දැක්කේ. ඔය සොයිසා කියන්නේ ප්‍රඩක්ෂන් මැනේජර්. බුවාගේ ඔක්කොම කුණු අදින්නේ ඔය මැෂිමේ අයිතිකාරය. ඒ මදිවට වැඩ කරන අයගේ එක එක විස්තරත්, ප්‍රඩක්ෂන් මැනේජර් ඉල්ලන විදියට සපයන්නෙ බුවාම තමා. ඉතිං දවසගානේ ඔය ඔක්කොම කරද්දි මෑන්ස්ට හෙන සනීප ඇති. නැත්තං ඔය වගේ රත්තරං නම් ටිකක් දාවියැ…!

ඒ වගේම… සමහරුන්ගේ මෙව්වා ෆෝල්ඩරේ නම System Files (do not delete) හරි Class Lessons (PDF) හරි Special documents (Do not open) වගේ හෙන වැදගත් නමක්. තියෙන්නෙත් කොහෙ හරි ක්‍රිටික්ල් ෆෝල්ඩර් එකක් අස්සට ඔබලා. ඇතුලේ තියෙන එව්වත් ඉතිං ඒ වගේම ක්‍රිටිකල්. මොබයිල් ෆෝන් වලනම් ඔය තත්ත්වය වෙනස්. මොකක් හරි එකක් හොයාගන්න ඕනේ වුනාම ජින්තු බහින කම්ම ෆෝල්ඩර් ඕපන් කරන්න ඕනේ. ෆෝන් එකේ අයිතිකාරයට ඇරෙන්න හොයාගන්න බෑ… ඒ මෙව්වා එක තියෙන තැන ට්‍රී වීව් එකක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තමා ගොඩක් කොල්ලන්ගේ ෆෝන් වල…

තව කතාවක් මතක් වුනා. ඉස්සර යාළුවෙක්ගේ ගෙදර පාඩම් කරන්න ගියාම, පාඩම් කරන ගමන් ඌ කෑල්ලට ලියපු ලියුම් සහ කෑල්ල ඌට ලියපු ලියුම් අපි කියවනවා. පොර ඒ ටික හංගලා තිවුනේ ටවර් සීපීයූ කේසින් එකේ ඇතුල් පැත්තේ උඩ ඩබල් සයිඩ් ටේප් එකකින් අලවපු පොඩි කාඩ් බෝඩ් පැකේජ් එකක් විදියට. කාටවත් නොපෙනෙන්න කේබල් වලින් වැහෙන්න සෙට් කරලා තිබුනේ. ඉතිං දවසක් දා පාඩම් කරන්න ගිහිං උගේ ලියුම් ට්ක කියවන්න බලද්දී මෙන්න බොල ට්‍රාන්ස්පේරන්ට් පොලිතින් එකක දාපු සීරීම්, පලුදු වීම් නැති මුකුත් නැති කිරිටොයියා සීඩී එකක් සීපීයූ කේසින් එක ඇතුලේ. අපිට හොරෙන් අපේ යාළුවෝ නරක වැඩ කරන්නේ නැති නිසා අපි දන්නවා ඒක මැෂින් එක අයිතිකාරයාගේ නෙවේ කියලා. ඒත් එහෙනම් කාගෙද ඒක…?

ඒක උගේ බාප්පගේ…!

බාප්පට හංගන්න තැනක් නැති පාර යාළුවගේ කොම්පූටර් කේසින් එක ඇතුලේ හංගලා. සිඩී එකේ උඩ නිල් පාට පර්මනන්ට් මාකර් එකකින් ලියලා තිබුනා නමක්, Camellia කියලා…!  ආයෙ ඉතිං අපි නොදන්න මල්යැ ඒවා… ඒක නිසා අපි සියළු දෙනා එදා ගොඩක් රෑ වෙනකං සතුටින් පාඩම් කරලා, සීඩි එකත් තිබ්බ විදියටම තියලා වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා…!

Advertisements

31 Responses to “ෆයිල් නේමිං….!!!”

  1. janitheco Says:

    හික් හික්… Camellia… 😀

    • Gold fish Says:

      ලස්සන මල් ජාතියක්…!!!

      • janitheco Says:

        ආයෙත් ඔය මල් පිපිලා තියනවා දැක්කොත් ටොරෙන්ට් එකකුත් පොස්ට් කරන්නකෝ… ලොල්

      • Gold fish Says:

        හොඳට හිටියි….:D

  2. Mourya Raj Says:

    අපි සියළු දෙනා එදා ගොඩක් රෑ වෙනකං සතුටින් පාඩම් කරලා, සීඩි එකත් තිබ්බ විදියටම තියලා වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා…!
    අන්න ඒ කෑල්ලටයි මම කැමති.

  3. praveena Says:

    ‘සතුටින් පාඩම් කරලා’ අනේ… අනේ… කට්ටියගේ වැඩ. 🙂

    • Gold fish Says:

      පාඩම් කරන විදියේ වුනත් විවිධත්වයක් තිබුනම මොකද වෙන්නේ….

  4. Sarath Lankapriya Says:

    එදා රෑ නම් නින්ද යන්න ඇති හොඳට මගේ හිතේ..

    • Gold fish Says:

      මොන නින්දක්ද අයියේ… එදා තමා වැඩියෙන්ම රෑ වෙනකම් පාඩම් කලේ…

  5. DDT Says:

    මමත් කැමතිම අර අන්තිමට තියන කෑල්ලට.
    // අපි සියළු දෙනා එදා ගොඩක් රෑ වෙනකං සතුටින් පාඩම් කරලා, සීඩි එකත් තිබ්බ විදියටම තියලා වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා…! //
    ඔය වෙනදට වැඩිය කලින් ගෙවල්වල ගියේ ඕක බලල ගෙදර ගිහින් කරන්න එහෙම වෙන වැඩ තිබුණු නිසා ද? 😀 😀

  6. Glimmer Girl Says:

    he he he no comments 😛

  7. Sumith Niriella Says:

    //වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා…//

    අත්වැඩ තියෙන්න ඇති නේද…?

  8. රූ Says:

    මෙහෙම පාඩම් කරලා මොන විභාග පාස් වුනාද දන්නෑ..
    ඒක නෙවි අර HR ළමයගෙ ෆෝල්ඩර් ටිකේ නම් ටික අපූරුයි..

    • Gold fish Says:

      HR ළමයාගේ තව තියෙනවා අක්කේ… ඒවා දාන්න බෑ… ඔය තමා සැර නැති ටික.

  9. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    පට්ට පදිරියි ඈ…. මේ එදා ගෙදර ගිහිල්ල අත කඩා ගන්නැති නේ??? අම්මේ.. ඒ අර මල් සීඩී එකේ තිබ්බ ඒව අපිටත් දියංකෝ බං…. 😀

  10. රොබින් Says:

    ඒක බලලා ඉවර වෙලා එතනින්ම තියපු එක හොදා නැත්නම් පව් අර අහිංසකයා…….

  11. මඩිස්සලේ නිශාන් Says:

    පුතාලටම හරියන බාප්පා

  12. ගිනි කුරුල්ලා Says:

    ට්‍රී වීව් එක නම් පට්ටය…..

  13. Dinesh Says:

    ” කැමීලියා මල් සුවදට..”

    ඉස්සර ඕවා හන්ගන්න දුන්න ගේම් නම් කියලා වැඩක් නෑ.. 🙂

  14. X-Porter Says:

    “අපි සියළු දෙනා එදා ගොඩක් රෑ වෙනකං සතුටින් පාඩම් කරලා, සීඩි එකත් තිබ්බ විදියටම තියලා වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා. එදා කරපු පාඩම කොච්චර හිතට වැදුනද කිවුවොත් අපි අල්ලපොතේ තියංමයි නිදාගත්තෙ….!”


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: