කේන්දරේ බලා ඇත…!

මේ ලෝකේ දෙයක් හිතේ නැති කොට

හම්බුන අළුත් මැසිමටම කොට කොට

මොනිටරේ බලුප් එකෙන් වැටෙන නිල් පාට එලියට,

දිලිසෙන ක්‍රිස්ටල් කෑල්ල දිහා බලාගෙන…

කොටන්නට ගත් මේ මෙව්වා එක

අනේ මන්දා කොහෙන් නවතීද…!

 

ඊයේ ගෙදරින් කේන්දරේ බලා ඇත…!

අහෝ..! මයෙ පපුව පත්තු වුන අපූරුව

 

ඉතිං මොනාද අම්මේ කිව්වේ…?

 

මම නෙවෙයි මයෙ කට, ඉස්සර වුන හැඩ මටත් පෙර

 

අම්මා නිහඬය….          ……        තාමත් නිහඬය….          …..

 

මට දැන් සැකය… අම්බානෙටම.

කේන්දර ගෑණිට නෙලන්නටම සිත්විය

අඩුම ගානේ කුණු බිත්තර පාරක් වත්….!

සුවර් එකටම අම්මාට කිය ඇත…

එදා ඉඳන් මං බය වුනේ ඕකටය.

දැන් මයේ පෙම් හිත, අම්ම ලඟ  නිරුවත්ය…

අම්මලාට හොරා මගුල් නැටුවට, ග්‍රහයෝ එක්ක එව්වා බැරිය

උං අහසේ ඉඳ සියල්ල බලා සිට,

අවස්ථාවක් ආ ගමන් තබයි මහ එවුන්ගේ කන්වල

අන්තිමේ අම්මලාට කියා උන්, නටවන්නේ අපිවමය…!
 

| මුකුත් නෑ පුතේ… ඔයාට නම් සිකුරා ලබලා තියෙන්නේ  කිව්වේ.

| දැනටම එක්කෙනෙක් හොයාගෙනත් කිව්වා තියෙන්නේ…!

| ඒ ළමයත් හොඳ චාම් ළමයෙක් කිව්වා…

| හිතුවක්කාර විදියට කෙරෙන්නෙත් නෑ කිව්වා…

 
මට දැන් තවත් සැකය….

මගෙ කටින් අල්ලන්න හොර වැඩ… හිහ්… එව්වනම් හීනය….

එක්කෝ මයෙ එක කියා මල්ලිගේ කේන්දරේ බලා ඇත.

නැත්තං කේන්දර ගෑණි පහේ ටොපියක් කා, මගේ එක බලා ඇත.

ඒත් නැත්තං ග්‍රහයෝ ටික මට අනුකම්පා පිනිස යමක් කර ඇත…!

 

එතකොට මල්ලිට මොකද කිව්වේ…?

 

කුහක හිතුවිලි පුරෝගෙන… ඇහුවේ,

හැමදාමත් මට වැඩිය හොඳ දෙයක් ඌට කියන බැවිනි…!

මෙදා පාරත් අනිවා එහෙමය… අහන්නට දෙයක් නැතිය…

ග්‍රහයන්ට අනුව…. ඌ පට්ට හොඳය…

 

|මල්ලිට නම් තාම හරියට ස්ථිර එකක් නෑ කිව්වේ…

|තාම පොඩි නිසා, ඒක හරියයි කිව්වා ඉස්සරහට…

|එයත් හිතුවක්කාර නෑ කිව්වා…

 
ෂාහ්…. මරුය … කොහොමද පොඩිකාලේ කේන්දර…

ලොකු වෙද්දී වෙනස් වෙන ලස්සන

ඔව්වා අම්මලාගෙන් අහන්න බැරිය…

මං ගැන සැක හිතන්නට පුළුවන

 

ග්‍රහයෝ කැහි පැනි ගසා ඇත…

කේන්දර නැන්දි අඩුවෙන් නිදා ඇත…

මෙදා පාර හරියටම නිවරදිය…

ඇත්ත ජය ගෙන ඇත..!

ඒ අස්සේ…

ග්‍රහචාරය අනුව…

මටද සිකුරා ලබා ඇත…! (ආච්චිගේ රෙද්ද)

 

ඉතිං…. දැන් පරිස්සං වෙන්ට ඕනෑය…!

නැත්තං ඉක්මනට බබා හම්බුවෙනු ඇත….!
 

51 Responses to “කේන්දරේ බලා ඇත…!”

  1. මාඩා Says:

    එළය… පට්ටය…
    ළගදිම අපිටත් වෙඩින් කේක් කෑල්ලක් කා හැකිය….

    සිකුරා පට්ටය… පට්ටම පට්ටය….

  2. sarath Lankapriya Says:

    අම්මෝ මෙන්න තවත් එක්කෙනෙක් අපේ ක්ලබ් එකට (බැඳී සමුළුවට ) එක්වෙන්න හදනවා. අයියෝ මොලේ නරක වෙලාද මන්දා

  3. cjgayan Says:

    උඹට සිරාවටම සිකුරා ලබලද බං.. කෝ පොඩ්ඩක් ඔය මුණ පෙන්නපන් බලන්න..

  4. DDT Says:

    අයියෝ … කේන්දර ගැන නම් ශත පහකට විශ්වාස කරන්න එපා බං, ඔය කේන්දර බලන එවුන් කියන්නෙ නිකන් කොමන් කතන්දර. නිසි වයසට ආපු මොන කොල්ලද කෙල්ලො ගැන හිතන්නෙ නැත්තෙ. අම්මලත් ඕක උස්සගෙන ගියපු ගමන් ඒ යක්කුත් දෙසාබානව රටේ නැති මඟුල්. ඊට පස්සෙ ඉතින් නැති ප්‍රශ්න. ඔය පත්තරවල තියෙන ලග්න පලාඵල බලපංකො, වැඩි හරියක් තියෙන්නෙ අද වැස්සොත් හෙට පාර මඩවෙයි වගේ කතා.
    මල්ලිට ඊර්ශ්‍යා කරන්න එපා මචං, මට එහෙම එකෙක් නැති එක ගැන මම දුක් වෙනව. හදිස්සියකට කඩේටවත් යවාගන්න ඉන්න එකානේ. 😀

  5. නිසුපා Says:

    ඈහ්…. මාරනෙ…
    ඒ කියන්නෙ උඹ ගොඩ ගිහින්ද???

  6. Mourya Raj Says:

    සිකුර ලැබුවම “හතර අතේ……… ලැබෙනව” හැබැයි එකක්වත් ඉස්තීර නෑ 🙂

  7. ගිනි කුරුල්ලා Says:

    මාළුවාගේ රෙදි ගැලවී ඇත… ‍

    //ළඟදිම කේක් කෑල්ලක් කන්න පුළුවන් එහෙනම්..

  8. mohan kanishka Says:

    ubalage amma balanna kalinma mama danagena hitiya ubata sikura labala kiyala

  9. නවම් Says:

    පද ගැලපිල්ල නං එලය ඒත් මඟුල් ගැන නං මගෙන් අහන්න එපාය. ඒකට හේතුව උඹ දන්නවාය හැක් හැක හැක් යැ.
    උඹට තකහණියක් අර ඇඩ්‍රස් හොයන්න කිව්වේ අහවල් දෙයකටදැයි දැන් මනාව වැටහේ.

  10. praveena Says:

    හොඳයි. හොඳයි. අපිටත් වෙඩිම කියන්ට. 🙂

  11. Weniwel Says:

    මන් නම් හිතුවා ඔහොම වෙයි කියලා…

  12. සිතුවම් Says:

    ඔය සිකුරා ඉස්සර කරගෙන හදිසි වෙලා වැඩේ කෙළවගන්නව නෙවේ බොල.පරිස්සමෙන්..

  13. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හුරේ වෙඩිමක් අත ළග ඈ…. කෙල්ල චාම් උනාට අපි දන්නවනෙ මූට හිතුවක්කාර වැඩ කොරන්න බැරි විත්තිය… අඩෝ මගේ ඇඩ්‍රස් එකට ඉන්විටේශන් එකක් එවපං මගේ පවුලට ගෑවිච්ච හරි එකෙක්ට එන්න පුලුවං විදියට හරියේ…..

  14. Dinesh Says:

    ජය වේවා අයියේ.. මටත් මේ දවස් වල සිකුරා ලබලා කියලා.. අපේ අම්මත් බැළුවේ අයියගේ අම්මා බලපු තැනින්මද මන්දා… 🙂

  15. මඩිස්සලේ නිශාන් Says:

    හොද වෙලාවට මගේ කේන්දරේ නැහැ තිබ්බත් ඔය වගේ කියන්න දේවල් මුකුත් නැහැ!

  16. Hareendra Perera Says:

    “නැත්තං ඉක්මනට බබා හම්බුවෙනු ඇත….!”
    සිකුරටද? තොටද? යශෝධරාටද?

  17. Glimmer Girl Says:

    he he he he heh ehenam ayyage wedding ekath langadime kerey ne 😛 😀

  18. අටම්පහුර Says:

    කලින් කිහිප වතාවක් ඇවිත් ඇතත් අද තමයි මෙ කොටන්නේ. කෙන්දර වල තියන එව්වා හරි මන් හිතන්නේ. බ්ලොග් එක මරැ

  19. හංසකිංකිණි Says:

    අනේ බොලං පිෂ් මලයො… අම්ම ඔය හදන්නෙ උඹේ කටිං අල්ලගන්ඩ… ඕං අහුවෙලා හිරේ වැටෙනව නං චෑන්ස් එක

  20. හිරු Says:

    ඒ කියන්නේ ලගදීම කේක් කන්න පුළුවන්ලු කට්ටියටම….;)

  21. Mr.Sithi Says:

    කේන්දරේ මොනා කිවුවත් දැම්ම බදින්නනම් එපා පුතෝ…

  22. dream boy Says:

    මාර සීන් එක මාළු වෙඩින් වලට කේක් ද දෙන්නේ පාසිද ?

  23. රූ Says:

    මේ බ්ලොග් කට්ට අම්මා බැලූ දවසට මීට වඩා අනාවැකි කීමට ඇයට හැකි වේ යැයි සිතේ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: