මේ ලෝකේ දෙයක් හිතේ නැති කොට
හම්බුන අළුත් මැසිමටම කොට කොට
මොනිටරේ බලුප් එකෙන් වැටෙන නිල් පාට එලියට,
දිලිසෙන ක්රිස්ටල් කෑල්ල දිහා බලාගෙන…
කොටන්නට ගත් මේ මෙව්වා එක
අනේ මන්දා කොහෙන් නවතීද…!
ඊයේ ගෙදරින් කේන්දරේ බලා ඇත…!
අහෝ..! මයෙ පපුව පත්තු වුන අපූරුව
ඉතිං මොනාද අම්මේ කිව්වේ…?
මම නෙවෙයි මයෙ කට, ඉස්සර වුන හැඩ මටත් පෙර
අම්මා නිහඬය…. …… තාමත් නිහඬය…. …..
මට දැන් සැකය… අම්බානෙටම.
කේන්දර ගෑණිට නෙලන්නටම සිත්විය
අඩුම ගානේ කුණු බිත්තර පාරක් වත්….!
සුවර් එකටම අම්මාට කිය ඇත…
එදා ඉඳන් මං බය වුනේ ඕකටය.
දැන් මයේ පෙම් හිත, අම්ම ලඟ නිරුවත්ය…
අම්මලාට හොරා මගුල් නැටුවට, ග්රහයෝ එක්ක එව්වා බැරිය
උං අහසේ ඉඳ සියල්ල බලා සිට,
අවස්ථාවක් ආ ගමන් තබයි මහ එවුන්ගේ කන්වල
අන්තිමේ අම්මලාට කියා උන්, නටවන්නේ අපිවමය…!
| මුකුත් නෑ පුතේ… ඔයාට නම් සිකුරා ලබලා තියෙන්නේ කිව්වේ.
| දැනටම එක්කෙනෙක් හොයාගෙනත් කිව්වා තියෙන්නේ…!
| ඒ ළමයත් හොඳ චාම් ළමයෙක් කිව්වා…
| හිතුවක්කාර විදියට කෙරෙන්නෙත් නෑ කිව්වා…
මට දැන් තවත් සැකය….
මගෙ කටින් අල්ලන්න හොර වැඩ… හිහ්… එව්වනම් හීනය….
එක්කෝ මයෙ එක කියා මල්ලිගේ කේන්දරේ බලා ඇත.
නැත්තං කේන්දර ගෑණි පහේ ටොපියක් කා, මගේ එක බලා ඇත.
ඒත් නැත්තං ග්රහයෝ ටික මට අනුකම්පා පිනිස යමක් කර ඇත…!
එතකොට මල්ලිට මොකද කිව්වේ…?
කුහක හිතුවිලි පුරෝගෙන… ඇහුවේ,
හැමදාමත් මට වැඩිය හොඳ දෙයක් ඌට කියන බැවිනි…!
මෙදා පාරත් අනිවා එහෙමය… අහන්නට දෙයක් නැතිය…
ග්රහයන්ට අනුව…. ඌ පට්ට හොඳය…
|මල්ලිට නම් තාම හරියට ස්ථිර එකක් නෑ කිව්වේ…
|තාම පොඩි නිසා, ඒක හරියයි කිව්වා ඉස්සරහට…
|එයත් හිතුවක්කාර නෑ කිව්වා…
ෂාහ්…. මරුය … කොහොමද පොඩිකාලේ කේන්දර…
ලොකු වෙද්දී වෙනස් වෙන ලස්සන
ඔව්වා අම්මලාගෙන් අහන්න බැරිය…
මං ගැන සැක හිතන්නට පුළුවන
ග්රහයෝ කැහි පැනි ගසා ඇත…
කේන්දර නැන්දි අඩුවෙන් නිදා ඇත…
මෙදා පාර හරියටම නිවරදිය…
ඇත්ත ජය ගෙන ඇත..!
ඒ අස්සේ…
ග්රහචාරය අනුව…
මටද සිකුරා ලබා ඇත…! (ආච්චිගේ රෙද්ද)
ඉතිං…. දැන් පරිස්සං වෙන්ට ඕනෑය…!
නැත්තං ඉක්මනට බබා හම්බුවෙනු ඇත….!