ඇඟිල්ලක් තරම් උස නෑ… ඒ වුනාට කරන වැඩ…!
තාත්තා එක්ක සීනි කැට හොරකම් කරන්න යන මේ ගෑණු ළමයා ජීවත් වෙන්නේ පුංචි ගේක. කොයිතරම් පුංචියිද කියනවනම්…. හ්ම්… එක්කෝ ඕනේ නෑ…! පුංචියි… ගොඩක්…! තනකොල පෙත්තෝ… මේ ගෑණු ළමයගේ ඉන හරියට. එතකොට කූඹි… කූඹියෙක් , ගෑණු ළමයගේ අල්ල පිරෙන්න. පූසෝ…. අම්මෝ, පූසෝ නම් ගෑණු ළමයට වැඩිය ගොඩක් ලොකුයි…!
දැන් ඉතිං කට්ටිය හිතයි, යෝධ සත්තු ඉන්න ලෝකයක් ගැන තමා මේ කියන්නේ කියලා. නෑ… එහෙම නෙවේ… මේ කියන්නේ අරියටි කියලා පුංචිම පුංචි ගෑණු ළමයෙක් ඉන්න කතාවක් ගැන. කතාව කියන්නේ නෑ… මේං ලින්ක් එක බාගෙන බලන එකයි. (මට කතාව කියන්ටත් ඕනේ… ඒ වුනාට එතකොට වැඩක් නැති නිසා අමාරුවෙන් ඒ ටික නවත්තගෙන ලියනවා)
මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ ජපන් භාෂාවෙන් වුනාට. මේ වෙද්දි තවත් භාෂා කීපයකටම පරිවර්තනය වෙලා තියෙනවා. මේරි නෝර්ටන් කියන ලේඛිකාව අතින් ලියවිලා 1952 දී පොතක් විදියට පුංචි අයගේ අතට පත්වුන “ණයට ගන්නෝ“ – “The Borrowers” පොත අනුව ද්විමාන (2D) කාටුන් එකක් විදියට චිත්රපටයකට නැගිලා තියෙන්නේ 2010දී ජපානෙදී. මේකේ නම වෙන්නේ “The Secret World of Arrietty ” – අරියටිගේ රහස් ලෝකය…!
ඇක්ෂන් ෆිල්ම්… ඒ කියන්නේ කඩු පයිට්, ගන් පයිට් තියෙන මූවි බලලා බලලා හෙම්බත් වුනාම ෂේප් එකේ බලන්න පුළුවන් මූවි එකක් මේක. ඇත්තටම අර වලි ගහගන්න එව්වායෙන් ඉහල නංවන රුධිර පීඩනය හා කේන්තිය මුසු හැඟීම් ගොඩට රන්කිරි බිංදුවක් වට්ටනව වගේ මූවි එකක්. කාටුන් තමා, ඒත් කම්මැලි කමක් නම් දැනෙන්නේ නෑ. වැඩිහිටියන්ට කෙසේ වෙතත් පොඩි හිටියන්ට නම් උපරිමයි. ගෙවල් වල පුංචි අය ඉන්නවනම් හරි තාම නැවේ එනවා නම් හරි මේව එකතු කරලා තියාගත්තම මක්ක වෙනවද…!
2012 මැයි 10 දින පෙ.ව. 7:57 ට
ස්තූතියි…
2012 මැයි 10 දින ප.ව. 3:31 ට
එලකිරි
2012 මැයි 10 දින පෙ.ව. 8:17 ට
හික්ස්.මම නම් ඔන්න එකතු කරන්න ඕන ලිස්ට් එකට දාගත්තා..
2012 මැයි 10 දින ප.ව. 3:35 ට
ඉතිං අක්කා ගාව තියෙන ලිස්ට් එකේ අනිත් එව්වා ටික අපිට කියන්න…
2012 මැයි 10 දින පෙ.ව. 8:40 ට
අපි වගේ පුංචි ළමයිට බලන්න මේවගේ ඒවා දාන එකට තැන්කු මාමේ……. 😉
ඔන්න මාත් බාන්න හදන්නේ…
2012 මැයි 10 දින ප.ව. 3:36 ට
උඹල වගේ බබාලට නෙවෙයි, වෙන්ඩ තාත්තලට තමා මේවා වැදගත්….
2012 මැයි 10 දින පෙ.ව. 9:20 ට
කොච්චර උනත් කාටුන් එකක තියෙන ගතිය නෑ ඔය එක ෆිල්ම් එකකවත්
2012 මැයි 10 දින ප.ව. 3:37 ට
ඒක නම් ඇත්ත අක්කේ…
2012 මැයි 10 දින පෙ.ව. 10:34 ට
ආ….. ඔය අර ආරියවතීගේ රහස් ලෝකය එකේ ජපන්එක නේද?
2012 මැයි 10 දින ප.ව. 3:39 ට
ආරියවතී කිව්වේ බං…??? අර ටවුමේ තැඹිලි විකුණන කෙනාද…?
2012 මැයි 10 දින ප.ව. 2:42 ට
මේ කෙහම්මල් බොගක් හිංද පිචර් එකක් බලන්නවත් වෙලාවක් නෑ
2012 මැයි 10 දින ප.ව. 3:40 ට
හිකිස්… බොග පටන් ගත්තම එහෙම තමා…
2012 මැයි 10 දින ප.ව. 8:09 ට
මේ තැන්කූ එක මගෙන් නෙමේ. මගේ චූටි දෝනිගෙන්.ජය…!
2012 මැයි 10 දින ප.ව. 8:13 ට
මූවි එක අරගෙන බලලත් ඉවරද… 😀 චූටි දෝනිට කියන්න තව ඔය වගේ හොඳ මූවි හම්බුනොත් ෂෙයාර් කරන්නම් කියලා.
2012 මැයි 10 දින ප.ව. 9:01 ට
The Borrowers කියල චිත්රපටියකුත් තියෙනව.
http://en.wikipedia.org/wiki/The_Borrowers_(1997_film)
2012 මැයි 11 දින ප.ව. 9:31 ට
ඇත්තනේන්නම්…
2012 මැයි 11 දින පෙ.ව. 5:11 ට
මම හිතුවේ ඇත්තටම පොඩි කෙල්ලක් ගැන කතාවක් ලියලා කියලා . බලන්නම්. බලන්නම්. දැන් බලන්ට තියන ලිස්ට් එක හරිම දිගයි.:-)
2012 මැයි 11 දින ප.ව. 9:33 ට
ඔව්ව ඉස්සරහට වැදගත් වෙනවා හොඳද…. “අම්මේ අම්මේ ගාන කොට, ආ… ඉන්න ටිකක් ලස්සන ෆිල්ම් එකක් තියෙනවා” කියලා ඒක දාලා දීලා ගෙදර දොරේ වැඩක් කරගන්න පුළුවන්…
2012 මැයි 11 දින ප.ව. 6:37 ට
තැන්කියූ ගෝල්ඩ් ෆිෂ් මාමේ 😛
2012 මැයි 11 දින ප.ව. 9:34 ට
මාමේ….? හොඳමයි සීයේ…
2012 මැයි 12 දින ප.ව. 6:30 ට
ගෝල් පිස් සීයට තැන්කූ ගොඩක්….. 😛
2012 මැයි 13 දින පෙ.ව. 7:17 ට
හොඳමයි පුතේ…
2012 මැයි 12 දින ප.ව. 6:38 ට
තැන්කු වේවා!! කාලෙකින් මේ පැත්තේ ආවේ.. කෝ ඉතින් අපේ පැත්තේ එන්නේ නෑ නේ..
2012 මැයි 13 දින පෙ.ව. 7:18 ට
එල… ඇත්ත තමා මචං. මං ‘ඇරුණැල්ල’ විඳලා නෑ තමා… අද ඉඳන් හරි…