සීනි කැට හොරකම් කරන කෙලි පොඩ්ඩ…

ඇඟිල්ලක් තරම් උස නෑ… ඒ වුනාට කරන වැඩ…!

තාත්තා එක්ක සීනි කැට හොරකම් කරන්න යන මේ ගෑණු ළමයා ජීවත් වෙන්නේ පුංචි ගේක. කොයිතරම් පුංචියිද කියනවනම්…. හ්ම්… එක්කෝ ඕනේ නෑ…! පුංචියි… ගොඩක්…! තනකොල පෙත්තෝ… මේ ගෑණු ළමයගේ ඉන හරියට. එතකොට කූඹි… කූඹියෙක් , ගෑණු ළමයගේ අල්ල පිරෙන්න. පූසෝ…. අම්මෝ, පූසෝ නම් ගෑණු ළමයට වැඩිය ගොඩක් ලොකුයි…!

දැන් ඉතිං කට්ටිය හිතයි, යෝධ සත්තු ඉන්න ලෝකයක් ගැන තමා මේ කියන්නේ කියලා. නෑ… එහෙම නෙවේ… මේ කියන්නේ අරියටි කියලා පුංචිම පුංචි ගෑණු ළමයෙක් ඉන්න කතාවක් ගැන. කතාව කියන්නේ නෑ… මේං ලින්ක් එක බාගෙන බලන එකයි. (මට කතාව කියන්ටත් ඕනේ… ඒ වුනාට එතකොට වැඩක් නැති නිසා අමාරුවෙන් ඒ ටික නවත්තගෙන ලියනවා)

මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ ජපන් භාෂාවෙන් වුනාට. මේ වෙද්දි තවත් භාෂා කීපයකටම පරිවර්තනය වෙලා තියෙනවා. මේරි නෝර්ටන් කියන ලේඛිකාව අතින් ලියවිලා 1952 දී පොතක් විදියට පුංචි අයගේ අතට පත්වුන “ණයට ගන්නෝ“ – “The Borrowers” පොත අනුව ද්විමාන (2D) කාටුන් එකක් විදියට චිත්‍රපටයකට නැගිලා තියෙන්නේ 2010දී ජපානෙදී. මේකේ නම වෙන්නේ  “The Secret World of Arrietty ” – අරියටිගේ රහස් ලෝකය…!

ඇක්ෂන් ෆිල්ම්… ඒ කියන්නේ කඩු පයිට්, ගන් පයිට් තියෙන මූවි බලලා බලලා හෙම්බත් වුනාම ෂේප් එකේ බලන්න පුළුවන් මූවි එකක් මේක.  ඇත්තටම අර වලි ගහගන්න එව්වායෙන් ඉහල නංවන රුධිර පීඩනය හා කේන්තිය මුසු හැඟීම් ගොඩට රන්කිරි බිංදුවක් වට්ටනව වගේ මූවි එකක්. කාටුන් තමා, ඒත් කම්මැලි කමක් නම් දැනෙන්නේ නෑ. වැඩිහිටියන්ට කෙසේ වෙතත් පොඩි හිටියන්ට නම් උපරිමයි. ගෙවල් වල පුංචි අය ඉන්නවනම් හරි තාම නැවේ එනවා නම් හරි මේව එකතු කරලා තියාගත්තම මක්ක වෙනවද…!

Advertisements

24 Responses to “සීනි කැට හොරකම් කරන කෙලි පොඩ්ඩ…”

  1. Asanka Says:

    ස්තූතියි…

  2. රූ Says:

    හික්ස්.මම නම් ඔන්න එකතු කරන්න ඕන ලිස්ට් එකට දාගත්තා..

    • Gold fish Says:

      ඉතිං අක්කා ගාව තියෙන ලිස්ට් එකේ අනිත් එව්වා ටික අපිට කියන්න…

  3. මාඩා Says:

    අපි වගේ පුංචි ළමයිට බලන්න මේවගේ ඒවා දාන එකට තැන්කු මාමේ……. 😉
    ඔන්න මාත් බාන්න හදන්නේ…

    • Gold fish Says:

      උඹල වගේ බබාලට නෙවෙයි, වෙන්ඩ තාත්තලට තමා මේවා වැදගත්….

  4. පිණිබිඳු Says:

    කොච්චර උනත් කාටුන් එකක තියෙන ගතිය නෑ ඔය එක ෆිල්ම් එකකවත්

    • Gold fish Says:

      ඒක නම් ඇත්ත අක්කේ…

  5. රාජ් Says:

    ආ….. ඔය අර ආරියවතීගේ රහස් ලෝකය එකේ ජපන්එක නේද?

    • Gold fish Says:

      ආරියවතී කිව්වේ බං…??? අර ටවුමේ තැඹිලි විකුණන කෙනාද…?

  6. Observer Says:

    මේ කෙහම්මල් බොගක් හිංද පිචර් එකක් බලන්නවත් වෙලාවක් නෑ

    • Gold fish Says:

      හිකිස්… බොග පටන් ගත්තම එහෙම තමා…

  7. sarath chandrasiri Says:

    මේ තැන්කූ එක මගෙන් නෙමේ. මගේ චූටි දෝනිගෙන්.ජය…!

    • Gold fish Says:

      මූවි එක අරගෙන බලලත් ඉවරද… 😀 චූටි දෝනිට කියන්න තව ඔය වගේ හොඳ මූවි හම්බුනොත් ෂෙයාර් කරන්නම් කියලා.

  8. පරිකල්පන Says:

    The Borrowers කියල චිත්‍රපටියකුත් තියෙනව.
    http://en.wikipedia.org/wiki/The_Borrowers_(1997_film)

    • Gold fish Says:

      ඇත්තනේන්නම්…

  9. praveena Says:

    මම හිතුවේ ඇත්තටම පොඩි කෙල්ලක් ගැන කතාවක් ලියලා කියලා . බලන්නම්. බලන්නම්. දැන් බලන්ට තියන ලිස්ට් එක හරිම දිගයි.:-)

    • Gold fish Says:

      ඔව්ව ඉස්සරහට වැදගත් වෙනවා හොඳද…. “අම්මේ අම්මේ ගාන කොට, ආ… ඉන්න ටිකක් ලස්සන ෆිල්ම් එකක් තියෙනවා” කියලා ඒක දාලා දීලා ගෙදර දොරේ වැඩක් කරගන්න පුළුවන්…

  10. මඩිස්සලේ නිශාන් Says:

    තැන්කියූ ගෝල්ඩ් ෆිෂ් මාමේ 😛

    • Gold fish Says:

      මාමේ….? හොඳමයි සීයේ…

  11. ගිනි කුරුල්ලා Says:

    ගෝල් පිස් සීයට තැන්කූ ගොඩක්….. 😛

  12. najathakram Says:

    තැන්කු වේවා!! කාලෙකින් මේ පැත්තේ ආවේ.. කෝ ඉතින් අපේ පැත්තේ එන්නේ නෑ නේ..

    • Gold fish Says:

      එල… ඇත්ත තමා මචං. මං ‘ඇරුණැල්ල’ විඳලා නෑ තමා… අද ඉඳන් හරි…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: