කුකුටුල් කටු…

අර මං දවසක් දා කිව්වේ “අප්පි ඇන්ටිට මොනා හරි කරම්මු නේද” කියලා වලත්ත කතාවක් අපෙන් අහපු ඔ‍ෆිස් එකේ ලොක්කෙක් ගැන. මේ ඒ කතාවේ ලේටස්ට්ම එපිසෝඩ් එක. පොරට සිංහල උච්චාරණය ටිකක් විතර අමාරු නිසා තමා මේ කෝලම් ඔක්කොම.

මාත් මේ, ඒ අසරණයට මඩ ගහලා ගහලා අන්තිමේ මටත් මොකක් හරි ‍බෝලයක් කැරකෙයිද කියලා හිතේ සැකෙන් තමා මේක ලියන්නේ. ඒත් ඉතිං තනිකරම විනෝදය සඳහා පමණක් එහෙම කරන නිසා මක්කවත් වෙන එකක් නෑ කියලත් හිතෙනවා. අනික ඉතිං අපි පොරට හිනා වෙනවා කියලයැ. අනේ ඇත්තට අපි මොකට දහම් පාසල් ගියාද මන්දා… මොකක් හරි නොහොබිනා වැඩක් කරගෙන එනකොටම,  මතක් වෙනවා එව්වයේ පල විපාක. සික්…. ආයෙ නම් මං මේ ආත්මේ දහම් පාසල් යන්නේ නෑ.

මේක‍යි කතාව. අපේ ‍ෆැක්ටරියේ දැනට ටික කාලෙකට කලින් ඉඳන් ප්ලාස්ටික් පුටු වර්ගයක් නිෂ්පාදනය කරනවා. ඉතිං පුටුවේ වාඩි වෙන කොටසයි, හේත්තු වෙන කොටසයි දෙකම තියෙන්නේ එක ප්ලාස්ටික් ෂීට් එකක් විදියට. පුටුව හැදෙන්නේ තඩි මෝල්ඩ් එකක සෙල්සියස් අංශක බර ගානකට රත්වෙන ප්ලාස්ටික් වලින්. ඉතිං ඔය මොනා හැදුනත්, පුටුවේ කකුල් ගේන‍්නේ පිටරටකින්. ඒවා ඇලුමිනියම්…! ඒවා ලංකාවේදි හදලා අපේ ආයතනයටම ගෙන්න ගන්න වියදම් වෙන ගානත් එක්ක බලද්දී, ඊට වැඩිය ලාභයිලු පිටරටින් ආනයනය කරන එක.

මේ කියන දවසෙත්, ‍ලොකු මැෂින් වලින් පුටු වදිනව එකසිය ගානට. ඉතිං ඒ පුටු හවස් වෙනකොට කොහොමහරි වෙයා හවුස් නොයවා කෙලින්ම, ලංකාව වටේම තියෙන නියෝජිත ආයතන වලට යවන්න තමා සෙට් කරලා තිබුනේ.  ඒත් මෙච්චර කල් අපිට පුටු කකුල් එවපු පිටරට කොම්පැනිය ආච්චිට හාල් ගරලා කියලා තේරුනේ එවෙලේ. පුටුවට කකුල බස්සන්න බෑ… ඇලුමිනියම් කකුල ස්ටෑන්ඩර්ඩ් සයිස් එකට වඩා විෂ්කම්භයෙන් අඩුයි. ඒ පාර ඉතිං වෙන කරන්නම දෙයක් නැති තැන තීරණය කලා ලංකාවේ මෑන්ස්ගෙන් පුටු කකුල් ගන්න.

ඔන්න අකවුන්ටන් ලොක්කා කියනවා අපේ පර්චසින් බුවාට…

ම්…මේ…. සම්පත්….  අර කුකුටුල් කටු…. සොරි සොරි… කුකුල් කටු… ගේන මිනියට කෝල් කලාද…..?

ඔය ටික කියන්න තත්පර දෙකක් හෝ තුනක් යන්න ඇති. ඒ ටික බුවා කිව්වේ යක්ෂ ස්පීඩ් එකකින්. කොහොම හරි පුටු ටික හරිගස්සන එකනේ ඔලුවේ තියෙන්නේ. පස්සේ ඉතිං අපි කම්පනා කරනවා මොකටද බොල මේ හදිස්සියේ කුකුල් කටු කියලා. සෙට් වීමක් ගැන අපි කතා වුනේ නැහැනේ. අනික මේ ප්‍රසිද්ධියේ මිස් කෙනෙකුත් ඉන්න තැන බයිට් ගැන කතාකරනවද…

පස්සේ ඉතිං එකාට එකා මූන බලාගත්දී පොරට මීටර් කොහේ හරි නාගත්තා තමා කියලා…  ඔන්න අහනවා…

ඇයි… කට්ටිය බය වෙලා වගේ….? මං ඇහුවේ පුට්ට්ටු කකුටුල් ගේන කෙනාටකතා කලාද කියලා…

එතකොටම ලඟම හිටිය පණ්ඩිතයා, ඔයා කිව්වේ කුකුල් කටු කියලනේ…. කියද්දිම මං දිව්වා බත් එකත් අරගෙන ලන්ච් රූම් එකට… ඇයි දෙයියනේ මිනිහෙක්ට වැරැද්දක් වුනා කියලා, ඒ මිනිහාගේ මූනට පේන්න හිනා වෙන්න පුළුවන්ද…?

28 Responses to “කුකුටුල් කටු…”

  1. සඳරු Says:

    පුටු කකුල් මොකටද බං උඹලගේ ලොක්කට ?

    ආ උඹලා වගේ රංචුවක් පාලනේ කරන්න ඉතින් පුටුකකුල් වගේ දේවල් ඕනෙ තමා

  2. සාතන් Says:

    මිනිස්සු‍න්ගෙ වැරදි වලට හිනා වුනහම අපායෙ යනවලු…

  3. praveena Says:

    //මොකක් හරි නොහොබිනා වැඩක් කරගෙන එනකොටම, මතක් වෙනවා එව්වයේ පල විපාක. සික්….//
    කලදේ පලදේ හොඳේ…. 🙂

  4. රූ Says:

    මේ වගේ මාළුවෙක් නම්..ආපෝ..!!

    ඒක නෙවි මේ දවස්වල හච් එකේ ඇඩ් එකකටත් ඔයා ඉන්නවා නේද?

  5. ගිනිකුරුල්ලා Says:

    කුකුල් කටු කියලා ෂුවර් නේද? ගෝල්ඩ් ෆිස් මාළු කටු එහෙම නෙවෙයි නේ?

  6. Raj Says:

    කුකුටුල් කටු කිව්වම මතක් උනේ කැලේ තියෙනව කුකුල් කටු කියල අම්බ විශ කටු ජාතියක්..මුලු ගහේම තියෙන්නේ සුදුපාට කටු හැබැයි ලස්සනයි

  7. henryblogwalker Says:

    හෆෝයි, මඩ!
    අර පු‍ටුවට ඇලුමිනියම් කකුල් ඇන්දුවම වෙනම පේන්නෙ නැද්ද? නැත්නම් එකත් පු‍ටුවෙ පාටමද?

  8. නිසුපා Says:

    පව් අප්පා අහිංසක මනුස්සයා….. ඔහොමත් කරනවාද ඔය මනුස්සයට.

    මේ සයිට් එකෙත් දෙමළ අය ඉන්නවා.අපි නම් ඔහොම කරන්නෙ නෑ.අපි හොද ලමයි. 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: