ජිංජි බියර් එකටත් තිත…!

දැන් ඉතිං කට්ටිය හිතයි මේක තමා මේ අවුරුද්දේ හොඳම විහිළුව කියලා. මොනා කරන්නද සහෝ, දුක තමා. මාත් හිතා ගත්තා මෙච්චර කල් ගෙදරට හොරෙන් සහ ගෙදරින් දැනුවත්ව වුනත් මං බීපු ජිංජි බියර් එකට සමුදෙන්න. ඒ මොකද කියනවනම්, මං ලොකු මෙව්වා එකක් කරගත්තා හොඳ බිරිඳකට හොඳ සැමියෙක් වෙනවා කියලා. ඊට කලින් හොඳ කෙල්ලෙකුට හොඳ කොල්ලෙක් වෙන්ට එපෑ. දැන් ඉතිං ඔය බැඳපු අංකල්ලා මට නක්ක‍ලේ දාවි… ආහ්…. හරි බලමුකෝ මල්ලී කියලා…! කමක් නෑ ඒක ඒ අයගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතියනේ. අනික දැන් ඉතිං වැරදියට හිතන්න එපා මගුලක් එහෙම ලඟයි කියලා එහෙම. ඒවට තව කල් තියෙනවා.

ඉතිං මේ එක පාර සිදුවෙච්චි වෙනසට මොනවගේ දෙයක් හේතු වෙන්න ඇත්ද…? ඇත්තටම ළමයි, මේ බොන එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කාඩ් එක එක්කනේ… ඒ කියන්නේ කාඩ් එක කියලා හඳුන්වන ආත්ම ගරුත්වයද මොකද්ද එක, එතකොට ඒ.‍ටී.ඇම් කාඩ් එක, අයිඩන්ටි කාඩ් එක… වගේ ගොඩක් කාඩ් එක්ක මේ ඉලව් බීම අන්තර් සම්බන්ධතා පවත්වනවා. ඉතිං ඒ සම්බන්ධතා වල ප්‍රතිපලයක් විදියට එක කාඩ් එකකට වැදුනම අනිත් කාඩ් සියල්ලටමත් රිදෙන්න වදිනවා. ආන්න ඒක නිසා තමා මං මෙච්චර කල් ලිමිට් කරලා කරගෙන ආපු ජිංජි බියර් පානයත් අතාරින්න හිතුවේ. නැත්තං නවතින්න වෙන්නේ තියෙන කාඩ් ඔක්කොම යට ගහන් කාඩ් කුට්ටමේ කාඩ් එකක් විතරක් උඩට දාගෙන.

(ලෝකයා –  ඔය ඕකගේ බොරූරූරූරූ…. වෙන ලොකු  සීන් එකක් තියෙනෝනෝනෝනෝ….)

(කව්ද කවිද ඒ….? කටවහගෙන හිටු… නැත්තං ගලෝනවා කලිසම ඔලුවෙන්…)

හරි හරි… ඒ වටා පිටවේ සද්ද ගනන් ගන්න එපා. ඔව්වා ඔය මිනිහෙක් හැදෙනවට කැමති නැති ඊරිසියාකාර ලෝකයා කියන කතානේ….

ඉතිං දැන් මං පුරන්න ගත්ත පිලිවෙතින් මට හෙන වාසියි වගේ. බැංකු කාඩ් එකට කොහොමත් හොඳයි… අයිඩන්ටි කාඩ් එක නම් බල්ලට දාමුකෝ. ඒකෙ කොහොමත් මං බීලා වගේ ඉන්නේ… අනිත් ආත්ම ගරුත්ව කාඩ් එකටනම් හොඳටම හොඳයි…!

ඉතිං මං කියන්නේ, අනිත් අයටත් මං වගේම හොඳ ළමයි වෙන්න කියලා. එකපාරටම කරන්න බැරිවෙයි. ඒත් ටික ටික උත්සාහ කරන්න. ඉක්මනටම දවසක, සුභ වෙලාවක, යහපත් හැන්දෑවක… බීම නවත්තන්න වෙන මොකක් හරි සිද්ධියක් ඔයාලටත් වේවි… ඒකටත් වෙලාව එන්න ඕනේ…!දැන් බලන්න, එදා මං චුට්ටක් බීලා ඇවිත්… අපේ අම්මා එක්ක කතා කර හිටිය සුද්දි අක්කගේ, අතට වෙලා හුරතල් වෙවී වෙවී හිටිය කෙලි පැටික්කිගේ කකුලේ යටි පතුලට කිචි කවනවා කියලා හිතලා සුද්දි අක්කගේ අත, අත ගාලා අපේ අම්මත් ඉස්සරහම… “ඔය මගේ අතටනේ මල්ලි කිචි කවන්නේ කියලා” අහනොගත්තා නම් අද  මං මේ විදියට හොඳ ළමයෙක් වෙයිද…?

ඒත් නැත්තං, ගමේ ගිහිං බාප්ප එක්ක සෙට් වෙලා ඉද්දී, පුංචිත් ඉස්සරහා බාප්ප ඇහුවම…

“ආහ් මනමාලයා දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවද..?” කියලා

“මොන පිස්සුද බාප්පේ… තාම හිතලවත් නෑ…”  කියලා අනිත් පැත්තට බාප්පට කිව්වම….

ආයෙම බාප්පා “අන්න පුත්තලමෙන් බැලුවා මං”

“මට කෙල්ලෙක්…?”

“උඹට කෙල්ලෙක් නෙමේ බං…. ඇයි උඹට ඇහුනේ නැද්ද පුංචි අහනවා කජු වගයක් ගැන…? මං කජු ගැන කිව්වේ….”

ඒ විදියට, අරකේ පවර් එකට මට බාප්පගෙයි, පුංචිගෙයි කන්වසේෂන් එකේ කෑල්ලක් මිස් වෙලා…. මං ඇනගත්තේ නැත්තං මං මේ විදියට යහපත් දරුවෙක් වෙයිද….?

හැමදේටම වෙලාව තමා…! සුභ වෙලාව ආවම ඔක්කොම යහපත් වෙනවා. පේන්නේ නැතෑ මට…! කොහොම හරි මගේ කාඩ් ඔක්කොම බේරගන්න ඕනේ නිසා මං ජිංජි බියර් එකත් නැවත්තුවා…! සුද්දි අක්කයි, කෙලි පොඩ්ඩයි – අපේ බාප්පයි, පුංචියි මේ කරගත්තා වූ කුසලයෙන් මතු මතුත් මගේ ‍නෑයෙක් නම් නොවේවා…!

42 Responses to “ජිංජි බියර් එකටත් තිත…!”

  1. Sumith Niriella Says:

    //“මට කෙල්ලෙක්…?”

    “උඹට කෙල්ලෙක් නෙමේ බං…. ඇයි උඹට ඇහුනේ නැද්ද පුංචි අහනවා කජු වගයක් ගැන…? මං කජු ගැන කිව්වේ….”// (ලොල්)

    මේ වගේ අලකලංචි වෙන්න නම් “ජිංජි බියර්” වලට මොනවාහරි නරක දෙයක් කලවං වෙලා .තියෙන්න ඇති. ඒකයි අවුල….

    • Gold fish Says:

      ජිංජි බියර් වුනත් බෝතල් දෙකාමාරක් නවා ගත්තම ටිකක් සැරයිනේ….

  2. සාතන් Says:

    බොරුව නොදා ඉඳපන්… උඹ සුද්දි අක්කට කිචි කැව්වෙ උවමනාවෙන්ම නේද?….

    ජිංජි බියර් උගුරකටත් ඔහොම වෙනව නම් නොබී ඉන්න එක තමා හොඳ…

    • Gold fish Says:

      උගුරක් කිව්වට ඉතිං දන්නවනේ….

      • සාතන් Says:

        දන්නෙ නෑ ;)

      • Gold fish Says:

        උගුරයි බං….

  3. ලවා Says:

    යකෝ දෑන් තියන ජිංජ බියර් වලටත් වදිනවද??? යකෝ ජිංජ බියර් වලටත් වදිනවා කියන්නේ මොකක් හරි ලෙඩක් ඔය ,ගොහින් ඩොකෙකුට පෙන්නපන්….

    • Gold fish Says:

      ජිංජ කියලා දාන්නේ…. “ස්ට්‍රෝන්ග්”,”ලයන්”,”කාල්ස් බර්ග්” කියලා ලියන එක ටිකක් අප්සැට් වගේ නිසානේ….

  4. Ran Says:

    මම බැලුවා පුත්තලමෙන් හොඳ බූරු දෙනක්වත් හොයල බැලුවද කියල ජෝඩු කරල දෙන්න.

  5. ................. Says:

    අනේ අම්මපා උඹ ජිංජි බියර් බීලත් වෙරි වෙනවලුනේ…චිකේ……..

  6. රූ Says:

    අනේ මන්දා මාළුවෝ මේක ඇහුවාම මමත් මෙව්වා වෙලා ගියා..
    කොච්චර හොඳද? අම්මා බැට් එකෙන් ගහලා තාම ඇඳේද?

    • Gold fish Says:

      අම්ම නම් බැන්නේ නෑ… ඒත් වෙන කෙනෙක්ගෙන් බැනුම් අහන්න කලින් මේක නවත්තන්න තමා හිතුවේ….

  7. නවම් Says:

    //කෙලි පැටික්කිගේ කකුලේ යටි පතුලට කිචි කවනවා කියලා හිතලා සුද්දි අක්කගේ අත, අත ගාලා අපේ අම්මත් ඉස්සරහම…//

    හෙහ්.. බියර් එකකට ඔච්චර හරියක්…. එහෙනං උඹ නවත්තපු එකමයි කාරිය තව මොකක් කරි කිරීමේල් වැඩක් කරලාර තැටියෙන් කන්න දෙන තැනට සෙට් වෙන්න කලින්.

  8. Weni Says:

    අනේ හොඳා.. නොබී හිටින් ජිංජ බියරුත්…

    • Gold fish Says:

      හ්ම්… බීලා බීලා ඇතිවෙලා දැන් එනවා මෙතෙන අපිටත් සාධු කාර දෙන්න…. :D

  9. සාබිත් Says:

    සුද්දිගේ අත කියලා ශුවර්ද?

    • Gold fish Says:

      මටත් සැකයි… ඒ වුනාට එයාම කිව්වනේ… ඒක නිසා වැඩිය හිතන්න දෙයක් නෑ….

  10. henryblogwalker Says:

    නොදකිං. ‍තෝ මේක ලියලා තියෙන්නෙත් බීලා මට පේන විදියට.

    උඹ නං අඩු ගානෙ පිස්සු කෙලින්නෙ බීලනෙ. මගෙ ගෝලයො ඔයවගෙ තමයි බං පන්තියෙ ඉගෙන ගන්නෙත්. කියන එක නෙමෙයි ඇහෙන්නෙ. ඕනෙ එක නෙමෙයි කරන්නෙ.
    henryblogwalker the Dude

    • Gold fish Says:

      මමනම් එහෙම නෑ,.. බිව්වම අනිත් හැම වෙලාවටම වැඩිය සෙවිල්ලෙන්…. ඇයි ඉතිං කොයි වෙලේ අපිටම වරදියිද කියන්න බැහැනෙ…

  11. dyno Says:

    ඔය මොකුත් නොබී ඉන්න එක තමා හොදම…….

  12. arunishapiro Says:

    එදා මොකද නළියන්න ගත්තෙ කියලා දැන්නෙ වැටහෙන්නෙ. විභාගෙ නිසා නෙමෙයි එහෙනම්!!! :D

    • Gold fish Says:

      අන්න බලන්න ගැහැණු අය පට ගාලා වැරදියට ගන්නවනේ ඕනේ දෙයක්, අපේ සුළු ප්‍රමාද දෝෂයකින්…… අනේ අනේ අක්කේ….

  13. මඩිස්සලේ නිශාන් Says:

    නවත්වපු එක කොහොමත් හොදයි බන් ඔව්වට බඩත් දානවා අම්බානෙක

    • Gold fish Says:

      අත්දැකීම් ඇති අයියලා කියද්දි… කොහොමෙයි නාහ ඉන්නේ… :D

  14. Dinesh Umagiliya Says:

    අපි ඕවට කොහොමත් නෑනේ.. අපි හොද ළමයි… :)

  15. ලැසී Says:

    මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඒ තමා ලාංකික බ්ලොග් කරුවන් හට 2leep, Wahoha, Zaparena ව‍ගේ Traffic Exchange සේවාවක් ලබා දීම.
    ඉතින් ඒකට $99 වගේ මුදලක් යනව script එක මිලදි ගන්න. $80 වගේ මුදලක් තියෙනවා දැනට තව ටික කලකින් ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වෙයි. script එක අත්හදා බැලිමට හා ඉදිරි වැඩකටයුතු සදහා ඔබගේ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මෙක සින්ඩියක් නම් නෙමෙයි. දැනට විහාල‍ සේවයක් කරන කිසිදු සින්ඩියකට පහර ගැසිමක් නෙමෙයි. ලාංකික බ්ලොග්කරැවන් හට නවමු අද්දැකිමක් සමගින් වැඩි පාඨක සංඛ්‍යාවක් ලබා දීමයි මගේ අරමුණ.
    මට උදව් කරන්න කැමති අය මට mail එකක් දාන්න lasitha119[at]gmail[dot]com

  16. praveena Says:

    අනේ හැබෑටම මෙහෙම හොඳ ලමයිනුත් ඉන්නවනේ නේ? :-)

  17. මාඩා Says:

    සිරාවට ද බං මේ…..

  18. නිසුපා Says:

    හැබෑටම……. :O

    • Gold fish Says:

      හ්ම්… සදහටම කියලා තමා හිතාගෙන ඉන්නේ…

  19. ගිනිකුරුල්ලා Says:

    එළ එළ.. පර්ස් එකටත් හොදයි, ඇඟටත් හොදයි, වටේ පිටේ ඉන්න උන්ටත් පාඩුවේ ඉන්න පුළුවන් වෙයි :D

    • Gold fish Says:

      අඩෝ අපි බිව්වට වටේ පිටේ එවුන්ට වාත වෙන්නේ නෑ හරිය…

  20. kingping Says:

    කොහොමත් පුත්තලම් බුරුදෙන්නු හොඳයි කකුල් දෙකෙ දෙනුන්ට වඩා

  21. insurance quotes car Says:

    Hello, Neat post. There’s an issue together with your web site in web explorer, could check this? IE still is the market leader and a good component to people will leave out your magnificent writing because of this problem.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

%d bloggers like this: