ඉස්සර අපිට තිබ්බ ප්‍රශ්න එක බලද්දි දැන් මොන ප්‍රශ්නද….

අංක එක හා වැඩියෙන්ම හිට් වෙච්ච ප්‍රශ්නය… මේ ප්‍රශ්නය ඇති වුනේ මට මතක විදියට ස්කෝලෙදි එක වසරෙදි හරි මොන්ටිසෝරියෙදි හරි. ඕං ප්‍රශ්නේ….

බබලා හම්බුවෙන්නේ කොහොමද…?

මේ ප්‍රශ්නෙට අම්මලාගෙන් හම්බුන උත්තරේ… ලොකු වෙලා කසාද බැන්දම ඉබේම හම්බුවෙනවා. සමහර අයට නම් ලොකූකූකූ බොරුවක් කියලා තිබුනා “රෝස කැලෙන්” කියලා. අපිත් ඉතිං පොඩි කමට ඒක පිලිගත්තට, පොඩි කාලේ ඉඳන්ම අපි දන්නවනේ “කියන්නා කෙසේ කීව්වත්, අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය”  කියන මෙව්වා එක. ඉතිං ටික ටික ලොකු වෙද්දී හොයාගෙන යද්දී අන්තිමට හරියටම හරි උත්තරේ හම්බුනේ නවය වසර සෞඛ්‍ය පොතෙන්. ඊට කලින් දීලා තිවුන “උදාවු යෞවනය” පොතට වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුනානේ ඒ දවස් වලම. මං හිතන්නේ ඒක වන් යූසර් ලයිසන් තිබුන පොතක්…!

දෙවෙනි එක….

මුං ඇට වතුරට දැම්මම, එක රෑයින් කොහොමද මුල් ඇදලා පැල වෙන්නේ…?

මේකට උත්තරේ හොයන්න කියලා මුං ඇට දියේ දාලා නිදිමරාගෙන ඒ දිහා බලාගෙන හිටියේ එහෙම නෑ අපි. පස්සෙන්දා මුං ඇට නෑබිලිය ගාවම ඇහැරෙන කොට වෙනදා වගේම මුං ඇට පැල වෙලා… ඉතිං ඒ ප්‍රශ්නෙට හරි හමං උත්තරයක් තාම හම්බුනේ නැති වුනත් පොඩ්ඩ පොඩ්ඩ දන්නවා. ඒකත් එක්කම තිබුන අනිත් ප්‍රශ්නේ තමා… මුං ඇට වගේ ඉක්මනට ඇයි පොල් හරි කොස් හරි පැලකරගන්න බැරි…?

තුන් වෙනි එක… මේක නම් පසුකාලීනව පණ්ඩිත කමත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක්.

රී-රයිටබල් සී.ඩී ‍( ඒ දවස් වල ඩී.වී.ඩී හෙන ගනන්නේ) එකක මල්ටි සෙෂන් ඕෆ් කරලා බර්න් කරොත් ආයේ රයිට් කරන්න බැරිද…?

මේ ඉලවුව විසඳු‍නේ අපේ එකෙක් සී.ඩී රයිටරක් ගත්ත දවසේ තමා. ඔය ප්‍රශ්නෙට හේතු වුනේ තනිකරම නොදැනුවත් කම. දැන් ඒක හරි… දැන් අපි දන්නවා ට්‍රැක් ක්ලෝස් කරපු ඩිස්ක් වලත් ආයෙ ලියන්න පුළුවන් බව…

හතර වෙනි ලොකු ප්‍රශ්නය…

ෆ්ලොපි ඩිස්ක් එකක ගෙනියන්න පුළුවන් වීඩියෝ ෆයිල් එකක උපරිම කාලය…?

ඒ දවස් වල ෆ්ලෑෂ් ඩ්‍රයිව් නැහැනේ. ඉතිං හැම දේටම ෆ්ලොපි තමා. ඒ දවස් වල ඔය ප්‍රශ්නෙට එක එක උත්තර හම්බුනා. අන්තිමේ ස්කෝලේ සර් ගාවට වෙනකම්මත් ගියා. අනික දැන් ව‍ගේ ෆෝමැට් කන්වර්ටින් ටූල්, කම්ප්‍රෙෂන් ටූල් එහෙමත් නෑනේ. වීඩියෝ ‍එකක ආයෙම බලන්න හිතෙන කොටසක් ෆ්ලොපියක දාගෙන ගෙදර ගෙනියන්න  තිබුන එකම එක ක්‍රමය තමා වී.සී.ඩී කටර් වලින් ඕනෙම කරන කෑල්ල කපා ගන්න එක. ඉතිං ඒ දවස් වල වීඩියෝ සී.ඩී එකක තත්පර හතක හෝ උපරිම දහයක කෑල්ලක් ෆ්ලොපියක දාගෙන යන්න පුළුවන් වුනා. ඒත් රෙසලූෂන් 240 X 320 නම් විතරයි.

මේක පස්වෙනි එක වගේම සමාජ මතත් එක්ක ගැටුම් ඇති වෙන්න ගිහිං ගුටි නොකා බේරිච්ච ලොකුම ප්‍රශ්නය.

කෙල්ලෝ ලොකු වුනාම මගුල් ගෙවල් ගන්නවා… කොල්ලෝ ලොකු වුනාද හොයලා බලන්නෙ වත් නෑ… මොකද්ද මේ අසාධාරනේ…???

තාම උත්තර හොයනවා මේකට… ඉස්සර ඉඳන් ලිස්ට් එකේ ඉතුරු වෙලා තියෙන ලොකුම ගැටළුව මේක විතරයි. තව මෙතෙන නොකියපු එව්වා මහ ගොඩක් තියෙනවා…. ඒවා වැඩි හරියක් වැඩිහිටයන්ගේ එව්වා. අනික දැන් අපි එව්වට උත්තර දන්නවා වගේම අපිට වැඩිය හොඳට අනිත් අය දන්න නිසා ඒ ප්‍රශ්න ටික කපාහරිනවා….!

50 Responses to “ඉස්සර අපිට තිබ්බ ප්‍රශ්න එක බලද්දි දැන් මොන ප්‍රශ්නද….”

  1. janitheco Says:

    හික් හික්.. අන්තිම ප්‍රශ්නේ නම් මරු… 😀

  2. kathandarakaraya Says:

    සමහර විට කොල්ලෝ ලොකුවෙන්නේම නැතුව ඇති. හැමදාම බබ්බු වගේ නේ.

  3. හරී Says:

    ඒ කාලෙ මට ප්‍රශ්න ආපුවාම කාගෙන්හරි අහනවා වගේම මමත් උත්තරේ හිතනවා..

    බබලා හම්බුවෙන්නේ කොහොමද…? ඕකට මට හිතුනු උත්තරේ තමා දෙන්නෙක් කසාද බැන්දම දෙවියන් වහන්සේ දෙනවා ඇති කියලා… ඊට පස්සෙ ඇතිවුනු ප්‍රශ්නෙ එතකොට බෞද්ධ අයට ළමයි ලැබෙන්නෙ කොහොමද?

    අම්මේ ගෑණු ළමයි ලොකුවෙනවා කියන්නෙ අම්මට වඩා උස යන එකද? මේක ඇහුවෙ අම්මගෙ යාලුවෙකුගෙ දුවෙක් ලොකු වෙච්ච වෙලාවක.. එතකොට ඒ අක්කා එයාගෙ අම්මට වඩා උසයි.. අපේ අම්මත් ඔව් කියලා නිකා හිටියා.. පස්සෙ දවසක් මම දැක්කා අර මිටිම ගෑණු කෙනෙක්.. මම හිතුවා මෙයා ලොකු වුනේ කොහොමද? එයාගෙ අම්මා ඊටත් වඩා මිටිද?

    3 4 තාම මඤ්ඤං

  4. ගිනිකුරුල්ලා Says:

    මාළුවටත් තියෙන ප්‍රශ්ණ
    මේ බන්..
    බ්ත්තරේද කිකිළිද මුලින්ම ඇතිවුනේ? 😛

  5. අකීකරුහිත Says:

    3, 4 මට තේරෙන්නේ නැනේ

  6. ගැමියාගේ පත් ඉරුව Says:

    ඔය අන්තිම ප්‍රස්නේ ඔහෝම්මම මටත් තියෙනවා පුරුෂ පාර්ශවය ගැන කිසිම සැලකිල්ලක් නෑනේ…. හැබැයි තිබුනු ප්‍රස්න එක්ක බලද්දි මරු

  7. නවම් Says:

    කෙහෙල්මල, ඕවත් ප්‍රශ්ණද බං දැං තියන ඒවත් එක්ක බැලුවම.

    කවදා නම් ඉස්සර වගේ ආයෙම ටැංකිය පිරෙන්න තෙල් ගහන්නද?
    ඉඩං කෑල්ලක් ගන්න සල්ලි ටිකක් කොහෙන් හොයන්නද?
    අවුරුද්ද කිට්‍ටුවෙනකොට ඇඹුල් ඇවරියක් කීයට විතර නැගල තියෙයි ද?
    අද රෑට කන්නෙ මොනවද ?
    :D:D

  8. හපා Says:

    ඔය පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම දැනගත්තෙ 8 වසරෙදි විතර දහම්පාසලේ බුදුන් වඳිනගමන්.ඊට කලින් සතියෙ අපි ඕක සාකච්චා කලා. ඊලඟ සතියෙ එකෙක් හොයාගෙන ඇවිත් තිබ්බ. ඌට තියන හදිස්සියට ඌ ඒක කිව්වෙ උදේ බුදුන් වඳිනකොට..

  9. සිංහයා Says:

    හෙහ්,,, ඔය පලවෙනි එක අපි දැන ගත්තේ ඉස්කෝලේ යන වැන් එකේ අපට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් ගෙන්,,,,
    ඌත් හොදට ලුණු අබුල් ඇතිව අතිනුත් දාල තමයි ඕක කිව්වේ.. එතන අපේ වයසේ උන් 3 දෙනෙක් උන්නා,,, අරු ඕක කිව්වා ගමන් මගේ යාලුවෙක් කියනවා,,.. “මචන් අරුගේ බොරු බං.. අපේ අම්මයි තාත්තයි ජරා වැඩ කරන්නේ නෑ මචන්…”

    ජය…..

  10. praveena Says:

    //කෙල්ලෝ ලොකු වුනාම මගුල් ගෙවල් ගන්නවා… කොල්ලෝ ලොකු වුනාද හොයලා බලන්නෙ වත් නෑ… මොකද්ද මේ අසාධාරනේ…???//
    මේක නම් අපි හැමදෙනාටම අමතක වෙලා ගිය අසාධාරණ ක්‍රියාවක් නේන්නම්. 🙂

  11. Dulip Sikurajapathy Says:

    අන්තිම ප්‍රශ්නෙ තමයි ප්‍රශ්නෙ . . . . පාටි දැමිල්ල කෙසේ වෙතත් බඩුම තමයි කියල දැනගත්ත දවසෙ නං බය උනා අම්බානක

  12. රාජ් Says:

    ඉස්සර 1 ප්‍රශ්නෙ ගැන කතා කලා අපි සෙට් එකක්. අවසානයේ එකෙක් කිව්ව “ආදරේ නිසාය ලමයි ලැබෙන්නෙ” කියල:)

  13. සාබිත් Says:

    බබාලා හම්බෙන තැන දැනගත්තු දා මං විස්වාස කලෙත් නෑ ඩෝ! පොඩි කමට වෙන්න ඕන! 😀

  14. මඩිස්සලේ නිශාන් Says:

    සික් ලොකු අසාදාරනයක් තමා අපි ලොකු වෙනවද කියලා කවුරුත් හොයන්නේ නැහැ පාටිත් නැහැ 😦

  15. arunishapiro Says:

    ලොකු වෙන්න ඕන නැහැ කොල්ලොන්ට උපන් දා ඉඳන් හැමදාම එයාලගෙ මඟුල් දවස විදියටනෙ සැලකිල්ල .. මටත් මල්ලියෙක් හිටියා මේ අත්දැකීමෙන් කියන්නෙ ඔන්න 😀

  16. Kasun Chanaka Says:

    “ඉතිං ටික ටික ලොකු වෙද්දී හොයාගෙන යද්දී අන්තිමට හරියටම හරි උත්තරේ හම්බුනේ නවය වසර සෞඛ්‍ය පොතෙන්.”

    අපෝ සික් බං අයියේ. නමය වසරේදීද ඕක දැනගත්තේ???? 😛

    පස් වෙනි එක නම් දැවෙන ප්‍රශ්නයක්. ඕව ගැන කතා කරන්නනම් බෑ. ඇනෝල බනීවි.:D 😛

  17. Weni Says:

    හරි දැන් ඉතින් පස් වෙනි ප්‍රශ්නෙට උත්තර නැතුවට කමක් නෑ..ඒ කාලෙ වෙච්ච දේ මතක් කරලා හරි අපිට පාටියක් දියන්කො මාළු ! :DD

  18. dishan83 Says:

    පොඩි ඒකෙක්ට ඔය වගෙ කුතුහලයක් ඇති උනාම ලින්ගික පාඩම කියා දෙන්න ද ඉතින් අම්මලා ඔය වගෙ උත්තරයක් දිලා බෙරෙනවා ඉට පස්සෙ පොඩි ඒකා ප්‍රශ්න කොටියක පැටලෙනවා 😀

  19. Mr.Sithi Says:

    කොල්ලොන්ට ඉත්න් ලොකු වෙන්න කියලා වෙලාවක් කලාවක් නෑනේ.. හික් හික්..

  20. Dinesh Umagiliya Says:

    කොල්ලො ඉතින් පොඩි කාලේ ඉදන්ම ලොකු මිනිස්සු වගේ ප්‍රශ්න ගැනමනේ හිතන්නේ.. ඒ නිසා වෙන්න ඇති පොඩි එකා ලොකු එකෙක් උනා කියලා වැඩි ගානක් නැත්තේ… 🙂

  21. පන්සල් හංදිය Says:

    යකෝ මම මේ අවුරුද්ද කන්න සල්ලි කොහෙන්ද හොයා ගන්නෙ කියලා ප්‍රශ්න වැලක පැටලිලා ඉන්නවා, මූ මේ දෙකේ පන්තියේ ප්‍රශ්න ටිකක් අරගෙන දඟලනවා ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: