සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….

ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!

ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!

හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.

ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්… උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පො‍ටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔ‍ෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.

ඉතිං ඊළඟ සෙනසුරාදා වැ‍ඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ‍ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!

ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…
http://www.maduragee.com/storage/mp3/daddy_mage_massina.mp3%20
ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…

ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…

ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?

Advertisements

36 Responses to “සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….”

  1. Weni Says:

    උඹලට අපිට වගේම මල්ලි ඔය ගස් කොල වලටත් එහෙම ඇති…ඔය ෆොටෝ ගහන මෙව්වා එක අනිත් දවසක අරන් යන්ඩකො !

    • Gold fish Says:

      බෑනේ… ඒ දවස් වලට අහල පහල ඉන්න හෝතම්බුවන්වත් ෆොටෝ ගන්න වෙනවනේ…

      • Dulip Sikurajapathy Says:

        වෙනියත් එනවද මල්ලි උඹලෑ ඔෆිස් එකට . . පොටෝ ගන්න ??

      • Gold fish Says:

        තාම නම් ආවේ නෑ… ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ…

  2. sdglhm Says:

    අනේ මන්දා, මං හිතන්නේ සතිය පුරාම වැඩ කරලා නිදා ගන්නවා ඇති

    • Gold fish Says:

      අනේ මන්දා ලහිරු, මට තේරෙන්නේ නෑ බං.

  3. praveena Says:

    දැන් ඉතින් උඳු පියලි ගැනද කතා කරන්නේ? නැත්නම් කුමාරි ගැනද කතා කරන්නේ? 🙂

    • රූ Says:

      මටත් ඕකම හිතුනා..අනිත් අතට ඔපිසියෙ අයට දීලා තියන කැරුක්ටර් සෙටිපිකට් එක දැක්කාම හිනායනවා..ගස්වලටත් ලව්ටෝක්

      • Gold fish Says:

        අයියෝ… මං කිව්වේ දෙකක් දාගත්තමනේ… නිකං වෙලාවට ගස් වලට කික් කරගෙන යන්නේ…

    • Gold fish Says:

      හික්ස්… කුමාරි ගැන වෙනම කතාවක් තියෙනවනේ… මේ උඳුපියලිය ගැන…

  4. තීර්ථ යාත්‍රිකයා Says:

    උඹටත් දැන් ටිකක් ටිකක් අඤ්ඤොකොරොස් වගේ බං…. :D… ලියල තියන ස්ටයිල් එක නම් මරු

    • Gold fish Says:

      ටිකක් නෙමේ බං… දන්නවනේ කොච්චරක්ද කියලා…

  5. පන්සල් හංදිය Says:

    සොබා දහම අපිට ඕන විදියට වෙනස් වෙනවා නං කොච්චර එකක්ද …..
    එහෙනං මම ගානට වෙලාවට වැස්ස වස්සෝ ගන්නවා, අව්ව වට්ටෝගන්නවා ….
    ආ තව එකක් ඔක්කොම දේසපාලුවො ටික අර පාර්ලිමේන්තුව කියන එකට එකතු වෙන දවසක් බලලා හොඳවයින් සුනාමියක් එවනවා, හැඳි ගෑවිලා යන්න …….

    • Gold fish Says:

      දියවන්නා ඔයටද සුනාමිය එවන්නේ… ඊට වැඩිය හොඳ නැද්ද සුලි සුළඟක් යවන එක…

  6. henryblogwalker Says:

    සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…!
    යකෝ කං කහපාට වෙන්නෙ මොකද කියලා හෙවිල්ලෙං හි‍ටු. පිත්තාශෙ අප්සෙට් එකක්ද දන්නෙ නෑ. මොනවද බොල අර එව්වා මෙව්වා ගොඩ?
    ඔයවගෙ උඳුපියලි යායක තිබිලා දුම් දමන බලු බෙටි හෙම පෑගිලා නැද්ද බොට?
    😀 😀 😀

    • Gold fish Says:

      මේ වත්තට එක බලු කුක්කෙක්වත් එන්නේ නෑනේ… එන තරමක් එන්නේ උඩින් පියාඹලා එන එවුන් තමා…

  7. manu fonseka Says:

    උදුපියලිය කුමාරිගෙ කැලැන්ඩ‍රෙත් සෙනසුරාදාව නැතුව ඇති ගෝල්ඩ් fish අය්යේ….:D:D:D

    • Gold fish Says:

      කතාකරන එකක් යෑ… නැත්තං මං අහගන්නවා….

  8. මාඩා Says:

    මල් එහෙම තමයි බන්….
    මල් වලට ඕන විදියට අපිට ඉන්න වෙනවා….. 😉

    • Gold fish Says:

      අන්න අන්න… ඩබල් මීනින් ෂොට් එකක් ඇරලා…

  9. ජෝජ් රජ්ජුරුවෝ Says:

    මාර මල් තමයි 😉

    • Gold fish Says:

      ඒකනේ… අපිට වැඩිය හොඳට නිවාඩු දවස් තේරෙනවා…

  10. නිසුපා Says:

    ඔන්න සෙටින්ස් හැදුවෝ..ඕනෙ කෙනෙක්ට දැන් බලාගත්තැකි රෝස මල් ටික. 😀
    එහෙම තමයි හලෝ නිදා ගන්න තියෙන දවසෙ නිදා ගන්න එපැයි. 😀

    • Gold fish Says:

      ඒක හොඳයි… ඇල්බම් එකට පර්මිෂන් හදන්න කියලා මට කියන්න බැහැනේ.. ඒකයි කිව්වේ නැත්තේ…

  11. sarath Lankapriya Says:

    Thank god its Friday කියලා රෑ වෙනකල් පාටි දාල උන් පුකට ඉර එලිය වැටෙන කල් නිදාගන්න ඇති..

  12. ගිනිකුරුල්ලා Says:

    මූ මලකටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ…

    • Gold fish Says:

      ඔව් බං අපිට මලක් දැක්කම ඉන්න බෑනේ… නලියනවා බං…

  13. මඩිස්සලේ නිශාන් Says:

    උබ ෆොටෝ ගන්න එන නිසාම වෙන්න ඇති බං මල් පිපෙන්නේ නැත්තේ 🙂 ගණන් ගන්න එපා

  14. kumaraya Says:

    ඔය උඳුපියලිය නෙවෙයි නේ මලයා …
    කොළ වුනත් ටිකක් අමුතුයි නේ ..
    මේව වස ජාතියක් ද කොහෙද …
    මලය නිකම් රැවටිලා …….

    • Gold fish Says:

      අපරාදේ ඇයි කලින් නොකිව්වේ….? 😀

  15. ඔබ නොදු‍ටු ලොවක් Says:

    පව් මහන්සියට නිදා ගන්නවා ඇති….

  16. Dinesh Umagiliya Says:

    උදුපියලිය වල ෆොටො ගන්න මාළුවෙක් බලන් ඉන්නවා කියලා ආරංචි වෙලාද දන්නේ නෑ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: