කුරුණෑගල කොහෙද මචං…?

අපි සාමාන්‍යයෙන් අළුතෙන්ම අඳුන ගන්න යාළුවෙක්ගෙන් සෙට් වෙන තැනේ හැටියට ඒ අවට දේවල් පිළිබඳ විස්තර ටිකක් කතා කරලා එහෙම, තව දුරටත් පොර යාළුවෙක් විදියට ෆිට් කරගන්න ඕනේ කියලා හිතුනොත් මුලින්ම කරන්නේ… මචං මම සිරිපාල… උඹේ නම…? කියලා මෑන්ස්ගේ නම අහගන්න ප්‍රශ්නාර්ථයක් යොමු කරන එක. ඊට පස්සේ අළුත් යාළුවා නම කිව්වයි කියමුකෝ… ඊට පස්සේ ගත් කටටම  අහන්නේ  “උඹ කොහෙද මචං..?” කියලා.

ඔතනදී තමා හරිම පරිස්සමෙන්, උත්තරේ අහගන්න ඕනේ…! හෙන ක්‍රිටිකල් පොයින්ට් එකක්…! තේරුනේ නැත්තං එවෙලෙම අහන්න ඕනේ…!

මොකද කොයි කවුරු වුනත් උත්තරේ විදියට දෙන්නේ තමන් ඉන්න ප්‍රදේශයට ආසන්නම ප්‍රසිද්ධම නගරයේ නම. හැබැයි අපි ඒ නගරයේ නම අහගෙන “ආහ්… හරි මචං” කියලා නිකං හිටියොත්… පස්සේ දවසක හරි යාළුවගේ ගෙදර යන්න ලෑස්ති වෙච්චි දවසක හරි තමා තේරෙන්නේ කරපු ගොංකම.

නිකං නෙමේ අත්දැකීමෙන් කියන්නේ…

කලින් ඔෆිස් එකේ යාළුවෙක් හිටියා, චමින්ද කියලා. පොරගෙන් ඇහුවම මූ හැමෝටම කියලා තිබුනේ ගම නුවර කියලා. ඉතිං මාත් ගිය අළුත, මෑන් හොඳ යාළුවෙක් වගේ නිසා ඇහුවා විස්තර ටිකක්… මටත් කිව්වේ ගම නුවර කියලා… ඒ පාර වැඩිපුර විස්තර අහගන්න කියල හිතලා මං ඇහුවා නුවර කොයි හරියෙද බං කියලා. කියන්න බැහැනේ වැරදිලා හරි දළදා මාලිගාව අයිනෙම ගෙදරක වුනොත් එහෙම… ම්… අපිටත් ආඩම්බරයිනේ. අනික පෙරහැර තියෙන දාට එහෙ ඉඳන්ම බලන්න බැරියෑ.

ඒත් මූ මගේ බලාපොරොත්තු සුනු විසුනු කලා… මම නුවරින් ටිකක් එහා බං… මහියංගනේ…

ඈ… නුවර කොහෙද තියෙන්නේ… මහියංගනේ කොහෙද තියෙන්නේ…?

හරි හරි බං… උඹලා මහියංගනේ දන්නවද දන්නේ නෑනේ… ඒකයි නුවර කිව්වේ… ඔන්න උත්තරේ.

හා එල. මහියංගනේ කොයිහරියෙද බං…

හසලක මචං….

හා… හරි මචං… හරි… ආයේ කවුරු හරි ඇහුවොත් උඹ කොහෙද කියලා, කියපං බය නැතුව මහියංගනේ කියලා… කොළඹ අවට එවුන් හැමෝම දන්නවා බං මහියංගනේ වැද්දෝ ගැන…  කියා ගෙන මං මාරු.

මේං අනිත් එක.

මේ යාළුවා දැන් මාත් එක්ක ක්ලාස් යන බුවෙක්. මුල්ම දවසේ… සුපුරුදු පරිදි නම ඇහුවම… නම කිව්වා… ඊට පස්සේ… උඹ කොහෙද බං…?

මං කුරුණෑගල….

නෑහ්…. අඩෝ එලනේ… මාත් කුරුණෑගල බං… උඹ කුරුණෑගල කොහෙද මචං….? ඇත්තටම ඉතිං ගමේ එකෙක් හම්බුනාම සන්තෝසයිනේ…

මං ගල්ගමුවේ බං….

ඈහ්…. කොහේ….?

ගල්ගමුවේ බං…

ඉතිං බං ගල්ගමුව තියෙන්නේ කුරුණෑගලට එහා නේද…?

ඔව් බං කිලෝමීටර් හැටගානක් තියෙනවා…රාජාංගනේට කිට්ටුයි.

ආහ්… එහෙමද.. රාජාංගනේ අපේ නෑයෝ වගයක් ඉන්නවා. රාජාංගනේ අනුරාධපුරේට කිට්ටුයිනේ… ලාවට ඌට නොතේරෙන්න මාත් දුන්නා.

ඉතිං ගල්ගමුවේ ටවුන් එකේද  උඹ…? මං දන්න ගල්ගමුවේ ටවුන් එකක් නෑ… අඩුම ගානේ ගල්ගමුව මොන පාටද කියන්න වත් මං දන්නේ නෑ. ඒත්  මූ ඉන්න ඩොටේ විස්තර ටික හරියටම දැන ගන්න එහෙම අහන්න වුනා.

නෑ බං. ගල්ගමුවෙන් බැහැලා තව බස් එකක කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. හවස හයෙන් පස්සේ බසුත් නෑබං. ඒක නිසා මං රාගම යාළුවෙක්ගේ බෝඩිමක නැවතිලා හෙට උදේට තමා යන්නේ…!

මමත් හා එහෙමද… හෙන කට්ටක් නේද බං…. කියලා කතාව නවත්තලා දැම්මා.

කොහොමද මෑන්ගේ “කුරුණෑගල”…. දුර පළාත් වලින් කොළඹට, අධ්‍යාපන කටයුතු වලට, රැකියාවලට එන ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉන්න හැමෝම රට තොට ගැන නොදන්න, ලොකු උස තාප්ප ගහගෙන වලව් වලටම වෙලා බූල් බල්ලෝ හුරතල් කර කර ඉන්න හාමු මහත්තරු, කුමාරිහාමිලා කියලා. ඒ වුනාට ඒ අය දන්නේ නෑ “කොළඹ අය” අඩුම ගානේ නිවාඩුවක් ගත කරන්න හරි ගම්වලට යනවා කියලා. සමහර වෙලාවට පරන රජකාලේ නටඹුන් තියෙන ගම් වල පාරවල්, නටඹුන් තියෙන තැන් ගැන එහෙම ගමේ මිනිස්සුන්ට වැඩිය හොඳට නගරබදට වෙලා පොත් වලින් ඒ ගැන කියෙව්ව මිනිස්සු දන්නවා.

ගම් වලින් නගරබදට ආපුම අළුත නම් ගොඩ දෙනෙක් නගරේ ගැන දන්නෙත් නෑ. හැබැයි සති දෙක තුනක් යනකොට ඒ අයත් නගරේ ජීවත් වෙච්ච අයට වැඩිය හොඳට එහේ පාරවල් ගැන දන්නවා… කඩසාප්පු ගැන දන්නවා… විශේෂයෙන් වයින් ස්ටෝස් ගැන නම් අනිවා දන්නවා.

නිකමට පොඩ්ඩක් ඔය මහියංග‍නේ පැත්තෙන් ආපු වැදි දෙටුවෙක්ගෙන් අහලා බලන්න, කොළඹ බී.එල්.සී එක කොහෙද තියෙන්නේ කියලා. ඌ කියයි යන පාරවල් හැරෙන වංගුත් එක්කම.

මට ඔන්න පොඩි ඉන්විටේෂන් එකකුත් ලැබුනා, අවුරුද්දට ඇලක බැහැලා, නාලා, කාලා, බීලා එහෙම යන්න කුරුණැගල වරෙන් කියලා. කුරුණෑගල කිව්වට ඉතිං දන්නවනේ… කුරුණෑගල ඉඳන් කිලෝමීටර් හැත්තෑවක්… අසූවක් අනුරාධපුරේ පැත්තට වෙන්න… මං අපේ අම්මට කිව්වෙත් කුරුණෑගල යනවා කියලා. ඒක ඒ වෙලාවේ ගානක් වුනේ නැති නිසා තාම ඇහුවේ නෑ කුරුණෑගල කොහෙද කියලා… මව්තුමී අහපු වෙලාවට තමා මට සොරි වෙන්නේ…!!!

55 Responses to “කුරුණෑගල කොහෙද මචං…?”

  1. praveena Says:

    //ලොකු උස තාප්ප ගහගෙන වලව් වලටම වෙලා බූල් බල්ලෝ හුරතල් කර කර ඉන්න හාමු මහත්තරු, කුමාරිහාමිලා කියලා.//
    මේ ගොල්ලන් පටන් ගෙන තියෙන්නේ ගම්වලින් බවවත් එයාලා දන්නේ නෑ.

    හැබෑට ඔයා කුරුණෑගල කොහෙද?… 🙂

  2. දර්ශන Says:

    හැමදාම කියවන එකේ හිතුවා අද කමෙන්ට් එකක් දාලම යන්න. උඹත් කුරුණෑගලද මචං. මමත් නම් එහෙ තමයි හැබැයි ඔන්න කුරුණෑගලම තමයි 😀 😀

  3. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අඩේ මගෙත් යාළුවෙක් ගිහිටා බං කුරුණැගල..අපි සෙට් වෙලා මුගේ ගෙදර ගියා…බැලින්නං ඌ ඉන්නේ මඩපාත…ඒ බස් එකෙත් ගිහිල්ලා ඔය වගේ කිලෝමීටර් 4 විතර ලෑන්ඩ්මාස්ටර් එකක ගියා…අපි කිව්වේ ඌට මීට පස්සේ ගම ඇහුවොත් දඹුල්ල කියලා කියපං කියලා…

  4. කිරිපුතා Says:

    අපෙත් ඔහොම එකෙක් හිටියා. ඌ මූණුපොතේ පවා ගම දාගෙන ඉන්නෙ නුවර කියලා. ඒ උනාට උන්ගෙ ගමට නුවර එලියෙ ඉඳලත් කිලෝමීටර් බර ගාණක් යන්න තියෙනවා.

  5. ලහිරු Says:

    රැග් සීසන් එකේදි අපිත් පොඩි එකෙක්ගෙන ඇහුවා ගෙවල් කොහෙද කියලා? ඌ කියපි රත්නපුර කියලා. රත්නපුර කොහෙද ඇහුවම කලවාන ලු. එහෙ රත්නපුර ඉඳන් 44km විතර දුරයි. කලවානේ කොහෙද ඇහුවම කිරිඇල්ලෙලු. තව කිරිඇල්ලේ ඉඳන් ඉටිපන්දම් පැකට් එකක විතර දුරක් පයින් යන්නත් ඕනලු. ඇහුව ගොන්කම කියලා හිතුණා! ඵල ඵල!

  6. abeetha Says:

    http://tikakhinawenna.blogspot.com/2010/08/blog-post_25.html

    මේකේ ඉන්න කට්ටියනම් ඉන්නේ කොළඹ…

    මාළුවා උඹ කුරුනෑගල සම්භන්ධයක් තියෙනවද? මමත් කුරුණෑගලනේ.. ඒත් මමනම් කුරුණෑඅගල ඉඳන් කිලෝමීටර් 8ක් මෙහා….

  7. Harshana Says:

    ඉන්න තැන අහපුවම අපේ එවුන් දෙන උත්තර නම් සීයට 80 ක්ම ඔය වගේ තමයි. උන් හිතන් ඉන්නේ අපි ලංකාව ගැන දන් නෑ කියලා වගේනේ …

  8. ගිනිකුරුල්ලා Says:

    මචං මාළුවා උඹ කොහෙද බන්? මම නම් ලංකාවේ… 😀

  9. සිංහයා Says:

    හික් හික්.. නුවර කොහෙද මචන්,,,,
    මහියංගනේ,,,

    බඩක් නෑ හිනා වෙලා…

    ජය,,,,,,,

  10. රාජ් Says:

    මට තිබුනෙ ඕකෙ අනිත්පැත්ත. මම කොළඹ වැඩකරල ගමට ආව. ඊට පස්සෙ කොළඹ එවුන් ගාල්ලට ආවත් කියන්නෙ “අපි ඉන්නෙ ගාල්ලෙ, එන්න මේපැත්තෙ” කියල. ඒ විතරක් නං මදැයි, උං කතරගමට ඇවිල්ල කියන්නෙත් ඒ කතාව.

  11. හිතහොඳ පිස්සා Says:

    අපි නම් ගාල්ලෙ හොඳේ…….දැන් ඉතින් ගාල්ලෙ කොහෙද අහන්න එපා………:)

  12. නිසුපා Says:

    ඔහොම කියන බව අහලා නම් තියෙනවා.කට්ටිය හිතාගෙන ඉන්නෙ ඉන්න තැන හරියට කිව්වට දන්නෙ නෑ කියලානෙ.මං නම් කලින්ම හරි තැන කියනවා.පස්සෙ එයා දන්නෙ නෑ කිව්වොත් වටේ තියෙන නගර කියනවා.

  13. සපතේරු උන්නැහේ Says:

    ඇයි මෙහේ ඉන්නකොට පාකිස්තාන් කාරයෙකුට කිව්වොත් මම ලංකාවෙ කියල, උන් අහනව ලංකාවෙ කොහෙද කියල… හරියට ලංකාවෙ හතරකොන දන්නව වගේ… උන් දන්නෙ කොලඹයි, අස්ගිරියයි, ගාල්ලයි විතරයි…( ක්‍රිකට් පිස්සුව නිසා ) ඉතින් අපි ඔය තුනෙන් එකක් එපැයි කියන්න….

  14. Weni Says:

    මම නම් කොළඹ …කොළඹ කිව්වට ඉතින් කි.මී 100ක් විතර එහා.. රත්නපුරේ..

  15. Observer Says:

    බී.එල්.සී. එක කියන්නෙ මොකද්ද ?
    බේකන්, ලෙටස්, චීස්, දාල හදන සැන්විච් එකක් වත්ද ?

    • Gold fish Says:

      හික්ස්… බුඩිස්ට් ලේඩීස් කොලේජ්….

      මාමා ගැටේට අහුවුනා…. හූ හූ….

      • Observer Says:

        අනේ පලයන් යන්ඩ ඕවෑ සෙම හැලුවෙ බොලා තාත්තගෙ අස්ථි පන්ජරේ වත් නැති කාලෙ, ඕන ගෑල්ලමයි ඉස්කෝලෙක ටයි එක විතරක් නෙමේ, කොලර් එක මොකද්ද කියලත් කියන්නං, තාම ඒ විදියටම තියෙනවනං.

        උදාහරනෙකට සෙන්ට් බ්‍රිජට්ස් එකට අපි කිව්වෙ එලිෆන්ට් හවුස් කියල, ටයි එක එලිෆන්ට් හවුස් වෙළඳ ලාංජනේ වගේ කොළ පාට ඉරි හින්ද. යසෝධරාවෙ තාම ක්ලීවේජ් යන්තං පේන හතරැස් කොලර් එකද ? SPM එකෙත් ඒ වගේ කොලර් එකක් කියල මතක. BLC එකේ අපේ අක්කත් කාලයක් ඉගෙන ගත්ත බං.

      • Gold fish Says:

        හිකිස්… පෙනේද සෙවල පාර…. SPM එකට දැන් කියන්නේ මැද්දට තව වවල්ස් කීපයකුත් එක්ක ‘r’ දාපු නමක්….

  16. රූ Says:

    සමහරු ඔය දුර කියද්දි කැසට් පටි ගානෙනුත් කියනවා..

  17. සාතන් Says:

    අපේ මිත්තරයකේ සහ කෙල්ලෙක් අතර වුන දෙබසක්…

    නංගි ගෙවල් කොහෙද?
    කුරුණැගල අයියෙ…
    කුරුණැගල කොහෙද?
    නිකවැරටියෙ
    අයියෝ නංගි කුරුණෑගල කෙහෙද නිකවැරටිය කොහෙද?..
    අනේ නෑ අයියෙ කුරුණෑගල ඉඳන් බස් එකේ යන්න හරි ලේසීනෙ
    මම පොල්ගහවෙල ඉන්නෙ… ඒත් ඔයාගෙ සිස්ටම් එකට මම ඉන්නෙ කොළඹ 7 කියල කියන්න පුළුවන්….

    කොහොමද වැඩේ… ඔන්න ඔහොමයි ඉන්න තැන් කියන්නෙ 🙂

  18. යැන්කි Says:

    මමනම් කොළඹ. කොළඹ ඉදන් එක බස් එකයි. (අපිනම් පයින් යන දුර මනින්නේ “අතේ පත්තුවෙන” ඒවයින්)

  19. මඩිස්සලේ නිශාන් Says:

    ඔයිට වඩා හොදයි බං ගම අහන්නේ නැතුව ඉන්න එක ලොල්

  20. henryblogwalker Says:

    ඒ වුනාට සමහර එවුන් දන්නෙ නෑ බං මේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල තියෙන සමහර ගම් වත්. අපි ඉන්නෙ කොළඹ ඉඳලා විනාඩි හතලිස් පහක විතර දුර. නමුත් ගමේ නම කිව්වම මිනිස්සු හිතන්නෙ අනුරාධපුරේ හරි මාතලේ හරි තියෙන ගමක් කියලා.

    උඹට මතකද ‍රැග් එක ගැන ලිව්ව පෝස්ට් එක? අය්යලා ඇහුවම “තොගෙ ගම මොකක්ද @#$?” කියලා මම මෝඩ ඇක්සෙන්ට් එකකින් කිව්වා “පොල්පිතිමුකලානෙ” කියලා.
    “ඒ කොහෙද @#$?” කියලා මුං ඇහුවා.
    මම කිව්වා “කැබිලිතිගොල්ලෑවට තව පොඩ්ඩක් එහායින්” කියලා.
    හරි සතු‍ටු වුනා. නුගේගොඩ දෙහිවල කැළනිය ගම්පහ කඩවත වගෙ තැන් වලට උන් මාර විදියට ඇලර්ජික්.
    henryblogwalker the Dude

  21. Dulip Sikurajapathy Says:

    මල්ලිට බී එල් සී එක නැතුව වෙන ලෑන්ඩ්මාක් එකක් තිබුනෙම නැද්ද ??? ආසාවකට පාරෙ කෙල්ලෙක් දකින්න නැති ඉස්කෝලයක්ම කිවුවෙ

    මගෙ පදිංචියනං මල්ලි . . අංගොඩ

  22. Dinesh Umagiliya Says:

    මමත් කියන්නේ මම ගාල්ලේ කියලා.. ඒ උනාට මහ ගෙවල් තියෙන්නේ බටදූවේ.. DSI එක ලග.. ඔන්න එන්න අහන්න එපා.. මමත් ගමේ ගිය කාලයක් මතක නෑ..

  23. arunishapiro Says:

    මාත් එක්ක ලංකාවේ ඕ ලෙවල් සිට ඉස්කෝලේ ගිය, එකට කැම්පස් ගිය යෙහෙළියක් අද මුහුණුපොතේ දී කියන්නෙ එයා ඇමෙරිකාවෙන් කියලයි. සමහර විට ඇමෙරිකන් අය ලංකාව තියෙන්නෙ කොහෙද දැන්නෑ කියලා වෙන්නැති. කොහොම ද ඒ ඩොට් එක කරකැවිලා තියෙන හැටි!!!!!

  24. ජෝජ් රජ්ජුරුවෝ Says:

    දුර කියද්දි නිදි ගාණෙන් දුර කියන කෙල්ලෙක් ඉන්නව අපේ කැම්පස් එකේ… හිකිස්…නිදාගෙන ඇහැරෙන වාර ගාණ ඒ කියන්නෙ. අර කැසට්පටි ගාණ කිව්වම ඕක මට මතක් උනේ 😉 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: