‘කොටහලු වීම’ කියන්නේ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ මුල් කාලේ ඇතිවෙන සොඳුරු සිදුවීමක්. පුංචි කාලේදි අම්මගේ තුරුලට වෙලා කිරි බිබී ඉන්න පුංචි කෙල්ලෙකුට, මුල්ම වතාවට වතාවට බත් කැව්වට පස්සේ, අකුරු කියෙව්වට පස්සේ… සමහර විට ස්කෝලේ යන්න ගත්තට පස්සේ හෝ ඊට කලින්, ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන වැදගත්ම සිදුවීම තමා මේ.
අපිට ස්කෝලෙදි නම් කියල දුන්නේ හෝමෝන ක්‍රියාත්මක වෙලා ද්විතික ලිංගික ලක්ෂන පහල වීම වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ කියලා. හ්ම්… ඒක ඇත්ත තමා. ඒකනේ කෙල්ලෙක් ලොකු උනාම නෑදෑයෝ හැමෝටම කියලා, යාළුවෝ ඔක්කොමලත් එක්කහු කරගෙන ලොකු මගුල් ගෙයක් ගන්නේ…!!!
පුංචි කාලෙදි ගෑණු ළමයාව අම්මලා තාත්තලා පරිස්සම් කරන්නේ, තියෙන දාංගලේට එහෙ මෙහෙ දුවලා පැනලා වැටිලා මල් පෙති වගේ අතපය තුවාල කරගනිවි කියලා. ඒත් ගෑණු ළමයා වැඩිවියට පත්වුනාට පස්සේත් ඒ ළමයව පරිස්සම් කරනවා. මං මේ මහ ලොකු පන්ඩිතයා වගේ කියවන්න ගියාට, මං ලොකු ලොකු එව්වා දන්නේ නෑ… ඒත් දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච එක සිදුවීමක් නිසා ‘කොටහලුව’ ගැන මං හිතාගෙන හිටිය හැටි වගේම, කොටහලු මගුල් ගැනත් තිබුන චිත්ත ප්‍රීතිය නැතුව ගියා.ඒ දවස් වල ඉතිං ස්කෝලේ පාඩම් වල තිබුන මොන දේ අමතක වුනත්, ඔය වගේ විද්‍යාත්මක කරුණු හොඳින්ම මතක හිටින වයසනේ… ඒ දවස්වල සමහර ඒවා අමුතු දේවල් වුනාට ටික ටික මෝරද්දි තමා තේරෙන්නේ සමහර වෙනස් චාරිත්‍ර වල තියෙන වටිනාකම. මේකත් එහෙම එකක්.
මං හොඳින්ම දන්න කියන පුංචි නංගි කෙනෙක් නියමිත වයසෙදි ලොකු ළමයෙක් වුනා. නියමිත වයසෙදි කියන්නේ දැන් වගේ මොන්ටිසෝරි යද්දි එහෙම නෙවෙයි… එයාට අවුරුදු 12ක් විතර වෙද්දි… ඉතිං ඒකෙ එච්චර මැජික් එකක් නෑනේ. ඒත් ඒ පුංචි කෙල්ල ලොකු වුනා කියලා මගුලක් නම් ගත්තේ නෑ… ඒ දෙමව්පියෝ කලේ හාමුදුරුවරු කීප නමක් වඩම්මවලා දානයක් දීපු එක විතරයි. සල්ලි නැතුව නෙවෙයි, තේරුමක් ඇතුව. දානෙට සහභාගි වෙන්න කියලා නෑදෑයින්ටත් ආරාධනා කරා. මාත් ගියා…
ඉතිං මං හිතන්න ගත්තා ඇයි හැමෝම මගුල් ගෙයක් ගනිද්දි මෙයාලා විතරක් දානයක් දීලා ශේප් වුනේ කියලා… ඒ දවස් වල වයසේ වැරැද්ද තමා. ඕනේ එකයි එපා එකයි හැම මගුලම හොයනවා. දැන් වයසේ වැරැද්ද තමා ඕනේ එකයි එපා එකයි හැම මගුලම ලියනවා. ඉතිං කොහොම හරි මං මේ ගැන හිතලා හිතලා, අන්තිමේ මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මොකද මං ඒ දවස් වල කලේ මගුලයි දානෙයි සංසන්දය කරපු එක විතරයි…! විශේෂ වෙනස් කමක් හෙව්වේ නෑ…!
ඔය වගේ දේවල් වලට ගෙවල් වලින් උත්තර අහන්නත් බැරි නිසා කාලයත් එක්ක ඒ ප්‍රශ්න එහෙම්ම යට ගියා. ආයම මේ ලඟදී තමා, ඔය ප්‍රශ්නේ එක පාරට මතක් වුනේ. ඉතිං දැන් ඉස්සරට වැඩිය ටිකක් තේරෙනවා කියලා හිතිච්ච නිසා ආයෙම හිතුවා. මෙන්න මට හිතිච්චා…
පුංචි කාලේ කෙල්ලව ආරක්ෂා කරන්නේ දුවලා පැනලා වැටෙයි කියලා… ඒත් ගෑණූ ළමයි ලොකු වුනාම ආරක්ෂා කරන්නේ, ඒ කෙල්ල ලොකු වෙනවත් එක්කම එයාගේ අනාගතේටත් බලපාන විදියට පුංචි සිදුවීමකින් හරි ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. මං මේ කියන්නේ වෙන්න තියෙන ලොකුම දේ වුනොත් කියන එක නෙමෙයි… ඊට වැඩිය ඒ ළමයාගේ චරිතය, වටිනවා. මට හැමදේම ලියන්න බෑ… හිතන්න එහෙම වෙන්න පුළුවන් අවස්ථා ගැන… ඕනෙ තරම් හම්බුවෙයි…
ඉතිං ගෑණු ළමයෙක් ලොකු වුනාම මං නම් හිතන්නේ ඒ අම්මලා තාත්තලට අසීමිත වගකීමක් පැවරෙනවා කෙල්ල කසාද බඳිනකං ආදරෙන් බලා ගන්න එක ගැන වගේම… ආරක්ෂා කරගන්න එක ගැන. ඉතිං ඒ ළමයා ලොකු වුනා කියලා, ගමටම කියලා… “හරි අපේ කෙල්ල දැන් ලොකුයි…. තව අවුරුදු කීපයකින් කසාද බඳින්න පුළුවන්… දැන්ම ඉඳන් කැමති එකෙක් ට්‍රයි කරපල්ලා…” කියන්න වගේ මහ සද්දෙන් සිංදු දාගෙන, අරක්කු බීගෙන නටන තාත්තලා ගැන මට ඇතිවුනේ ටිකක් විතර මහ අමුතු හැඟිමක්, අර සිද්ධියෙන් පස්සේ. ඇත්තටම තමන්ගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසකදී බීගෙන නටන තාත්තලාගෙන් වැඩක් තියෙයිද…??? හරිනම් තාත්තලා එදා ඉඳන් බීම නවත්තලා දූව තව ටිකක් හොඳට ආරක්ෂා කරන්නයි ඕනේ…! අවාසනාවට වැඩිහරියක් වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.
ඉතිං ඒ අතින් බලන කොට අර දෙමවුපියෝ කරපු දේ කාට නැතත් මටනම් ආදර්ශයක් වුනා… මොකද මාත් හිතා ගත්තා කවදා හරි… මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අතේ වැඩක් කරනවා කියලා…!!!
මේ තනිකරම මට හිතෙන හැටි විතරයි… වෙන කෙනෙකුට මේක පිස්සුවක් වගේ තේරෙන්නත් පුළුවන්.
2012 මාර්තු 28 දින පෙ.ව. 7:42 ට
කොච්චර පරෙස්සම් කොලත්, ජම්බු ගහෙන් වැටෙනවනේ.. කෙල්ලොන්ගේ පතිවත් හොයන කොල්ලන්ට කියන්න තියෙන්නේ. උඹලත් නූල කඩාගන්නේ නැතුව ඉන්න කියලා විතරයි..
2012 මාර්තු 28 දින පෙ.ව. 7:51 ට
ඔන්න කාලෙකිං මං ආව උඹේ ටැංකිය පැත්තෙ… මළයො පොඩිකමට උමේ හිතේතියෙන අදහස්වලට මං කැමතියි.. කෙල්ලෙක් වැඩිවියට පත් වුණාම කෙරෙන චාරිත්‍රවල ලොකු අර්ථයක් තියෙනව.. පුහු ආටෝපෙ නැතුව උඹ ඒ ඇත්ත දේ අවබෝධ කරගෙන තියෙනව.. හරිම සතුටුයි. අපේ සමහර මිනිස්සු තාමත් ගෑණු ළමයෙක් වැඩිවියට පත් වුණා ම ඒ ළමයව තොරොම්බල් කඩේ වගේ සරසල ආරාධනා පත්තර ගහල, ගමටම ඇහෙන්ඩ මගුල් කාල බීල නටල කෙළවර වෙන්නෙ ඒ දවසෙම කාට හරි කියල අතවරේකුත් කරවගෙන තමයි.. ඒත් වෙන්ඩ ඕනෙ ඒක නෙවෙයි නෙ…
මට උඹ ගැන ආඩම්බරයි මලේ!!!
2012 මාර්තු 28 දින ප.ව. 5:11 ට
ඇති යන්තං මං හිතන විදිය හරි කියලා දකින අයත් ඉන්නවා… මං හිතුවේ අක්කේ මේකට මට නොසෑහෙන්න අහගන්න වේවී කියලා…
2012 මාර්තු 28 දින පෙ.ව. 8:16 ට
පොඩියට උත්සවයක් ගැනීමේ ලොකු අවුලකුත් නෑ. උඹ කියන කතාවත් හරි. කවුරුත් දාන දෙන්න ගියොත් ඊට පස්සෙ දානය දෙනකොට දන්නව “ජම්බු ගහෙන් වැටිල” කියල. 🙂
2012 මාර්තු 28 දින ප.ව. 5:12 ට
දානේ වගේද බං බීලා මරාගන්න එක….
2012 මාර්තු 28 දින පෙ.ව. 8:18 ට
අනේ මලේ බොටත් හිතෙන දේවල්, කවද හරි දවසක උඹටත් කෙල්ලෙක් හම්බ වෙලා උඹ එදාට කරන දේ බලන්න මේ බ්ලොග් එකේ බැකප් එකක් අරං තියපංකෝ …..
2012 මාර්තු 28 දින ප.ව. 3:10 ට
අඩේ අයියේ මාත් බලන් ඉන්නවා, මාළු කරන්නේ මොකක්ද කියල…..
2012 මාර්තු 28 දින ප.ව. 5:27 ට
අපි බලමුකෝ ඊට කලින් උඹ කරන දේ….
2012 මාර්තු 28 දින ප.ව. 5:12 ට
අනිවාර්යෙන්… මේක අදටත් වැඩිය හොඳට එදාට මට මතක් වෙනවා….
2012 මාර්තු 28 දින පෙ.ව. 8:22 ට
කියල තියෙන දේ සහතික ඇත්ත මාලුවෝ.
2012 මාර්තු 28 දින ප.ව. 5:13 ට
ම්… දැන් මං කොටහලු ගෙවල් වලට යන්නේ කෙල්ල ආයෙම ගෙයින් එලියට බැස්සම.. හික්ස්…
2012 මාර්තු 28 දින පෙ.ව. 9:42 ට
//මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අතේ වැඩක් කරනවා කියලා…!!!//
අම්මෝ පොඩිකමට මාළුවා හිතලා තියන දුර……..ඔහොම යං ඔහොම යං මලේ..:D
2012 මාර්තු 28 දින ප.ව. 5:14 ට
දැන්ම තියා ප්ලෑන් කරන්න එපැයි අක්කේ…
2012 මාර්තු 28 දින පෙ.ව. 10:26 ට
ඕවා නම් අනවශ්‍ය චාරිත්‍ර බං. ඕකෙන් වෙන්නෙ අනවශ්‍ය අවදානයක් ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් දෙනවා මේ සාමානය සිදුවීමකට. එහෙම නැත්නම් මේක ඇඩ්වර්ටිස්මන්ට් එකක්. අනික අර කන්න දෙන්න ඕනෙම කාලෙ තැම්බුම් හොදි දිදී කාමරේකට වහලා තියන චාරිත්‍ර ඇයි අපි තව දුරටත් රැකගෙන යන්නෙ කියලා මට නම් හිතා ගන්න බෑ.
මේක මගෙ පෞද්ගලික අදහස. පොලු මුගුරු අරගෙන එන්න අවශ්‍ය නෑ. කැමති අය ඒ විදියටම කරගෙන යමු.
henryblogwalker the Dude
2012 මාර්තු 28 දින ප.ව. 5:17 ට
මං අයියා කියන කකාව දෙතුන් දෙනෙක් ගෙන් අහලා බැළුවා… අර ගේ මුල්ලට කරලා තියෙන චාරිත්‍රය… ඒක ගැන කට්ටිය දෙපැත්තටම උත්තර දුන්නා…
2012 මාර්තු 28 දින ප.ව. 5:30 ට
ඇත්තම ඇත්තයි ඩූඩි අයියේ මාත් කියන්නේ ඕකමයි… මම නම් ඕවා බලාගෙන කට පියන් ඉන්නේ නෑ අම්මලා බනිනවා හැමදේම තාක්ෂණේ පිට දාන්න එපා කියලා ඒත් මම සැලෙන්නෑ…
2012 මාර්තු 28 දින පෙ.ව. 10:48 ට
//මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අතේ වැඩක් කරනවා කියලා…!!!//
මේක උනොත් එහෙම පත්තරෙත් යයි නේද..???
“””පානදුර ප්‍රදේශයේ තරුණයෙක් දරුවෙක් ප්‍රසූත කරයි…”””
2012 මාර්තු 28 දින ප.ව. 12:15 ට
:O හි හි හි… අද පෝස්ට් එකේ හැටියට උඹ ගෝල්ඩ් ෆිෂ් වෙන්න බෑ.. මුහුදු අශ්වයෙක් වෙන්න ඇති…
2012 මාර්තු 28 දින ප.ව. 1:00 ට
පුංචි නිවරදි කිරීමක් තියෙනව ගිනි කුරුල්ලො… මුහුදු අශ්වය පැටව් දාන්නෙ නෑ… කරන්නෙ ගෑණු සතා දාන බිත්තර තමන්ගෙ බඩ ප්‍රාදේශයෙ තියෙන පොකට් එකක දාගෙන රකින එක…
2012 මාර්තු 28 දින ප.ව. 10:50 ට
එළ එළ
2012 මාර්තු 28 දින ප.ව. 2:07 ට
මේක තමයි සිරා කමෙන්ට් එක..
2012 මාර්තු 28 දින ප.ව. 5:18 ට
වෙලාවට මං පානදුරේ නෙමෙයි…. හික්ස්…
2012 මාර්තු 28 දින පෙ.ව. 11:30 ට
මහා ලොකුවට අණබෙර ගහලා පාටි දාලා ඒ ළමයාව අපහසුතාවයට පත් වෙනවට වැඩිය හොඳයි මෙහෙම කරන එක
2012 මාර්තු 28 දින ප.ව. 5:19 ට
ඔව් අප්පා… මගුල් ගේ දාට ඇඩ් එක වගේ හැමෝටම වඳින්නයි… හිනා වෙන්නයි…
2012 මාර්තු 28 දින පෙ.ව. 11:40 ට
සහතික ඇත්ත කතාවක්……. අපේ නංගි ලොකු ලමෙක් වෙච්චි දවසේ මට මතකයි එයා බෙදාගත්තු බත් එක කන්නවත් අපේ ආච්චම්මා ඉඩ දුන්නේ නෑ…කන්න දුන්නේ කිරි හොදියි බතුයි.ඒ කෙල්ල ඇස් දෙකේ කඳළු පුරෝගෙන කන්න ගත්තේ.මම ගෙදර හැමෝටම බැනලා බෙදලා දුන්නා තඩි බත් එකක් හැම ජාතියක් එක්කම…. මෝඩ මිත්‍යා මතත් එක්ක ගෑණු ලමයිව සෑහෙන්න අපහසුතාවකට පත් කරනවා මේ වැඩෙන්….. නංගි නම් හිටියේ මොන කරුමයක්ද මේ කිය කියා…..මාත් එවෙලේ කිව්වා කවදාවත් මම මෙහෙම මෝඩ වැඩ කරන්නෑ කියලා උත්සව අරං මේවා කරන්න කියලා බල කරන්න ලෑස්තිවෙන්නත් එපා කියලා තමයි කිව්වේ…..
මේ වගේ දෙයක් කතා කිරීම ගොඩක් වටිනවා
2012 මාර්තු 28 දින ප.ව. 5:20 ට
ඒක ඇත්තටම මහ මෝඩ වැඩක්… කන්න බොන්න හොඳටම දෙන්න ඕනේ කාලේ කන්න බොන්න දෙන්න නෑ….
2012 මාර්තු 28 දින ප.ව. 12:35 ට
මම නම් බොනව ඒත් මම පෞගලිකව විරුද්දයි මගුල් ගෙදරකදී, කොටහලු උත්සවයකදී බොන්න දෙන එක ගැන නම්.
අපේ නංගිගේ උත්සවේ දවසෙදි මම තදිනම විරුද්ද උන හින්ද බොන්න දෙන එක නම් නවත්ත ගත්ත
එන මිනිස්සු බීල නිකන් ඉන්නවනම් මොකද තව කතාත් පවත්වනව. මම ගිය එක වෙඩින් එකකදී බීපු මනුස්සයෙක් කතාවක් කාල ඒක සිරා කතාව. කොහොබ ගහට කරවිල වැල ගියා වගේ කියල තමයි කතාව ඉවර කලෙත්
2012 මාර්තු 28 දින ප.ව. 5:22 ට
මචං රුචා… කරවිලේ වැලේ කතාව මං හිතන්නේ සාම්ප්‍රදායික දෙයක් බං. මං ගිය මගුල් දෙකක මත් ඒ කතාව එහෙම්ම කිව්වා…
2012 මාර්තු 28 දින ප.ව. 1:01 ට
උඹත් හිතන දේවල් 🙂
අර අන්තිමට තියෙන පින්තූරෙ ගැන නම් සැකයි සැකයි වගේ බන්
උඹලගෙ වර්ඩ්ප්‍රෙස් මගුල හින්ද අන්තිමට එකවුන්ට් එකකුත් හදාගන්න වුනා…
2012 මාර්තු 28 දින ප.ව. 5:23 ට
අන්න හොඳ සාතන්…. ඇයි බං පින්තූරේ ගැන සැක… මං දන්න කෙනෙක්වත් උඹ දන්න කෙනෙක් වත් නෙවෙයි ඒ… 😀
2012 මාර්තු 28 දින ප.ව. 2:35 ට
ඔය මොනා හරි බං.ඔක්කොටම වඩා අමාරු වැඩේ මුන්ව පරිස්සන් කොරන එකනෙ.
2012 මාර්තු 28 දින ප.ව. 5:24 ට
ඒකෙ වගකීම තියෙන්නේ අම්මලා තාත්තලා අතේ බං…
2012 මාර්තු 28 දින ප.ව. 3:05 ට
මමනං කොහොමත් විරුද්දයි ඕකට පාටි දානවට . . .
2012 මාර්තු 28 දින ප.ව. 5:25 ට
සල්ලි අපතේ යවාගෙන බොනවට වැඩිය හොද නැද්ද අයියේ ඒ සල්ලි කෙල්ලගේ අකවුන්ට් එකට දාන එක…
2012 මාර්තු 28 දින ප.ව. 3:08 ට
අනිවා කතාව මචං……
2012 මාර්තු 28 දින ප.ව. 5:26 ට
හිකිස්… මට අහන්න හිතෙනවා දෙයක්… ඒත් ප්‍රසිද්ධියේ බෑ බං…
2012 මාර්තු 29 දින පෙ.ව. 9:40 ට
මට හිතුනා………. :O 😉
2012 මාර්තු 28 දින ප.ව. 3:44 ට
එහෙම දෙයක් කරන එක හොඳයි …… නිකන් වියදම් කරනවාට වඩා.
2012 මාර්තු 28 දින ප.ව. 5:29 ට
ඇත්ත… ඒ සල්ලි වලින් ඒ ළමයාගේ අනාගතේට මොනව හරි කරන්න පුළුවන්….
2012 මාර්තු 28 දින ප.ව. 5:19 ට
ඔව්වට පාටි ගන්න එක නම් මහ බොරු වැඩක් බන්… අනේ මන්දා මට තේරෙන්නෙ නෑ… ඕනි එකක්.. මට වෙරි දැන්. 😀
2012 මාර්තු 28 දින ප.ව. 5:34 ට
මොනා පාටිද අයියේ… බොන්න ඕනේ නම්, කොහෙට හරි ගිහිං කන පැලෙන්න බොනවා මිසක්…
2012 මාර්තු 28 දින ප.ව. 8:08 ට
මාළුවටත් හිතෙන දේවල්.. මෙහෙම දෙයක් කරන එක හොදයි.. ලොකු ලොකු පාටි වලට වඩා.. ඒවට මමත් එච්චර කැමති නෑ..
2012 මාර්තු 29 දින ප.ව. 8:09 ට
ඔව් දිනේෂ්… නිකං සල්ලි වියදම් කරගෙන බොනවට වැඩිය කරන්න දේවල ඕනේ තරම් තියෙනවා…
2012 මාර්තු 28 දින ප.ව. 9:13 ට
ගොඩක් සම්ප්‍රදායික දේවල්වල විද්‍යාතමක පැත්තකුත් තිබුනට මෙතනදි නම් එහෙම නැහැ වගේ
2012 මාර්තු 29 දින ප.ව. 8:10 ට
ඔව් මෙතෙන තනිකරම තියෙන්නේ මිත්‍යා මත විතරයි…
2012 මාර්තු 28 දින ප.ව. 10:02 ට
උබට හිතිච්ච විදිය හරි.මහා ලොකුවට පාටි දැම්මම කොටහළු මගුල් වලට කෙල්ල අනිවා පැනලා යනවලු පරණ ගම් වල මතයක්.
2012 මාර්තු 29 දින ප.ව. 8:11 ට
ඈ… එහෙම එකක් දැනන් උන්නේ නෑනේ මං…
2012 මාර්තු 28 දින ප.ව. 10:31 ට
අපේ පැත්තෙත් කතෝලික ගෙදරක නංගි කෙනෙක්ගේ කොටහළු මඟුලක හොඳට බොන්න දීල ලොකු පාටියක් ගත්ත… මගේ නම් එහෙම නෑ.. පවුලේ නෑදෑ, වැඩිහිටියෝ ටික ආව… කිරිබත්, කැවුම්, කෙසෙල් කෑවා..එච්චරයි…
ඔක්කොටම හපන් අපේ ලොකු අයියගේ මඟුල් ගේ අස්සේ තමා ඒකත් උනේ… ඉතින් සරලව වැඩසටහන ඉවර උනා…
දානයක් දෙන එක නම් හරිම පින් අතේ වැඩක්… අපිට ඉස්සරහට ආදර්ශයක්…
2012 මාර්තු 28 දින ප.ව. 10:58 ට
සිරාවට බන්.. පාටියක් දාලා, එදාට කාලා බීලා පිස්සු නටන සල්ලි වලින් ඒ වයසෙම ඉස්කෝලේකට, පන්තියකට යන්න සල්ලි නැතිව ඉන්න ළමයි කීදෙනෙක්ට නම් කියලා උදව් කරන්න පුළුවන්ද.
2012 මාර්තු 29 දින ප.ව. 8:14 ට
හ්ම්… ඒක ඇත්ත…
2012 මාර්තු 28 දින ප.ව. 11:56 ට
කොටහලු මගුල කියලනේ ඉස්සර කිව්වේ..ඒවත් දැං ඉතිං එක එක හේතු නිසා නිකං හෙම්බිරිස්සාව හැදිලා හොඳ උනා වගේ ගානටම යනවා..
2012 මාර්තු 29 දින ප.ව. 8:15 ට
හැබැයි හෙම්බිරිස්සාව දවසට කන්න බොන්න එහෙමත් ලැබෙනවා…!!! සීතල ජාති රත්වෙන ජාති හැම එකම.
2012 මාර්තු 29 දින පෙ.ව. 12:53 ට
මලේ, අපි දන්න අයිය කෙනෙක්ගෙ දුවෙක්ගෙ ඔයිං මගුලක් සෙට් උනානෙ උඹල අපි එහෙම ඒ අයියලෑ ගෙදර කකා බිබී ඉද්දි . . . මතකද ???
2012 මාර්තු 29 දින ප.ව. 8:16 ට
ඈ… ගිය අවුරුද්ද දිහාවෙ????
2012 මාර්තු 29 දින පෙ.ව. 9:01 ට
තමුන්ගේ දරුවා වැඩිවියපත්වීම දෙමාපියන්ට සතුටක් තමයි ඒත් එකට ලෝකෙම ඉන්න මිනිස්සු ගෙන්නලා අඬබෙර ගහලා බීලා නටලා කරන විගඩම නම හරිම අජූතයි.. හරියටම මෙන්න දැන් කෙල්ල රෙඩි.. ඕන එකෙක් ඉන්නවා නම් අරන් පලයල්ලා කියනවා වගේ.. අපේ සිරිත් විරිත් තිබුනේ බොහොම චාම්ව පවුද්ගලිකවයි.. දැන් ඒවා විකාර වෙලා.
2012 මාර්තු 29 දින ප.ව. 8:17 ට
ඒකම තමා මාත් කියන්නේ… කෙල්ලව ප්‍රදර්ශන භාන්ඩයක් කරනවට මං නම් මාර අකමැතියි.
2012 මාර්තු 29 දින ප.ව. 3:09 ට
ඉස්සර ලොකුවට කොටහලු මගුල අරන් තියෙන්නෙ තමුන්ට දැන් දීගතල දෙන්න පුලුවන් දුවෙක් ඉන්න බව ගමේ මිනිස්සුන්ට කියන්නලු.අපේ ගමේනම් තාම එහෙම නොවුන ගෑණු ලමයෙක් ඉන්නවා වයස අවුරුදු 50 විතර වුන. 😀
2012 මාර්තු 29 දින ප.ව. 8:19 ට
නීසූ, මේ කමෙන්ට් එක මුලින්ම නොදාපු ගැන මට තරහයි. එහෙම උනානම් එහෙම ලොකු අයියලගේ කමෙන්ට් වලින් මේ පෝස්ට් එක උතුරනවා…
2012 මාර්තු 30 දින පෙ.ව. 8:02 ට
ඇත්ත සහෝ, පාටි නම් තනිකර ගොන්පාට් ම තමයි!
2012 මාර්තු 30 දින පෙ.ව. 8:11 ට
ඔව් මචං… ලොකු කම් පෙන්නන්නනේ….
2012 අප්‍රේල් 25 දින ප.ව. 10:07 ට
Ayyage blog eke isellame hambune giye mase,, eke digateme post kiyawegene giye nisa kammali hithuan eke nawathela comment ekak danne,, 😛 onne ade iwere kara,, 😀 harima lassante liyala thiyeenwa,, man asama ayyage yashodarawatha katha series ekate 🙂 eke man hithane thawe post enne thiyenewa isserhaate,, mate ayyage blog eke follower kenek wenne kohomada kiyala kiyaneko,, cz i couldn’t find the button to click on so that i can be a follower. ok then keep writing. take care. ❤
2012 අප්‍රේල් 26 දින පෙ.ව. 8:07 ට
තෑන්ක්ස් නංගි. යශෝධරාවත ලියන්න පුළුවන් වෙයි තව. බලමුකෝ.
ඔයාට ෆ්ලෝ කරන්න ඕනේ නම් බ්ලොග් එකේ වම් පැත්තේ පහල ඇති බට්න් එකක් “මාළු රෑනට එකතු වෙන්න” වගේ නමකින්. මටත් මතක නෑ. අන්න ඒකට ඊමේල් එක දීලා ෆ්ලෝ කරන්න. ඒත් සමහර විට ඒක ඔයාට වදයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතිං ඉඩක් තියෙන වෙලාවට ඇවිත් කියවලා යන්න…!
2012 අප්‍රේල් 26 දින ප.ව. 9:22 ට
Ane ehema wadeyak unath sathuthin bareganewa.. mokade man hary asay oyala me liyane dewal kiyawanne 🙂 kochara nidi mathe una iwere karane kam hariyate ninda yanneth na appa 😦 😛 hehehe