ටිලිං… ටිලිං… ටිලිං….
ඒ ටිලිං… ටිලිං ගෑවේ ලියුම් කාරයා නෙවෙයි. අපේ ස්කෝලේ බෙල් එක. බෙල් එක ගහන්නේ එකොලහ වසරේ අක්ක කෙනෙක් හරි, නැත්තං බොහෝවිට අයිය කෙනෙක් හරි. අක්කා කෙනෙක් බෙල් එක ගහද්දි නම් බලාගෙන ඉන්න ආ…ස්…සා…වේ… බෑ… කිලෝ තුන හතරක් බර ලොකු පිත්තල බෙල් එක එහාට මෙහාට හොල්ලද්දි මුළු සරුවාංගෙම පැද්දෙන ලස්සන..!!!වම් කුකුල පිටිපස්සට තියලා, දකුණු කකුලෙන් ඉස්සරහට බර වෙලා, වම් අත බෙල් එකේ ලී මිටේ… බෙල් එක ආසන්නයෙන්ම අල්ලගෙන, දකුණු අතෙන් ඊට උඩින් අල්ලගෙන තමා ඔය බෙල් එක ගහන්නේ…. ම්… තාම මැවිලා පේනවා…
හරි හරි ඉන්ටවල් ඉවරයි… දැන් අපිට ගණිතය.ඒ දවස් වල අපි අටවසරෙනේ. ඒ කාලේ ඉතිං ගණිතට අකමැත්තක් තිබුනේ නෑ. කොහොමත් හය වසරේ ඉඳන් හැමදාමත් මට තමා ගණිතයට පළවෙනියට හරි දෙවෙනියට හරි ලකුණු තියෙන්නේ. අන්තිමයගේ ඉඳන් නෙමෙයි හරිද…ඉතිං ඒ දවස් වල අපිට ගණන් ඉගෙන්නුව මිස් හරි හොඳයි. කොයි තරම් හොඳද කියවනම්… කව්රු හරි කොල්ලෙක් ටොයිලට් එක ආසන්නයේ හැරෙන්න පිට්ටනියේ හෝ පන්තියක ෂර්ට් එක උඩින් දාගෙන ඉන්නවා දැක්කොත්, කොල්ලව ඇදලා ගන්නවා කලිසමේ ඉනෙන් අල්ලලා… අප්පා ඉතුරු ටික නම් ලියන්නත් ලැජ්ජයි දැං…. ඒක නිකං කොටු කොටු වගේ සීන් එකක් වෙනවා. පිට්ටනිය මැද්දේම ෂර්ට් එක ඇදලා අරං ඔබනවා කලිසම අස්සට… ලැජ්ජාවේ බෑ ඉතිං… පන්තිවල කෙල්ලෝ බලාගෙන ඉද්දී. විනයභාර ටීච කියන්නේ නිකං නෙමේනේ…
ඉතිං මේ කියන දවසේ අපේ ඩිෆෝල්ට් ගණන් ටීචර් ආවේ නෑ. ඒ වෙනුවට ඉතිං අපේ අනිත් පන්ති වලට ගණන් උගන්නන මිස් කෙනෙක්ව රිලීෆ් දාලා තිබුනා. ඒ මිස් එකක් වැඩිය කතා බහ කරලා නැති වුනත්, අපි හැම කෙනෙක්ම මිස්ව දන්නවා හොඳින්ම. ඒකට හේතුව, මිස්ගේ ඇස් දෙකෙන් එකක පුංචි වපර ගතියක් තිබීම. ඇස් දෙකෙන් කොයි ඇහැද හොඳ ඇහැ කියන්න අපි දන්නේ නැහැ. එහෙමයි කියලා කවදාවත් ළමයෙක් විහිළුටවත් මිස්ට අනවශ්‍ය විහිළුවක් නම් කරේ නෑ. ඒ අතින් නම් අපේ එවුන් ගැන මට දැනුත් ආඩම්බරයි.
කොහොම කොහොම හරි, මයෙ කරුමෙට ඒ සතියේ අපේ කන්ඩායම හිටියේ ඉස්සරහම පේලි දෙකේ. මම ඉස්සරහම පේලියේ, බිත්තිය පැත්තේ ඉඳන් තුන්වෙනියට. ඔන්න පාඩම පටං අරගෙන ගානක් දෙකක් දීලා… ඒවට උත්තර සාකච්චා කරලා එහෙම මිස් දුන්නා තව ගානක්. මං කලින් කිව්වනේ ඒ දවස් අපිට ගණන් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඉතිං ඒ ගාන හදන විදිය ටිකක් පැහැදිලි කරන්න කිව්වම ඒක කාටවත් මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතිං මිස් ගුරු පුටුවෙන් නැගිටලා මුල්ම පේලියේ හිටිය අපේ ඉස්සරහට ඇවිත්…
“ඔයා කියන්න බලන්න, මේ ගාන හදන විදිය”
දැන් ගාන හදන විදිය මං දන්නවා වුනත්, මට නැගිටින්න හිතෙන්නම නෑ. මිස් හිටියේ මගේ ඉස්සරහම වුනත්… මට සැකයි, මිස් ගාන හදන විදිය කියන්න කිව්වේ මටමද කියලා. මොකද මිස් එක ඇහැකින් මගේ දිහා බලාගෙන හිටියට අනිත් ඇහින් බලාගෙන හිටියේ මට පිටිපස්සේ පේලියේ හිටිය ළමයා දිහා. ඉතිං මට නැගිටින්න හිතෙන්නේ නෑ… මොකද මමත් නැගිටලා උත්තර දෙන්න හදද්දි… “ඔයා පන්ඩිත වෙන්නේ නැතුව වාඩිවෙන්න. මං ඇහුවේ අරයගෙන්” කිව්වොත් එහෙම කොහොමද දැනෙන සනීපේ. පස්සේ ඔන්න තත්පර කීපයකින්… මිස් ආයෙම… “ඇයි දන්නේ නැද්ද..?” කියලා අහද්දිම…මාත් බැලුවා මේ පාරත් කියන්නේ මටද, නැත්තං පිටිපස්සේ බුවාටද කියලා බලන්න. ඒ එක්කම ඔය රූපයේ ඉන්න තැඹිලි පාට එකා නැගිටලා උත්තරේ කියන්න පටන් ගත්තා…
ඇයි ඔයා නැගිට්ටේ….? මං ඇහුවේ මෙයා ගෙන්නේ කියලා ඔය දම් පාට එකාව පෙන්නලා දුන්නේ නැද්ද දම් පාට එකාට චූටි පාරක්.
ඒ පාරක් දුන්නේ දම් පාට එකාට ගාන බැරි නිසා වෙන එකෙක්ව නැගිට්ටෙව්වා කියලා. මිස් හිතලා තියෙන්නේ මං පිටිපස්සේ බැලුවේ, මං වෙනුවට නැගිටලා උත්තරේ කියපං කියලා කියන්නයි හිතලා. මොනා කරන්නද ඉතිං, වෙන මිස් කෙනෙකුටනම් විහිළුවක් වත් කලෑකි. ඒත් මේ මිස්ට මුකුත් කියන්න හිත දුන්නේ නෑ… පස්සේ ඉතිං ඇත්තටම මට ගාන බැරුව වගේ මාත් හිටියා.
වෙනදට කවුරු හරි ගුටියක් කෑවම, ගුරුවරයා පන්තියෙන් ගිය ගමන් හිනා වෙවී ගුටි කාපු එකාව නෝන්ඩි කරන කොල්ලොයි, කෙල්ලොයි… එදා මූනු රතු කරගෙන… “මාර වැඩේනේද”… කිව්වා මිසක් වෙන කිසිදෙයක් කිව්වේ නෑ. අර ෂොක් වෙනවා කියන්නේ… අන්න ඒක වෙලා හිටියේ හැමෝම එවෙලේ…
කමක් නෑ එද දවසයිනේ…!!! ඒත් මට දුක හිතුනේ මං ගුටි කාපු එක ගැන නෙවෙයි, මිස් නිතර දෙවේලේ උගන්නන පන්තියේ එවුන් කොයිතරම් ඔය වගේ කනවා ඇත්ද තියලයි…!!!
2012 මාර්තු 26 දින පෙ.ව. 6:35 ට
පව් උඹලා විහිළුකරේ නැති එක හොඳයි..ඒත් ඒ මිස්ගේ පංතියේ උං නං හැමදාම ඔය කට්ට කනවා ඇති…
අපි ඒ දවස්වල ඔය වගේ අයට කිව්වේ බොම්බේ ලුකින් කල්කටා කියලා…
2012 මාර්තු 26 දින ප.ව. 5:37 ට
විහිළු කරන්නේ කොහොමද අප්පා…
2012 මාර්තු 26 දින පෙ.ව. 8:05 ට
ඒ වගේ දෝෂයක් තියෙනවනම් ඉපදිලා මාසයකින් හදුනාගන්න පුලුහන් කියල තමයි කියන්නේ. වැඩිහිටියෙක් වෙන්න කලින් පොඩි ශල්‍යකර්මයකින් මේක නිවැරදි කරන්න පුලුහන්. මේ තත්වයත් සමග වැඩිහිටි වයසට පත්වීම තමාගේ පෞරැෂ වර්ධනයටත් භාදාවක් කියලයි පොත්වල නම් තියෙන්නෙ…. Thank you gold fish … though its a small story it says lot of things
2012 මාර්තු 26 දින ප.ව. 5:38 ට
හ්ම්… ඒක නම් එහෙම තමා… ඒත් ඉතිං දැන් තියෙන වෛද්‍ය පහසුකම් ඒ දවස් වල තියෙන්න නැතුව ඇතිනේ…
2012 මාර්තු 26 දින පෙ.ව. 8:05 ට
ඔය පුංචි කාලෙ බෙල් ගහපු අයියල තමයි නාකි උනාමත් පාර පුරා බෙල් ගගහා යන්නෙ. 😉
2012 මාර්තු 26 දින ප.ව. 5:39 ට
අර “නවම්” කියන අයියා වගේ… 😀
2012 මාර්තු 26 දින පෙ.ව. 8:12 ට
“අක්කා කෙනෙක් බෙල් එක ගහද්දි නම් බලාගෙන ඉන්න ආ…ස්…සා…වේ… බෑ… කිලෝ”
ඒ මොකෝ ඒ…
අවුරුදු දහතුනක් ඉස්කෝලෙ ගියාට බෙල් එකේ ලණුව ආසාවට අල්ලලා නෑ…. අපේ බෙල් එක ගහන්නම වෙනම නිලධාරියෙක් හිටියා.. කොල්ලෙක් බෙල් එක ඇල්ලුවා කියන්නෙ ඌ ගෙදර තමයි.. ඉස්කෝලෙ ඉතිහාසෙටම බෙල් එක අල්ලලා තියෙන්නෙ දෙන්නයි.. පළවෙනි එකා කෙලින්ම ගෙදර.. දෙවෙනි එකා අපේ පන්තියෙ හිටියෙ ඌ මාසෙකට සස්පෙන්ඩ්…
වැඩේ කියන්නෙ එහෙම වුනේ ඉස්කෝලෙන් පස්සෙ බෙල් එක ගහලා..
රෙගියුලර් ගණන් මිස් නම් පුදුම වැඩනෙ කරලා තියෙන්නෙ.. සර්ලා එහෙම මොකුත් කියන්නෙ නැද්ද?
2012 මාර්තු 26 දින ප.ව. 5:40 ට
සස්පෙන්ඩ් කලේ උඹව නේද… ඇත්ත කියපං…
2012 මාර්තු 26 දින පෙ.ව. 8:48 ට
අයියලා ඒ මිස්ට විහිළු නොකළ එක ගැන නම් ගොඩක් හොදයි…
2012 මාර්තු 26 දින ප.ව. 5:41 ට
ඇත්තටම අපි කවදාවත් විහිළු කලේ නැහැ…. හරි පුදුමයි දැන් ඒ ගැන හිතද්දි…
2012 මාර්තු 26 දින පෙ.ව. 9:21 ට
හෙඩ් ලයිට් ෆෝකස් කරනව වගේ ඇස් හදන්න බෑනෙ, මොනව කරන්නද ?
2012 මාර්තු 26 දින ප.ව. 5:41 ට
ඒකනේ…. වෙලාව තමා…
2012 මාර්තු 26 දින පෙ.ව. 9:27 ට
ඇත්තම කියපන් බං උබ ඒ ගාන හදන්න දන්නෙ නැති හින්ද නේද පස්ස බැලුවෙ
2012 මාර්තු 26 දින ප.ව. 5:42 ට
ඈ… මං මේ මේකේ වැඩ්ඩා වගේ ලිව්වට… උඹ හිතුවද මට ගණන් පුළුවන් කියලා… දෙකයි දෙකයි එකතු කරගත්තේ ඇඟිලිවල පිහිටෙන්…
2012 මාර්තු 26 දින පෙ.ව. 9:47 ට
පොඩි කාලෙදිම එය හඳුනාගෙන අවශ්‍යතාවය අනුව උපැස් යුවලක් පැලදීම, සුළු ශල්‍යකර්මයක් කිරීම වැනි දෑ මගින් වපරය නිවැරදි කරගත හැකියි දැන් කාලේ නම්.
2012 මාර්තු 26 දින ප.ව. 9:34 ට
ඔව් දැන් එහෙම පහසුකම් තිබුනට, ඉස්සර තියෙන්න නැතුව ඇතිනේ…
2012 මාර්තු 26 දින පෙ.ව. 11:19 ට
හෆ්ෆට සිරි….. අපේත් සෑර් කෙනෙක් හිටියා….. බුවාට කොල්ලො කිවුවෙ බොම්බෙ ලුකින් කල්කටා.. කියල…… සෑර් හොද්ද දිහා බලපුවහම බත පේන්නේ……. පොර ආවහම පන්තියේ මගෝඩි සැට් එකත් හම්.. සද්දයක් නෑ…. ඇයි කොහේ බලනවද දන්නෑනෙ….. විභාගෙ දවසට පොර සෙට් උනොත් හොදි ඕන්නෑ…. එකෙකුට කොපිකොරන්න බෑ……. කොහේ ඉඳන් බැලුවත් පොර අපිදිහාබලං ඉන්නව වගේ…….විහිලු කලාට පවු ඒත් කොලුකාලෙනෙ…… මක්ක කොරන්නද…… කොල්ලොනේ…..(ඒකාලෙ)
X-Porter
2012 මාර්තු 26 දින ප.ව. 9:35 ට
වෙලාවට අපිට එච්චර සැරට සෙට් වුනේ නෑ…!!!
2012 මාර්තු 26 දින පෙ.ව. 11:27 ට
මොනවා වුනත් හොද ලමයි මිස්ව විහිලුවට අරගෙන නෑ. 🙂
2012 මාර්තු 26 දින ප.ව. 9:35 ට
මං ලියපු එකම ආදරුසමත් මෙව්වා එකද කොහෙද මේ….
2012 මාර්තු 26 දින ප.ව. 2:02 ට
ඔයවගේ ඩයල් නං සෙට්වෙලා තියනව ඕන තරං. අපේ ජූනියර් බැචෙක් හිටිය හෙඩ්ලයිට් ෆෝකස් වෙලා නැති. අපි හොස්ටල් එකේ මූ එක්ක කැරම් ගහනකොට හෙන ආතල්. ඇයි බලන ඉත්තට නෙවෙයිනේ ගහන්නෙ.
2012 මාර්තු 26 දින ප.ව. 9:36 ට
අප්පා… මට ඒ සීන් එක මැවිලා පේනවා…. හික්ස්….
2012 මාර්තු 26 දින ප.ව. 2:38 ට
පෝස්ට් එකේ මුල හරිය කියවන කොට “ඒක පිං වපරයක්” කියලා කමෙන්ට් කරන්නයි හිතාගෙන හිටියෙ
ඒත් කියවලා ඉවරවුනාම……????
ඇඩෙනවා තනි ඇහැට…
2012 මාර්තු 26 දින ප.ව. 9:36 ට
වපරේට අපි හිනා වුනාට, ඒ මිනිස්සු කොයිතරම් අපහසුතාවයට පත්වෙනවා ඇතිද…
2012 මාර්තු 26 දින ප.ව. 4:07 ට
අපිටත් හිටියා එහෙම ටීචර් කෙනෙක්. අපි කිව්වෙ “බොම්බෙයි ලුකින් කල්කටා” කියලා මොකද එයා බොම්බෙයි (දැන් මුම්බායි!) දිහා බැලුවම දකින්නෙ කල්කටා නිසා. හරි අවුල් තමා කාට ද කතා කරන්නෙ කියලා හොයා ගන්න බැරි වුනාම!!!
2012 මාර්තු 26 දින ප.ව. 9:38 ට
අපි නම් එක දවසයි අක්කේ… ඒත් මිස්ට භාරදීලා තිබුන පන්තියේ ළමයින්ට…
2012 මාර්තු 27 දින පෙ.ව. 12:17 ට
දෙන්න ආපු කොමෙන්ට් එක . . . 😦
අපේ ගමෙත් හිටිය අක්ක කෙනෙක් “බොම්බෙ ලුකිං කල්කටා” කියල
2012 මාර්තු 27 දින පෙ.ව. 7:05 ට
මට පේන්නේ කට්ටිය ඔක්කොමල එකම ගමේද කොහෙද….
2012 මාර්තු 26 දින ප.ව. 6:35 ට
මාලු, “ටිලිං ටිලිං ටිලිං කියලා ලොකූවට දාලා තියෙනකොට මට මතක් වුනේ මෙන්න මේක. කියවලාම බලපංකො රහස.
http://matahithenahatty.wordpress.com/2011/08/09/%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99-%E0%B6%9C%E0%B7%9C%E0%B6%82-%E0%B6%9A%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A/
අර විදියට ශර්ට් එක යට කරනවා කියන්නෙ පුදුම බලතලනෙ තිබිලා තියෙන්නෙ!! හැබැයි හොඳම වැඩේ උඹලාට.
henryblogwalker the Dude
2012 මාර්තු 26 දින ප.ව. 9:39 ට
ෂර්ට් එක යට කලාටනම් කමක් නෑ කියමුකෝ… ඒත් දෙයියනේ කෙල්ලෝ ඉස්සරහා ඒක කරන එකනේ ඉවසන්න බැරි. අපි ඒ වගේ අතවරයකට ලක්වෙලා පන්තියට එද්දි කෙල්ලෝ අයින් වලට වෙලා කලිසම දිහා බල බල හිනා වෙනවා…. ඒකනේ ඉවසන්න බැරි….
2012 මාර්තු 26 දින ප.ව. 6:43 ට
ආයෙ ආවා අතපසු වෙච්ච දෙයක් කියන්න. කියන්න ඕනෙම දෙයක්. උඹ හරි ශ්‍රේෂ්ඨ වැඩක් කරලා තියෙන්නෙ ඒ ටීචර්ගෙ හිත රිදෙයි කියලා ගාණ බැරුව වගේ ඉඳලා. අනේ අපිට දැන් නෑනෙ බං උඹලා වගෙ ගෝලයො මෙහෙ. දාපං පහක්!!
henryblogwalker the Dude
2012 මාර්තු 26 දින ප.ව. 9:41 ට
වෙන කෙනෙක්ට නම් ඕනේ දෙයක් කියන්න පුළුවන්… විහිළුවෙන් හරි… ඒත් ඒ වෙලාවෙනම් අපි ඔක්කොම ‘අනුකම්පාව’ කියන තැන හිරවුනා…
2012 මාර්තු 26 දින ප.ව. 7:11 ට
දුක හිතෙනවනෙ බොලං
2012 මාර්තු 26 දින ප.ව. 9:42 ට
හ්ම්… දැන් නම් උඹලා මේ දාන කමෙන්ට් වලට මටත් දුක හිතෙනවා බං… පව් බං….
2012 මාර්තු 26 දින ප.ව. 7:54 ට
පව් බං ටීචර්
2012 මාර්තු 26 දින ප.ව. 9:43 ට
පව් තමා… ඒත් ඉතිං අපි මොනා කරන්නද….
2012 මාර්තු 26 දින ප.ව. 8:57 ට
අපොයි, එහෙම වුනාම ඒ කෙනාට වැඩිය අනිත් අය තමයි අපහසුතාවයට පත් වෙන්නේ. හොඳ ළමයි ටිකක් හැබැයි. අර බෙල් එක ගහන අක්ක ගැන කියපු විස්තරේ නම් කියලා වැඩක් නෑ මාළු අයියේ.:D කඳුළු ආව.
2012 මාර්තු 26 දින ප.ව. 9:44 ට
බෙල් ගහපු අක්කලා ගැන කියන්න ගියොත් එහෙම මේක තනිකරම ‘ප්ලේ බෝයිස්’ වගේ වෙනවා බං…
2012 මාර්තු 26 දින ප.ව. 9:01 ට
කතාව කියවගෙන එද්දි හරි ලස්සන චිත්‍ර ගොඩාක් මැවුනා…. සීනුව ගහන අක්කලා අපේ කාලෙත් හිටියනේ ඔහොම අතින් ගහන එකකුයි පස්සේ කාලෙක උඩම තට්ටුවේ එල්ලිලා ගහන එකකුයිත් තිබ්බා…. අක්කලමයි ඉතින් ගහන්නේ පස්සේ කාලෙක අපේ සහෝදරියෝ තමයි ගැහුවේ තාමත් දන්නෑ හේතුව නම්…. මොනා උනත් පංතියේ සමස්ත කොල්ලෝ සෙටි එකම හොඳ ගෝලයෝ…හැබැයි දැන්නම් එහෙම එවුන් නෑ ඒක ෂුවර්…. ආදර්ශමත් කතාවක් එල ආ….මේ මම ආපු දෙවැනි පාර මුලින් ආවේ ක්‍රෑෂ් දිස් කොම්පියුටර් බලන්න….එදා ෆලෝ බැරිවුනු නිසා ලිපි ගොඩක් මිස් වෙන්නැති
2012 මාර්තු 26 දින ප.ව. 9:44 ට
වල් හිත… හික්ස්….
සතියකට පෝස්ට් තුනක් හතරක් වැටෙනවා… පුළුවන් වෙලාවට කියවන්න… 🙂
2012 මාර්තු 27 දින ප.ව. 10:44 ට
එල එල
2012 මාර්තු 27 දින ප.ව. 12:08 ට
කාලෙකින් ආව ඔන්න… ඉස්සර වගේම තාම ඉස්කෝලෙ කාලෙට තියෙන ආසාව අඩු වෙලා නෑ වගෙ…
2012 මාර්තු 27 දින ප.ව. 5:10 ට
ඔව් අක්කේ… ඒ දවස් වල ලැබුන අත්දැකීම්, මතකයන් කවදාවත් අමතක වෙන්නේ නෑ….
2012 මාර්තු 27 දින ප.ව. 5:11 ට
නොදකින් මුන් පොඩිකාලේ ඉදන්ම අක්කල ගහන එව්වමයි බලන් ඉදල තියෙන්නේ
2012 මාර්තු 27 දින ප.ව. 5:13 ට
කලාකාමී පෘතග්ජන හිතනේ අයියේ…
2012 මාර්තු 27 දින ප.ව. 5:16 ට
අනේ අයියේ… මේක ෆලෝ කරන්න තියෙන්නේ කොහෙද? මට හොයාගන්න බෑ.. ඒ නිසා පෝස්ට් මඟ හැරෙනවා නේ… මේල් එන්නෙත් නෑ…
2012 මාර්තු 27 දින ප.ව. 5:20 ට
ඔය වම් පැත්තේ සයිඩ් බාර් එකේ “ඊමේල් වලින් එක් වෙන්න” තියෙන්නේ.. අන්න එතනින්… ෆ්ලෝ කරන්න පුළුවන්…
ඒත් මම දාන හැම පෝස්ට් එකකම ඊ-මේල් එන නිසා දෙපාරක් හිතලා ෆ්ලෝ කරන්න… සමහැ වෙලවට ඔයා කැමති නැති දේවල් ගැනත් මං ලියනවා ඈතිනේ… ඒකයි… 🙂
2012 මාර්තු 27 දින ප.ව. 6:53 ට
හේයි ගොල්ඩි ෆිෂ්
ඔයාට ඊමේල් එවන්නෙ කොහොමද? මට කතාවක් එවන්න තියනව. ෆේස් බුක් එකේ තියන එඩ්රස් එක වැඩ කරන්නෙ නැහැ
2012 මාර්තු 27 දින ප.ව. 8:45 ට
ඈ… මට කතාවක්….??? ඒ මොකද්ද ඒ? මේකට එවන්න… prasanna86knew@gmail.com
2012 මාර්තු 27 දින ප.ව. 6:58 ට
අයියලා විහිළු නොකරපු එක හොදයි.. ඒ උනාට අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්ට ලොක්කා දවසක් පන්තියට ඇවිත් විහිළු කලානේ.. වැඩේ කියන්නේ අපිවත් කවදාවත් ඒ කෙල්ලට මුකුත් කියලා නෑ..
ඔක්කොම හරි අර බෙල් එක අක්කලා ගහද්දි අයියලා කට ඇරන් බලාගෙන ඉදලා තියෙනවා වගේ..
2012 මාර්තු 27 දින ප.ව. 8:50 ට
කෙල්ලට මොනා හිතෙන්න ඇත්ද බං…
එහෙම විශේෂ බැල්මක් නෙවෙයි බං… ඔන්න ඔහේ පෙනුනා… අපිත් බැළුවා….
2012 මාර්තු 27 දින ප.ව. 8:37 ට
අනේ ඇත්තට මාළුවා ඒ දවස්වල ආදර්ශයට ගත යුතු ළමයෙක් වෙලා ඉඳලනේ..
කොච්චර හොඳද..!!
2012 මාර්තු 27 දින ප.ව. 8:51 ට
අනේ ඒ දවස් වල විතරයි එතකොට…???