ඒ ස්කෝලේ නිවාඩු දෙන දවස. මං කුමාරය ඒ දවස් ටිකේ කොහොමත් නිවාඩු. ගෙදර ඉඳියේ පාඩම් කරන්න කියලා හිතාගෙන වුනාට, සුදු මූණු පොඩ්ඩ මතක් වෙද්දි මොන පාඩම්ද…
ඉතිං ඔන්න, ඒ වාරේ අන්තිම දවස සිකුරාදා දවසක්. ඒ කියන්නේ මං කුමාරයට යශෝධරාවගේ මාලිගාවේ ක්ලාස් තිබුනේ ඊට කලින්දා. එදා ක්ලාස් එකේදි, දෙයියනේ කියල වැඩ ටික කරගෙන ඉන්න කොට මයේ ඉස්සරහා එක පාරටම පෙනී හිටියා යශෝධරාව…
හෙට ස්කෝලේ යනවද…?
ම්…ම්…. තාම හිතලා නෑ… ඇයි එහෙම අහන්නේ…?
ඒකට පිළිතුර ලැබෙන්නේ මේ විදියට….
මුලින්ම චූටි කට පොඩ්ඩ ඇරෙනවා හුරතල් හිනාවකුත් එක්ක. ඊට පස්සේ ඇස් දෙක ලොකු වෙනවා. මූන රෝස පාට වෙනවා…. අන්තිමටම තමා උත්තරේ කටින් පිටවෙන්නේ.
මාත් හෙට අම්ම එක්ක අම්මලාගේ ස්කෝලෙට යනවා…!!!
ඉතිං මට මොකද… මටත් එන්නද කියන්නේ… මට ඊට වැඩිය වැඩ තියෙනවා… හෙට ස්කෝලේ එවුන් එක්ක හොරෙන් ගඟේ නාන්න යන්න තියෙනවා. දැන් වැඩේ ප්ලෑන් කරලා ඉවරයි… දැන් කරන්න දෙයක් නෑ… ඔයා එක්කෝ කලින් කියන්න ඕනේ. මාත් ආසාවෙන් තමා ඉන්නේ ඔයා එක්ක අම්මලාගේ ස්කෝලෙට යන්න. අපි ඉන්ස්ටෝල් කරපු ගේම් එක කවුරුවත් සෙල්ලං කරන්නෙත් නෑ… මං ආසයි ඔයා ‘අප් ඇරෝ’ කී එක ඔබාගෙන ඉද්දී, ඒ පුංචි ඇඟිලි අස්සෙන් මගේ අතත් දාගෙන , පුංචි අතේ දැවටිලා ‘ලෙෆ්ට්’ ‘රයිට්’ කීස් ඔබන්න… ඒත් ඉතිං දැන් මොනා කරන්නද… මං යාළුවන්ට කියලානේ තියෙන්නේ… කියලා හිත හිත ඉද්දි…
ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ…
ම්… එහෙනම්…. මාත් එන්නද…?
හ්ම්… එන්න… ඒක තමා ඇහුවේ… කියලා සුරංගනාවි මාලිගයට ඉගිල්ලුනේ පුංචි අත්තටු වලින් වෙන්න ඕනේ.
ඊට පහු වෙනිදට එළිවුනේ, මහා දිග රැයවල් දාහක් විතර ගෙවලා දාලා… ඒ රාත්‍රියට පැය දාස් ගානක් තියෙන්න ඇති. අන්තිමේ හරියට නින්දකුත් නැතුව මං කුමාරයට ඇහැරුනේ උදේ හතාමාරට විතර. ඉක්මනින්ම නාලා කාලා ලෑස්ති වෙලා කන්තකවත් අරගෙන නඩුකාරිගේ ස්කෝලෙට ගියේ කොහොමද කියන්න මට මතකයක් නෑ…! ඒ හරිය නිකං හිස් අවකාශයක් වගේ… හරියට මාව ගෙදරින් අතුරුදහන් කරලා, නඩුකාරිගේ ස්කෝලෙන් මැව්වා වගේ.
ඊට පස්සේ අනිත් ගුරුවරුත්… කොහොමද පුතා කියලා අහද්දී, හැමෝත් එක්කම හිනා වෙලා පුළුවන් ඉක්මනින් ලැබ් එකට දිව්වේ… කලින්දා රෑ නින්දක් නැතුව සැරින් සැරේ දැක්ක සඳමඩල දැකගන්න…!
හ්ම්… ඔය ඉන්නේ කුමාරිකාව කැරකෙන පුටුවකට සැපත් වෙලා. මං එනකං ගේම් එක පටන් අරගෙන නෑ. ටික දවසකට කලින් මං දුන්න දියඇලි වල පින්තූර වගයක් බලනවා. මං කුමාරයා හිමින් සැරේ පිටිපස්සෙන් ගිහිං ඇස් දෙක වහන්න කියලා මූන දෙපැත්තෙන් අත්දෙක දාද්දිම…
මෙන්න මෙයා ඇවිත්…!!! කියාගෙන මගේ දිහාට හැරුන හැටි…!!!
පටන් ගමුද එන්.එෆ්.එස්…?
හා….
මං කුමාරයත් ලඟම තිබ්බ කැරකෙන පුටුවක් ඇදගෙන යශෝධරාවගේ ලඟටම වුනේ, ඇත්තටම ගේම් එක සෙල්ලං කරනවටත් වැඩිය එයාගේ ලඟට වෙලා ඉන්න ආසා නිසා. ඔන්න ඉතිං ගේම් එක ලෝඩ් වෙලා දෙන්නම එක වාහනයක් ඩ්‍රයිව් කරද්දී, පාත්වුනා… හෙනහුරා….
ආහ්… දැන්ද ආවේ…
ඔව් මැඩම්…
හ්ම්… කෑම කාලද ආවේ…
චුට්ටක් කාලා ආවේ.
ආහ්… එහෙනම් ඉන්නකෝ ටිකක් දවල් වෙනකං… අද පොඩි පාර්ටි එකක් තියෙනවනේ… නංගිනම් නොකාමයි ආවේ ඒ කෑම එක කන්න ඕනේ කියලා…
හ්ම්…
ඊට පස්සේ ආයෙමත් ගේම් එක… ඔහොම ගිහිං ගිහිං… මොනිටරේ දිහා බලාගෙන ඉඳලා මං කුමාරයාගේ ඇස් දෙකෙනුයි, යශෝධරාවගේ ඇස් දෙකෙනුයි කඳුළු බේරෙන කම්ම සෙල්ලං කලා… පස්සේ ළමයි හැමෝම පන්ති වලට ගියාට පස්සේ නඩුකාරි එනවා බත් එකත් අරගෙන.
ම්… දෙන්න එක්ක කන්න. කියලා අපි දෙන්නට බත් එක දුන්නේ, එයාගේ බඩගින්න ගැන නොහිත වෙන්න ඕනේ. කොහොමත් නඩුකාරිට ලැබෙන බෙනිෆිට් අපි දෙන්නටත් අයිතියිනේ. ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බත් එක තවත් පුටුවකින් තියාගෙන අපි දෙන්නත් දෙපැත්තට වෙලා කෑම කද්දි, යශෝධරාව කැව්වා නඩුකාරිට බයියං කටක්.
මමත් නිකා ඉඳියි… මමත් කැව්වා කටක්. ඊට පස්සේ කුමාරිකාවගේ ඇස් දෙක මගේ මූනේ. බොහොම ලොකු මොකද්දෝ මංදා හැඟීමකුත් එක්ක.
ඇනුවා පුංචි බත් කටක්… ම්… කන්න….
චූටි කුරුළු පැටියෙක් වගේ, පුංචි කට පොඩ්ඩ ඇරගෙන මගේ මූන දිහා බලාගෙන ඉන්න ලස්සන.
එක කටක් කැව්වම, එයාගේ පාඩුවේ කෑම එක කෑවා… මමත් බලාගෙන හිටියා එයා මටත් ඒ අතින් බත් කටක් කවනකම් ගොඩක් වෙලා… ඒත් එයාට ඒක තේරෙන්න නැතුව ඇති.
මටත් කටක් කවන්න කියලා කුමාරිකාවට කියාගන්න බැරි තරමට මගේ හිත එදා දඩබ්බර වෙච්චි හැටි…!!!
2012 මාර්තු 23 දින පෙ.ව. 7:00 ට
//එක කටක් කැව්වම, එයාගේ පාඩුවේ කෑම එක කෑවා… මමත් බලාගෙන හිටියා එයා මටත් ඒ අතින් බත් කටක් කවනකම් ගොඩක් වෙලා… ඒත් එයාට ඒක තේරෙන්න නැතුව ඇති.//
අනේ ෂෝයි චූටි මාලුවා !!! ඇත්තටම බං කෙල්ලෝ පලවෙනි බත් කට විතරයි නේ අපිට කවන්නේ, ඊටපස්සේ ඉතුරු ටික ගිලිනවා මිසක් කවන් නෑ නේ, ඉල්ලුවේ නැත්නම්!!! බූඩි නම් හිතන්නේ මේක කෙල්ලන්ගේ අගේ වැඩි කරගන්න කරන අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක් 😛 අහුවෙන්න එපා ඕවට
2012 මාර්තු 23 දින ප.ව. 7:31 ට
පිස්සුද බං… මං අහුවෙයි ඔව්වට…. 🙂
2012 මාර්තු 23 දින පෙ.ව. 7:09 ට
ෂහ්….මාර රොමෑන්ටික්….”යසෝදරාවත”
2012 මාර්තු 23 දින ප.ව. 7:32 ට
හික්ස්… තෑන්ක්ස්….
2012 මාර්තු 23 දින පෙ.ව. 8:42 ට
හයියෝ සංසාරේ.මොකෝ කියන්නෙ බන් අපි යශෝධරාව සෙට් වෙන්න කියලා අධිෂ්ඨාන පූජාවක්වත් කොරමුද?
2012 මාර්තු 23 දින පෙ.ව. 8:51 ට
අධිෂ්ඨාන පූජාවක් නෙවෙයි නාථ දෙයියොන්ට භාරයක් වෙන්න… එතකොට හරි.. හැබැයි නාථ දෙයියො බිසි නැති වෙලාවක් අල්ලගන්න… මේ දවස්වල මහන්සි ඇති….. ජිනීවා ගිහින් තාම ඇවිත් නැතුව ඇති…
2012 මාර්තු 23 දින ප.ව. 7:33 ට
අරයාගෙන් අහන්න වෙයිද දන්නේ නෑ ෆ්‍රී වෙලාවක් ගැන. දැන් එයානේ නාථ සම්භන්ධීකාරක…
2012 මාර්තු 23 දින ප.ව. 7:32 ට
මං කොරන තරමක් කරනවනේ බං….
2012 මාර්තු 23 දින පෙ.ව. 9:00 ට
අයියා ලියන හැමදේමත් හරි යසෝදරාවතත් හරි………. කවදා හරි එයා මේවා කියෙව්වොත් එයාට මොනා හිතෙයිද කියලයි මම හිතන්නේ….
ලස්සනයි අයියා……
2012 මාර්තු 23 දින ප.ව. 7:34 ට
හ්ම්… එක්කෝ මට බනියි… ඇයි තමුසේ මේවා ලිව්වේ කියලා… නැත්තං මගෙන් අහයි… ඇයි මෙහෙම මේවා ලිව්වේ… කියලා ….
2012 මාර්තු 23 දින පෙ.ව. 9:04 ට
ගොඩ කාලේකින් යශෝ සීරියස් එකේ කතාවක්.. එළ එළ…..
ඇත්තටම මේක වෙද්දි බොගේ වයස කියද බන්…..
2012 මාර්තු 23 දින පෙ.ව. 11:05 ට
බොගේ වයස නම් පැය විසිහතරකට වඩා වැඩි වෙන්න බෑ මාඩා. 😀
2012 මාර්තු 23 දින ප.ව. 3:31 ට
මලා………….
බලන්ගියාම නවම් අයියේ මූ පුංචි කාලේ කියලා වෙනසක් නැ වගේ……… 😉
2012 මාර්තු 23 දින ප.ව. 7:35 ට
නවම් අයියා ඒක කිව්වේ මට නෙවේ බොල, උඹට….
2012 මාර්තු 23 දින ප.ව. 7:34 ට
අනේ මන්දා බං… මාත් පුංචියිනේ එතකොට….
2012 මාර්තු 23 දින පෙ.ව. 11:06 ට
චී.. රොමෑන්ටික් පෝස්ට් එකේ මං කකා කලාද මංදා…….
2012 මාර්තු 23 දින ප.ව. 7:35 ට
ගල් ගහන්නේ නැතුව ඕනේ දෙයක්….
2012 මාර්තු 23 දින ප.ව. 1:18 ට
හෙහ් හේ මරු රොමෑන්ටික්නෙ බං….පට්ට සිරා…ඈ…මට ආව පුරස්නේ මේ මල කෝලං ඔක්කොම නඩු කාරිත් බලං හිටියද මුකුත් කියන්නැතුව 😀
2012 මාර්තු 23 දින ප.ව. 7:35 ට
හ්ම්… හිටියා… අයියටයි නංගිටයි මොනා කියන්නද….
2012 මාර්තු 23 දින ප.ව. 7:22 ට
“මං ආසයි ඔයා ‘අප් ඇරෝ’ කී එක ඔබාගෙන ඉද්දී, ඒ පුංචි ඇඟිලි අස්සෙන් මගේ අතත් දාගෙන , පුංචි අතේ දැවටිලා ‘ලෙෆ්ට්’ ‘රයිට්’ කීස් ඔබන්න…”
මේ ටිකට තමයි මම ආසම. වෙලාවකට උඹ ගැන දුකත් හිතෙනවා මාළු අයියේ. හැබැයි අපරාදේ කියන්න බෑ ඔය සිද්ධි වුන තැන් වල නිකන් මාත් හිටියා වගේ තමයි දැනුනේ.:)
2012 මාර්තු 23 දින ප.ව. 7:36 ට
මට නම් මං ගැන පට්ට දුකිය බං කොහොමත්… මෙයා නිස මං සෑහෙන චාන්සස් මිස් කරගත්තා… ඉස්සරහටත් මිස් කරගන්නවා…
2012 මාර්තු 23 දින ප.ව. 7:26 ට
පව් බන් මාළුවා.. 😀
2012 මාර්තු 23 දින ප.ව. 7:38 ට
ඉතිං ලබ්බෝ හිනා වෙන්නේ අඬපිය මෙහෙම 😦 ඈ…ඈ….ඈ…. ඉහි ඉහි…. කියලා 🙂
2012 මාර්තු 23 දින ප.ව. 9:58 ට
අපි දුකට සැපට දෙකටම හිනා වෙලා ඉන්න මිනිස්සු බොල පතෝලයෝ. 😛
2012 මාර්තු 24 දින පෙ.ව. 6:58 ට
පලයං යන්න කෝටුකිතයියා… උඹ හිතන්නේ අපි උඹේ සයිස් එක දන්නේ නැ කියලද…
2012 මාර්තු 23 දින ප.ව. 7:31 ට
සිරා රොමැන්ටික් මචං.
2012 මාර්තු 23 දින ප.ව. 7:39 ට
එල… තෑන්ක්ස්..
2012 මාර්තු 23 දින ප.ව. 7:32 ට
ආව කියෙව්වෙ නං නෑ, හෙට දිහාට ආයෙත් එන්නං…. 🙂
2012 මාර්තු 23 දින ප.ව. 7:39 ට
ඈ… මොකක් හරි හොර වැඩකට යන ගමන් වෙන්ටෝන…
2012 මාර්තු 23 දින ප.ව. 8:23 ට
පෙම් පුරාවතේ තවත් එපිසෝඩ් එකක්…
ඊළඟ කෑල්ල කවද්දෝ?
2012 මාර්තු 23 දින ප.ව. 8:29 ට
ආයෙමත් ඉවසගන්න බැරි වෙච්චි දාට…. 🙂
2012 මාර්තු 23 දින ප.ව. 8:34 ට
අඩේ මෙහෙම ආදර කතා කියෙව්වම මට ගල් බෝතලයක් බොන්ඩ හිතෙනවා අප්පා ! 🙂
2012 මාර්තු 23 දින ප.ව. 8:50 ට
එපා මල්ලි… අපරාදේ බං… පොලිඩෝල් ඊට වැඩිය ගානත් අඩුයි…. 😀
2012 මාර්තු 23 දින ප.ව. 10:31 ට
හෙට ස්කෝලේ එවුන් එක්ක හොරෙන් ගඟේ නාන්න යන්න තියෙනවා.
ඒ වැඩේට මොකද වුනේ…………. ?
නාන්න නම් කවද බැරිද නේ ද…………… ?
2012 මාර්තු 24 දින පෙ.ව. 6:59 ට
ගඟේ නාන්න කලින් පෙම් සයුරේ කිමිදිලා ඉන්න එපැයි… ඒවට මුල්තැන දෙන්න ඕනේ… 😉
2012 මාර්තු 23 දින ප.ව. 11:10 ට
පව් බන් මාළුවෝ උඹ…..
2012 මාර්තු 24 දින පෙ.ව. 6:59 ට
ඈ… කනගාටුව පිළිගනිමි… 🙂
2012 මාර්තු 23 දින ප.ව. 11:32 ට
යශෝ අක්කට පෙන්නලා බලන්න තියෙන්නේ මේවා මොකද කියන්නේ කියල බලන්න … ( අය්යෝ මේ කතා ඔක්කොම කියෙව්වට මට නන් තේරෙන් නෑ මේ story එකේ දැන් තත්වේ මොකක්ද කියල .. ඇයි අක්ක කැමති නැහැල්ලුද මාළු අය්යට ?? )
2012 මාර්තු 24 දින පෙ.ව. 7:01 ට
උඹට කොහොම තේරෙන්නද බං, දැන් තත්ත්වේ මටවත් තේරෙන්නේ නැතුව….
2012 මාර්තු 23 දින ප.ව. 11:50 ට
ඔය පොඩි කෙල්ලට ඉගෙනගන්න දීලා පැත්තකට වෙලා ඉදිං මාළුවේ….
2012 මාර්තු 24 දින පෙ.ව. 7:12 ට
එතකොට මාව බලාගන්නේ කව්ද….??? මං බලාගන්නේ කාවද…????
2012 මාර්තු 24 දින පෙ.ව. 3:37 ට
මාලුවෝ….ඔයා NFS ගැන ලඟින්වත් යන පෝස්ට් එකක් ලියනවනම් මට කලින් කියන්ඩ හරිද..දැත්කොට මම මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ නෑමයි…NFS ඉතින් මාත් හරිම ආසාවෙන් ගහපු ගේම් එකක්…කොටින්ම මටත් ඔයාගෙ යශෝධරාවට වගේම අදටත් ඒක තනියම ප්ලේ කරගන්න බෑ..නයිට්‍රො ගහන්න වවුල්ස් පස්සෙන් නැතුව… :((( ඒත් දැන් ඒව මතක් වෙද්දි දුකයි මාලුවෝ… :(((
2012 මාර්තු 24 දින පෙ.ව. 7:14 ට
දැන් එහෙනම් දෙන්න එක්ක ඔන් ලයින් ගේම් එකක් ප්ලේ කරන්න… අයියෝ නැත්තං තව කොච්චර වැඩ තියෙනවද හලෝ… රිමෝට් ලොග් වෙලා ගේම් එක ගහන්න… මට නම් සෙල්ලං කරන්න කවුරු හරි ඉන්නව නම් ඕන තරම් ඔප්ෂන් තියෙනවා… ඉස්සර වගේ සෙල්ලං කරන්න කවුරුවත් නැති එකයි දුක…
2012 මාර්තු 24 දින ප.ව. 9:39 ට
ඔය කිව්වෙ ඉතින්…කොහෙද ඉතින් මාලුවා අපේ දිහාට වරලක්වත් දාන එකක්යැ දැන්…
දැන් ඉතින් වවුල්ස් ගේම් ගහන්න එනව තියා වචනයක් කතා කරන ආවත් හලිම සංතෝසයි… මටත් දුක ඉතින් ඉස්සර වගේ සෙල්ලං කරන්න කවුරුවත් නැති එක නිසා තමා මාලුවෝ 😦
2012 මාර්තු 25 දින පෙ.ව. 9:33 ට
ඉවසලා ඉන්න මංචි… ඉක්මනට දෙන්නටම සෙල්ලං කරන්න ලැබෙයි… හික්ස්…
2012 මාර්තු 24 දින ප.ව. 1:01 ට
අර එකියක් අප් ඇරෝ එක ඔබාගෙන ඉන්දැද්දී එකික් ඒ පුන්චි ඇඟිලි අස්සෙන් උගේ ඇඟිලි දාගෙන පුන්චි අතේ දැවටිලා ලෙෆ්ට් රයිට් කීස් කීස් ඔබන සීන් එක මම හිතෙන් හිතාගන්න බැලුවා පස්සෙ අත් දෙකම පාවිච්චි කරලා කරලත් බැලුවා. හරියට මීටර් වුනේ නෑ. ඔය නවම් ලොක්කා මොකද ඔයගැන හිතන්නෙ? මේ මොකකට හරි පෙරහුරුවක්වත්ද?
ජීවිතේ සුන්දරද මෙතරම්!!
2012 මාර්තු 24 දින ප.ව. 1:13 ට
ඇහැකි ඇහැකි ඔය වැඩේ කොරන්න් ඇහැකි බං අයියෙ. උඹල මෙච්චර නාකි වෙලත් ඔහොම දෙයක් කොරගන්න බෑ කියන්නෙ සෑහෙන්න සෝක හිතෙන සිද්දියන් නෙව. අහවල් දෙයකට නාකි උනාද මංද.. චික් විතරක් !! 😀
[ඕවට තමයි බොල ඉල්ලං කනව කියන්නෙ. හැක හැක 😀 😀 😀 :D]
2012 මාර්තු 24 දින ප.ව. 7:17 ට
මේ බැන්ද එවුන් හරීරීරී වල් අප්පා… පෙනවනේ…
2012 මාර්තු 24 දින ප.ව. 7:16 ට
මෙච්චර රොමෑන්ටික් එව්නා තිබුනා… අයියට මීටර් වුනේ මේකමනේ…
ජීවිතය සුන්දර වුනා ඒ තරම්….!!!
2012 මාර්තු 24 දින ප.ව. 7:50 ට
අනිත් ලිපි ලියන මාළුවමද මේ යශෝධරාවත ලියන්නේ කියලා හිතෙනවා..
2012 මාර්තු 24 දින ප.ව. 8:18 ට
හික්…හික්… ඌම තමා දිනේෂ්…..
2012 මාර්තු 27 දින ප.ව. 5:15 ට
මේ වයස කීයෙදිද බන්
2012 මාර්තු 27 දින ප.ව. 5:17 ට
මට 19යි… ඒකි මොන්ටිසෝරි… 😀
2012 මාර්තු 27 දින ප.ව. 5:19 ට
මොකක් කිව්වා ???? ඒකි මොන්ටිසෝරි…. දැන් තොට වයස කීයද.
2012 මාර්තු 27 දින ප.ව. 5:21 ට
බොරු බොරු… ඒකියි මායි දෙන්නම ඉක්කෝලෙ යන වයසේ…
2012 මාර්තු 27 දින ප.ව. 5:24 ට
ඇනයක් වෙන්න යන්නේ… යකෝ ඉස්කෝලෙ යන වයසෙ කිව්වම 5 සිට 19 දක්වා පරාසයක් තියෙයි. කියපිය
2012 මාර්තු 27 දින ප.ව. 8:41 ට
ඔය තේරුම් ගත්තා මදෑ අයියේ… සෙට් වුන වෙලාවක කියන්නම්…
2012 මාර්තු 28 දින ප.ව. 3:42 ට
ලස්සනයි අයියා….ඇත්තටම මේක අතීත සිද්ධියක්නේ….දැන් මොකද තත්වේ….
2012 මාර්තු 28 දින ප.ව. 5:28 ට
දැන් ඉතිං… හිටි ගමන් මගේ ලඟට ඇවිත්… උණුසුම වදින්න ටිකක් දුරට වෙලා කතාකර කර ඉඳලා යනවා යන්න….
2012 මැයි 20 දින පෙ.ව. 7:54 ට
හය්යෝ .. යශෝධරා සීරියස් එක නැවතිලාද ?? ගොඩ කාලෙකින් නැනේ.. 😦
2012 මැයි 20 දින පෙ.ව. 9:56 ට
නෑ… නෑ… තව තියෙනවා. ලියන්න වෙලාවක් නෑ දැන්.