එදා ඉරිදා දවසක්….!!! ක්ලාස් ඉවර වෙලා කොල්ලුපිටියෙන් බස් එකේ නගින කොට හවස 6ට විතර ඇති. බස් එකේ සීට් කීපයකම ඉඩ තිබුනත්, මං වැඩියෙන්ම කැමති තැන… පාරේ තියෙන පොඩි වලක වැටුනත් අඩියක් විතර උඩ විසිවෙන පිටිපස්සේ දිග සීට් එකේ වාඩි වුනා. ඒ සීට් එකට කැමති වෙන්න තව තව හේතු කරනා ගොඩක් තියෙනවා. එව්ව මං වගේම දන්නෝ දනිති…!!!
ඉතිං ඔන්න ටික දුරක් එනකොට මට ලාවට වගේ නිදිමතයි. ඒ වෙලාවකොහොමත්ම නිදියන්න හොඳ වෙලාවක් නෙමෙයි. මොකද බම්බලපිටියෙන් පටන් අරගත්තම වැල්ලවත්තෙන්, විලියම් හන්දියෙන්, දෙහිවලින් ඊට පස්සේ මොරටුවෙන් අන්තිමටම පානදුරේ වෙනකංම ක්ලාස් ඉවර වෙච්චි චූටි චූටි ගෑණු ළමයි බස් වලට නගින්නේ ඒ වෙලාවට. ඒ වෙලාවට බස් එකේ නිදියනව කියන්නේ හෙන ගහන අපරාදයක්..!
ඉතිං ඒක නිසාම මං නම් කරන්නේ, හොඳ ෆාස්ට් සිංදු ටිකක් කන කැඩෙන්න දාගෙන ඉයර් ප්‍රයිස් දෙක ගහ ගන්නවා කනේ. එතකොට යන්තං නින්ද යාගෙන එද්දී බේස් ඩ්‍රම් පාරකට හරි, සිම්බල් පාරකට උඩ ගිහිං ඇහැරෙනවා. වැල්ලවත්තට එනකං සුට්ටක් නින්ද යනවා කොහොමත්… එතනින් එහාට මුකුත් නෑ….! ඒ ඇහැරිලා ඉස්සරහා බලද්දී, ඇඟත් එක්ක නිකං මෙව්වා වෙලා යනවා. බම්බලපිටියෙන් බස් එකට නැග්ග ළමයි ටික දකිද්දී මොන නිදිමතක්ද….
ඉතිං ඔහොම රත්මලානට වෙනකංම ආවා කියමුකෝ. ඔන්න රත්මලානෙන් නැග්ග ටිකක් ලොකු පොරක්. මෑන්ස් අහිසංක අපි වගේ නෙමේ, හෙන ඇඹල පාට් එකක් තිබුනේ. එක පාර පැනි හැලි ඔක්කොටම බහින්න වගේ පොර ගෑණුළමයි දිහා බලන්නේ. සමහර විට මෑන් එදාම හිරෙන් නිදහස් වෙච්ච පොරක්ද දන්නේ නෑ… ගෑණු පුළුටක් නොදැක අවුරුදු ගානක් ඉඳලා ඉඳලා ගෑණු පරානයක් දැක්කම මිසක් ඔය තරම් නලියන්නේ මොකටද නැත්තං…?
පස්සේ ඉතිං බස් එක ටික දුරක් යද්දි කෙල්ලෝ ටික ටිකක් සද්දෙන් එක පාරටම හිනා වුනා. ඒ සද්දේ ප්‍රමානේ කියනවනම්,
ගෑණු ළමයින්ගේහිනා සද්දේ >= (මං අහ අහ හිටිය සිංදුවේ සද්දෙ + බස් එකේ ‘බෲම් බෲම්’ සද්දේ + වටපිටාවේ අනිත් සද්ද)
මාත් ඉතිං බැලුවා ඇයි මේ එකපාරට කුමාරිහාමිලා ටික හිනා පහල කලේ කියල… අප්පා… මටත් එක්ක ලැජ්ජයි… මේං අර ලොකු බුවාගේ පිටේ ප්‍රයිස් ලේබල් එකක්…! මිනිහා මහ ලොකුවට පැනිය දාගෙන ඉඳලා තියෙන්නේ අළුත ගත්ත ටී ෂර්ට් එකේ “QC PASS” කියලා ටී එකේ ගානත් ගහලා තියෙන ලේබල් එක පිටින්මයි… ඉතිං එබුවා අර කෙල්ලෝ ටික දිහා කන්න වගේ බල බල, යන්න ගිය ගමන පැත්තක තියලා ලැජ්ජාව වහගෙන බස් එකෙන් බැස්සේ මෙන්න මෙහෙමයි…!!! පොර බස් එකෙන් බැස්සා නෙමේ පැන්නා… පවූඌඌඌඌ….!!! තව සුට්ටෙං වාහනයකට අඩේකුත් තියනවා…!
මං නම් කියන්නේ කෙල්ලෝ ටික එහෙම නක්කලේට හිනා වෙච්චි එක සම්පූර්ණයෙන් වැරදියි. නැද්ද මං අහන්නේ… පවු අහිසංකයා…! ඌවැරදිලා හරි පොළොව පලාගෙන ගියානම් එහෙම…!
2012 මාර්තු 21 දින පෙ.ව. 6:23 ට
//ඇයි මේ එකපාරට කුමාරිහාමිලා ටික හිනා පහල කලේ කියල//
එතන හිටපු ඔක්කොමලා කුමාරිහාමිලාද? 🙂
හපොයි බස්වල යන ගමනුත් කරන්නේ කෙල්ලෝ දිහා බලන එක නේද? අනේ හැබෑට මෙහෙමත් කොල්ලෝ….. 🙂
2012 මාර්තු 21 දින පෙ.ව. 9:01 ට
ඔව් ඔව් කුමාරි හාමිලා තමයි…..
ඒ විතරක් නෙමෙයි බස් එකේ කුමාරයොත් ගොඩා…යි….
ඔයත් බස් එකේ ගියානම් ඔයටත් කුමාරයෙක් නෙමෙයි… කුමාරයො රෑනක්ම හොයාගන්න තිබුන…..
2012 මාර්තු 21 දින ප.ව. 12:47 ට
ගෙම්බො රැළක් එයා හොයන්නෙ
2012 මාර්තු 21 දින ප.ව. 8:50 ට
පවු හොඳේ
2012 මාර්තු 21 දින ප.ව. 8:46 ට
ඒක නම් ඇත්ත…
2012 මාර්තු 21 දින ප.ව. 8:17 ට
කුමාරිහාමිලා වගේ තමා හැසිරුනේ…
ඒත් පොඩි කුමාරිහාමි වගේ නම් වයස නෑ….
එහෙම තමා අක්කේ… අපි ස්වාභාව සෞන්දර්යයට ආදරය කරන හොඳ කොල්ලොනේ…
2012 මාර්තු 22 දින පෙ.ව. 9:36 ට
පොඩ්ඩි නම් ආයේ මාලු ටැංකිය පැත්තේ එන්නේ නෑ මාලුවෝ… 🙂
Goodbye And Good Luck!
2012 මාර්තු 22 දින ප.ව. 7:57 ට
විහිළුවක් නේද….??? 😦
2012 මාර්තු 21 දින පෙ.ව. 6:56 ට
කුමාරිහාමිලා ටික මෑන්ස්ව පීචං කොරලනෙ
2012 මාර්තු 21 දින ප.ව. 8:17 ට
වැඩක් නෑ කතාකරලා…
2012 මාර්තු 21 දින පෙ.ව. 7:01 ට
අපේ මාලුවා පවු ඌ ඌ ඌ ඌ……. මේ උදෙම්ම ඔක්කොමලමට කියන්නේ හරිය… මේක උනේ අපේ මාලුවට නෙමෙයි හරිය………නක්කලේ දාන්න එපා හරිය…….අපිට මල පනිනව හරිය………
2012 මාර්තු 21 දින පෙ.ව. 11:07 ට
හරිය.
2012 මාර්තු 21 දින ප.ව. 8:18 ට
මට නෙමේ තමා බොල….
2012 මාර්තු 21 දින පෙ.ව. 7:03 ට
ඉයර් ප්‍රයිස් කියන්නෙ හාන්චි ප්‍රයිස් වගේ දෙයක්ද ?
2012 මාර්තු 21 දින ප.ව. 8:19 ට
හාන්චි ප්‍රයිස් කියන්නේ ඉයර් ප්‍රයිස් වගේ දෙයක්ද…? 😀 😀 ඇත්තටම ඒක දන්නේ නෑනේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 7:50 ට
මල්ලි ෂුවර් එකටම මේක උඹට නෙමේනේ උනේ ……..
2012 මාර්තු 21 දින ප.ව. 8:19 ට
නෑ… නෑ… මට නෙමේ අයියේ… මං ඔය වගේ වැඩ කරගන්නවද…
2012 මාර්තු 21 දින පෙ.ව. 8:21 ට
කොයි හරියෙන්ද උඹ බස් එකෙන් බැස්සෙ?
2012 මාර්තු 21 දින ප.ව. 8:20 ට
මං නම් ගානට ගෙදරට යන්න ඕනේ හෝල්ට් එකෙන් බැහැ ගත්තා…
2012 මාර්තු 21 දින පෙ.ව. 8:21 ට
ඇයි මේ මාලුවට අන්තිමේ අනුකම්පාව පහළ වෙලා තියෙන්නෙ.
ඒකෙන් අනුමාන කරන්න පුලුවං මේක මාලුවටම විච්ච දෙයක් කියල.
2012 මාර්තු 21 දින ප.ව. 8:22 ට
ඈයි හත්තිලව්වේ එහෙම කරන්නේ… මං නෙමේ ඔය ඉන්නේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 8:28 ට
මෙහෙමත් පැපරාසි. ඒ ටිකට ෆොටෝ එකකුත් ගහලා
2012 මාර්තු 21 දින ප.ව. 8:23 ට
මේ වගේ දේවල් අතෑරලා කොහොමද අක්කේ….?
2012 මාර්තු 21 දින පෙ.ව. 8:29 ට
“පවූඌඌඌඌ….!!! තව සුට්ටෙං වාහනයකට අඩේකුත් තියනවා…!”
කතා දෙකක් නැ අපිට මාලුවෙක් නැති වෙනවා…. 😀 😀 😀
2012 මාර්තු 21 දින ප.ව. 8:25 ට
අනේ බොල…. තෝ බලං ඉන්නේ අපේ ගෙදර ඇවිත් මංචි ටිකිරි මාරි කන්න නේද….
2012 මාර්තු 22 දින පෙ.ව. 9:25 ට
චීයා……………
අපි එහෙම මංචි ටිකිරි මාරි කන්නෑ,
ඔන්න චොකලට් බිස්කට් නම්…… 😉 😉
එළම තමයි…….. 😀 😀 😀 😀 😀
2012 මාර්තු 21 දින පෙ.ව. 8:39 ට
එදාම හිරෙන් පැන්න එකාගේ සිට – පවු අහිංසකයා දක්වා…වූ වෙනස….!!??
එතැන් සිට…”හෙන ගහන අපරාධයකට ” ගොදුරු නොවී, බාධා රහිතව….:P:P:P
2012 මාර්තු 21 දින ප.ව. 8:25 ට
මේ මොකද්ද මේ හරුපේ…. මට නොතේරෙන්න මෙයත් මාව පාවා දීලා වගේ. අනේ අනේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 8:46 ට
බුවා හිතුවද දන්නෙ නෑනෙ ඒ ස්ටිකර් එකත් ටී එකේම කෑල්ලක් කියලා ?
2012 මාර්තු 21 දින ප.ව. 8:27 ට
ඒකත් වෙන්න පුළුවන්… මොඩ කෙල්ලෝ ටික රැවටුනාද දන්නේ නෑ ඒකට. ඒත් මොන එකටද අර යකා බස් එකෙන් පැන්නේ… හික්ස්…
2012 මාර්තු 21 දින පෙ.ව. 8:50 ට
පව් අප්පා..ඇයි මාළුවෝ ඔයා ඒ අයියට උදව් නොකලේ..අයියෙ අයියේ QC pass පිටේ කියලා..
2012 මාර්තු 21 දින පෙ.ව. 10:51 ට
එතකොට තමුසෙට තියෙන *කේ අමාරුව මොකද්ද කියලා ඇහුවොත්…අර “කුමාරිහාමිලා” ටික හිනාවෙන්නෙ අපේ මාලුවාටනේ..? (උන් හිකිZ ගාන්නම බලාගෙනනෙ ඉන්නෙ හැම වෙලාවෙම)
2012 මාර්තු 21 දින ප.ව. 8:47 ට
ම්…. ඒකනේ…
2012 මාර්තු 21 දින ප.ව. 8:33 ට
ඌට හොඳටම තද වෙලා අක්කේ හිටියේ. මං ඔව්වා කියන්න ගියානම් එහෙම මට වෙන්නේ ඉප්පිරිතාලේ ලගින්න…
2012 මාර්තු 21 දින පෙ.ව. 9:00 ට
දැන් ඔය පොටෝ එකේ ඉන්න කෙනාටද ඔය සිද්ධියට මුණ දෙන්ට වුනේ… පව් අප්පා…
2012 මාර්තු 21 දින ප.ව. 8:33 ට
අන්න හරි… ඔය ළමයා විතරයි ඇත්ත තේරුම් ගත්තේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 9:00 ට
අඩේ මාර සීන්එකනේ…. කොහොමත් කෙල්ලන් ගොඩක් ඉන්නතැන පැණිහලනවනං “වැරදි අඩුපාඩු” අවම වෙන්න ඕන. නැත්තං සොරි තමයි.
2012 මාර්තු 21 දින ප.ව. 8:34 ට
ඒක නම් ඇත්ත බං….
2012 මාර්තු 22 දින ප.ව. 10:52 ට
අත්දැකීම්…අත්දැකීම්… මූත් හොඳ පරිප්පුවක් කාල තියෙනව වගේ 😀
2012 මාර්තු 23 දින ප.ව. 7:29 ට
මටත් ඔය ටිකම හිතුනා…
2012 මාර්තු 21 දින පෙ.ව. 11:05 ට
//මෑන්ස් අහිසංක අපි වගේ නෙමේ, හෙන ඇඹල පාට් එකක් තිබුනේ.//
හෙහ් හෙහ්… මේකව නොදැකපු උන්ට හොඳා ඒ පේලිය නම්. 😀
2012 මාර්තු 21 දින ප.ව. 8:38 ට
හික්ස්…..
2012 මාර්තු 21 දින ප.ව. 9:00 ට
මෙයත් එනවා හිනා වෙන්න….
2012 මාර්තු 21 දින ප.ව. 8:49 ට
ඔව්වා ඉතිං මට විතරක් අදාල අනිත් පාර්ෂව වලටත් ගැලපෙනවනේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 11:05 ට
ගෑල්ලමයි නගින වෙලාවට බස් එකේ නිදාගන්න එක හෙන ගහන අපරාදයක් කියලා මමත් හිතපු කාලයක් තිබ්බා, මාලු. උඹේ සද්ද සූත්‍රය නම් හරිම නිර්මාණශීලීයි. >= නැතුව > විතරක් තිබ්බනම් වඩා හරි නැද්ද?
2012 මාර්තු 21 දින ප.ව. 8:50 ට
බෑ බෑ… කවදාවත් කෙල්ලෙක්ගේ කටක් මොහොකට හරි සමාන කරනවා මිසක්… කෙලින්ම උඩින්ම උස්සලා තියෙන්නේ නම් නෑ මං. අම්මෝ ඊට පස්සේ තියෙන උජාරුව….
2012 මාර්තු 21 දින ප.ව. 1:09 ට
ඔය ගෑණු ළමයි …..ස්ටිකරේට හිනා උනාට …… උන්ගේ ඇඳුම් පැළදුම් දැකලා යටි හිතින් කොච්චර හිනා වෙනවද කොල්ලෝ නම්….
හැබැයි කොල්ලෝ එහෙම හිනාවෙන් නෑ… ෂුවර්
2012 මාර්තු 21 දින ප.ව. 8:53 ට
හා හා… කට…. ඔය හදන්නේ අපිට තියෙන වරප්‍රසාද ටික නැති කරගන්න තමයි…
2012 මාර්තු 21 දින ප.ව. 2:24 ට
හතර විලිලැජ්ජාවේ සංතෝශේ බැරුවා.
2012 මාර්තු 21 දින ප.ව. 8:54 ට
හික්ස්… ඌ එහෙම හිත හිත තමා යන්න ඇත්තේ…
2012 මාර්තු 21 දින ප.ව. 4:35 ට
කෙල්ලෝ ටික අනිවා වැරදියි !
2012 මාර්තු 21 දින ප.ව. 8:54 ට
නැතුව මචං… නිකමට හිතපංකෝ ඒක උඹට වුනා කියලා….
2012 මාර්තු 21 දින ප.ව. 7:05 ට
හප්පේ.. වස ලැජ්ජාවක් නේ වෙලා තියෙන්නේ.. අර යටින් තියෙන පින්තූරේ නිසාම මේක මාළුවට උන දෙයක් නෙමෙයි කියලා පිළිගන්නවා… 🙂
2012 මාර්තු 21 දින ප.ව. 8:56 ට
ඇති යන්තං… දිනේෂ් වත් මාව විස්වාස කලා…
2012 මාර්තු 21 දින ප.ව. 7:17 ට
කුමාරිහාමිලා ටික හොදට පොරගේ ශරීරෙ චෙක් කරලා තියෙනවා නැත්තන් ඔය සූටි ස්ටිකර් කෑල්ල දකීවි ඈ??
2012 මාර්තු 21 දින ප.ව. 8:57 ට
ශරීරේ චෙක් නෙමේ… ෆුල් ස්කෑන් පාරක් දාන්න ඇති….
2012 මාර්තු 21 දින ප.ව. 8:28 ට
අපෝ කොළඹ කෙල්ලොද ( කොළඹ කිව්වට කොළඹ-අවිස්සාවේල්ල, කොළඹ-ගම්පහ, කොළඹ-හොරණ) උන් ඔක්කොම එකයි
2012 මාර්තු 21 දින ප.ව. 8:59 ට
එහෙම්ම නෑ බං… හැමඑකාම… සමහරු ඉන්නවා… එන්න අයියා මං ඉට්ටිකරේ ගලවන්න කියලාත් කියන…
2012 මාර්තු 21 දින ප.ව. 9:19 ට
ඉතිං QC pass නම් හොදයි නේ…. 😉
2012 මාර්තු 21 දින ප.ව. 9:26 ට
ඒ මෝඩියෝ ටිකට ඒක තේරුනේ නැහැනේ…
2012 මාර්තු 21 දින ප.ව. 10:11 ට
එදා ගාල්ලෙදිත් ඔහොම ස්ටිකර් සීන් එකක් උනා ලු නේ ?
2012 මාර්තු 22 දින පෙ.ව. 7:08 ට
මං ඒක දන්නේ නෑනේ බං…
2012 මාර්තු 22 දින පෙ.ව. 9:41 ට
චතු මිතූ ද??
2012 මාර්තු 22 දින ප.ව. 8:01 ට
මොකද්ද නිසූ ඒ කතාව… මං දන්නේ නෑනේ…
2012 මාර්තු 22 දින පෙ.ව. 3:06 ට
අපේ එකෙක් දන්නේ නැතුව පස්ස පැලිච්ච කලිසමක් ඇඳං බස් එකේ ඇවිල්ලා…මිනිස්සු උගේ දිහා බලලා මූට තේරිලා නෑ….නුගේගොඩදී එකෙක් පෙන්නුවම දැක්කේ..පස්සේ සල්ලි එකතු කරලා බේල් කලිසමක් අරං දුන්නා…වැඩේ කියන්නේ ඌ යටට අඳින්නේ නැතීඑකෙක්….
2012 මාර්තු 22 දින පෙ.ව. 7:10 ට
දැන් ඉතිං අපිට හිතෙනවා, ඒ මෑන්… දැන් අපි නොදුටු ලොවක් ලියන බන්ඩාරද කියලා….
2012 මාර්තු 22 දින පෙ.ව. 7:40 ට
ඈ බන් හිනා වුනැයි කියල බස් එකෙන් පැන්නෙ… අතුරු ආන්තරවක් උනානම් උබට…
2012 මාර්තු 22 දින ප.ව. 7:55 ට
ඈ… මට නෙමේ අයියේ…
2012 මාර්තු 22 දින පෙ.ව. 11:39 ට
ubata hoda wede class iwara unama gedara yanne nathuwa pani halanna yanawata…. pawwwwwwwwwwwwwwwwwwww
2012 මාර්තු 22 දින ප.ව. 7:58 ට
හික්ස්… උඹත් ලියපංකෝ බ්ලොග් එකක්… එතකොට දෙන්නම් රෙදි ගැලවෙන්න…
2012 මාර්තු 22 දින ප.ව. 4:37 ට
ඒ වගේම තමයි බං ඉස්කෝල ඇරෙන වෙලාවට..සුදු ගවුමක් දැක්කම හිතට දැනෙන සනීපෙ කිය…ලා වැඩක් නෑ! 🙂
2012 මාර්තු 22 දින ප.ව. 7:59 ට
ඒක ඇත්ත බං… තාමත් ඒ ගතිය නම් මගේ අඩුවෙලා නෑ….
2012 මාර්තු 22 දින ප.ව. 6:18 ට
හොඳ වැඩේ…ඔය ඕන්නැති ඇඩ් දාන කොල්ලන්ට…ඔහොම වෙලා මදි… 😛
2012 මාර්තු 22 දින ප.ව. 8:00 ට
මෙයා මොකද මේ කේන්තියෙන්… මොකද මංචිටත් කවුරු හරි ඇඩ් එකක් දාන්න ආවද…
2012 මාර්තු 23 දින පෙ.ව. 1:34 ට
රුක් ෆෝලිං මෑන්ට බුල් පෝකිං වගේ වැඩක්නෙ ඒ අසරනයට වෙලාතියෙන්නෙ . . . කෙල්ලො නක්කිය දැම්ම මදිවට මේ යකා පොටෝත් ගහල
2012 මාර්තු 23 දින ප.ව. 7:30 ට
පවුනේ මෑන්… ඒකයි මං මේක දැම්මේ…