මං මුලින්ම මේකට දාන්න හිටියේ, “ලොක්කට මාට්ටු වුන වැල” කියලා. ඒත් පොඩි එව්වෝ මේකට එබිකම් කරන නිසා උන්ට නොතේරෙන ටයිට්ල් එකක් දැම්මා. එතකොට පොල් කට්ටක් පුරෝ ගන්න බැරි චූටි එවුනුත් ඇවිල්ලා බලයිනේ මොකද්ද මේ කුණුහබ්බේ කියලා…!!!
දැන් ඉන්න ඔෆිස් එකට මං එන්න කලින් හිටිය ඔෆිස් එකට ගිය අළුත වෙච්චි දෙයක් මේක. ඇත්තටම කුණුහබ්බ එක්ක එකතු වෙච්ච ජොලි කතා කියවන්න අකමැති අය ඉන්නවනම් මෙතෙනින් එහාට කියවන්න එපා. මට නම් මෙව්ව කුණුහබ්බ නෙවෙයි. සමාජයේ පවතින සාමාන්‍ය දේවල්….
ඉතිං බැඳපු අයියලත් එක එක විදියේ අළුත් අත්දැකීම් වලට අවශ්‍ය කරන පොසිශන්, ලෝකේෂන් එහෙම හොයාගන්න තියෙන කැමැත්ත හා වැඩි හරියක්ම, හැම දෙයක් ගැනම ගැඹුරින් හැදෑරීමේ උවමනාව හා ආසාව නිසාම, කවුරු කිව්වත් නොකිව්වත් ඔය නෙට් එකේ තියෙන නොහොබිනා වීඩියෝ ක්ලිප් බලනවනේ. මහන්ද බාප්පි සමහර එව්වා වැහැව්වට, ප්රොක්සියට වෙන එකක් දැම්මම කිසි කතාවක් නැතුව වහපුවට යන්න පුළුවන්… හරියට නිකං අපි ශ්‍රි ලාංකික නෙවෙයි වගේ. නැත්තං ඉතිං වහපුවට වැඩිය හොඳ එව්වත් ඕනේ තරම්…!!!
ඉතිං මගෙත් අවශ්‍ය කාලේදී ටෙස්ටොස්ටෙරෝන් හරියාකාරව වැඩ කරපු නිසා, ගැහැණු අයගේ එව්වා මෙව්වා ගැන දැක බලා ගැනීමේ හා අධ්‍යනය කිරීමේ ආසාව මටත් පහල වුනා. ඒ දවස් වල අර කලින් කිව්වත් වගේ ඔෆිස් එකට ගිය අළුත. නෙට් එකත් හොරෙන් යූස් කරාට අන්ලිමිටඩ්ම තිබුනා. කොහොම කොහොම හරි, විදේශිය එව්වා මෙව්වා බලල බල ඉන්න අතරෙදි අපේම… අපේම… අපේම… දේශිය දේකුත් මට හම්බුනා. අපි ඉතිං කොහොමත් දේශිය දේවල් අගයන නිසා, මමත් පට පට ගාලා ඩවුන් කරගත්තේ, නිදහසේ අධ්‍යයන කරන්න හිතාගෙන.
පස්සේ ඉතිං ඔව්වා ඔෆිස් එකෙන් ඩවුන් කරාට බලන්නේ ගෙදර ගිහිං නිසා, ෆ්ලෑෂ් එකට දාගත්තා කියමුකෝ. හැබැයි මට හොඳටම ෂුවර් සති අන්තය වෙනකං ඒක දිහා ඇහැක් ඇරලා බලන්න වෙන්නේ නෑ කියලා. ඉතිං ඒක නිසා වීඩියෝ ෆයිල් එකක් එලිපිට තියන්න හොඳ නැති නිසා මං හැංගුවා. ඒ කියන්නේ හිඩ්න් කලා. ඒත් නිකං හිතට මදි වගේ. ඇයි ඉතිං ඉඳල ඉඳලා හම්බුවෙච්ච දේශිය දේනේ. ඒක නිසා මං වැඩි හොඳට ඒකේ එක්ස්ටෙන්ෂන් එක පිටින්ම රීනේම් කලා… Quality_report.doc කියලා. කරුමේ තමා. ඒ නම දැම්මයැන් පස්සේ දවසේ ලොක්කා මොකකට හරි මගෙන් ෆ්ලෑෂ් එක ඉල්ලා ගත්තා. මමත් ඉතිං වැඩිය හිතුවෙත් නෑ, බය වුනෙත් නෑ දීලා දැම්මා ෆ්ලෑෂ් එක.
ඉතිං එදා දවස මුකුත් වුනේ නෑ… ඊට පස්සේ දවසෙත් නෑ… ඔන්න දවස් දෙකකට විතර පස්සේ…
පුතා…. මේ ටිකක් ලොකු වර්ඩ් ෆයිල් එකක් තියෙනවා මේක ඕපන් කරගන්න බෑ වගේනේ… පොඩ්ඩක් බලන්න… කියලා ලොක්කා කියලා ඉවර වෙද්දීම, මමත් පුටුවෙන් නැගිටලා යන්න හදද්දී,
ආහ්… නෑ… නෑ… හරි කමක් නෑ… ඔයාගේ වැඩක් කරගන්න… මං අයි.ටී මැනේජර්ට කියන්නම්… කියලා මාව නැවැත්තුවා.
පස්සේ අයි.ටී මැනේජර් ඇවිත්… ලොක්කාගේ රූම් එකේ ඉඳන් මගේ දිහා බල බල ලොකු කතාවක්… ඒත් මට මීටර් නෑ…
පස්සේ ඔන්න ආව ඒ සතියේ සෙනසුරාදා දවස. ඒ තමා මගේ ෆන්ම දවස. ඉතිං මමත් අර මයෙ ගාව තිබුන එකම එක දේශිය මෙව්වා එක බලන්න කියලා ෆ්ලෑෂ් එක බලද්දී… ඒක අන්තරස්දහන් වෙලා… ඇත්තමයි මට පට්ට දුකයි. ඒකෙ තිබුනේ ලස්සන චූටි කතාවක්. ඉතිං මොනා කරන්නද කියලා හිත හදාගෙන, දෙයියනේ කියලා ලොක්කගේ පී.සී එකට හොරාට රිංගුවේ… පොරගෙන් මොනා හරි ටිකක් උස්ස ගන්න ඕනේ කියන පිවිතුරු චේතනාවෙන්….!
ඉතිං වෙනදා වගේම, අළුතෙන් ආපු ෆිල්ම් තියෙන ෆෝල්ඩරේට ගිය ගමන්, ‘123‘ කියලා වෙනදා නොතිබිච්ච ෆෝලඩරයක් ඒකේ තියෙනවා. ඉතිං අර ඇතිවෙච්චි මෙව්ව එකට මාත් ගිහිං බැලුවා ඒකට.
ඈහ්…. මගේ ඇස් උඩ ගියා. මේ තියෙන්නේ මගේ අන්තරස්දහන් වෙච්චි දේශිය නිෂ්පාදනය…!!!
ලොක්කා, මට හොරෙන් කොපියක් දාගෙන. කොපියක් නෙවෙයි, කෙලින්ම කට් කරලම අරගෙන… ඉතිං මට ඔන්න මීටර් වෙනවා… පුතා… ටිකක් ලොකු වර්ඩ් ෆයිල් එකක් තියෙනවා… ආහ් කමක් නෑ… ඔයාගේ වැඩක් කරගන්න… වගේ ලොක්කා කලින් කියපු වචන සෙට් එක… එදා ලොක්කා මාව ගෙන්න ගෙන අර ෆයිල් එක ඕපන් කරගන්න හදලා ආයෙම මාව නැවැත්තුවේ… පොරට මතක් වෙන්න ඇති මේක මගෙන්ම ගත්තු එකක් නේද කියලා….
පස්සේ ඉතිං තිබිච්චි තරහටම ඒ නමින් වෙන වර්ඩ් ෆයිල් එකක් අරගෙන, පිටු 100ක් විතර සෙට් කරලා රූප දාලා… කරන්න තියෙන්න ඔක්කොම කරලා, ගානටම සෙට් කරා, අර දේශිය එකේ මෙගා බයිට් 59.5ටම….
ඊට පස්සේ මගෙන් උස්සපු ෆයිල් එක මං ආයෙම උස්සලා, ඒක රීනේම් කලා… Picture_part002.zip විදියට. කලින් තිබුන විදියට එච්චර ලොකු වර්ඩ් ෆයිල් එකක් ගැන සැක හිතෙන්න තියෙන්න ඉඩ වැඩි නිසා තමා ලොක්කා ඒක කොපි කරගෙන තියෙන්නෙ. පස්සේ ඉතිං අයි.ටී මැනේජර් ඇවිත් තමා ගම කාලා තියෙන්නේ. මං හිතන්නේ පොර ඒ ෆයිල් එක vlc වලට ඇදලා දැම්මා. දාපු ගමන් අමන්දානන්දයට පත් වෙච්චි අපේ ලොක්කා, ඒක මකන්නේ නැතුව තියා ගත්තා…. හැබැයි අද වෙනකං මගෙන් මේ ගැන ඇහැව්වේ නෑ…!!!
එහෙම තමා අන්තිමට මේකෙ ලොක්කා ගාව ඉතුරු වුනේ… ඊට පස්සේ ඉතිං මං අනන්ත වාරයක් අර මෙව්වා එක ෆ්ලෑෂ් දාගෙන හිටියත් හැමෝම ඕපන් කරන්න හැදුවම මෙන්න මෙහෙම එකක් ආවා මිසක්… vlc වලට ඇදලා දාන්න තරම් එකෙක් වත් ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කලේ නෑ… එහෙම කලා නම් එහෙම අද උං ගාවත් මේක තියෙනවා.
එදා ඉඳන් මං ගැජමැටික් හංගන්නේ *.zip විදියට…!!! ඒක වැඩිය සේෆ්… හැබැයි කවුරු හරි මේ පෝස්ට් එක කියවන කං විතරයි. දැන් ඉතිං තියෙන හැම .zip ෆයිල් එකම vlc වලට ඇදලා දාන්න යන්න එපා. එහෙම වුනොත් vlc ක්‍රෑෂ් වෙලා අයෙම දාගන්න වෙයි…
ඔන්න ඔහොමයි රටක් වටින දේශිය නිෂ්පාදනය අදටත් මගේ ස්ටෝරේජ් වල නොනැසී, අන්සතු නොවී පවතින්නේ. අන්සතු වුනත් ගන්න එකාම දවසක් ඇතුලත මකන්නෙත් මේ .zip ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරන්න බැරි ඉතුරු කොටස් නැති නිසා කියලා හිතාගෙන.
මේක අමතර ප්‍රශ්නයක්… ලංකාවේ වැඩිපුරම ඔය වගේ දේවල් වැඩිපුරම සංසරණය වෙන්නේ මොන ෆෝමැට් එකෙන්ද…??? මං අහන්නේ බලන එක ගැන නෙමෙයි, එක් එක්කෙනා අතට යන ෆෝමැට් එක ගැන.
2012 මාර්තු 19 දින පෙ.ව. 6:10 ට
හපොයි මාර වැඩනේ මෙයා කරලා තියෙන්නේ. ඉතින් ඔය දේශීය ෆයිල්ස් යාලුවෝ අතරටත්, අරිනවද? 🙂
2012 මාර්තු 19 දින පෙ.ව. 7:09 ට
ගොඩක් වෙලාවට යාළුවෝ අතර පමණයි…!!!!
2012 මාර්තු 19 දින ප.ව. 3:01 ට
අයියෝ…. මාලුවාට වැඩේ තේරිලා නෑනෙ, praveena ඔය කියන්නෙ ” පොඩිතැනට බෙදන්න ” කියලා..
2012 මාර්තු 19 දින ප.ව. 7:53 ට
ඈහ්…. හොඳට හිටියි…. හික්ස්…
2012 මාර්තු 19 දින පෙ.ව. 6:41 ට
හික් හික්! උඹටත් වෙන්නෙ මරු වැඩ තමා. ලොල්!
මම හිතන්නෙ 3G,MP4 විදියට තමා යන්නෙ. ෆෝන් වල භාවිතා වෙන්නෙ ඒ ෆෝමැට්නෙ.
2012 මාර්තු 19 දින පෙ.ව. 7:09 ට
තව තියෙනවා බං…
2012 මාර්තු 19 දින පෙ.ව. 7:11 ට
සිරිලක දේ සිරි සැප දේ කිව්වලු…මුලදී පාවිචිකරේ zip තමා පස්සේ වැඩකරපු කොම්පැනියේ හොඳකම නිසා චේන්ජ් කරා pgp කියන ඔප්ශන් එකට…මම වැඩකරේ සොෆ්ට්වෙයා සෙකියුරිටි කොම්පැනියක..ඔක්කොමල්ලා ගල් පලලා මද කාපු එවුං එතන….යන්තං හංහගෙන හිටියේ මේ PGP නිසා…ලෝකේ එළම Security Software එකක්…
2012 මාර්තු 19 දින පෙ.ව. 7:13 ට
හ්ම්… ඒක පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනේ. නැත්තං කුමාරිකාවට ලැප් එක දෙනකොට හැම තිස්සෙම එව්වා මෙව්වා ටික ෆ්ලෑෂ් එකට ඇද ගන්න වෙනවා…
2012 මාර්තු 19 දින පෙ.ව. 7:55 ට
zip කරලා පාස්වර්ඩ් එකක් දාගත්තම හරි නේද?
2012 මාර්තු 19 දින ප.ව. 7:47 ට
නැහැ පාස්වර්ඩ් ඕනේ නෑ… මොකද වීඩියෝ එක සිප් කරලා පාස් වර්ඩ් දැම්මට, ඒ පාස්වර්ඩ් කඩන්න ඕනේ තරම් සොෆ්ට් වෙයා තියෙනවා. ඒත් මේ විදියට එක්ස්ටෙන්ෂන් එක මාරු සමහර සොෆ්ට් වෙයාර් වලින් ඇරෙන්න වැඩක් ගන්න බැහැ…
2012 මාර්තු 19 දින පෙ.ව. 9:02 ට
දේශීය නිශ්පාදනයක් කීවා.එහෙනම් මටත් දීපන්කො බන්…
2012 මාර්තු 19 දින ප.ව. 7:48 ට
සික්… ඉල්ලන කැත… 😀
2012 මාර්තු 19 දින පෙ.ව. 9:29 ට
මම නම් දාන්නේ Pagefile.sys කියල….. කෙලින්ම D: එකේ. අයිකන් එකත් මාරු කරනවා මෙලෝ රහක් නැති DLL එකක් වගේ
2012 මාර්තු 19 දින ප.ව. 7:49 ට
හප්පා… ඒක හෙන ඩේන්ජරස්නේ. අනික පේජ් ෆයිල් එකක් තියෙද්දි තව පේජ් ෆයිල් එකක් ඒ නමින්ම හදන්නේ දෙන්නේ නෑනේ…
2012 මාර්තු 21 දින පෙ.ව. 10:10 ට
නෑ නෑ. ෆයිල් එකක් නෙමෙයි. ෆෝල්ඩර එකක් හදන්නේ
2012 මාර්තු 26 දින ප.ව. 9:49 ට
අඩේ මම දාන්නෙත් .dll ආයේ මලාට ඇහැක් ඇරලා බලන්නෑ එකෙක්වත්…..
ඕං කතාවක් මතක් වුනා ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකට ප්‍රිෆෙක්ට්ලාට අහුවෙලා තිබුනු සීඩී එකක් ඕපන් කරන්න දඟල දඟල ඉද්දි මාත් ගියා ඔතන්ට….බැලින්නම් මෙගා බයිට් බර ගානක dll ෆයිල් එකක්… සිඟිති මොලේට තේරුණා මේක රීනේම් කරලා play කරන්න එහෙම කරාම වටේ ඉන්න කෙල්ලන්ගෙනුයි මිස්ගෙනුයි පට්ට කාඩ් එකනේ… extension අයින් කරලා .avi රීනේම් කරලා play කරලා මිස්ගේ මූණ දිහා බලලා හිනා වෙලා ආයේ මොනිටරේ දිහා බලද්දි පට්ට වැලක් තාම දැකලා නෑ එහෙම අයිටම් එකක්…කොච්චර සංතෝෂ වුනාද කිව්වොත් ක්ලෝස් නොවී මැක්සිමයිස් වුනා…….
මේක බ්ලොග් එකේ දාන්න බෑ අපේ මිස් මගේ බ්ලොග් එක කියවන නිසා….
2012 මාර්තු 27 දින පෙ.ව. 7:03 ට
මං ස්කෝලෙන් අයින් වෙච්ච ගමන් අපේ සර්ගෙන් වැලක් ඉල්ලගෙන ගියා… අන්න වැල…’ලැටීනා’ කැටගරියේ එකක්….!!!
2012 මාර්තු 19 දින පෙ.ව. 10:16 ට
හොර වැඩ කරනවා මදිවට කරන්නෙ කොහොමද කියල අපි වගෙ අහිංසකයින්වත් නරක් කරනවා.
2012 මාර්තු 19 දින ප.ව. 7:50 ට
ඔය තාත්තලට දැන් මොන හොර වැඩද… පිනක් දහමක් කරගෙන ඉන්නව මිසක…
2012 මාර්තු 20 දින පෙ.ව. 7:04 ට
හැක් හැක්, මාලු විහිලුවට හරි කියලා තියෙන්නෙ අපේ ලාංකික ප්‍රතිපත්තියක්. පුලුවන් කාලේ පුලූවන් තරං වල් වැඩ කරලා වයසට යනකොට පින් දහම් කරලා අර ඔක්කොම ගොඩ දාගන්න හිතන එක. (:D)
henryblogwalker the Dude
2012 මාර්තු 20 දින ප.ව. 5:16 ට
ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑ අයියේ…
2012 මාර්තු 19 දින පෙ.ව. 10:30 ට
මමත් ඔහොම එකක් අමුවෙන්ම මාට්ටු වෙන්න ගිහින් නූලෙන් බේරුනා. මම පෝස්ට් එකකුත් දැම්මා ඒ ගැන. ඒ ට්‍රේනින් කාලේ. අහුවුනා නම් ඉතින් රෙදි නෑ.:)
2012 මාර්තු 19 දින ප.ව. 7:50 ට
මට මතකයි… මමත් ඒකට කමෙන්ට් කරාද කොහෙද…
2012 මාර්තු 19 දින පෙ.ව. 10:32 ට
අපෝ ඊයා, බූඩි නම් ඔව්වා දැකලවත් නෑ හරිය !!!! 😛 😛 😛 😛
මාලුවෝ .vala කියලා ෆෝමැට් එකක් හැදුවොත් හොදයි නේ !!
2012 මාර්තු 19 දින ප.ව. 7:50 ට
අම්මෝ… වල් පඳුර… උඹ මෙව්වා දැකලම නෑ….
2012 මාර්තු 19 දින පෙ.ව. 10:34 ට
මොන ජාතියෙ හරි ලොකු ෆයිල් එකක් ලැබුනොත් මමනං කරන්නෙ ප්ලේයර් එකකින් ඕපන් කිරිල්ල තමයි.
2012 මාර්තු 19 දින ප.ව. 7:51 ට
නිකමට වගේ ටිකක් ලොකු exe එකක් දාලා බලපංකෝ… මොකද වෙන්නේ කියලා…
2012 මාර්තු 19 දින පෙ.ව. 11:10 ට
“සිරිලක දේ…… සිරිසැප දේ…….”
කියන්නේ නිකන්ද බන්.,
අපිත් හදවතින්ම ලාංකිකයි, අපිටත් එවහන් හොදේ….. 😉
2012 මාර්තු 19 දින ප.ව. 7:52 ට
නෑ… නෑ… උඹ තාම පොඩි එකා…
2012 මාර්තු 19 දින ප.ව. 12:08 ට
අපිටනම් කිසිම තහනමක් නැති නිසා දේශීය විදේශීය ඕනම දෙයක් ඔට්ටුයි..
2012 මාර්තු 19 දින ප.ව. 7:52 ට
නෑ… මල්ලි මෙහෙමනේ… ලංකාවේ ඉන්න අපිව මේ වගේ දේවල් වලට උනන්දු කරවලා, ගවේෂනශිලි බුද්ධිය වැඩි කරන්නනේ එහෙම දේවල් කරේ…
2012 මාර්තු 19 දින ප.ව. 3:53 ට
මොන හුන්නස්ගිරියක්ද කියල තේරෙන්න තරං කොම්පීටර් දැනුම නැති එකම හොඳා
2012 මාර්තු 19 දින ප.ව. 7:54 ට
ඔන්න ඔන්න ඉතිං මාමත්, අර චූටි එවුන්ගේ චරිත රඟපානවා… හික්ස්… ඔබී මෙව්වා දැනගත්තොත් එහෙම….
2012 මාර්තු 19 දින ප.ව. 3:56 ට
අලේ…මෙයත් කොරන දේවල්…. 😀
2012 මාර්තු 19 දින ප.ව. 7:54 ට
වයසේ වැරැද්දනේ නිසූ… ඔහොම තමා. තව ටික කාලෙකින් අඩුවෙලා යාවි….!
2012 මාර්තු 19 දින ප.ව. 4:38 ට
අපේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් ලැප් එකේ තිබ්බ වැලක් හොරා බලද්දි පොර බැඳපු අක්කට වැඩේ මාට්ටු වෙලා අක්ක ගත්තු ගමන් ලැප පොළවෙ ගහල……ඒ විතරක් නම් මදෑ අවුරුද්දට ගෙදර උන් සෙට් වුනාම මුන් එක්ක කියල…..අයිය විලිලැජාවෙ ඇඹරි ඇබරි ඉඳල….මාලුවගෙ ඒව එහෙම ඔන්න මාට්ටු කරගන්නව නෙවෙයි හොඳේ……
2012 මාර්තු 19 දින ප.ව. 7:55 ට
මාව මාට්ටු වුනොත් ඉතිං…. අනේ මන්දා… මොනා වෙයිද කියලා…
2012 මාර්තු 19 දින ප.ව. 7:49 ට
:පී. වැදගත් වැදගත් දේවල් හංගන්න හොදම විදිය තමා Extension එක මාරු කරන එක.. 😀
2012 මාර්තු 19 දින ප.ව. 7:59 ට
අන්න අත්දැකීම් තියෙන එල කොල්ලෙක්…
2012 මාර්තු 19 දින ප.ව. 9:27 ට
ඈ… මගේ මූණ කාලා.. කලින් තිබුන එක දාහෙන් සම්පතයි..
2012 මාර්තු 19 දින ප.ව. 10:06 ට
අර දේශීය බාන්ඩේ ලින්කුව දාන්න බැයිද? 😛
2012 මාර්තු 20 දින ප.ව. 5:15 ට
මේ ප්‍රසිද්ධියේ එහෙම දාන්න පුළුවන්ද…
2012 මාර්තු 20 දින පෙ.ව. 12:16 ට
මල් වාලුවාය කියන්නෙ නිකන්යැ…අපි වගේ පොඩි ළමයින්වත් නරක් කරනව 😛
2012 මාර්තු 20 දින ප.ව. 5:15 ට
නැතුව නැතුව… තාම කුක්කු බෝතලේ කටේ ගහගෙනනේ නැගිටින්නේ…
2012 මාර්තු 20 දින පෙ.ව. 6:27 ට
මගේ ඩෙස්ක්ටොප් එකේ නැතුව හැම තැනම ඔහේ දාලා තියෙනවා. පර්සනල් ලැප්ටොප් එක කියන්නේ පර්සනල්. මමනම් මගේ ලැප් එක රට වටේ බෙදන්නේ නා. අනික මම ජිවිතේට පෙන් ඩරයිවල ඕවා දන්නේ නෑ. ඩවුන්ලෝඩ් කරලා බලන්නෙත් ලාප් එකේ විතරයි.
2012 මාර්තු 20 දින ප.ව. 5:16 ට
ලැප වුනත් කියන්න බෑ බං… හොරෙක් ගත්තා… එතකොට ඌටත් අරක හම්බුවෙනවනේ…
2012 මාර්තු 20 දින ප.ව. 8:53 ට
ලැප හොරෙක් ගත්තොත් ඊට වඩා දේවල් යනවා . ඇයි ඔක්කොම ඊමේල් , ෆේස්බුක් පාස්වර්ඩ් , තව බැන්ක් එකවුන්ට් ඩීටේල්ස් , ඔක්කොමට වඩා වෙබ් හිස්ට්‍රිය . අනික බන්ග් හොරුන්ට ලැප් එකේ වැල හොය හොය ඉන්න වෙලාවක් නෑ.
ඔච්චරම ඒ ගැන හිතනවානම් හොදම සොලුෂන් එක ෆොල්ඩර් ගාඩ් වගේ සොෆ්ට්වෙයා එකක් දා ගන්න එක . නැත්නම් පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක් ලියා ගන්න එක .
මටනම් තියෙන එකම බය ඕක බාල වයස් කාරයෝ බලලා ට්‍රයි කරන්න ගියොත් කියන එක
2012 මාර්තු 21 දින පෙ.ව. 7:02 ට
හික්ස්… ඒකත් ඇත්ත… හැබැයි ඉතිං බාල ඒ දවස්වල බාලවයස් කාරයොත් ඔය වගේ වැඩ කරපු නිසා තමා අද මෙහෙම ඉන්නේ.
2012 මාර්තු 20 දින පෙ.ව. 10:17 ට
මචං, මගෙ හොද මාළුවනේ… ඔය සීලාංකීය මෙව්ව එකේ ලිංකුව දියං.. මම 18- උනාට මට ඉලීගල් නෑ බං.. ප්ලීස්…
එක්ටෙන්ෂන් වෙනස් කන්න එක තමා බං….. ඔය සිස්ටම් ෆයිල් වදියට දානව…. 😀 …. වැඩිපුරම ෂෙයාර් වෙන්නෙ නං .3gp / .mp4 වගේ තමා… පෝං වලිං… නැත්තං පෙන් වලිං….. නැත්තං ඉතිං ජංජාලෙන්…
2012 මාර්තු 20 දින ප.ව. 5:17 ට
පිස්සුද බං… ඔය ඕනේ තරම් තියෙන්නේ හොයාගනින්කෝ…
2012 මාර්තු 20 දින පෙ.ව. 11:58 ට
මදැයි.. වතුරේ ඉන්න මාළුවා වගේ පිරිසිදුයි කියල කෙල්ලෝ හිතන් ඉන්න මෙයාගේ වැඩ කිඩ දැන් කාටත් පෙනෙනවානේ ..
2012 මාර්තු 20 දින ප.ව. 5:17 ට
කෙල්ලෝ….. හහ්… අයියා දන්නේ නෑ කෙල්ලොන්ගේ හැටි….
2012 මාර්තු 20 දින ප.ව. 2:22 ට
මේ වගේ පෝස්ට් වලට නම් උබලට කමෙන්ට්ස් කරන්න හිතෙනවා,,අනේ මටත් ඔයි දේශීය දෙයක් තියනවා නම් දියන්කෝ,,,සිරිලක දේ සිරි සැප දේ
2012 මාර්තු 20 දින ප.ව. 5:18 ට
ඒක මයෙ ගාව තියෙන්නේ බං. දැන් ඒ සයිට් එක බ්ලොක් කරලා තියෙන්නේ…
2012 මාර්තු 20 දින ප.ව. 3:33 ට
ආහ්… අතට එන පෝමැට් එක නේ… හෆ්ෆා චිරාත් කාලයක් තිස්සෙ අතට ආවෙ මෙන්න මෙහෙමයි. කොහෙන් දැක්කත් පොටෝ එක ගහගන්නව ටෝර් ගාල… පොටෝ එක යනව කෙටිකාලීන මතකෙට jpg පෝ මැට්ටෙකේ. ඕං රෑට ඒක ඇඟ දිගේ අතට එනව චිත්තර පටියක් වගේ….. ඊට පස්සෙ ඒ චිත්තර පටිය දනිස් දෙකේ ජින්තුත් හූරගෙන දියරයක් බවට පත්වෙලා ගලා..ගලා යනව…හැබැයි ටිකක් වෙලායනව…ඊට පස්සෙ උනුසුම් සුසුමක් හෙලල කොට්ටෙ විකං සුවනින්දට යනව… උඹ ඕක හොඳ පෝමැට්ටෙකකට දාපන්……
2012 මාර්තු 20 දින ප.ව. 5:18 ට
හික්ස්… බයෝලොජි පාඩමක් වගේ…
2012 මාර්තු 20 දින ප.ව. 10:01 ට
මේක තමයි පට්ට කමෙන්ට් එක !!!
කවුරුත් නැති වෙලාවක ආයෙම කියවන්ඩ ඕන.
2012 මාර්තු 20 දින ප.ව. 5:10 ට
අනේ අපි නම් පොඩි එවුන් ඕවා ගැන දන්නෙවත් නෑ..
2012 මාර්තු 20 දින ප.ව. 5:18 ට
අනේ… අම්මෝ… වරෙං අයියේ නලවන්න…. 😀
2012 මාර්තු 20 දින ප.ව. 9:59 ට
අපිත් ආසයි සිංහල කතාවක් බලන්ඩ !!!!
ඒ නිසා ලින්ක් එකක් තියෙනවනම් දුන්නට පවු නෑ. 🙂
2012 මාර්තු 21 දින පෙ.ව. 7:09 ට
මේකේ දාන්න බෑ බං මල්ලි…
2012 මාර්තු 26 දින ප.ව. 9:52 ට
ලින්ක් මේල් කොරන්නකෝ
2012 මාර්තු 27 දින පෙ.ව. 7:04 ට
උඹලා තාම පොඩි එවුන්…
2012 මාර්තු 21 දින පෙ.ව. 7:55 ට
සිප් කරලා පාස්වර්ඩ් එකක් දැම්මානං ඉවරනේ ……
2012 මාර්තු 21 දින ප.ව. 8:20 ට
පාස් වර්ඩ් කෑලි කෑලි වලට කැඩුවෑකි….
2012 මාර්තු 22 දින පෙ.ව. 7:46 ට
අපි ඉතිං කොහොමත් දේශිය දේවල් අගයන නිසා
අපිත් එහෙමයි…
මම නම් ඔය මොන කෙහෙල්මලක් වත් දාල නෑ බන්.. ඒ උනාට ඔක්කොම අයින් කොරල ගේන්න ඔනි ලංකාවට එද්දි… නිකන් මොකටද කූඩුවක ලගින්නේ
2012 මාර්තු 22 දින ප.ව. 7:56 ට
එව්වත් කප්පං හැටියට භාර ගනු ලැබේ…!!!
2012 මාර්තු 24 දින ප.ව. 11:34 ට
කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුන ගමන් උඹේ Blog එකට ආවා ආපු ගමන් දැක්කේ මේක . කොච්චර රසවත්ද කියනවා නම් දෙන 12.5 යි එත් comment එකක් දාල යන්න හිතුනා. උඹ ගාව අර File ඒක එහෙම නැතුව ඇති නේද 😛
2012 මාර්තු 25 දින පෙ.ව. 9:35 ට
ආහ්… උම ඒක ඕනෙවට තමා කමෙන්ට් එක දැම්මේ නේද… අනේ බොල… ලින්ක් එකක් නම් නෑ බං…