අප්පි ඇන්ටිට මොනා හරි කරම්මු නේද….

කැත විදියටනම් හිතන්න එපා ඕං.  හැම ඔෆිස් එකකම තේ හදන අය ඉන්නවනේ. ඉතිං අපේ එකෙත් ඇන්ටිලා දෙන්නෙක් හිටියා. ඒත් දෙන්නම ටිකක් විතර කම්මැලියි. ඒ දෙන්නට ඕනේ තේ ටිකට ලුනු දාලා හරි තේ ටික ඉක්මනට හදලා දීලා කයියක් දාගෙන පැත්තකට වෙලා ඉන්න.

පස්සේ ඉතිං දෙතුන් පාරක්ම අපේ බොස්ලා එහෙම අවවාද කරාට කිසිම තේරුමක් වුනේ නෑ ඒ වැ‍ඩේ. එවෙලෙට හා කියනවා, ආයේ බලනකොට කොහේ හරි ස්වභාව සෞන්දර්යෙන් අනූන හෙවන තැනකට වෙලා දෙන්න එක්ක කයිය. ඉතිං හදිසියේ වත් වතුර එකක් ගෙන්න ගන්න ඕනේ වුනොත් ෆැක්ටරියේ කාව හරි යවන්න ඕනේ එයාලව හොයන්න. අපරාදේ මෑන් අවර්ස්….!!!!

ඊට පස්සේ බැරම තැන එයාලගේ ආයතනයට කතා කරලා කිව්වා, වෙන දෙන්නෙක්ව එවන්න, මේ දෙන්නව ගෙන්න ගන්න කියලා. කොහොම හරි ඒකටත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති තරම්. අන්තිමේ කරන්නම දෙයක් නැති තැන අපි හැමෝමලා එකතු වෙලා තීරණය කලා වෙන ආයතනයකට අපේ තේ හදන වැඩේ භාර දෙන්න. ඉතිං ඔන්න එකක් සෙට් වුනා. හප්පා ‍දැන් තේ හදන ආයතනවල ගනන් ඇහුවම, දවසම වතුර බොන එක හොඳයි කියලා හිතෙනවා.

ඉතිං අර ඇන්ටිලා දෙන්නගේ අන්තිම දවස් ආවා. එක්කෙනෙක් කලින්ම නැවතුනත්, ටිකක් වයසක එක්කෙනෙක්, අළුත් කට්ටිය එනකං කියලා අපේ ආයතනයේ නැවතුනා. ඔන්න අළුත් කට්ටිය හෙට එනවා කියමුකෝ.

ඉතිං අපේ ‍ටැමිල් ඇසිස්ටන් අකවුන්ටන්ට ඕනේ වුනා, රස්සාව වෙනස් වෙන්න යන ඇන්ටිට මුදලින් පොඩි උපකාරයක් කරන්න. ඒ කියන්නේ හැමෝම එක්ක කලෙක්ෂන් එකක් දාලා පුංචි ගානක් අත‍ට දෙන්න. කොයි තරම් කයිය ගැහුවත්, අපිට තේ ටික  හදලා දුන්නනේ… ඒක නිසා.

ඉතිං අපේ අකවුන්ටන්ගේ මේ චේතනාව පිරිසිදු වුනාට.. හොඳ වුනාට මෑන්ස් ඒක ප්‍රකාශ කරපු විදිය තමා පොඩ්ඩක් අප්සැට් වුනේ….

ම්…. මේ… අද මේ ඇන්ට්ට්ටිගේ අන්තිම දවසනේ… ඒක නිසා අප්පි ඇන්ටිට ම්මොනා හරි කරම්මු නේද…?

කියලා, දැන් කට්ටියගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් හැමෝගෙම මූනවල් බලනවා. මං සර්වරේ… අනිත් එවුන් ඔක්කොමලා උංගේ පීසී වල. හැබැයි කට්ටියම එකම පිහිටීමක. මූන මොනිටරේට ඔබාගෙන කට්ටිය තනියම හිනාවෙනවා. මොන හිතකින්ද දෙයියනේ, අද අන්තිම වතාවට ආයතනයට එන අර වයසක ගෑණු කෙනාට මොනවත් කරන්නේ…!!!

පස්සේ ඉතිං අකවුන්ටන් ආයෙම… මොක්කද කියන්නේ… මොනාද අප්පි කරන්නේ එයාට….???

මේ යකා ආයේ ආයේ ඒකම අහනවා.  මොනා කරන්නද ඉතිං… හිනාව කාගෙන, සල්ලි ටිකක් එකතු කරලා දෙමු කිව්වා. හප්පා දෙමළ හරි මුස්ලිම් හරි කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ මාර ජොලි. ඒකේ උපරිම ෆන් එක එදා වින්දා. මුස්ලිම් අයටයි දෙමළ අයටයි සමහර සිංහල වචන යොදන තැන් ගැන වැඩි අවබෝධයක් නෑ… ඒක නිසා එයාලට කියවෙන දේවල් වලත් තියෙන්නේ මාර තේරුම්…!!! සමහර එව්වයේ තේරුම් හිතාගන්න බෑ…!!!

“මං දන්නේ නෑ” කියන එක කියන්නේ “මට දන්නේ නෑ” කියලා.පොඩි එක්කෙනෙක්ව “වාඩි කරවනවා” කියන එකට කියන්නේ “වාඩි ගස්සනවා” කියලා.. මේ වගේ එව්වයේ වචන ගලපලා තේරුම් හොයන්න ගියාම හෙබ්බිරිස්සාව හැදෙනවා.

මේ ලඟදී මුස්ලිම් කෙනෙක් ආවා අපේ අබලි ද්‍රව්‍ය වගයකට කෝටේෂන් එකක් දෙන්න. ඒ කියන්නේ මිල කැඳවුමක්. මෑන්ස් කිව්වා යකඩ කිලෝ එකකට රුපියල් හැටයි කියලා. අපේ අකවුන්ටන් ඒ ගානට ඕ.කේ. පස්සේ කිව්වා පොඩි ලියුම් කෑල්ලක් ලියන්න කියලා. ඔන්න කෝටේෂන් එක…

බ්ලා… බ්ලා…. බ්ලා…

යෙකඩ කිලෝ සදහා රුපයල් එටක් ගෙවීමට කැමති. බ්ලා… බ්ලා…. බ්ලා…..

ඉතිං ඔය මිල කැඳවුමභාර ගත්තේ ටැමිල් අකවුන්ටන්. කොලේ ඒ පැත්ත මේ පැත්ත හරව හරව බලලා… පොර අපේ සිංහල අකවුන්ට් ඇසිස්ට කියනවා….

අර මිනියා රුප්පියල් හැටයි කියලා මට්ට කිව්වට, ලියලා තියෙන්නේ අඩ්ඩු ගානක්… මේහ්… මේ…  බලන්න…

රුපියල් එටයි….!!!

ආප්පු දෙන්කෝ ආයෙම…. දෙන්න එප්පා මෑන්ට යකඩ ටික. වෙන්න කාව හරි හොයලා දෙම්මු….

63 Responses to “අප්පි ඇන්ටිට මොනා හරි කරම්මු නේද….”

  1. පන්සල් හංදිය Says:

    බොස්ට කියපං මල්ලි ගේන්න කියලා නෙස් කෑෆේ මැෂින් එකක් ……..

  2. රාජ් Says:

    මාර සීන් ටික්කක්නේ. දෙමළ භාෂාවෙ “ඇ”ශබ්ධය නැතිඑකයි අවුල.”ඇ” වෙනුවට “එ” දැම්මම ආතල් ලෝකයයි.

  3. හරී Says:

    දෙමළ මුස්ලිම් අයට බැරි උච්චාරණය කියලා හිතුවට ඒවා ඒ අයට ඇහෙන්නෙත් වැරදියටද මන්දා?

    ඒ අය ඒව සිංහලෙන් ලිව්වත් ටයිප් කරත් ඒ අයගේ උච්චාරණ විලාශයමයි…

  4. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හයියෝ සල්ලී කිව්වලු… ඇත්තටම පට්ට ආතල් බං සිංහල හරියට උච්චාරනේ කරන්න බැරි මුස්ලිම් හරි දෙමළ හරි මනුස්සයෙක් ඉන්නවනං… හැබැයි දැං ඉන්න කට්ටියට සිංහල පුලුවං අපටත් වඩා….

  5. Harshana Says:

    දෙමල හරි මුස්ලිම් හරි අය කතා කරන විලාශය අපිට ජොලි තමයි …. ඒත්
    උන් එහෙම හරි කතා කරනවනේ …. සිංහල අපිට යන්තම් වත දෙමළින් කතා කල හැකිද ???

  6. හිතහොඳ පිස්සා Says:

    අපෙත් දෙමළ බුවාල 2ක් ඉන්නව….උන් කියන වචන මුලට කොම්බුව දාල අපිත් කියනව….පව් වැඩේ හැබැයි නෝන්ඩි කරන එක…..

  7. නිසුපා Says:

    හික්ස්…. අන්තිම එක තමා මරු….. :))

    මුස්ලිම්, දෙමළ…

  8. රූ Says:

    අපි ඉංග්‍රීසි කතා කරද්දි සුද්දොන්ටත් මෙහෙම හිතෙනවද මන්ද

  9. Malith Says:

    මම ඔය වගේ දේකට දෙමළ යාලුවෙකුට විහිළු කරන්න ගිහින් උගෙන් හොදට අහගත්ත, ඌ කියපි මමනම් මෙහෙම හරි සිංහල කතකරනව තොපිට එක දෙමළ අකුරක් කියන්න පුලුවන්ද කියල.

    කතාවෙ මුස්ලිම් කෙනාගෙ කැල්ලෙ වගෙ මොකද දන්නෙ නැහැ දෙමල මුස්ලිම් අය සින්හල ලියද්දිත් අකුරු ටපලවගෙන ලියන්නෙ, සමහර බ්ලොග් වලට මුස්ලිම් කට්ටිය සිංහල නම් වලින් කමෙන්ට් දානකොට වැඩේ අහුවෙනව මේ ටැපලිල්ලෙන් 🙂

  10. දොඩං Says:

    බිපෙසි….උදේ පාන්දර ලේ පිරිසිදු කලාට තුංකූ හොඳේ. උන් කියන එව්ව ඇහුවම නං ආතල් ලෝකයක් තමා….සමහර දෙමළ මුස්ලිම් අය හිතලමත් වරද්දල කියනවලු…අන්න ඒක නං වැරදි

  11. හදවතේ නවාතැන Says:

    අර අන්තිම කතාව නම් මරු 😀 අපෙත් දෙමළ කට්ට්ය වරද්දන වචන වලට අපි හිනා වෙවී විහිලු කරද්දි එයාල අපට කියන කතාවට නම් ඇඩෙනවා හැබැයි. ” අපිලට ඒම අරි කතා කරන්න දන්නවා සිංගල… ඒත් සිංගල කට්ටිය ගොඩකට දෙමළ දන්නෙ නෙ.. ” ඇත්ත නේන්නම්

  12. හදවතේ නවාතැන Says:

    අනේ සමාවෙන්න ඔනේ. මං කමෙන්ට් කරල ඉවර වෙලායි මලිත් ගෙ කොමෙට්න් එක දැක්කේ.
    … මගෙ අදහසත් ඒකමයි. කලි දැක්ක නම් අර තරම් හෑල්ලක් නොකියා ඉන්න තිබුනා… 😦
    …

  13. manufonseka Says:

    අපේ පැත්තෙත් ඉන්නවා පොලියට දෙන ඇන්ටි කෙනෙක්.. මුස්ලිම් අය ඒ ඇන්ටිට බනින්නෙ ගේනි තමයි ගේනි කියලා….:D
    (මේ මූන කැතය් අප්පා)

  14. Observer Says:

    ‘එකොළහමාරයි, දොළහට පැයෙන් බාගයයි ‘ කියල කිව්ව හැටි දන්නවද ?
    ” האכלה හමාරයි, දොළහට פאיין බාගයයි “

  15. නවම් Says:

    ඇයි බං උඹලට උඹලගෙ තේ එක හදාගන්න බැයිද? කම්මැලිද, වැඩ වැඩිද, දන්නෙ නැද්ද ? එහෙම නැත්නං ප්‍රඩක්ටිව් එක උපරිම කරනන් කියල බොලාට සීට් එකෙන් නැගිටිනන් තහනම්ද ?

  16. Shani Says:

    අයියෝ මේක හරි ශෝක් බ්ලොග් එකක් නේ.. මට මිස් වෙලා… අයියගේ කමෙන්ට් එකෙන්නෙ හොයාගෙන ආවේ… හිනා කෝටියයි… ආයෙත් මම එනවා…

  17. අකීකරු හිත Says:

    අපි දෙමළ කතා කරන්න ගත්තොත් එයාලා අපිටත් මෙහෙම කියාවි…

  18. Weniwel Says:

    ඔව් දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඉන්නවනම් මාර ෆන් තමයි.. අපේ ටැමිල් කෙල්ලෙක් හිටියා..අපි කතා කරන සිංහල වලත් වැරදි හදනවා..

  19. tikirimalaya Says:

    නියම කතාව …….. 😀 රසට ලියල තියනවා…..!

  20. asaranaya Says:

    මට සෙට් වුනු හැම මුස්ලිම් කෙනෙක්ම දේමල කෙනෙක්ම හොන්දට සිංහල කථා කරනවා

  21. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හික් හික් අපේ එකෙක් ඉන්නවා ඌ කියන්නෙ නිදිලෑවා….කියලා කාඩ් කෝටියයි ඌට….

  22. සිංහයා Says:

    මචෝ කාලෙකින් මේ පැත්තේ ආවේ… වැඩ බන අම්බානෙකට,,,

    ජය වේවා……

  23. henryblogwalker Says:

    මොනවාහරි කරනකොට නොවරදවාම මටත් කියාපං හරි?

    අපිත් එක්ක හිටපු එක ඔයවගේ පොරක් එකෙක් හෝ ගාලා ටයිප් කරනවා බලං ඉඳලා කිව්වා.”You are a very good typewriter no, men! කියලා

    henryblogwalker the Dude

  24. Dulip Sikurajapathy Says:

    මම මේ බලාගෙන ඉන්නෙ අර අවලං පැට්ට සිංහල වරද්දගන්නකං

  25. dinesh umagiliya Says:

    තේ හදන අයටවත් මේගොල්ලගේ ඔෆිස් එකේ පරිස්සමින් ඉන්න බැරි හැටි..

  26. මධුරංග Says:

    අපේ කොල්ලෙක් කිව්ව කතාවක් මතක් උනා.
    ඒකා කිව්වේ ඇන්ටි කෙනෙකුනත් කමක් නෑ නාඩි වැටෙනවා නම්…. කියලා
    ඔන්න මම එහෙම නෙමේ මේ කතාව කිව්වේ. හික්ස් 🙂

  27. pissa palaamalla Says:

    උබලට තේ හදාගන්න බැරිද බන්… ගනිංකො ඔය පොඩි මැසිමක් සීන් එකට…

    අඩේ යේක අපේ සුපියල් පා කේවා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: