තේ කොල මුදියන්සේ…

මේ මනුස්සයා… උස රබර් ගස් මැද්දේ, පොළොවේ එක බිම් අඟලක්වත් නොපෙනෙන්න, තද කොල පාටට තේ වවපු වත්තක, ‍අඳුරු කෙලවරකට වෙන්න… තහඩු හෙවිල්ලලා, ඒ ගහඩු හුළඟට යනවට දර අතු දාපු, වටේටම… නිතරම තෙතබරිත වෙච්ච ලෑලි වලින් වටකරපු, ලැයිමක ඉන්න, සීතලට මුළු සරුවාංගෙම වැහෙන්න ඝනකම රෙදි ඇඳගත්ත මනුස්සයෙක් නෙවෙයි.

ඒ වගේම, බිමට ග්‍රැනයිට් අල්ලලා, සිවිලිමටට උඩින් හිල් විදලා, නොපෙනෙන්න ලයිට් හයි කරපු, සීතල වෙලාවට හීට් වෙන්නයි, උණුසුම් වෙලාවට කූල් වෙන්නයි උපකරණ හයිකරපු, පැය විසිහතරෙම  උණුවතුරෙන් නාන්න පුළුවන් මාලිගයක ජීවත් වෙන මහා ධනවතෙකුත් නෙවෙයි….!!! හැබැයි මේ මනුස්සයට හැමෝම කියන්නේ මුදියන්සේ කියලා. නිකංම මුදියන්සේ කිව්වම ගැම්මක් නැති නිසා වගේම, බොහොම දුප්පත්ව ඉඳලා, ටිකින් ටික හොර කමෙන්,  වංචාවෙන් කොහොම හරි කරලා තරමක් පෝසත්වුන බොහෝම අවංක පොරක්.

මෙයා වැඩ කරන ආයතනයට, මුලින්ම සේවයට බැඳුනේ කැන්ටිමේ තේ හදන කෙනා විදියට. ඊට අවුරුද්දකට විතර පස්සේ කැන්ටිමට මාසිකව අවශ්‍ය කරන තේ කොල වලින් සම්පූර්ණ ප්‍රමාණයම මේ මුදියන්සේ විසින් පුංචියට පවත්වා ගෙන ගිය තේ වත්තෙන් ආවරණය කෙරුණා. ඊට පස්සේ ටිකෙන් ටික ආයතනයේ සේවකයෝ වැඩි වුනා… තේ හදන වේල් ගනන වැඩි වුනා. ඒත් එක්කම මුදියන්සෙගේ තේ වත්තෙන් ගෝනි වලට බැහැලා ආයතනයට ඇවිල්ලා, තේ පෝච්චි වල යහමින් තැම්බිලා, වතුර කහට පාට කරලා, කාණුවේ එකතු වෙන තේ මන්ඩි ප්‍රමාණය බලාගෙන ඉන්දැද්දි වැඩි වුනා. කොයිතරම්ද කියනව නම්… අනිත් සේවකයන්ට “තේ කොල කන්දක්“ තරමට පේන ගානට තේ කොල ප්‍රමාණය වැඩි වුනා.

ඔය අස්සේ ප්‍රයිස් ඉන්ක්‍රීස් වුනා… රිවයිස් වුනා… කොහොම කොහොම හරි මුදියංසේ උඩට ගියා. මෑන්ට ඉරිසියා කර කර හිටිය පොරට වැඩිය ලොක්කෝ… තාමත් හිටිය තැනමයි…!!! ඕකට තමා සිංහලෙන කියන්නේ “හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා“ කියලා. කෝ ඉතිං එහෙම කිව්වට අහන එවුන් ඉන්නවැයි…???

අන්න දැන් තේ කොල මුදියංසේ, ගමේ… පන්සලේ වැඩ වලටත් උදවු කරනවා…

ඔව් ඉතිං එහෙම නොකර බෑනේ… කරපු පවු වහගන්නත් එපැයි…!!!

එහෙම හිතුවම ඉරිසියාකාරයින්ගේ හිත්වල ඇතිවෙන සැනසිල්ල… අපි ඉතිං පැත්තකට වෙලා ආදර්ශ ගන්නවා….

 

56 Responses to “තේ කොල මුදියන්සේ…”

  1. ගිනිකුරුල්ලා Says:

    මෙන්න මාළුවා තේ කොළ ෆැක්ටරියක් පටන් ගන්නලු හදන්නේ…

  2. පූසා Says:

    ලංකාවේ දැන් ඉන්න බොහොමයත් සල්ලි කාර ව්‍යාපාරිකයෝ දැන් ඔය එයාලා ඉන්න තැනට එන්න කලින් නීති විරෝධී වැඩ කළාය කියලා එහෙ මෙහෙ කට කතා පැතිරෙනවා උඹට උනත් ඇහිලා නැතෑ. ඒ කට කතා බොරුමයි කියන්නත් බෑ. මොකද ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනේ.

    එහෙම උනත් නැතත් අපේ බහුතරයක් මිනිස්සු හරි කැමතියි තමන්ට වඩා දියුණු කෙනෙක්ට මොකක් හරි කතාවක් හදලා පුංචි කාලකණ්නි සතුටක් ලබන්න!

  3. buddie-බුඩී Says:

    නියම කතාව, බුඩියට අඅස හිතුනා , දියුනූ වෙන්න කොච්චර නම් අවස්ථා අප අවට තියෙනවද, ඕන කරන්නේ ක්‍රියාවට නංවන්න විතරයි 😀

  4. buddie-බුඩී Says:

    මාලුවෝ අර එදා ගත්ත ෆොටෝ ටික බූඩිට මේල් කරපන්කෝ !!!

  5. praveena Says:

    කවුරු හරි දුප්පත් මනුස්සයෙක් පෝසත් උනා කියලා හිතලා සංතෝස වෙමුනේ. 🙂

  6. henryblogwalker Says:

    අනේ අපිත් වෙන මහන්සියෙ හැටියට කරලා තියෙන කැපකිරීම් වල හැටියට. කරගත්ත දෙයක් නෑ බලං යනකොට. සල්ලි පොලියට දෙන කට්ටිය අපිට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නෙ. ඒත් ඔහොමම යං.

  7. රූ Says:

    ම්..දියුණු වෙන එක නම් හොඳයි..ඒත් මේ කතාවෙ ආදර්ශය නම් මට තේරුනේ නෑ..

  8. maathalan Says:

    ලක්ෂෙකින් කෙනෙක් ඔය සම්බාවිතාවට අහුවෙනවා. අනික් උන් මැරෙනකම් තේ හදනවා…

  9. මාඩා Says:

    හ්ම්…….. මොකැ බන් මේ……..
    කොලේ වහලා ගහනවා වගේ එකක් නේ…..
    කොහොම හරි දියුණු වෙන මිනිහා කොහොම හරි ගොඩ යනව බන්……

  10. කිරිපුතා Says:

    ඒක පොරගෙ දෛවය කියල ඔන්න ඔහෙ අපි හිත හදාගමු බං.

  11. Observer Says:

    එතකොට මොකද්ද ඌ කොරාපු වංචාව ?

  12. හිතහොඳ පිස්සා Says:

    //ටිකින් ටික හොර කමෙන්, වංචාවෙන් කොහොම හරි කරලා තරමක් පෝසත්වුන බොහෝම අවංක පොරක්.//

    මම ආසම කරපු ටික එතන තියෙනව……..:))))

  13. සාතන් Says:

    දැන් මොකක්ද බන් මුදියන්සෙ කරල තියෙන පව?…

  14. නවම් Says:

    මොකක් හරි නොකියා කියනවාද ? මගෙ ඔළුව ඕවෆ්ලෝවෙලා මේ දවස්වල බං මල්ලී.

  15. ChammA Says:

    අනේ ඉතින් ඕවත් වංචාඩ මේ රටේ වෙන ඒවත් එක්ක බලනකොට..

  16. මුහුදු කොල්ලකාරයා Says:

    බොලාගේ ඉරිසියාව, පැහැදිලි ඉරිසියාව 😀 😀

  17. manufonseka Says:

    gold ‍fish ටත් මුදියංසේ කෙනෙක් වෙන්ඩ හිතිලද මන්දා…..:D

  18. pissa palaamalla Says:

    අරක්කු බීල බැයිද බන් දියුණු වෙන්න

  19. asaranaya Says:

    අද කාලේ ඉතිං කාටද කතාවක් හදන්නේ නැත්තේ.

  20. X-Porter Says:

    මත් පුල් ට්‍රයි එකක් දුන්න තේරෙන්න…… තාම බැරි උනාබං…….
    අපේ අවලං කටක් තියෙන එකෙක් කිවුව බං… තොට තේ වත්තක් තිබ්බත් තේ රෙන්නෑ කියලා…
    ඔන්නබලපං පාප මිත්‍රයො ………

  21. ඔබ නොදු‍ටු ලොවක් Says:

    ඒ කාලේ නිල් සබං ගාගෙන මාත් දළු කඩලා තියෙනවා ලොකු තාත්තා එක්ක….

  22. මධුරංග Says:

    මුදියන්සේ පුදුම මනුස්සයෙන් නෙව.
    මේ කතාව කියවගෙන යනකොට මතක් උනේ නවලෝක මුදලාලිව. මනුස්සයාත් මුලින්ම පෙට්ටි කඩයක් කරලා තියෙනවා. ඒකෙන්ලු මනුස්සයා දියුණු උනේ !!!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: