පුටු වලට පන දෙන හිටි, එතකොට මැරිච්චි අයට පන දෙන හැටි, වැඩිය ඕනේ නෑ ගස් වලට පන දෙන හිටි ගැනත් පරණ ඉතිහාස හා මිත්‍යා කතා වල ඕනේ තරම් තියෙනවා. ඒත් කවුරුවත් දන්නවද පලතුරු වලට ඈත්තටම පන දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන… පලතුරු වලට විතරක් නෙමේ එළවලු වලටත් ඒ විදියටම පන දෙන්න පුළුවන්… එළවලු විතරකුත් නෙමේ… ධාන්‍ය වර්ග වලට එතකොට අල වර්ග වලටත් එහෙම කරන්න පුළුවන්. එහෙම පන දීගෙන යද්දී ඒ එළවලු, පලතුරු, අල වර්ග එහෙම අපේ යාළුවෝ වෙනවා. විහිළු නෙමේ ඇත්තටම. මං නම් මේ ක්‍රමේ අත්හදා බලලත් තියෙනවා, හිටිගමන් වැරදිච්ච වෙලාවලුත් තියෙනවා.
ඉතිං මේක මේ බොහෝම බලගතු, පුරාණ පුස් කොල පොත් වලින් හොයාගත්ත මන්තරයක් කියල හිතන කට්ටිය ඉන්නවනම්, එයාලට හිතෙනව ඇතිනේ මල් පහන් පූජා කරලා “අරෙං වර, මෙහෙං වර, මූව කාපිය, අරූට ගහපිය… ඒස්වාඃ පුඃ” කියල, රතුපාට ජටාවක් බැඳගෙන සුදුපාට වෙලෝනා බැනියමක් ඇඳගෙන, සුදු සරමක් ඇඳලා… ඊට යටින්, සරම වැටිලා සුරේ පෙනුනොත් කියන සැකේට පොඩි අඟල් හයේ ෂෝටකුත් ඇන්ද මන්තර කියන ඇදුරෙකුත් ඕනේයි කියලා… ඉතිං ඒ විතරක් යෑ… පාට පහක මල්… හත් වර්ගෙක පලා, එතකොට පුවක් මල්, පොල් මල්… කැවුම්, කොකිස්, අතිරස වගේ කැවිලි… ඇයි ගුරා මොනා කරනවද කියලා නොපෙනෙන්න දුම් ගස්සන්න සුවඳ කුඩුයි… පොල් කටු අඟුරුයි… අම්මෝ තව කී ජාතියක්ද…
ඒ ඉතිං මන්තර කියන කිය ගුරුකම් කරද්දිනේ. ඒත් මං දන්න ක්‍රමේට එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ… මේකට වන් ඇන්ඩ් ඔන්ලි ඕනේ හොඳට භය නැතුව ඕනේ එකෙකුට කතා කරන්න පුළුවන් මුකරි කටක් විතරයි. ඉතිං බලන්න කොයිතරම් ලේසි වැඩක්ද කියලා…!!!
හරි දැං මේ ක්‍රමේ මං විතරක් දන්නවා කියලා කිව්වට මට වැඩිය හොඳට ඔයාලත් දන්නවා කියලා මට මං නම් හොඳටම දන්නවා. ඒත් ඉතිං කවුරුවත් හිතන්නේ නෑ මේ ක්‍රමේට එළවලු, පලතුරු, අල වර්ග වලට පන දෙන්න පුළුවන් කියලා. හැබැයි ඔය බබාලා චූටි කාලේ ඉඳන්ම ඕනේ තරම් මේ වැඩේ කරලා තියෙනවා.
දැන් ඉතිං ලොකු ළමයිනේ… ඒ නිසා පුංචි කාලේ වගේ නොදන්න කමට මේ වගේ දේවල් කරන්න යන්න එපා.
අවවාදයයි…!!! මේ නිසා ඇතිවෙන ස්වභාවික ආපදා සම්බන්ධයෙන් කිසිදු වගකීමක් අහිංසක මා විසින් දරණු නොලැබේ..!
මේක ආයේ මං කියල දෙන්න ඕනේ නෑ කොහොමටත්… ඒත් ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ අහවල් මෙව්ව එක නිසා කියලා ඒ උත්තමයා කිව්වා වගේ, මාත් මේක වෙන විදිය චුට්ටක් කියලා දාන්නම්. ඊට කලින් මෙච්චර වෙලා කියෝගෙන ආපු හැම දේම අමතක කරලා නිදහස් මනසක් හදාගන්න.
මුලින්ම, ඔයාලා එක්ක කතා කරන ටිකක් මහත ගෑණු ළමයෙක් හොයාගන්න. මහතයි කියන්නේ බතල ගෙඩියක් වගේ මහත් වෙන්න ඕනේ හරිද… ඊට පස්සේ එක පාරටම බතලි කියන්න… හ්ම්… දැන් හරි…
ඒ ළමයා මොනා කිව්වත් කමක් නෑ… ඔයා දිනුම්… දැක්කද ඔයා පොළොව යට හැදෙන අලේකට පන දුන්න හැටි…!!!
ඊට පස්සේ හොයාගන්න හීන් දෑරී කොල්ලෙක්ව… ඌට කියන්න පතෝලයා කියලා… කොහොමද වැඩේ… ඒ පාර ඔයා රස ගුන පිරි එලෝලුවකට පන දුන්නා…!!!
දැන් ඔය වැඩකට නැති එකෙක්ව අල්ලගෙන අඩෝ පරිප්පුවා කියලා වටිනා ධාන්‍ය වර්ගෙකටත් පන දුන්නානම්… මේ ක්‍රමේ අග්‍ර ඵලය දැක බලා ගන්න පුළුවන්…! අත පය විසික් කරගෙන පන ආපු පරිප්පු පස්සෙන් එලෝන කොට… ම්… ම්… කොහොමද පන දීමේ සනීපේ….
ආහ්… පලතුරකට පන දුන්නේ නෑනේද… එහෙනම් දැන්, ගෙදර ඉන්න නංගි හරි මල්ලිව හරි ලඟට කරගෙන, ගස්ලබ්බී හරී ගස්ලබ්බා හරි කිව්වනම් පලතුරකටත් පන එනවා. කොහොමද වැඩේ….
පේනවා නේද අපි චූටි කාලේ ඉඳන් කොයි තරම් ලොකු වැඩද කරලා තියෙන්නේ කියලා… ඉස්සර සිංහල පොත් වල තිබුනේ… අප්‍රානික එව්වාට පන දෙන හැටි. ගස් කියන වචනය සක්‍රීය කලේ ගස්හු කියලා අන්තිමට “හු” යන්න දාලා… දැන් නිකමට හරි “හු” යන්නක් දැම්මනම් මොනා අහගන්න වෙයිද… ගංගා පන ඇති කලේ ගංගාවෝ කියලා අන්තිමට “වෝ” යන්න දාල…. ගංගා ගලයි වුනාට ගංගාවෝ එහෙම නෑ… ගංගාවෝ ගලති… හරිද…
ඔය කොයිතරම් පන නැති එව්වා පන ඇති කලත්, කව්රුත් කියලා දුන්නේ නැහැනේ එළවලු, පලතුරු වලට පන දෙන හැටි…! ඉතිං ඒක ඔන්න මම කියලා දුන්නා …!!! දැන් ඉතිං නොදැන කරපුවා දැන ගෙන කරලා බලන එකයි තියෙන්නේ… මතකනේ අර උඩ ලොකු අකුරෙන් රතු පාටට තියෙන එක… හැම වෙලාවෙම ඒක මතක තියාගන්න ඕනේ හරිද…
මේක ලියන්න හිතුනේ ඇයි කියලා වෙන දවසක කියන්නම්…!!!
2012 මාර්තු 2 දින පෙ.ව. 7:08 ට
මාළුවා මට පුළුවන් ලංකාවේ පාවිච්චි කරන එක සිගරට් වර්ගෙකට පණ දෙන්න! මොකද කියන්නේ කරලා පෙන්නන්නද? 😀
2012 මාර්තු 2 දින පෙ.ව. 7:14 ට
තෝව කනවා දැනගන් වල් පූසා….
2012 මාර්තු 2 දින පෙ.ව. 7:23 ට
හොහ් හොහ් හොහ්….. 😀
2012 මාර්තු 2 දින ප.ව. 8:00 ට
කට කට…
2012 මාර්තු 2 දින පෙ.ව. 11:25 ට
අනේ පෙන්නහං බං පූසෝ
2012 මාර්තු 2 දින පෙ.ව. 11:58 ට
කැප්ටන්??
2012 මාර්තු 4 දින ප.ව. 3:18 ට
ගෝල්ඩ් ලීෆ්
2012 මාර්තු 2 දින පෙ.ව. 7:55 ට
ඔය දීපු පණ ආපහු නැති කරන විදියත් කිවුවනං ඇඟ බේරගන්න පුලුවං වෙයි.
2012 මාර්තු 2 දින ප.ව. 8:01 ට
අයියා බය වුනා නේද….
2012 මාර්තු 2 දින පෙ.ව. 8:31 ට
පණ දීල විතරක් හරියන්නෙ නෑ ගොයියො…. මේව අතුරෙ යනව වගේ වැඩ….
2012 මාර්තු 2 දින ප.ව. 8:04 ට
අතුරෙ යන එක කොයි තරම් ෆන්ද කියලා දන්නේ ගියපු එකෙක්ම තමා මචං…
2012 මාර්තු 2 දින පෙ.ව. 8:32 ට
අපෙ ඉස්කෝලේ එලවලුවකට පන දෙන්න ගිහිල්ලා ජෙනරේසොන් ගනනාවක් ගුටි කාලා තියෙන්වා. ඒ වගේම මත් වෙන එකකටත්, පතෝලයා සහ ගංජා හුටන්
2012 මාර්තු 2 දින ප.ව. 8:05 ට
ඒ කතාව අපිට කිව්වනම් නරකයි… අපිත් වම්බටු ගෙඩියකට පන දෙන්න ගිහිං ගුටිකාලා තියෙනවා…
2012 මාර්තු 2 දින පෙ.ව. 8:44 ට
යම් කුමාරිකවක් විසින් එක්තරා දිනක කිසියම් එළවළුවක් හෝ පළතුරකට පණ දීමට උත්සගත් බව පෙනී යයී………….
එළවළුව හෝ පළතුර ගැන දළ අදහසක් ගැනීම සිතිය යුත්තකි….. 😀 😀 😀
2012 මාර්තු 2 දින පෙ.ව. 11:31 ට
කුමාරිකාවක් එළවලුවකට පණ දුන්න නම් අනිව ඉතිං පතෝල වගේ එකක් තමයි පාවිච්චි කරන්න ඇත්තෙ… කළු පාට එළවලුවක්, පළතුරක් නැති හින්ද ඒක විතරයි මගෙ නම් ඔලුවට එන්නෙ
2012 මාර්තු 2 දින ප.ව. 8:18 ට
වෙලාව…
2012 මාර්තු 4 දින පෙ.ව. 2:32 ට
සාතන්, ඔය මොඩල් එකනං මචෝ . . . . බිලිං
2012 මාර්තු 4 දින පෙ.ව. 9:40 ට
බිලිං වර්ග දෙකයි… රට බිලිං…. නිකං බිලිං… කොයි එකද…
2012 මාර්තු 2 දින ප.ව. 8:06 ට
අහුවෙයන්කෝ….
2012 මාර්තු 2 දින පෙ.ව. 8:51 ට
අනේ මන්දා මලේ..ගෙදර එළවළු පළතුරු වලට නම් පණ දුන්නෙ නැතිවට කමක් නෑ මයෙ හිතේ..
2012 මාර්තු 2 දින ප.ව. 8:07 ට
බය වුනා නේද එලවලු පලතුරු ටික පැනලා දුවයි කියලා…
2012 මාර්තු 2 දින පෙ.ව. 8:59 ට
ඔයාට කියන්නෙ මොකක්ද කියලා මං මේ කල්පනා කරන්නෙ….. 😀
2012 මාර්තු 2 දින ප.ව. 8:09 ට
මට ඉතිං මොනා කියන්නද….. මේ තියෙන නම මදෑ…
2012 මාර්තු 2 දින පෙ.ව. 9:41 ට
අම්භානකට පරිප්පු කන්න වෙන වැඩක්………අත්දුටුයි….සත්‍යයි…..ප්රත්්යක්ෂයි….හෙහෙ
2012 මාර්තු 2 දින ප.ව. 8:10 ට
හික්ස්… මෙයත් බය වෙලා
2012 මාර්තු 2 දින පෙ.ව. 11:42 ට
ඒ පතෝලයා….
2012 මාර්තු 2 දින ප.ව. 8:19 ට
බතලි… ඇයි ගේමද ඉල්ලන්නේ…. 😀
2012 මාර්තු 2 දින ප.ව. 12:01 ට
යසෝදරාව විසිං අපේ මාළුවාට පතෝලයැයි කියල නෑ හරිද….. අපේ මාළුව යසෝදරාවට ගස්ලබ්බි කියලත් නෑ….
2012 මාර්තු 2 දින ප.ව. 8:19 ට
පිස්සුද ලබ්බෝ… ඒ ළමයා මේක දන්නෙත් නෑ…
2012 මාර්තු 3 දින ප.ව. 12:53 ට
පව් නේද?….
2012 මාර්තු 2 දින ප.ව. 12:49 ට
//මේක ලියන්න හිතුනේ ඇයි කියලා වෙන දවසක කියන්නම්…!!!//
උඹ අර යසෝදරා කෙලිපොඩ්ඩට නමක් හැදුව නේද?
2012 මාර්තු 2 දින ප.ව. 8:20 ට
අපෝ නැහැ බං… මට දෙයි දුවන්න….
2012 මාර්තු 2 දින ප.ව. 1:37 ට
මොනාද පරිප්පුවො මේ ලියන පෝස්ට්…
2012 මාර්තු 2 දින ප.ව. 8:22 ට
ඇයි ඇයි රා බඩෝ….
2012 මාර්තු 2 දින ප.ව. 2:14 ට
බොල මයිසූර් පරිප්පුවා.. යසෝදරා දුන්න නේද පට්ට කාඩ් එකක්?
2012 මාර්තු 2 දින ප.ව. 8:22 ට
නෑ….. බං වෙන කතාවක්… පස්සේ ලියනවා….
2012 මාර්තු 2 දින ප.ව. 11:41 ට
එළ එළ…
2012 මාර්තු 3 දින පෙ.ව. 12:16 ට
වම්බට්ටට පණ දුන්නා “වම්බොට්ටා” කියලා. බඩු හරිනෙ….
2012 මාර්තු 3 දින පෙ.ව. 7:47 ට
නැහැනේ… වම්බටු ගෙඩියට පන තියෙන අයිටම් එකක හැඩයක් දෙන්න ගිහිං මාට්ටු වුනානේ පංතියේම කොල්ලෝ ටික.
2012 මාර්තු 3 දින පෙ.ව. 9:02 ට
හපොයි…. ඒකත් එහෙමද ?
මං කිව්වෙ “වම්බොට්ටා” කියන මැරයට වෙච්ච දේ
2012 මාර්තු 3 දින පෙ.ව. 11:04 ට
අහලා තියෙනවා පොර ගැන… වැඩිය දෙයක් දන්නේ නෑ…
2012 මාර්තු 3 දින පෙ.ව. 12:32 ට
පරිප්පුවා කියලා ලොවෙත් නැති පරිප්පුවක් කාලා තියෙනවා මම… අහෝ දුකකි ඉරකි තිතකි.. ඉස්කෝලෙ ලොකු එකෙක්ගෙන් අම්බානක ගුටි කෑවා මතකය… නිලංකාර වෙන්න වැදුනා මතකය (කොහෙටද මතක නැත). අලංකාර වන විට මම first aid room එකේය… එදා ඉඳන් ඌයි මායි අම්බානක තරහය.
2012 මාර්තු 3 දින පෙ.ව. 7:48 ට
මමත් මහත එකෙකුට බතලයා කියලා, උංගේ අම්මලා තාත්තලා ඈවිත් අපේ ගෙදරට කිව්වනේ සීන් එක…
2012 මාර්තු 3 දින පෙ.ව. 5:18 ට
පතෝලයා කියලා පිල්ලෙක් ඉන්නවා මා එක්ක වැඩට ඌට ඒ නම දැම්මේ පිලිපීනෙත් පතෝල වලට කියන්නේ පතෝල කියලලු….එදා ඉඳලා ඌ පතෝලයා…
2012 මාර්තු 3 දින පෙ.ව. 7:49 ට
නිකං අහලා බලන්න පොරගෙන් මෙහේ පිපිඤ්ඤා වලට ඔහේ කියන්නේ මොකද්ද කියලා… මල මගුලක් වෙන්නේ දිව ටැපලුනොත් එහෙම…
2012 මාර්තු 3 දින පෙ.ව. 10:23 ට
අඩේ උඹට පරිප්පුව කියනව කියල අදයි දැනගත්තෙ
2012 මාර්තු 3 දින පෙ.ව. 11:04 ට
ඩොං ඩොං දොඩං…..
2012 මාර්තු 3 දින ප.ව. 5:44 ට
ඉතිං දොඩං කොහොමත් පණ තියෙන දොඩං කිව්වට වෙනසක් නොවෙන පළතුරක්නෙ!
2012 මාර්තු 3 දින පෙ.ව. 11:10 ට
අඩෝ.. ලබ්බා…….මොනාද ඩෝ චා පෝස්ට් දාන්නෙ…..
ඔන්න මමත් රස ගුන එලවලුවකට පන දුන්නා……
2012 මාර්තු 3 දින පෙ.ව. 11:24 ට
කුනුහරුප නැති ඕනේ එකක් චා.. ද?
2012 මාර්තු 3 දින පෙ.ව. 11:50 ට
මූණ පුඩුක්කං කිව්වොත් මොන වගේ පණක් ඒවිද දන්නෙ නෑ නේ මාලුවො……..
2012 මාර්තු 3 දින ප.ව. 3:32 ට
උඹ ඔය ලඟ ඉන්න කාට හරි කියලා බලලා ප්‍රතිපලේ අපිටත් කියපං….
2012 මාර්තු 3 දින ප.ව. 3:31 ට
අගමැති තුමියක් හිටිය ලංකාවෙ ‘සිරිමාවෝ ‘ කියල. මාළුවා නං අහලවත් නැතුව ඇති. [විජේ කුමාරතුංගගේ නෝනගේ අම්ම]
2012 මාර්තු 3 දින ප.ව. 3:33 ට
එයාට පන තිබුනද…?????
2012 මාර්තු 3 දින ප.ව. 5:47 ට
“බ්ලොග් රෝලක් දාන්න බැරි වුනාට, මෙතෙන්ට ගියනාම් ඔක්කොම බලන්න පුළුවන්…”
උඹනම් බණ්ඩක්කයෙක්! බලපං යුතුකම් වලින් ලිස්සලා තියෙන අපූරුව!
ජයවේවා!
2012 මාර්තු 4 දින පෙ.ව. 9:35 ට
ලිස්සලා ගිහිං නෙවෙයි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නක්ව අල්ලලා තියෙන්නේ…
2012 මාර්තු 4 දින ප.ව. 12:32 ට
උඹ ඕනේ එකෙක් අල්ල ගනින් කුරුල්ලෝ ගාව ගන්නේ නැතුව.. 😛
2012 මාර්තු 4 දින පෙ.ව. 2:37 ට
මල්ලි,
උඹ දන්නවද “කොකාට පන දෙන්න ?”
2012 මාර්තු 4 දින පෙ.ව. 9:57 ට
එව්වා ඉගෙනගත්තේ පොඩි කාලෙනේ….
2012 මාර්තු 4 දින ප.ව. 12:55 ට
ඕකම අනෙක් පැත්තටත් කල හැකි. එලවලු, පලතුරු දිහා බලලා තමන්ගේ යාලුවෝ ගැන කල්පනා කරන එක.
වෙලාවට මාලුවාව දැකලා නැත්තේ 🙂
2012 මාර්තු 4 දින ප.ව. 7:51 ට
අනේ මාව පේන්නත් එපා…
2012 මාර්තු 5 දින පෙ.ව. 1:51 ට
මේ විදිහට ඔක්කොටම පන දීලා අන්තිමේ අපිට කන්න දෙවල් නැති වෙයිද මන්දා..
2012 මාර්තු 5 දින පෙ.ව. 7:50 ට
අඩේ ඒකත් ඇත්ත තමා බං… ඒත් උඹ කරලා බලපංකෝ එක පාරක්… උඹට කෑම ටිකක් ලැබෙයි ජීවිත කාලෙටම ඇතිවෙන්න…
2012 මාර්තු 5 දින පෙ.ව. 7:04 ට
උබට කවුරු හරි පණ දෙන්න හදල වගේ
2012 මාර්තු 5 දින පෙ.ව. 7:52 ට
පොඩි කාලේ පන දෙන්න ඇවිත් එකෙක්ට දුන්නා මූන රතු වෙන්න… පවු බං…