ඉස්සර ගම් වල චන්ඩි අතේ ගහගෙන ඉන්නවා මරුවා සමග වාසේ කියාල… ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ බීරන් සමග වාසේ කියලා ගහගන්න. හේතුව තමා බීරන්ට ඇහෙන ගානට වොලියුම් වැඩි කරගෙන සිංදු ඇසීම. මං ඉන්නේ හරියට තෝන්තු වෙලා වගේ… දැන් කියයි “තෝ කොහොමත් එහෙමනේ” කියලා. ඒක ඇත්ත ඉතිං ඔෆිස් ගිහිං ෆිල්ම් එකක් බලන්න ගත්තත්, බ්ලොග් එකක් කියවන්න ගත්තත් ඒ හැම එකකටම පසුබිම් සංගීතය ඇහෙන්නේ කිට්ටුව පාත තියෙන ගෙදරකින්.
හප්පා එහෙමත් වදයක්…!!! සිංදුව කියන්නේ හිත සනසන්න, අවුල් කරන්න වගේම නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවට ඒ සුවය විඳින්න වගේම කලබලකාරී වෙලාවට ආවේගශීලි වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන අවශ්‍ය ශක්තිය උපදවා ගන්නත් කියාපු ඔසුවක්.
මේ ලඟදී ගෙවල් කිට්ටුව එකෙක් තඩි බෆල් දෙකක් එක්ක වොට් දෙදාහක ඈම්ප් එකක් ගෙනත්. මං දැන ගත්ත විදියට පොර, ගෑණිගේ රත්තරං බඩුයි, තවත් මොනාදෝයි උගස් තියලා තමා සවුන්ඩ් සෙට් එක ගෙනත් තියෙන්නේ. ඒ ගෙනාවත් හරි හැමදාම හවසට මූ අපිට බලෙන්ම කසිප්පු පොවනවා වගේ වැඩක් කරනවා. සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ශ්‍රේෂ්ඨ ගීත මූ දාන්නේ කන පැලෙන්න. ඒ අස්සේ හිටි ගමන් ශකිරා, අරාෂ්, ජෝ-ජෝ එහෙමත් වඩිනවා.
ගේ ඒතරම් ලොකු නොවුනත්, පොඩි එකාට අවුරුදු එකාමාරක් වුනත් ඌට ගානක් නෑ. මං මුලින්ම හිතන් හිටියේ ගෙනාපු අළුත සද්දෙට ඇරලා, ටික දවසකින් අඩුවෙයි කියලා… ම්හු… දැන් මාසයක් විතර වුනා, තාමත් අඩුවක් නෑ. ඇත්තටම මං දන්න කාලෙකනම් පොරට ශ්‍රවන ආබාධයක් තිබුනේ නෑ… පොඩි එකාටත්, චූටි බබෝ කියන කොට හැරිලා බලනවා, ගෑණිටත් අක්කේ කියද්දී නිකංම ඔලුව හැරවෙනවා… ඒ කියන්නේ පවුලේ කාටවත් ශ්‍රවන ආබාධයක් නෑ කියන එකනේ. ඒත් මේ යස්සයා ඇයි අප්පා මෙහෙම කරන්නේ. මට ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒ ගෙදරට විතරක් නම් කමක් නෑ, අහල පහල මීටර් පනහක විතර වටේට ඇහෙන්න සිංදු දැම්මම…
කොච්චර වුනත්, කොයි තරම් ජරා සිංදුවක් වුනත් හෙමින් අහද්දි දැනෙන ගතිය මහා හයියෙන් දාගෙන අහද්දී නැහැ. මෙට්ල් රොක්, ජෑස් වගේ කෑගහලා කියන ස්ටයිල් වල සිදුවක් වුනත් තමන්ගේ කන් දෙකට විතරක් එහෙම ප්‍රමානෙට දාගෙන අහද්දී ඇත්තටම ඒකත් එක වෙලාවටක හරිම සනීපයක්. ඒත් අපි ආසා කරන හොඳට තේරෙන සිංහල, කොටින්ම කියනවනම් පට්ට සිංදුවක් වුනත් මහ හයියෙන් දැම්මම ඒ සද්දේටම මට නම් සිංදුත් එක්කම එපා වෙනවා. එහෙම ඕනේ නම් අඩියක් ගහලා ලඟම තියෙන මියුසිකල් එකකට සෙට් වෙන එක තමා හොඳම දේ.
ගොඩක් වෙලාවට මිනිස්සු මහා හයියෙන් සිංදු අහන්නේ තමන්ගේ හිතේ තියෙන ආවේගශීලි බව පහ කරගන්න. ඒත් එහෙමයි කියලා අනිත් මිනිස්සුන්ගේ ආවේගය අවුස්සන එක හරිද…???
ඇත්තටම මේක මං දැන් ඉන්න හරියට විතරක් සිමාවුන දෙයක් නෙවෙයි. අපේ ගමෙත්, රට ගිහිං ආපු අයගේ ගෙවල් වල තඩි සෙටප් එකක් වරදින්නේම නෑ. එයාල රට ගිහිං එද්දි සල්ලි කෙසේ වෙතත් ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් නම් අරගෙන එනවා. ඉතිං තේරුනා හෝ නොතේරුනා, තියෙන මියුසික් ඩීවීඩී ඉවර වෙනකම්ම දානවා. සමහර වෙලාවට ලග පාත ඉන්න බල්ලෝත් උඩු බුරනවා. ඊට පස්සේ ඒ ටික ඉවර වුනාම ඔන්න ගේනවා අඬන පාලලගේ කැසට් හරි සීඩීස් ටිකක් හරි… ඉතිං ඒ ටික අහගෙන වටා පිටාවට පට්ට ඇනයක් වේගෙන දෙයියනේ කියලා ඉන්න කොට ඔන්න පන්සලේ හාමුදුරුවෝ හරි, ග්‍රාමසේවක හරි ඇවිත් කියනවා “අයියෝ ළමයෝ, ඔයාලා උගත් ළමයි නේද මොනාද ඔය අහන්නේ… පොඩ්ඩක් අහලා බලන්නකෝ හොඳ ගායකයන්ගේ සිංදු” කියාල… ඉතිං ඒගෝල්ලෝ ඊට පස්සේ ගේනවා, අර කලින් කිව්ව වගේම සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ඇත්තටම හොඳ සිංදු… අනේ… ඒත් එයාලා ඒවත් අහන්නේ මහ හයියෙන්. ටෙම්පෝ අඩු වෙනකොට ඒ සවුන්ඩ් සිස්ටම් වල වොලියුම් අප් වෙනවා. ඇත්තමයි මට දැන් ගමත් එපා වෙලා තියෙන්නේ මේ මල කරච්චලේ නිසා. සිංදු අහන්න තියෙන අකමැත්තට නෙවෙයි… මේ ඝෝෂාව ඉවසා වදාරන්න බැරුව.
අපිට කොයි තරම් වදයක් වුනත් මට පුළුවන් කමක් නෑ, ගිහිං ඒ මිනිස්සුන්ට කියන්න ඔය වොලියුම් ටිකක් අඩු කරන්න කියලා… මොකද අනිත් පැත්තට මං ලෑස්ති වෙන්න ඕනේ…. උඹලගේ ඉරිසියාව, මිනිහෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත…. කියල අහගන්න. ඒක නිසා තමා අපේ ගමේ සද්ද බද්ද වලට අකමැති කට්ටිය පන්සලේ හාමුදුරුවන්ට හරි, ග්‍රාමසේවකට හරි ඔය වගේ දේවල් පැමිණිලි කරන්නේ. ඒ මං දැන් ඉන්න දිහාව බලාකියාගන්න ග්‍රාමසේවක ඉන්නේ තවත් කිලෝමීටර් විස්සක් විතර ඈත තියෙන වෙන ගමක. උන්දා අපේ ග්‍රාමසේවක කාර්යාලෙට එන්නේ බදදා විතරයි. එදාට ඉතිං ඔව්ව කියන්න යන්න බැහැ… මොකට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සු පාන්දර හතරේ ඉඳන් පෝලිම් ගැහිලා ඉන්නේ ග්‍රාමසේවක නෝනව හම්බුවෙන්න.
පන්සලේ හාමුදුරුවොත් වඩින එකක් නෑ… ඔය වගේ සුළු ප්‍රශ්න වලට ගම් වල හාමුදුරුවරු අත දැම්මට, මේ හරිය ටිකක් නාගරිකයිනේ… ඉතිං ඒක නිසා හාමුදුරුවෝ වඩින්නෙත් නෑ. දැන් මං කාටද මේක කියන්නේ කියලා මං මේ හිත හිත ඉන්නේ…!
ගෙදර ගිහිං ඉස්සර වගේ දෙයියනේ කියලා ඇඳට වැටිලා සැපට නිදාගන්න තියෙන වෙලාවෙන් භාගයක් වත් යනවා ගෙවල් වලට එහා පැත්තේ එවුන්ට, ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රී කරන්න. ඇත්තමයි ගෙදර එවුන්ට කිසි හානියක් නොවී ඔය සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝලර් සර්කිට් එකට හෙනයක් වත් වදිනවනම් සද්දේ ටිකක් අඩුවෙන්න…!!! ඉරිසියාවට නෙමේ අපි හැමෝගෙම හොඳට….!!!
පුංචි කාලෙදී වැඩි ශබ්ද වලට හුරුවෙන කන් ලොකු වෙද්දි පුංචි ශබ්ද ග්‍රහණය කරගන්නේ අඩුවෙන් කියලා මං අහලා තියෙනවා. ඒත් ඔය සීන් එක සවුන්ඩ් සෙටප් එකේ අයිතිකාරයට කියන්න ගියොත්…. “මංනේ උගේ තාත්තා… තෝ නෙමේනේ… ඒක නිසා මං ඒක බලාගන්නම්…” කියලා අහගන්නවට වැඩිය සැපයි පොළොව යටින් චූටි ගුලක් හාරගෙන ඒක අස්සට වෙලා ජීවත් වෙන එක….!!!
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 6:48 ට
පොලව යට චූටි ගුල නම් ලස්සනේ බෑ. 🙂
//ඔය වගේ සුළු ප්‍රශ්න වලට ගම් වල හාමුදුරුවරු අත දැම්මට, මේ හරිය ටිකක් නාගරිකයිනේ… ඉතිං ඒක නිසා හාමුදුරුවෝ වඩින්නෙත් නෑ.//
එතකොට ඉතින් පන්සල්වලින් දාන සද්ද දාන්ටත් බැරි වෙනවනේ.
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:06 ට
පන්සල් වල සද්දේ නම් කමක් නෑ කියමුකෝ… සංඝාවාසය අළුත් වැඩියාවට, මාසයක් ගානේ සුදු වැපි අතුරන්න, තීන්ත ගාන්න වගේ එව්වට සල්ලි දෙන්නේ කව්ද එහෙම කලොත්….
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 6:52 ට
අපේ පැත්තේ බුවෙක් හිටියා හෙන හයියෙන් සින්දු දානවා ඔය වගේ හැබැයි බීපු දවසට විතරයි..මාසෙකට දවසක් දෙකක් වරදින්නේ නෑ…ඊට ගෙවල් දෙක තුනක් එහා ගෙදර එක්ක ඌ වලි…අපි සෙට් එක ඒ පැත්තේ ඉඳන් ගල් දෙක තුනක් එව්වා වහලෙට….ඊට පස්සේනං බිව්වත් නෑ වගේ…..සද්දේ එහෙම්ම අඩු උනා…
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:06 ට
අපේ පැත්තේ ගල් ගැහුවානම් එහෙම… මට යන්න වෙන්නේ පෙට්ටියෙන්…
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 9:44 ට
අපේ පැත්තෙත් එහෙම තමා…කව්ද කියලා කරන්නේ…
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:13 ට
බොහොම වටිනා ලිපියක්!
මට ලංකාවට අපහු නොඑන්න තියන ප්‍රධාන කාරණා දෙකෙන් එකක් තමයි මේ. (බුද්ධි ගලනයට තවත් හේතුවක් මෙන්න!) මම ගෙදර ඉන්න කාලේ මේ වගේ කාලකන්නින් ගෙන් හොඳට බැට කාල තියනවා. කන පැලෙන්න සෙට් දාන එක එකක්. අල්ලපු ගෙදර දඩ බලු රාළ උගේ අවශ්‍යතාවන් සපුරගන්න බැරුව මර හඬ දෙන එක ඊට හපන්. බලු රාළට රැකට ගිහින් වැලි අහුරක් මුනට ගහල දාන්න සිය පාරක් හිතිලා තිබ්බත්, බල්ලන්ටත් අන්ත අයිති කාරයන්ගේ තියන බලුකම් වලට අහිංසක බල්ලෝ මොනවා කරන්නද කියල හිතිලා ඉවසා වදාරනවා. ගෙදරින් ඇවිත් අවුරුදු පහකට පස්සෙත් තවමත් අම්මට දුරකතනෙන් කතා කරනකොට බලු හඬ වරදින්නේ නැහැ.
මේ විදිහට සද්දේ දාන එකෙක් වත් හරියටකට ඉගෙනගත්තු මිනිස්සු නෙමෙයි. බලු අයිති කාරය එළවලු මාර්කට් එකේ වට්ටක්ක තොගේට විකුණන වෙළෙන්දෙක්. සින්දු කන පැලෙන්න දාන එකෙක් පංචිකාවත්තේ වාහන අමතර කොටස් විකුණන වෙළෙන්දෙක්. තව එකෙක් ටින්කරින් බාස් කෙනෙක්. හැබැයි මිනිහගේ ටික්නරින් වැඩපොළ ගෙදර නෙමෙයි තියෙන්නේ අපේ වාසනාවට. මේ හැමෝම මෑතකදී සල්ලි හම්බවෙලා පදිංචියට ආව අය. ඒ වගේම තමයි මේ කාගෙවත් දරුවනුත් හරියකට ඉගෙනගන්නවා කියල ආරංචියක් නැහැ…
2012 පෙබරවාරි 27 දින ප.ව. 3:22 ට
ඔන්න ඔය වගේ මිනිස්සු තමයි මහා කරදරකායෝ..
මේක කියවන අය හිතන්නෙපා නූගත් දුප්පත් මිනිස්සුන්ව පාච්චල් කරනවා කියලා..
ඒ මිනිස්සුන්ට දැනුම නෑ කියලා හිතලා හොඳින් කියා දුන්නත් පිළිගන්න කැමති උන් ජාතියක් නෙමෙයි ඔය මිනිස්සු..
ටිකක් හරි ඉවසන්න පුලුවන් ඒ මිනිස්සුන්ගෙ දරුවොවත් ඉගෙන ගන්නවානම්..කොහෙද උන්ටත් ඒකට උවමනාවක් නෑනෙ…
අනිත් දේ තමයි පැහැදිලි ඉරිසියාව..තමුන්ට කරගන්න බැරි දේවල් කරන කෙනෙක් එක්ක තියෙන ඉරිසියාව පිරිමහාගන්න යොදගන්න එක ඒදිහක් තමයි ඒ මනුස්සයාට කරදර කිරීම..
මේක කියවන කාටහරි කවුරුහරි ගැන ඉරිසියා හිතනවා නම් මෙහෙම කරන්න..ඒ මනුස්සයාගේ පාඩුවෙ ඒ මනුස්සයාගෙ වැඩ ටික කරන් යන්න දෙන්න..තමුන් මහන්සිවෙලා ඒ මිනිහාට වඩා රුපියලකින් හරි පෝසත් වෙනවා කියලා හිතන් වැඩ කරන්න ඒ මිනිහට බාධාවක් නොවී..එතකොට දෙන්නටම හොඳයි..
ඔයාට වගේම අපිටත් බලු කරදරේ තියෙනවා..රෑට නිදාගන්න නෑ..
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:46 ට
මට මේ පෝස්ට් එක කියවද්දිම මතක් උනේ හරීට සෙට් වෙලා තියන කුනු ප්‍රශ්නෙ
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:50 ට
වෙලාවට මේ පැත්තේ එහෙම හොඳ වර්ගෙක කියලා කියන්න බල්ලෙක් නෑ… අප්පා බල්ලෙක් විතරයි ඇත්තටම දැන් අඩු…
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:35 ට
එකම එකෙක් ඉන්නවා නේද බන්? 😀
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:39 ට
ඌව වික්කා බං….
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:48 ට
මල්ලි තාම ගෙදර නේද ???
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 7:45 ට
ඔව්… ඔව්… 😀
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:56 ට
ඉතින් උඹ පොඩි EMP ප්‍රහාරයක් දියත් කොරහන්කෝ බන්,වටෙ පිටේ තියෙන ඉලෙක්ට්‍රික් දේවල් ටික වෙලාවකට චකබ්ලාස්ට් වෙන්න..
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:50 ට
පව්නේ බං….
2012 පෙබරවාරි 27 දින ප.ව. 8:14 ට
ජූංජං බලපෑමක් වෙන එකක් හදලා සෙට් එක දානකොට ඔන් කරන්න තියෙන්නේ.. පවර් එක ගොඩක් වැඩිනම් තමයිලු චකබ්ලාස්ට් වෙලාම යන්නේ..
2012 පෙබරවාරි 27 දින ප.ව. 8:19 ට
ඔව්ව හෙන ගහන වැඩ මල්ලියේ.. පව්නේ බං උං තියෙන වටිනා කියන එව්වා උගස් තියලානේ ඒවා අරගෙන තියෙන්නේ…
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:50 ට
අඩේ දන්නැතිකමට අහන්නෙ . . ඊ ඇම් පී එකක් ගෙදරදී හදාගන්න පුලුවංද ???
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 7:45 ට
emp කියන්නේ මොකද්ද කියහං…. මාත් දන්නේ නැති කමට අහන්නේ…
2012 පෙබරවාරි 29 දින ප.ව. 4:24 ට
ඉලෙක්ට්රෝ මැග්නටික් පල්ස් . . . . පොඩ්ඩක් ගූගලාගෙං අහපං . . මට වඩා ඌ දන්නව ඒ ගැන
2012 පෙබරවාරි 29 දින ප.ව. 6:53 ට
එල… අළුත් පාරක යවන්න වගේ හදන්නේ….
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 8:07 ට
කුලියට පීකර් දෙකක් ගෙනත් දාපන් දවස් දෙක තුනක්.. ගමේම උන් එකතු වෙලා.. ඕක මොකක්ද බන්. අපේ ගේ ගාව පන්සලේ පිංකම් කාලේට මොහොදින් බෙග් ගෙන් බේරිල්ලක් නෑ. මම නම් ඉතින් මහමාය දේවීට පින් දෙනවා. වෙන මොනවා කරන්නද..
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:51 ට
හිකිස්…
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 8:17 ට
අනුන් ගැන නොහිතන මෝඩ මිනිස්සු ඉන්න ගම්වල ජීවත් වෙනවට වැඩිය හොඳයි බං ටවුන්වලට වෙලා එහා පැත්තෙ එකා කවුද කියලාවත් නොදැන ජීවත් වෙනවා…පිට ගමක නම් තත්වය බරපතලයි..අපි ජීවත් වෙන්නේත් අපේ ගමේ නොවන නිසා හොඳට තේරෙනවා..
පොඩ්ඩක් මේක කියවලා බලපන්කො අපිට තියෙන වදේ..පොලීසි ගිහිල්ලාවත් නවත්ත ගන්න බෑනෙ..
මම නම් ඉන්නෙ මේ ගේ අතෑරලා අපේ ගමට හරි, ටිකක් ඈත ලොකු වත්තකට හරි, එහෙමත් නැත්නම් ෆ්ලැට් එකකට යන්න..
රට ගියවුන්ගේ සෝබන නම් කියලා වැඩක් නෑ..ඔහොම සෝබන නම් ඉගෙනගෙන හොඳ රස්සාවලට ගිය වුන්ගේ නෙමෙයි..මෙහෙ වේලි වේලි ඉඳලා..අරාබියේ හරි ඉතාලියේ හරි වළං හෝදන්න කක්කුස්සි හෝදන්න ගිය වුන්ගෙ..උන් මෙහෙ ආපුවම හිතන්නෙ උන්ට වඩා ලොක්කෝ නෑ කියලා..අපි ඉන්න හරියත් මිනිස්සූ දුප්පත්ව ඉන්නකන් අවුලක් තිබුනෙ නෑ..ගෑණු වළං හෝදලා ආවට පස්සේ උන් හිතන්නෙ උන්ට වඩා ලොක්කො නෑ කියලා..එහෙම හිතුවට නම් අපිට මොටෝ අපේ බත් කාලා අපිට පාඩුවෙ ඉන්න දෙනවානම්..
ආපුම කාලෙ උනුත් සද්ද දැම්මා..දැන් නම් රැස් බැහැලා..
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:52 ට
උඹ කියන හරි බං… එහා පැත්තේ එකාව නොදන්නව වුනත් පාඩුව හිටියෑකි…
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:53 ට
හුටා . . . මේ හරීට දාන්න ඕනෙ කොමෙන්ට් එක ඒ හරීට දාල . . .
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 10:33 ට
අර පුංචි කාලෙ දියත් කොරපු මිෂන් එක වගේ එකක් කරපං.. ඕක ඉතිං FM චැනල් එහා මෙහා කොරල කරන්න බැරි එකක් නෙ… වෙන විසදුමක් හොයහං…. උබ ඉතිං හෙන වැඩ්ඩනෙ….
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:53 ට
ඒ බූරුවාම තමා බං මේ පාරත් දඟලන්නේ….
2012 මාර්තු 3 දින ප.ව. 12:47 ට
මම දන්න විදියට උඹේ ට්‍රාන්ස්මීටරේ සීන් එක මේකට දාන්න බෑ නේද? උබට පුලුවන්නං ෂේප් එකේ වයර් 2ක් 3ක් ගලවල දාහං සෙටප් එකේ.. නැත්තං 1000hz වගේ බෆල් දෙකක් ගෙනල්ල දාපං ඇඩෙන සිංදු සෙට් එකක්….
2012 පෙබරවාරි 27 දින ප.ව. 1:10 ට
//මංනේ උගේ තාත්තා… තෝ නෙමේනේ…//
Are you sure ?
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:53 ට
නොප්…. මට සැකයි ඔබා මාමද කියාලා…. හික්ස්…
2012 පෙබරවාරි 27 දින ප.ව. 2:30 ට
119 කතා කරල කියන්න. අපේ පැත්තෙ ඔහොම සෙටප් පිස්සෙක් හිටියා. මහ කරදරයක්. ලඟ ගෙදරකින් කරදරේ ඉවසගන්න බැරුව 119 කතා කරලා තිබ්බ. පහු වෙනිද ඉඳන් සද්දයක් නෑ.
2012 පෙබරවාරි 27 දින ප.ව. 7:54 ට
මෙහෙට 119 එද්දි ටිකක් රෑ වෙනවා අක්කේ…. උන්ගේ අනිත් ඔක්කොම වැඩ කරලා තමා මේ පැත්තට එන්නේ…
2012 පෙබරවාරි 27 දින ප.ව. 3:13 ට
මමත් කියන්නෙ 119 කියන්න තමයි.
119 එකට එක කෝල්ස් එක්ක බැලුවම මේ ප්‍රශ්නෙ ගොඩක් වැදගත් එකක්..
(ඒ කෝල්ස් ගැන ඔයා දැනගත්තෙ කොහොමද කියලා අහන්න එපා..එවා ට්‍රාන්ස්මිට් කරන්නෙ රේඩියෝ සිග්නල් වලින්නේ…)
2012 පෙබරවාරි 27 දින ප.ව. 8:03 ට
මෙයා නම් ෆ්‍රීක්වන්සි හොරෙක්ද කොහෙද… ඉන්නකෝ මං කියන්න 119ට….
2012 පෙබරවාරි 27 දින ප.ව. 4:33 ට
ඉතින් හලේ…ඔයැයි හෑන්ඩ් ෆ්‍රී දෙකක් ගහගන්නකො….ඒත් හැම වෙලේම බෑනේ….:/
2012 පෙබරවාරි 27 දින ප.ව. 8:04 ට
අනේ ඉතිං මාත් ආසයිනේ මගේ සබ් එක දාගෙන මූවි එකක් බලන්න…. ඒත් ඉතිං කොහෙද…
2012 පෙබරවාරි 27 දින ප.ව. 11:45 ට
අප්පට සිරා මටත් පේන්ඩ බැරි වැඩක් ගැන තමා ඔය ලියලා තියෙන්නේ . මට මතකයි උඹ කලිනුත් ඔය වැඩි සද්දෙන් ගීත අහපු එකෙකුගේ ආතල් එක ට්‍රාන්ස් මීටරයක් ගහගෙන මොකක්දෝ මන්දා නාඩගමක් නටලා කඩ කලා කලා කියලා ..
අපේ ගෙදර එවුනුත් උදේ පාන්දර මහ හයියෙන් දමා ගන්නවා රේඩියෝව ආටේ කක්කුස්සියටවත් නිදහසේ යන්ඩ නෑ .. මොනා කරන්නද බං එකෙක් විතරක් අධි සද්දෙට සංවේදී වෙලා බෑ නෙව ..
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 8:15 ට
උඹට කියන්න සඳරු… ට්රාන්ස්මීටරෙන් ගේම දුන්නෙත් මූටම තමා බං…
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 12:35 ට
මටනම් ඕක අදාල නෑ. මම කොහොමත් බීරනෙ…
එහෙම කිව්වට අදාල නැත්තෙමත් නෑ.
දවසක් හෝටලේකට ගිහින් “රෝල්ස්” ගේන්න කිව්වම ගෙනාවෙ තෝසෙ. තවත් දවසක ගෙනාවෙ රෝල්ස් වෙනුවට හෝර්ලික්ස් හේතුව හෝටලේ දාලා තියෙන සිංදුවල සද්දෙ… යටිගිරියෙන් කෑගහලා ඉල්ලුවේ නැත්නම් ඉල්ලන දේ නෙවෙයි හම්බවෙන්නෙ.
පන්සල්වල ගොර ගොර ගෑවිල්ලෙ හවසට දාන පිරිතුත්….මුස්ලිම් පල්ලිවල ලතෝනියත් ඔය වගෙමයි.
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 8:17 ට
ඈත්තටම පිරිත් කිය්නේ හරියටම ශබ්ද උච්චාරනය වෙලා ඇහෙන්න ඕනේ වචන ටිකක්. එතකොට තමා ඒ පිරිතෙන් යම් සෙතක් වෙන්නේ… අපේ ගෙවල් ගාව පන්සලේ පිරිත් වලත් අයියා කියන විදියට වැඩිය වෙනසක් නෑ…
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 8:16 ට
මටත් කියන්න තියෙන්නේ අර පිනිබිඳු කියලා තියනදේම තමයි. 119 ට කියන්න. අපි ජීවත්වන පරිසරය තියෙන්නේ 18 වැනි ශතවර්ෂයේ කියලා හිතන අය තමයි ඔහොම කරන්නේ. ඉස්සරනම් ඔයවගේ ගෙදරක වහලයට ගල් කැට හෝ ගඩොල් බාග දෙකක් ඇරියානම් වැඩේ නැවතෙනවා. 119 තියෙද්දී මොකටද අත පුච්චගන්නේ. ඔබ දන්නවාද ඔය මහා හඬින් සින්දු අහන අය එයින් කිසියම් මනොලිංගික උත්තේජනයක් ලබන බව මා වයිද්ය විද්‍යා සඟරාවක කියවා තිබෙනවා. ඉතින් එයාලගේ උත්තේජනයට අපි පලිද නේද?
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 8:27 ට
ඇත්තටම මම දසවසක් දෙකක් බලලා කතාකරනවා…
2012 පෙබරවාරි 28 දින පෙ.ව. 8:36 ට
නූගත් කමත්, සංගීතයට ඇහුම්කන් දෙන හඬත් අනුලෝමව සමානුපාතික වේ.
තව දෙයක්. ඔය කෂ්ටිය කියලා තිබ්බට නගරයෙ ඔහොම නෑ කියලා, ගිහින් බැලුවොත් කොළඹ සමහර ෆ්ලැට් වලට ගම හොඳයි කියලා හිතෙයි.
සමහර නූගත් මෝඩයන්ට අනිත් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම්, පෞද්ගලික නිදහස වගේ වගක් නෑ.
henryblogwalker the Dude
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:02 ට
මොන අයිතිවාසිකම්ද අයියේ….
2012 පෙබරවාරි 28 දින ප.ව. 3:29 ට
මේං මේං ඔබා මාමගෙන් පින්තූරයක් උස්සලා…..
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:02 ට
කොයි එකද… මං ඔක්කොම ගත්තේ ගූගල් වලින්…
2012 පෙබරවාරි 28 දින ප.ව. 4:04 ට
ඈ බන්… උබ නේද අර මොකක්දෝ අයිටම් එකකින් කවුද බුවෙක්ට ගෙම දුන්නේ…. ඒත් ඔය සද්ද සීන් එහෙකට.. මට එහෙම එකක් මතකයි වගේ…
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:03 ට
ආං හරි… ඌම තමා මේ පාරත් මට ඇනයක් වෙලා තියෙන්නේ….
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:21 ට
ඇත්තට? ඉතිං ඇයි තව බලා ඉන්නෙ?කො ඇඩ්රස් නැතුව යන්න තාක්ෂනයෙන්ම!
henryblogwalker the Dude
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:30 ට
ඒක කරන්න හිත දෙන්නේ නෑනේ… මොකද මෑන්ස් ඒක ගෙනාවේ ගෑණිගේ රත්තරං බඩු ටිකත් උගස් තියලනේ… එහෙව් දෙයකට කෙලවන එක හරිනෑ වගේ…
2012 පෙබරවාරි 28 දින ප.ව. 6:32 ට
අනේ සමාවෙන්න මාලුවො මේ පැත්තෙ එන්න බැරි වුනාට. ඔය වගේම කන පැලෙන්න සින්දු අහන බුවෙක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව. මේ ළඟදි තමයි පොර මාලදිවයිනේ ගිහින් ආවෙ.
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:08 ට
එහෙනම් කන් දෙකට සනීප ඇතිනේද…
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 2:18 ට
මල්ලිට කියන්න මල්ලි . . 93 අවුරුද්දෙ කලුබෝවිල ගෙදරක ඉද්දි අපිටත් තිබ්බ ඔය සවුන්ඩ් කචල් එක අල්ලපු වත්තෙ එකාගෙං . . අහන්නෙම ඉංග්‍රීසි සිංදු . . ඉවසල බැරිම තැන මමයි මල්ලියි ස්ටේජ් සවුන්ඩ්ස් කරන එකෙක්ගෙං (මට මතක විදියට කලුබෝවිල නිමල් එකෙං) කුලියට ගෙනාව සවුන්ඩ් සෙටප් එකක් . . එක දවසයි සද්දෙ ඇරියෙ . . . එදායිං පස්සෙ අරූ නෙමෙයි අපිට ඇහෙන්න සෙටප් එක දැම්මෙ. මම දැම්මෙත් රෝහන බැද්දගේගෙ සින්දු ටිකක්
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 7:12 ට
මමත් ඔය වැඩේ කරනවා හිතුනොත් එහෙම…..
2012 පෙබරවාරි 29 දින පෙ.ව. 9:41 ට
අර ඉස්සර වගෙ හදපන් සර්කිට් පොජ්ජක් ඔය වදෙන් බේරෙන්න..
2012 පෙබරවාරි 29 දින ප.ව. 6:47 ට
දැන් එව්වට වෙලාවක් නෑ බං චානක…