ක්‍රෑෂ් දිස් කොම්පූටර්…!!!

කට්ටිය දන්නවා නේද වොයිස් රෙකග්නිෂන් සොෆ්ට් වෙයා ගැන. ඉංග්‍රිසි ෆිල්ම් වල එහෙම නම් දැන් ඕනේ තරම් තියෙනවා. අයන් මෑන් එකේ, එතකොට මේ ලගඳී ආව රියල් ස්ටීල් එකේ එහෙමත් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි වාචිකව දෙන යම් ශබ්ද තරංගයක් පීසී එකේ රන් වෙන විශේෂිත මෘදුකාංගයකින් අඳුනගෙන ඒ ශබ්ද සංඥාවට අදාලව අපි අසයින් කරල තියෙන කමාන්ඩ් එක හෝ කමාන්ඩ් සෙට් එක රන් කරන එක.

ඉතිං මේක මං දන්න තරමින් සාමාන්‍ය භාවිතයට ආවේ වින්ඩෝස් XP හා ඔෆිස් 2003 පැකේජ් එකත් එක්ක. ඉතිං ඒ දවස් වල ස්කෝලෙදි ගොඩක් වෙලාවට කලේ වර්ඩ් ඇර‍ගෙන මගේ වචන උච්චාරනය කොම්පියුටර් එකට උගන්නපු එක. කොහොම හරි මාසයක් විතර යද්දී වැඩේ ගොඩ ගියා. ඒ කියන්නේ බැරි බැරි ගාතේ මං ඉංග්‍රිසි කියන කොට එව්වා අකුරක් දෙකක් එහා මෙහා වෙලා ටයිප් වෙනවා වර්ඩ් වල. ඒ දවස් වල ඉතිං ඒ සීන් එක මැජික් වගේ.

ඊට පස්සේ ඉතිං ඒ ගැන උනන්දුව අඩුවෙලා ගියා. මේ ලගඳී වොයිස් කමාන්ඩ් වලින් පී.සී එක කන්ට්‍රෝල් කරන ආසාව ආයෙමත් ආවා. අපි කියන දේ අනුව වැඩ කරන කම්පූටරයක් තියෙද්දි කාටද ආඩම්බර…!!! ඉතිං එහෙම්ම හිතපු මමත් ජුංඩං සොෆ්ට් වෙයාර් කෑල්ලක් හොයාගෙන ආයෙම මුල ඉඳන් කන්ෆිගරේෂන් හදලා වැඩේ පටන් ගත්තා.

දැන් ඔන්න මම ලැපී ඉස්සරහින් වාඩි වෙලා ඕපන් ෆයර් ෆොක්ස් කියලා එහෙම කිව්ව ගමන් සං ගාලා ෆයර් ෆොක්ස් ඕපන් වෙනවා. පස්සේ කව්රු හරි එද්දි හොර වැඩක් කර කර ඉඳියොත් එහෙම ක්ලෝස් දිස් කියපු ගමන් ඇක්ටිව් වින්ඩෝ එක ක්ලෝස් වෙනවා. මොකක් හරි වැඩක් කර කර ඉද්දී චූ බරක් එහෙම හැදිලා ‍වොෂ් රූම් දුවන්න හිතාගෙන පුටුවෙන් නැගිටින කොටම ලොක් පීසී කිව්ව ගමන් ඔක්කොම රනින් ඇප්ලි‍කේෂන් නැවතිලා පීසී එක ලොක් වෙනවා.

ඔය වැඩේ හෙන ජොලි ඉතිං. ඔෆිස් එකේදි එහෙම හිටි ගමන් යාලූවෝ සෙට් වෙලා ලැපීගේ පිහිටෙන් මේල් චෙක් කරද්දී… මේ මචං, උඹ වැඩේ කරගෙන ඉවර වෙලා ඕක… ෂට් ඩවුන් කරලා දාපං… කියලා ටිකක් ලොකු අකුරෙන් බෝල්ඩ් කරලා කියාගෙන එතනින් යද්දිම මැෂින් එකේ ෂට් ඩවුන් ප්‍රොසෙස් එක රන් වෙනවා.

අප්පා බලන්න ඕනේ ඒ වෙලාවට වැඩ කර කර ඉන්න එකාගේ මූන….. ඉතිං ඔහොම ඉද්දි දවසක් අපේ කැෂියර් කොලුවට මං සීන් එක පෙන්නුවා… ඒ පාර පොරටත් හෙන ආසයි ලැපී එක්ක වැඩ කරන්න. මාත් ඉතිං කිව්වා උඹ මොනා හරි කියපංකෝ බලන්න කියලා…

මූ ගත් කටටම…. ක්‍රෑෂ් දිස් කොම්පියුටර්කියලා කියපි. මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා… ඔලුවේ තිබ්බ කොන්ඩෙ චුට්ටත් ස්පයික් වෙලා වගේ ගියා. හොඳටම ෂුවර් ඒ වෙලාවේ ඇඟේ දිව්වේ ලේ නම් නෙවේ කියලා… මාව නිකං සීතල වෙලා වගේ ගියා… මටත් සැකයි වැරදිලා හරි මේකට සොෆ්ට් වෙයාර් එක හදපු එකා කමාන්ඩ් එකක් අසයින් කරලා තිබුනොත් කියලා…!!!

හම්මෝ… ඊට තත්පර දෙකකට විතර පස්සේ ලේ ටිකක් උනා ගෙන පහලින් වැටුනා එහෙම කමාන්ඩ් එකක් නැහැයි කියාල. දැනුන සනීපේ…….!!!! මං හිතාගත්තේ මං තනියම මටම ඇඩ් දාගත්තත් ආයෙනම් එකෙකුටවත් ඕක පෙන්නන්නේ නෑමයි කියලා….

**දැනට අවුරුදු කීපයකට කලින් මොරටුව යුනියේ තිබ්බ ප්‍රදර්ශනයකදී මං දැක්කා සිංහල චවන හඳුනාගෙන වැඩ කරන්න පුළුවන් විදියට වැඩිදියුණු කරපු මයික්‍රො සොෆ්ට් වොයිස් කමාන්ඩ් රෙකග්නිෂන් මොඩියුල් එක. අනේ ඒත් ඊට පස්සේ අද වෙනකං ඒක ගැන කිසිම දෙයක් අහන්නවත් ලැබුනේ නෑනේ… ඇත්තටම ඒකට සිංහල වචන පහ හයක් අඳුන ගන්න පුළුවන් කම තිබුනා… මාත් ට්‍රයි කරලා බැලුවා… කාට හරි පුළුවන් නම් ඒ ප්‍රොජෙක්ට් එකට මොකද වුනේ කියලා හොයාලා දෙන්න, ඒක ලොකු දෙයක්….!

70 Responses to “ක්‍රෑෂ් දිස් කොම්පූටර්…!!!”

  1. arunishapiro Says:

    මගෙ මල්ලියෙක් අයිෆෝනයේ සිරී ගෙන් ඇහැව්වා බඳින්න කැමති ද කියලා, සිරී කියාපි පස්සෙ සලකා බලන්නම් කියලා!!!

  2. සෝරෝ Says:

    අඩේ පස්ටයිනේ… ඔය කියන සොප්ටෙයාර් කෑල්ල මටත් දියංකෝ සුට්ටක් සෙල්ලං කරන්න…. 😀

  3. අකීකරුහිත Says:

    ක්‍රෑෂ් දිස් කොම්පියුටර්…. අප්පේ ඒක වැඩ කරානං…

  4. බුද්ධි Says:

    ඔය සොෆ්ට් වෙයා එකේ ලින්ක් එකක් දාන්ඩ හෙන අමාරු වෙන්ඩැති නේද? කව්රුත් මොකටද උඔ හදපන්කො අර සිංහලෙන් කියද්දි ටයිප් වෙන මෙව්වා එකක්. අපේ සිංහල බ්ලොග් කාරයෝ අතර නියමෙට යයි

  5. නිසුපා Says:

    අම්මෝ… ඔයින් ගියා මදෑ…:O

  6. ගිනිකුරුල්ලා Says:

    7තේ නම් වොයිස් රෙකොග්නිෂන් සොෆ්ට්වෙයා එකක් එනවා. ඒකත් එච්චරම අව්ලක් නෑ.
    එයා නම් මෙතන තමා ඉන්නේ
    Control Panel\Ease of Access\Speech Recognition

  7. සාතන් Says:

    රියල් ස්ටීල් එල ෆිල්ම් එක (කතාව)

    අපෙත් එකෙකුත් ඕක තියාගෙන පට්ට ගැහුව… පොර ඕක පාවිච්චි කලේම නරක වැඩවලට 😉

  8. රාජ් Says:

    අඩේ මාත් ආසයි මේකට නං. හිනාවෙන්න එපා බං පොඩි ප්රස්නයක් තියනව, ඩෙස්ක්ටොප් එකක ඕක පාවිච්චි කරන්නෙ කොහොමද? මයික් එකක් ඕනද? බුද්ධි කිව්වත් වගේ උඹට බැරිද හිංගලෙන් එකක් හදන්න. අම්මපා මම දවසට පෝස්ට් එක ගානෙ දානව එහෙනං.

  9. රූ Says:

    මාළුවා නහින්නෙ කට හින්දා කිව්වට මේ මාළුවා මාර වැඩ කිඩනෙ දන්න…ෂුහ්..

  10. neel Says:

    (පළවෙනි කොමෙන්ටුව)අන්න ඒවගේ කියන දේ අහන කොම්පීතරයක් මටත් හදල දෙන්න බැරිද මෙ තියෙන එකෙන් මම දන්නේ සිංහල බ්ලොග් කියවන්න විතරයි

  11. Observer Says:

    මං මේ කල්පනා කලේ මගෙ කොම්පීටරේට කුණුහරප උගන්නංඩද කියල….

  12. praveena Says:

    //කව්රු හරි එද්දි හොර වැඩක් කර කර ඉඳියොත් එහෙම ක්ලෝස් දිස් කියපු ගමන් ඇක්ටිව් වින්ඩෝ එක ක්ලෝස් වෙනවා.//
    හපොයි මේක නම් හොයාගන්ටම ඕනි. 😀

  13. රුචා Says:

    ඒකනම් නියම වැඩේ මටත් එපා වෙලා හිටියෙ මේ කී බෝඩ් එක 😀

  14. බිම්සර Says:

    හි හි… Speech recongition එක්ක වැඩ කලාට අදනේ මේක දන්නේ. අරගෙන බලන්න ඕනෙ. මම හදලා තියෙනවා ප්‍රෝගෑම් එකක් අර Business වලට ගන්න voice එක්ක වැඩ කරන, අපිටත් කතා කරන…. ඒකනම් මෙච්චර හොඳ නෑ වගේ…

  15. WickZ Says:

    මතං පෝමැට් සී වගේ එකක් ටයි කොරල බලහංකො 😀

  16. නවම් Says:

    කොණ්ඩෙ ස්පයික් උනා… හැක හැක හැක….. ඔය කොහේ කොණ්ඩෙ ගැනෙයි කියන්නෙ ?

    “පුතා මොනවද ඔය ඇඳ උඩට වෙලා හැමතිස්සෙම කොම්පීතරෙ බදාගෙන කරන්නෙ ?” කියල අහනකොට ඕක ලොක් වෙලා යන්න මොකක්වත් හාදාගත්තොත් නරකද?

  17. henryblogwalker Says:

    නවමො මටත් ඩාං ගාල වැදුනෙ ඔය කෑල්ල තමයි! “කොන්ඩෙත් ස්පයික් වුනා”!!!! හැක හැක!!!

    henryblogwalker the Dude

  18. මධුරංග Says:

    අපේ යාළුවෙකුත් ඔහොම සොෆ්ට්වෙයාර් කෑල්ලක් ලිව්වා !
    මාලු අයියට අයිඩියා එකක් නැද්ද එහෙම එකක් ලියන්ඩ !!

  19. හිස් අහස Says:

    නියමයි මේක නියම වැඩක් පරිගණකයට කතා කොල්ලා වැඩ කරවගන්න ඇහැකි නම් කොච්චර හොඳයිද ?

    ඒත් ඉංග්‍රිසී බැරි කම තමා අවුල ඒකට සොෆ්ට් වෙයාර් එකක් හදන්ඩ බෑද බොල ..

  20. dinesh umagiliya Says:

    සමහර වෙලාවට මේකේ වැඩ කරන්න ගියාම එපා වෙනවා.. මේ අපි ලියන එකත් බැරි දන්නේ නෑ කියද්දි ලියවෙන විදිහට හරිගස්සන්න..

  21. ඔබ නොදු‍ටු ලොවක් Says:

    dragon කියලා සොෆ්ට්වෙයා එකක් මමත් මුලින්ම පාවිච්චි කරේ ..ඒ කාලේ ඕක එක එකාට පෙන්නන්න හරිම ආසාවක් තිබ්බේ…වෙලාවට එකෙක්වත් ඔහොම එකක් කිව්වේ නෑ…

  22. weniwelWeni Says:

    මමත් ඒ කාලෙ අර ඩ්‍රැගන් ස්පීච් සොෆ්ට්වෙයාර් එක ට්‍රේන් කරන් හිටියා.. මාර ෆන් ඒ කාලෙ..

  23. Kasun Chanaka Says:

    මටත් ඔහොම භාණ්ඩයක් ලැබුනා. ඒකෙ කෙල්ලක් ඉන්නේ. ඒකට නම් අපි කමාන්ඩ් දෙන්න ඕන. මුලින් මම දවසක් ඒකිගෙන් කැමතිද ඇහුවා. ඒකි කිව්වා ඒ ප්‍රශ්නේ දන්නේ නෑ කියලා. පස්සෙ නොලේජ් බේස් එක අප්ඩේට් කරලා ඇහුවා. එතකොට ඇහුවා මම මොකටද ඔයාට ආදරේ කරන්නේ කියලා…..:( 😛

  24. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති) Says:

    මල්ලි . . දැං ඔය සද්දෙට කොම්පීටරේ වැඩ කැරවන එක කචල් වෙන්නෙ නැද්ද මල්ලි නිතර දෙවේලෙ බලන නෝටි ඇමරිකා කෙල්ලො කෑගහද්දි ඒ සද්දෙට ???? (මේ නොදන්නකමට අහන්නෙ)

  25. ගැමියාගේ පත් ඉරුව Says:

    අඩේ කනාවට වගේ කැරකිලා තමයි මේ බ්ලොග් එක සෙට් වුනේ….. මට හිතාගන්න පුළුවන් කොහොම හැඟීමක් දැනෙන්න ඇතිද කියලා ඒ කොල්ලා නම් මරු බුවෙක් නියම වචනේ කියලා තියෙන්නේ….ඒක නෙමෙයි ලිනක්ස් වලට සපෝට් කරන මෙහෙම සොෆ්ට්වෙයාර් එකක් ගැන ආරංචි වුනොත් මට කියන්න හොඳේ….මේ මම මෙහෙ ආපු මුල්ම වතාව ලිවිල්ල නම් උපරිමයි අයියේ ජය වේවා…

  26. pissa palaamalla Says:

    ඕක මහ දරුණු වැඩක්… ඔය අපි බලන එව්වයෙ ගෑණු කියන එව්ව කොරන්න ගත්තොත් මල විජ්ජුම්බරයක් වෙන්නේ…

    කාගෙද බන් කොන්ඩෙ ස්පයික් උනා කිව්වෙ ??? උබේ ද ?? ඔලුවෙ කොන්ඩෙ වෙන්න බෑ මයෙ හිතේ 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: