මේක ඔයාලා කොයිතරම් දුරට හිතට සමීප කරගනියිද කියන්න නම් මං දන්නේ නෑ. ඒත් මගේ හිතට නම් ගොඩක් කිට්ටු වුනා. මේක දුක් අඳෝනාවක් නෙමේ… ජීවිතයේ කෙලවර, එහෙමත් නැත්තං හරියටම මැරෙන දවස දැනගෙන, ජීවත් වෙන ටික කාලයේදී සතුටින් … පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ දරන, එතුවක් කාලෙකට ලබන්න බැරි වුන යහපත් අත්දැකීම් ලබන්න උත්සාහ කරන අඳුරු වෙන තාරුණ්‍යයක කතාවක්.
කට්ටිය දැකලා ඇතිනේ සුව කරන්න බැහැයි කියන රෝග හැදිච්චි පුද්ගලයින්ව. අඩුම ගානේ අහලවත් ඇතිනේ. ඇත්තට මුන ගැහිලා නැති වුනාට, රූපවාහිනියෙන් හරි දැකලා ඇතිනේ. වාසනාවකට වගේ මමත් දැකලා අහලා තියෙන්නේ ඒ වගේ මාධ්‍ය වලින්ම තමා. දොස්තරලා කියන්නේ ඒ වගේ පුද්ගලයින්ගේ ජීවිත කාලය කෙටි නිසා ඒ අයගේ හිත් වලට දුකක් දෙන්නේ නැතුව, හැම වෙලාවම සතුටින් තියන්න කියලයි.
ඒත් ඒ වගේ සුව කරන්න බැරි අසනීපයක් දොස්තර කෙනෙකුට හැදුනොත්…???? ඔහු කොහොම හැසිරෙයිද, තමන්ගේ තත්වය හොඳින්ම දැන ගෙනත් වෙන කෙනෙක්ගේ හිත සතුටු කරන වැඩ වලින්, හිත සතුටු කරගෙන මරණයට හිත හදාගනීද…?
ඒක මහ ප්‍රෙහේලිකාවක්…!!! ඒත් තමන්ගේ බිරිඳට පවා තම වෙන්වීම දරාගන්න පුළුවන් වෙන්න, මැරෙන්න කලිංම වෙන්වෙලා, වෙනත් රටකට ගිහිං හිත හොඳ, නරක හිත් ඇති මිනිසුන් මැද්දේ දුක හංගගෙන, හිනාව වපුරගෙන… ජීවත් වෙන ටික කාලය සතුටින් ඉන්න හදන දොස්තර කෙනෙක්ගේ කතාවක් මේ.
ඇත්තටම මේක දෙමළ චිත්‍රපටියක්…! භාෂාව නොතේරුනත්, කියන දේ පපුව ඇතුලටම දැනෙන හොඳ නිර්මාණයක්. (මං හිතන විදියට) අපේ මලයා තමා මේක බාගෙන ඇවිත් තිබුනේ. මේ ටිකේ මගේ මූවි සංචිතය හිස් වෙලා තියෙන්නේ. ඉතිං මං මලයාගෙන් තමා ෆිල්ම් ඉල්ල ගන්නේ. පොර මේක හෝම් ලෑන් එකේ ෂෙයාර් කරද්දිම කිව්වේ… අයියේ මේකේ වලි ගහගන්න එව්වා නම් නෑ… කියලා. පස්සේ ඉතිං මාත් අදිමදි කරලා අරගෙන සෑහෙන කාලයක් තියාගෙන හිටියා බලන්නේ නැතුව. ඇයි ඉතිං වලි නැතුව මොන ෆන්ද… මං ආසම දෙමළ ෆිල්ම් වල ගහගන්න එව්වට. ඒවා ඔක්කොම බොරු වුනත් බලාගෙන ඉන්න හරි ආසයි.
ඉතිං කොහොම හරි අන්තිමේ බලන්න ඉතුරු වෙච්චි ෆිල්ම් එකක් නැතිවුන තැන මං මේ මූවි එක බලන්න ගත්තා. පටන් ගන්න කොටම ඇතිවෙච්චි හැඟීම මූවි එක ඉවර වෙනකම්ම එක හා සමානව දැනුන පළවෙනි ෆිල්ම් එක තමා මේ. හිතාගන්න වත් බැරි අමුතු අවසානයක් තියෙන, හැමදාම දකින මූවි වලට වැඩිය වෙනස් ආකාරයක මූවි එකක්…!!!
ඇත්තටම ඇස් දෙකින් දැකලා, ප්රචන්ඩ මනසකින් විඳිනවට වැඩිය හදවතින් දැකලා ශාන්ත මනසකින් විඳන්න පුළුවන් ෆිල්ම් එකක්…!!! ඒ වගේම දෙමළ වුනාට කාටත් තේරෙයි මං හිතන්නේ. මේකේ නම වෙන්නේ 180 Rules Kidaiyathu. බලන්නකෝ බාගෙන මං කියන්නේ බොරුද කියලා. මේක අනාගත ආයෝජනයක් නම් නෙමෙයි, ඒත් ජීවත්වෙන වර්තමානය අර්ථවත් කරගන්න පුළුවන් එකක්.
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 7:47 ට
හ්ම්…. බාගන්න විදිහක් තමා නැත්තෙ… :(((
2012 පෙබරවාරි 21 දින ප.ව. 8:59 ට
මං ෆැක්ස් එකක් එවන්නද ඔයාට…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 7:53 ට
ගොඩාක් ස්තූතියි මාළු . මාත් බලන්න ඕන .
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:39 ට
ලස්සන මූවි එකක් අක්කේ….
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:02 ට
මම මේ ෆිල්ම් එක ටික කාලෙකට කලින් බලල තියනවව.ඇත්තටම හිතට වැදුන ෆිල්ම් එකක්.
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:01 ට
ඔව් බං… මරු…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:14 ට
බලලාම කමෙන්ට් දාන්නම් නේද? 😀
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:01 ට
හා අක්කා… ඒකට කමක් නෑ…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:20 ට
එළ එළ බාගෙන බලන්නං..මමත් ආසම දෙමළ ෆිල්ම් වල ෆයිට් වලට..හප්පා එකම එකා මරනවා 200 විතර වෙඩි වදින්නේ නෑ කැපෙන්නේ නෑ මරු….
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:03 ට
අන්න හරි… අනික මැෂින් ගන් වලින් වෙඩි තියලත් එක වෙඩි කෑල්ලක් වදින්නේ නෑ කිව්වම…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:31 ට
Ela
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:04 ට
🙂
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:36 ට
ලස්සන කතාවක් වගේ බලලම කොමෙන්ටුවක් දාන්නම්කො මලේ…
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:04 ට
හරි අක්කා…
2012 පෙබරවාරි 23 දින ප.ව. 12:57 ට
ඔන්න මාත් බැලුවා..සුපිරි කතාවක්..දෙමළ පින්තූරවල තියන බොළඳ වැඩ එකක් දෙකක් තිබුනට ලොකු දෙයක් කියවෙන කතාවක්…තැන්කූ බෙදාගත්තට..
2012 පෙබරවාරි 23 දින ප.ව. 8:37 ට
ඒක ඇත්ත අක්කේ… බොලඳ වැඩ නැතුව මූවි එක නැගලා යන්නේ නැහැනේ…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:40 ට
බැලුවා යකෝ…….
ජය…..
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:04 ට
කොහොමද රට කෑල්ල….
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 8:40 ට
දැන් බලනකොට දෙමළ ෆිල්ම් බලන එව්වො මහ ගොඩක් ඉන්නවනෙ… [අපි නොදන්න]
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:06 ට
ආහ්… තවත් රසිකයෙක්…. ඔය වයසට ඔව්වා තමා බලන්න ඕනේ…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 9:02 ට
උඹ කිවිව විදිහෙ කාතාවක්ම තියෙන හින්දි ෆිල්ම් එකක් බැලුව 🙂
වලි නැතුව මොන ෆන්ද?…. වලි වල මොන ෆන්ද බන්…. මරාගන්න, කපනකොටන, හොල්මන් ෆිල්ම් කාලෙකට කලින් පැල් බැඳගෙන බැලුවෙ…. දැන් නම් බලන්නෙම කාටුන්, එහෙම නැත්තං හීන් සීරුවෙ ගලාගෙන යන ස්ටෝරීස් 🙂
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:06 ට
මමත් දැන් වැඩිහරියක්ම ඈනිමේෂන් තමා… ඒවා පස්ට බං
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 9:09 ට
ඔන්න මමත් ගත්තා මචෝ……….
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:11 ට
එල එල බලපංකෝ…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 9:16 ට
ඔය වගේ කතාවක් තියෙන හින්දි ෆිල්ම් එකක් තිබුනා මතකයි… වලි නැති දෙමළ ෆිල්ම් තියෙනවා කියද්දි පුදුමයි
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:13 ට
නම මතක නෑ නේද….
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 9:29 ට
බොහොම ස්තුතියි මලයා, ඔන්න මම ඩවුන් වෙන්න දැම්මා ……..
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:18 ට
සිරා ෆිල්ම් එකක් අයියේ… අරගෙනම බලන්නකෝ…
2012 පෙබරවාරි 21 දින පෙ.ව. 9:34 ට
o.O ඔය වගෙ ෆිල්ම් එකක් ගැ ඇහුවමයි…..
ඇක්සොන් ෆිල්ම් තමා වැඩියෙන්ම බලන්නේ..
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:18 ට
අතරින් පතර මේ වගේ ඒවත් බලපං….
2012 පෙබරවාරි 21 දින ප.ව. 12:22 ට
ගෙදර ගිහිල්ල තමයි බාන්න වෙන්නෙ.
බාලම බලමුකො කොහොමද කියල
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:28 ට
අන්න බලනවනම් ෆිල්ම්….
2012 පෙබරවාරි 21 දින ප.ව. 1:42 ට
බලල තියනව මල්ලි . . . අපේ ගෙදරට අහල පහල එවුං කියන්නෙ තමිල්නාඩුව කියල . . . හාමිනේගෙ ලොකුම ආතල් එකක් තමා දෙමල ෆිල්ම්
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:30 ට
අයියත් ඉතිං දෙමළා වගේනේ…. හිකිස්….
2012 පෙබරවාරි 21 දින ප.ව. 2:57 ට
ටයිම් තියෙන වෙලාවක හෙමීට බලන්නං.
2012 පෙබරවාරි 21 දින ප.ව. 9:33 ට
හොඳයි මාමේ….
2012 පෙබරවාරි 22 දින පෙ.ව. 2:49 ට
ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.. හෙමීට බලන්නම්..
2012 පෙබරවාරි 22 දින ප.ව. 8:37 ට
එල….
2012 පෙබරවාරි 22 දින පෙ.ව. 11:26 ට
සමහර දෙමළ ෆිල්ම් තියෙනවා හිතට වදින ඒවා. Vinethandi Varuwaya ඒ වගේ එකක්.
2012 පෙබරවාරි 22 දින ප.ව. 8:45 ට
අක්කා කියන මූවි එක මං බලලා නෑ… තෑන්ක්ස්… මං ඒක බාගන්න හදන්නේ…
2012 පෙබරවාරි 22 දින ප.ව. 8:31 ට
දෙමළ ප්‍රශ්ණයක් නෑ මාලුවෝ.. අණ්ඩර දෙමළ තමයි බැරි.
2012 පෙබරවාරි 22 දින ප.ව. 8:46 ට
බොරු නොකිය හිටු… අන්ඩර දෙමල පැණියාට බැරිනම් අපිටද පුළුවන්…?????
2012 අගෝස්තු 10 දින පෙ.ව. 9:43 ට
tama baluwenba..hodai kiyala hitenawa..
2012 අගෝස්තු 10 දින පෙ.ව. 9:59 ට
නියම මූවි එක… බලන්න….