මං නම් රැවටෙයි…!!!

නිලුයිසුදුයි ඇස් දෙක දැක්කම හිතුවා නේද මාත් රැවටුනා කියලා…

මං නම් රැවටෙයි…!!!

රෝස පාට තොල් පෙති දැක්කමත්, මං ඒ ගැන හිතුවයි කියලද හිතන්නේ…

අනේ මං නොදන්න රෝස පාට….!!!

සන්සූට් එකක් වගේ චූටි ගවුම් කෑල්ලක් ඇ‍ඳගෙන…

ලස්සනට කැරකෙද්දි මං, ඔයා දිහා බැලුවා වගේ දැක්කද…

පුහ්….

අපෝ මං ඔයිට වැඩිය ලස්සන සන්සූට් දැකලා තියෙනවා.

චූටි කාලේ මටත් එකක් තිබුනා…

දැන් ඉතිං හිතනවද දන්නේ නෑ…

එහෙනම් මොකටද පොටෝ ගත්තේ කියලා…!!!

මං ගත්තේ ඔයා බිම බලාගෙන ඉන්න එකක්නේ….

ඔය මොකටද මං දිහා බැලුවේ…!!!

Advertisements

64 Responses to “මං නම් රැවටෙයි…!!!”

  1. Botta Says:

    කව්ද බොලේ ඇලිස්…:P

  2. පූසා Says:

    කවුද මේ ගෑල්ලමයා?

  3. අකීකරුහිත Says:

    කවු අප්පේ මේ….

  4. Lahiru Says:

    කවුද මේ නංගි බබා…???

  5. ඔබ නොදු‍ටු ලොවක් Says:

    මේ මොකක්ද මේ සීන් එක…

  6. Chanaka Says:

    අම්මපා ඇත්තට කවුද බොලේ ?

    • ගෝල්ඩ් fish Says:

      මේ ලඟදී මුන ගැහුන ළමයෙක්….

      • දොඩං Says:

        ළඟදි??? විනාසයි…එතකොට ඉස්සර මුණ ගැහිච්ච අය?? 😛

  7. kumaraya Says:

    යකෝ … ඔහොම එළිපිට පොටෝ දාන්න උඹට පිස්සුද .. උංට අපිව නෝට් නේ බං …
    ඔන්න අනිත් පැත්ත හැරිලා හිටපු එකක් නම් තව කමකුත් නෑ ..
    [මමත් එකක් උඹට හොරෙන් ගත්තා බං හි.. හි…..]

  8. Kasun Chanaka Says:

    හෑ….. මේ අර හුරු පුරුදු තැනක් කියල දාල තිබුන තැනද???

    • ගෝල්ඩ් fish Says:

      මල්ලි නියම මීටරේනේ… එතෙන තමා පුතා….

      • Kasun Chanaka Says:

        🙂 එතකොට මේ යශෝධරාව වත්ද?

      • ගෝල්ඩ් fish Says:

        පිස්සුද හත්තිලව්වේ… ඒකිව මෙහෙම උඹලට පෙන්නනවද මං…??? වීසා කැන්සල් කොරගන්න බෑ දැන්ම… මේ වෙන කොහේදෝ යන එකියක් බං.

      • Kasun Chanaka Says:

        😀

  9. ගිනිකුරුල්ලා Says:

    අලවං මාළුවා…. 😀

  10. N.S.A. Niriella Says:

    එයාගෙ ශරීරය එයාගෙ තමයි….
    ඒ වුනත් එයාගෙ “ලස්සන” එයාගෙ නෙවෙයි.
    ඒ නිසා පොටෝ එකක් ගත්තට කමක් නෑ.

  11. X-Porter Says:

    කවුද අප්පා මේ සූටි කෑල්ල……….?
    ඇයි මෙයා මුකපූනෙ තියං ඉන්නෙ…..?
    හ්ම්ම්ම්… නිලුයි සුදුයි ඇස් කිව්වට හරෝ හරෝ බැලුවෙ මට පේන්නෙ දුඹුරු පාටටමනෙ…. යකෝ මට වර්ණ අන්ඳතාවයද….. නැත්තං මට තියෙන්නෙ බලු ඇස්ද…..

  12. weniweli Says:

    ළඟදිම ගුටි කයි වගෙයි …

  13. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති) Says:

    සහෝදර ප්‍රේමෙ උතුරනව . . . ඉතිං මචං . . කියපංකො ඔය කෙල්ල ගැන තව විස්තර ටිකක්

  14. නිසුපා Says:

    මේ මොකෝ මේ????

    ඔය සන් සූට් එකක්ද ඇදගෙන ඉන්නෙ???

    • ගෝල්ඩ් fish Says:

      මං එච්චර විස්තර හොයන්න ගියේ නෑ නිසූ… කොහෙද වයසක අයියලත් මාත් එක්ක තරඟෙට වැටුනානේ….

  15. සාබිත් Says:

    ඔය ඉස්සරහින් තියෙන පුටුව නැත්නම් පස්ට පිංතූරෙ~

  16. මධුරංග Says:

    1.ඇයි ෆොටෝ එක ගන්න කලින් පුටුව අයින් කරන්න අමතක කලේ ??
    2. ඇයි මේවා අපට නොතේරී මාළුවාට විතරක් තේරෙන්නේ ??

    • ගෝල්ඩ් fish Says:

      1. පුටුව අයින් කලානම් ඒ ළමයගේ පොටෝ එකට කොටු දාන්න වෙනවා. (නැත්තං පොඩි එවුන් නරක් වෙනවා)
      2. උඹටත් ඔහොම යද්දි අපිට වැඩිය හොඳට තේරෙයි (කොහොමත් උඹ බබානේ)

  17. henryblogwalker Says:

    කිව්වත් වගෙ මොකකද මේ හුටපටේ? මේ සන් සූට් එකක්ද? මේ යශෝධරාද? නැතිනම් උඹට මොකක්ද මේ වෙන්න යන්නෙ?
    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      මට මක්ක වෙන්නද අයියේ… කොහොම වුනත් මේ යශෝධරා නම් නෙමෙයි…. මේ වෙන කොහෙද යන කොළඹ පැත්තේ කෙල්ලෙක්… මේ ලඟදී තිබ්බ පොඩි පාටියකට ඇවිල්ලා හිටියා.

  18. රුචා Says:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    කිව්වට කමක් නැද්ද බං

    • ගෝල්ඩ් fish Says:

      අහවල් එකටැයි රුචෝ හූඌඌඌ කියන්නේ….??? උඹ හිතුවද කෙල්ල හෙලුවෙන් ඉන්නවා කියලා…

  19. ChammA Says:

    ඇයි බොල මාළු අයියේ ඉස්සරහා පුටුව අයින් නොකරේ

  20. කස්ස Says:

    කාටද බං ඇත්තටම මේක කියන්නෙ?

  21. දොඩං Says:

    යකෝ මීට වඩා විස්තරයක් දාන්න හොයාගන්නම බැරි උනාද 😛

  22. Observer Says:

    යසෝධරාව පුංචි කාලෙවත්ද ?

  23. dinesh umagiliya Says:

    වෙන නම් නොදන්න කෑලි වල ෆොටො ගන්න ගිහින් මාළුවා ගුටි කනවා කොයි වෙලාවේ හරි..

    චායාරූප ශිල්පය ගැන තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.. පින්තූර ගන්න කලින් අනවශ්‍ය දෑ ඉස්සරහින් අයින් කරන්න ඕනනෙ…

  24. මාඩා Says:

    ඒ අය්යේ අපිටත් කියාපංකෝ හොරෙන් ගුටි නොකා පොටෝ ගන්න සාස්තරේ

  25. සිතුවම් Says:

    බෝක්කුව ගන්න ගිහින් චාටර් වුනා නේද කොලුවො..

  26. රූ Says:

    ලස්සන ගෑල්ලමයෙක්..ලස්සන පින්තූරෙ..

  27. Gayan Rupasinghe (සිංහයා) Says:

    අඩේ ඔව්ව ගස යන වැඩ ඇ…

    ජය,,,

  28. සාතන් Says:

    ෆොටෝ එකට මාට්ටු වුනා මිසක් උඹ නිකමටවත් දැක්කද උඹල දිහා බලන් ඉන්නව…. ඔන්න ‍ඔහොම තමයි කෙල්ලො කොල්ලො දිහා හොරෙන් බලන්නෙ 😉

  29. පන්සල් හංදිය Says:

    අවංකවම මලයා නියමෙට ලියලා තියනවා මේක ……..
    කවුද ඇත්තටම මේ …….

  30. pissa palaamalla Says:

    ඈ බන්… මේ ස්ථානය උබ නිකන් මතක මන්දිරයක් වගේ මූනු පොතේ දැම්ම නේද… ? මේ එතනමද ?

    හරී හුරතල් බන්… ඒ උනාට උබේ ෆොටෝ ගැහිල්ල නම් අන්තිමයි… යකෝ අර පුටු කබල අයින් කරන්න එපැයි… සික් විතරක් තෝ වගේ එකෙක්…

    ප. ලි : මේ යශොදරා නෙමෙයි නේද මලේ…

    • ගෝල්ඩ් fish Says:

      එතෙන තමා… පුටුව අයින් කරන්න ගියානම් මට කන්න වෙන්නේ…

      ප.ලි යශෝධරා නෙමෙයි….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: