අවලං මල්ල…

ඔය මලු තියෙනවා නේද… මට නම් මහ එපාම කරපු දෙයක්. විශේෂ හේතුවක් නැති වුනාට, ඔය මලු ඔක්කොම එක වගේ. මල්ල වැඩි පුරම යූස් කරන්නේ බැඳපු අය. ඒ ගොල්ල ඊට කලින් ස්කෝලේ යන අවදියෙදිත් මල්ල පට්ට විදියට පාවිච්චි කරනවා. ඒ ඉතිං ඉස්සරහට බූරුවා වෙන්න එක්ස්පිරියන්ස් ගන්න. අපි කියලත් ඉතිං වෙනසක් නෑ… අනික මල්ල වැඩිපුර පාවිච්චි කලොත් නම් ඉතිං සොරි ඩොට් කොම්. ආයේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඇයි කියලා… ස්කෝලේ ගිය කට්ටිය දන්නවා ඒක හොඳටම. ස්කෝලේ නොගිය අයට කෙටියෙන් කියනව නම්… මල්ල වැඩි පුර පාචිච්චි කරාම කොන්දෙ අමාරුව හැදෙනවා. අන්තිමට නතර වෙන්නේ විශේෂඥ දොස්තරලා ගාව. නැත්තං ගොඩ ගන්න බෑ….. ආයේ මොටෝ ජීවිතේට මල්ලක් පාවිච්චි කරන්න බෑ…

ඔය මල්ලට තියෙනවා එක එක ආකාරයේ හැඩ තල, පාට, එතකොට විවිධ මෝස්කර එහෙම. ඒ ගැන නම් ඉතිං මං වගේම අනිත් හැම කෙනෙක්මත් දන්නවා. එහෙම දන්නේ නැත්තං ඉතිං ඒ පොර මේ ලෝකේ වෙන්න බෑ. එක කාලයක් තිබුනනේ මලු ඔක්කොම ට්‍රාන්ස්පේරන්ට් වෙච්ච. ඒ කාලේ නම් ඉතිං කියල වැඩක් නෑ… මල්ල ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. හරියට නිකං හෙලුවෙන් වගේ. ඔය මලු වලට වැඩියෙන්ම ආසා මොන්ටිසෝරි යන පොඩි එවුන්… අම්මෝ උන්ට මල්ලක් දැක්කම තියෙන සන්තෝසේ… හරියට නිකං දිව්‍ය ලෝකේ ගියා වගේ.

ඉතිං දැන් කියන්න ගියේ වෙන කතාවක්නේ. මාත් ඔය මල්ලක් පාවිච්චි කරනවනේ. වෙන මොකකටවත් නෙවෙයි, මගේ ලැපයි, කෑම එකයි ඔෆිස් ගෙනියන්න. පවු වැඩේ කට්ටිය වෙන වෙන මෙව්වා හිතේ මවා ගෙන කතාව කියෝගෙන ආවද කියලා. මං මේ කියන්නේ මලු, මල්ල, වගේ නම් වලින් හඳුන්වන බෑග් ගැන. අර පොඩි කාලේ ඉක්කෝලේ ගෙනිච්චේ… අන්න එව්වා… ඔය බැන්ද අය තමා දැන් වැඩිපුර බෑග් පාවිච්චි කරන්නේ. වැඩි හරියක් ඉතිං ගෙවල් වලට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න. එතකොට කුණු එකතු කරලා ගිහිං දාන්න, ආහාර ද්‍රව්‍ය ගෙනියන්න වගේ දේවල් වලට.

ඉතිං මාත් ඉස්සර ඉඳන්ම හෙන මලු ලෝලියෙක්. මට මතක විදියට මං මුලින්ම ආසා කලේ ටොයි ස්ටෝරි කාටුන් එකේ චරිත ප්‍රින්ට් කරලා තිබ්බ රතු පාට බෑග් එකට. මං ඒ බෑග් එක අවුරුදු දෙකකට වැඩිය පාවිච්චි කලා. ඒක ඒ දවස් වල ලංකාවේ තිබුනේ නෑ. රට ගිහිං ආපු අම්මගේ යාළුවෙක් තමා මට ඒක දුන්නේ. ඒක කරේ දාගෙන යද්දි… මම දෙක වසරේ උනත්, ලොකු අක්කලා හිටං මගේ දිහා බලපු හැටි මට තාම මතකයි. ඇස් දෙක ලොකු කරගෙන ආසාවෙන් පිරිලා… හ්ම්… එතනින් එහාට ඕනේ නෑ… නිකං මොකටද පෞද්ගලිකත්වය එලියට දාන්නේ.

ඔන්න ඊට පස්සේ එක එක ජාතියේ බෑග් තිබුනා. කොහොම හරි අන්තිමේ ස්කෝලේ ගිහිං නතර වෙද්දි මට තිබුනේ අර රස්තියාදු පාට් එකට ටිකක් ලං වෙච්චි චූටි නූල් දෙකකින් එල්ලුන කලු පාට බෑග් එකක්. ඒක කරේ දාගත්තම බලු කුක්කෙක්වත් බලන්නේ නෑ. මොනා කරන්නද ඉතිං, මාස දෙක තුනක් වෙනුවෙන් අළුත් බෑග් එකක් ගන්නෙ අහවල් එකටැයි කියලා තමා මං ඒක පාචිච්චි කලේ. දැන් නම් මටත් ඊයා, ඈක්කා කියලා හිතෙනවා. පස්සේ අන්තිමේටම පොත් ටික අතේ අරගෙන ගියා.

ඊටත් පස්සේ ආයෙම ක්ලාස් යද්දී එහෙම තව තව බෑග් ගත්තා. අනේ එව්වා ගැන නම් කියන්න දෙයක් නෑ… ඒකෙනුත් වැඩි හරියක් පාවිච්චි කලේ ඩීසල් බෑග් එක.

එව්වා පැත්තකට දාමුකෝ… මෙන්න කතාව. මේ ලඟදී දවසක මං මගේ ලැපීවත් කුදලගෙන බස් එකට නැගලා බෑග් එක දාන්න රැක් එකේ ඉඩක් හෙව්වට හම්බුනේ නෑ. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර බෑග් එකේ එක පටියක් දකුණු උරෙන් පන්නලා මුළු බෑග් එකම වම් පැත්තේ උර හිසට බර වෙන්න දාගෙන හිටියා. නැත්තං ඉතිං කොන්දා එනවනේ රෙද්ද උස්සගෙන. පස්සේ ඔන්න ටික දුරක් ගිහිං මගින් නැග්ගා ස්වීට් ළමයි දෙතුන් දෙනෙක්. අක්කලාද නංගිලාද මන්දා… කොහොම හරි හුරුබුහුටි කෙල්ලෝ වගයක්. පස්සේ ඉතිං මං ඒ දිහා බලන්නවත් ගියෙ නෑ.

ඉතිං ටික දුරක් යද්දී කෙල්ලෝ ටික එහාට හැරෙනවා මෙහාට හැරෙනවා එක විකාරයයි එතෙන. එයාලා ගාවත් ලොකූ බෑග් කිපයක් තිබුනා. ඒවත් දාගෙන හිටියේ මං බෑග් එක එල්ල ගෙන හිටිය වගේම එක උරේකට බර වැටෙන්න. පස්සේ ඔන්න පානදුරෙන් ඒ සෙට් එක බහිද්දි මට දැනෙනවා මාවත් ඇදගෙන යනවා කියලා ඒ එක කෙල්ලෙක්. මං නිකංමට වගේ බැළුවා මොකද මේ වෙන්නේ කියලා.

මල මගුලයි… මගේ බෑග් එකේ අනිත් පටිය මේ කෙල්ලගේ එක උරේක එල්ලිලා. අනේ අම්මපා, මගේ අවලං බෑග් එක…. ඌට තියෙන විසේට අර කෙල්ලගේ උරේට පැනලා.

මට එහෙම හිතුනේ … කෙල්ල මට රවපු විදියෙන් , කෙල්ල මගේ බෑග් එකත් එක්ක ඔරොප්පු වෙලා තමා කියලා. පස්සේ ඉතිං මං කිව්වා…

මොකද ඔරවන්නේ… ඔයානේ මගේ බෑග් එකේ පටිය ඔයාගේ කරේ දාගෙන තියෙන්නේ… කියලා…

අනේ සොරි අයියේ… සොරි… සොරි… කියලා මගේ අවලං බෑග් එකේ පටිය ආපහු ගලෝලා දිලා ලඟ පාත හිටිය කිහිප දෙනෙක්ගේ හිකි හිකි හඬ මැද්දේ බැහැලා ගියා….

පවු ඒ ගෑණු ළමයා…. මගේ අවලං බෑග් එක නිසා එයා අපහසුතාවයට පත් වුනාද මන්දා….

Advertisements

73 Responses to “අවලං මල්ල…”

  1. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    අපේ කාලේ ඉස්කොලේ බැග් ගෙන එක තහනම් කලා. මචන් බලාගෙන ලැපී අරන බැග් එකේ යනවනම් රැක් එකට දාන්න එපා මොකෝ උන්න පුලුවන් ඒ වගේම බිම වැටුනොත් ලැපී ඉවරයි. පවු අසරණ ගැනු ලමයා වුණ ලැජ්ජාවට ආයිත් බස් එකක යද්දි බැග් එක්ක සෙල්ලම් කරන එකක් නෑ.

  2. සෝරෝ Says:

    සික් උඹ කරපු වැඩේ කැතයි බං…… උඹට කරන්න තිබුනේ ඒ ගෑල්ලමයත් එක්කම බස්සෙකෙන් බැහැලා එයා යන තැනකට යන එක… 😀

  3. රූ Says:

    අනේ මන්දා මේක කියවන කොට හිතුනු දේ කියලත් බෑ නොකියත් බෑ එක්කො,
    ඔය බෑග්ගෙ ඉස්සරත් ඔහොම වැඩ කරලා තියනවද?

    • ගෝල්ඩ් fish Says:

      ඔන්න අක්කලා මල්ලිලාගෙන් අහන ප්‍රශ්න…. නෑ නෑ… මේ පළවෙනි වතාව. හැබැයි එක පාරක් ගෑණුළමයෙක්ගේ බෑග් එකකට තඩි ගෙම්බෙත්ව දාලනම් තියෙනවා.

  4. Chanaka Says:

    උඹ ගැණු ලමයි අපහසුතාවයට පත් කරලම නැද්ද ?

  5. පිණිබිඳු Says:

    කෙල්ල හිත හිතා යන්න ඇති ඒ අයියා අපහසුතාවයට පත් උනාද දන්නෑ කියලා.

  6. Miyuru Says:

    නෙද්දකිං… මෙහෙමත් බෑග්…. ;P

  7. හිතහොඳ පිස්සා Says:

    මාලුවගෙ ගෑණු ළමය දැක්කොත් මොනව කියාවිද මන්ද ඉතින් මේව දැකල……:D

  8. අලුත් කොල්ලා Says:

    හික් හික් පට්ට සීන් එක…….

  9. දුකා Says:

    බෑග් එකේ අවලං කමට නෙමේ උඹේ අවලං කමට පටිය ඒ කෙල්ලගේ කරේ එල්ලලා එනව මෙතන බබා වෙන්න . . . හික්ස්

  10. manufonseka Says:

    බෑග් එකට 2ක් දෙන්න එපැයි අවලං වැඩ ‍කොරනවට…….

  11. ගිනිකුරුල්ලා Says:

    මාළුවත් එකයි උගේ මල්ලත් එකයි…..

  12. අකීකරුහිත Says:

    අයියටම හරියන බෑග් එකක්

  13. පූසා Says:

    අවලං මාළුවා! 😀

  14. nimal Says:

    වල්ලද..? මල්ලද…?

  15. හංසකිංකිණි Says:

    හනේ හම්මේ බොල… කාලෙකිං ආවාම මේකෙ කියවන්ඩ තියෙන්නෙම අවලං කතා නෙව…. පිෂ් මලයගෙ බෑග් එකත් පිෂ් මලයටම හරි යන එකක් නෙව….

  16. Kasun Chanaka Says:

    සික් වැඩේ කාලනේ….. යන තැනකට පස්සෙන් ඇදිලා යන්නනේ තිබුනේ…:) හැබැයි අර රවපු එකට උත්තර දුන්න එක නම් සෑහෙන්න වටිනවා. එහෙම තමයි ඉන්න ඕන.

    • Kasun Chanaka Says:

      ආහ් කියන්න අමතක වුනා නේ. අලුත් ඇඳුම නම් නියමයි.

      • ගෝල්ඩ් fish Says:

        මටත් මෙච්චර කාලෙකට සෙට් වුන හොඳම ඇඳුම….

      • දොඩං Says:

        අළුත් ඇඳුම සිම්පල් වගේ පෙනුනට ලෝඩ් වෙන්න වෙලා යනවද මංදා…

      • ගෝල්ඩ් fish Says:

        නෑනේ… පට ගාලා එනවා… දොඩං ඉන්න හරියට සිග්නල් නැද්ද දන්නේ නෑ…. ගහේ කරටියෙද ඉන්නේ???? 😀

    • ගෝල්ඩ් fish Says:

      මං ඒ ළමයට එහෙම කිව්වේ අහිතකින් නෙවෙයි බං… ම​ගේ විලිසංගේ බේරගන්න….

  17. ඉන්දික උපශාන්ත Says:

    මල්ලද වල්ලද?

    (මගේ වචන නොවේ)

  18. පැණි දොඩම් Says:

    මේක කාන්තා සංගමයක් එහෙම දැක්කනං තෝව අවුරුදු 5 කට යවන්න පුළුවන්.. අවලං මාලුවා…

  19. අංකල් මයා Says:

    ඔය ඉලව් මල්ල විසි කරලා මං වගේ පන් මල්ලක් ගනින් කොල්ලෝ. නැත්තම් ඔය මල්ල හින්දා ඔය දරුවා වරලක් දෙකක් කඩාගෙන තමා නවතින්නේ…

  20. henryblogwalker Says:

    මොකද මේ බැඳපු මිනිස්සුන්ටම මළු පටවන්නෙ මේ මාලුවා?
    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      මං හිතුවේ නෑනේ බැඳපු අයට ඒ කෑල්ල මෙච්චර තදේට වදියි කියලා… හිකි හිකි….

      • henryblogwalker Says:

        උඹ ඒක නිකං එක පාරක් කියලා නෙවෙයිනෙ. මූණෙ අතුල්ලල තියෙන්නෙ. 😀

      • ගෝල්ඩ් fish Says:

        හරි හරි ඉතිං… මං එහෙම්ම කිව්වයි කියන්න බැහැනේ… අනික ඉතිං අයියා කේන්ති ගන්නේ මක්කටෙයි… අයියා බැඳලා නැහැනේ…

      • ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති) Says:

        ගහපියවු මේ මාලුවට

      • ගෝල්ඩ් fish Says:

        ඈ… ඇයි යක​ඩෝ මල්ලක් ගැන කියද්දි මේ බැන්ද එවුන්ට තද වෙන්නේ…

    • නවම් Says:

      අන්න හරි ගහපිය මූට

      • ගෝල්ඩ් fish Says:

        තව එක්කෙනෙකුට සිදිලා… පවූවූවූවූ……

  21. සාබිත් Says:

    මට තිබුනා ඔරලෝසු බෑග් එකක්!ලොකු ඔරලෝසුවක් තියනවා බෑග් එක පිටිපස්සෙ!

  22. ඔබ නොදු‍ටු ලොවක් Says:

    උඹ පටිය එල්ලා බබා පාට් එක දැම්මා නේද….

  23. දොඩං Says:

    මාළුවා මල් වාලුවා…බෑග් එකත් මාළුවා වගේම නේනනං 😛

  24. හිස් අහස Says:

    මම නම් ඉස්කෝලේ යන කාලේ සයිඩ් බෑග් වලට වැඩියෙන් ප්‍රිය කලා මතකයි මගේ මිත්‍රයන්ගේ බෑග් බරට බරේ එල්ලෙමින් යද්දී මගේ බැගය නම් සැහැල්ලුවට තිබුනා .. ඇයි ඉතින් මම පොත් ටික ගෙදර දාලා නෙව යන්නේ

    ඉස්සර අපේ ඉස්කෝලේ තිබුනා සෙල්ලමක් ඉස්කෝලේ ඇරෙන්න ලංවෙද්දී එකෙකුගේ මල්ලට තඩි ගලක් ගෙහුං දාන එක . අනේ පවු නොදන්න එකා බරට බරේ මල්ල උස්සං ගෙදර යනවා ගෙදර ගියාම තමා දන්නේ මල්ලේ ගල් කියලා , සමහර එවුං ඉන්නවා ඕක ගෙදරත් ගෙනියලා ආයෙමත් ඉස්කෝලේ ඇන්න එනවා අනික් පහුවදාටත් ..

    බෑග් දාපු කාලේ මතක් කලාට ස්තූතියි බොල ..

  25. dinesh umagiliya Says:

    A/L ලියද්දි පොත් හතර අතේ අරන්මයි ගියේ.. ඊට පස්සේ මාත් ගත්තා ඔය ඩීසල් බෑග් එකක්.. යන හැම තැනම් උස්සන් යන්න..

    අයියා ඕනකමින්ම ඒ නංගිලාට බෑක් එකේ පටිය දා ගන්න විදිහටම තියලා දැන් ඒ ළයින්ට දොස් කියනවා…

  26. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති) Says:

    අඩේ උඹට කියන්න මල්ලියේ . . . මගෙ අංක එකේ විනෝදාංශෙ තමයි බෑග් එකතුකරන එක

    ප.ලි.
    අද බෑග් එක . . . හෙට ????

  27. නිසුපා Says:

    අනේ අනේ බොරුවට මල්ලට බනින හැටි…:P

  28. මධුරංග Says:

    පවු ඒ ගෑල්ලමයා !!!

  29. පන්සල් හංදිය Says:

    මම අදටත් පත මල්ලක් තමා යූස් කරන්නෙ …….
    උඹේ බෑග් එකත් උඹ වගේම නැතෑ …..

  30. WickZ Says:

    බෑග්ද කතා කරන්න එපා. දැන් එන එවුවා මෙලෝ කමකට නැහැ. 😦

  31. pissa palaamalla Says:

    මම නම් ඒ ලෙවල් කරද්දි වැඩි හරියක් පොත අතේ අරන් ගියේ.. පොඩි මල්ලක් නිකන් ෆැශන් එකට අරන් ගිය දවසුත් නොතිබුනා නෙමෙයි…

    පොඩි කාලේ නම් මම වගේ 2 ක් මගේ මල්ල…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: