තැන්ක් යූ අක්කා….

මේක නම් ටිකක් මොකද්දෝ එකක් වගේ කතාවක්. සමහර විට බ්ලොග් එක කියවන කට්ටිය මේක කලින් අහලත් ඇති. හැබැයි මං ඇහුවේ පළවෙනි වතාවට. මේක මං දැනගත්තේ නම් අපේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙන්.

ඕං… ඉතිං මුලින්ම මොබයිල් ෆෝන් ආපු දවස්වලම… ඒ කියන්නේ එකදාස් නවසිය අනූ ගනන් වල මුල් හරියත් මැද හරියත් අතරදි තමා මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මොබයිල් ෆෝන් ආපු අළුත කියන්නේ. මොබයිල් ෆෝන් තරමක් අත මිට සරු පුද්ගලයින්ගේ අත් වල ගැවසෙන්න ගත්ත කාලේ. එහෙම නැතුව පොල් කඩන කෙනාගේ ඉඳන් හිඟන්නා දක්වා සමාජයේ හැම තරාතිරමකම කෙනෙකුගේ අතට ආපු කාලේ නෙවෙයි.

ඒ දවස් වලදී බොහෝම තදට වැළඳුන මේ සෙල් ෆෝන් මේනියාවට අපේ ඔෆිස් එකේ කීප දෙනෙකුත් අහුවෙලා තියෙනවා. එයාල කියන විදියට මේ ලෙඩේ මාර බරපතල විදියට තිබිලා තියෙනවා අපේ ෆැක්ටරිය ඇතුලේ. සමහරු එයාලා ගාව තිබ්බ වාහන උකසට තියලත් සෙල් ෆෝන් අරගෙන තියෙනවා.

ඉතිං ඔහොම මොබයිල් ෆෝන් ආපු අළුත ඉන්කමින් වලටත් ගානක් කැපෙනවනේ. මතක ඇතිනේ ඔය වයසක උන්දලට. ඉතිං කොහොම හරි එක මනුස්සයෙක් තමන් සතු රත්තරං බඩු ටිකක් එහෙම උගස් තියලා ෆෝන් එකක් අරගෙන. කනෙක්ෂන් එක තිබිලා තියෙන්නේ සෙල් ටෙල්. දැං ඔය ෆෝන් එක ගත්ත සතුටට පොර, යාළුවන්ට පොඩි සාදයක් සෙට් කරලා.

ඔන්න ඉතිං පොරගේ සාදයට යාළුවෝ හත් අට දෙනෙක් ඇවිත්. මහ රෑ  වෙන කං බීලා බීලා… පස්සේ ඉතිං වැටක් උඩට එහෙම නැගලා ඉන්නක් අල්ලගෙන එහෙම මෑන්ස් කෝල් එක ගන්න හදනවලු අඳුරන මුදලාලි කෙනෙක්ට. පට්ට ඇඩ් එකලු එතෙන. දැන් යාළුවොත් වට වෙලා ෆෝන් එකට කන තියාගෙන ගුලි වෙලා තෙරපිලා ඉන්නවලු මුදලාලිගේ වොයිස් එක අහගන්න. ඒ දවස් වල ෆෝන් වල ලව්ඩ් ස්පීකර් පහසුකම තිබිලා නෑ. ඉතිං කට්ටියම කන් ඔබාගෙන ඉන්නවලු ෆෝන් එකට.

පස්සේ ඉතිං මුදලාලිගේ නොම්මරේ ඩයල් කරලා, පොරත් ලොක්කා වගේ ඉන්නවලු එහා පැත්තෙන් මුදලාලි කතාකරනකං. දැන් වගේ නොම්මරේ ඔබපු ගමන් ඒ දවස් වල කනෙක්ට් වෙන්නේ නෑලු. ටික වෙලාවක් යනවලු. මං දන්නේ නෑ ඇත්තටම ඒ කතා ගැනනම්. සමහර විට ඇත්ත වෙන්න ඇති. ඉතිං කට්ටිය ඔහොම ඇහුන් කං දීගෙන ඉන්න කොට…

මුදලාලිගේ වයිෆ්ද කොහෙද ෆෝන් එක උස්සලා…

වයිපරේ කියනවලු… ඔබ ඇමතු දුරකථනය සම්බන්ධකල නොහැක… කරුණාකර පසුව අමතන්න කියලා. (සමහරවිට වාක්‍ය වෙනස් ඇති… ඉස්සර කොහොම කිව්වද දන්නේ නෑ)

මෙච්චර කාලෙකට ෆෝන් එකකින් කතා නොකරපු එවුන්ට මේක මහ පුදුමයක් වෙලා. කට්ටිය අර ෆෝන් එකේ අයිතිකාරයට බයිනවලු… මොකද්ද බොල මූසලයෝ තෝ ඒ කරපු අසික්කිත වැඩේ…. මේ දෙගොඩහරියේ, ගෑණු මිනිසුස්සු බල්ටි ගහන වෙලාවේ… ඒ ගෑණි තොට කුණුහර්ප නොකිය ඔහොම කිව්ව එකට හෙට උදේට ගිහිං පින් දීපිය මුදලාලිට කියලා…

ඒ දවස් වල ඉතිං කට්ටිය දන්නේ නෑනේ… ස්වීට් අක්කා කෙනෙක්ගේ වොයිස් රෙකෝඩින් එකක් එහෙම ඇහෙන බව. පස්සේ ඉතිං ටික කාලයක් යද්දී ෆෝන් නිතර දෙවෙලේ හැමෝගෙම අත් වල ගැවසෙන්න ගත්තම, එදා අර මෑන්ස්ට බැනපු එවුන්ටත් හිටි ගමන් මුදලාලිගේ වයිපරේම කතාකරන්න ගත්තම තමාලු ටික ටික වැඩේ මීටර් වෙලා තියෙන්නේ. පස්සේ මුදලාලිගේ වයිපරේ දෙමළෙනුයි ඉංග්‍රිසියෙනුත් කතා කරන්න ගත්තලු. (ඒක කතාවේ ඇත්ත නැත්ත මං දන්නේ නෑ… මොකද මට මතක විදියට මුල්ම රෙකෝඩින් එක තිබුනේ ඉංග්‍රිසියෙන් වගෙ)

ඒ පළවෙනි කතාව… මේං දෙවෙනි කතාව…

මේකත් ෆෝන් ආපු අළුත වෙච්චි දෙයක්… ඔන්න දවසක් දා ගෙදරක මල ගෙයක් උනාලු. ඉතිං වටේ පිටේ නෑදෑයින්ට ලඟට ගිහිං කිව්වට, දුර අයට එහෙම බැරි නිසා. එක පොරක් කමියුනිකේෂන් එකකට ගිහිං ගත්තලු ටිකක් දුරක ඉන්න පොරකට කෝල් එකක්.

අම්මට හුඩු මෑන්ස්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑලු. අර මළ ගෙදර තියෙන ගෙදර බුවා කමියුනිකේෂන් එකෙන් එලියට බැහැලා කෑගහවලු…

අඩෝ…. තොපි හිතුවද යකෝ මාව රවට්ටන්න, ගෑණු දම්මලා කතා කරලා. මුංගේ අම්මලට… ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත… අනේ *කේ… නන්නානේ…. භාවිතායේ නැත්තං කොහොමද බොල ඒ ගෑණි කතා කලේ…. තොපි එනවා නෙවෙයි මළගේ ඉවර වුනාට පස්සේ ඉඩම් බෙදාගන්න එහෙම…. කියලා…

තුන්වෙනි එක…

මේකත් අපේ අයියලාගේම කතාවක්… ගිය පාර නුවර එළිය ට්‍රිප් එක ගිහිං තමා වුනේ. සමහර විට නැවත පෙන්වීමක් වෙන්නතු පුළුවං. මේකත් මං දැක්කේ පළවෙනි පාරට. අපේ ඉන්නවා එල බුවෙක් නාමල් කියලා. අර මෙව්වා එකේ සභාපති තමා පොර. හැබැයි පොර බිව්වම දෙන ෆන් එක නම් කියලා වැඩක් නෑ.

ඔන්න ඉතිං ග්‍රෙගරි වැවේ මෙහා පැත්තේ තානයමේ ඉඳන් මූ බීලා… බීලා… එදා ට්‍රිප් එක ආවේ නැති අයියා කෙනෙකුට ගත්තා කෝල් එකක්… බිව්වම පස්සේ ඉතිං කෝල් එකක් ගන්නේ සැප දුක අහන්න නෙවෙයිනේ… ෆුල් බයිටක් දෙන්නනේ… ඉතිං කට්ටියටම ඇහෙන්න ලවුඩ් ස්පීකරුත් දැම්මා…

ඔන්න ඩයල් කරපු ගමන්… ඔබ ඇමතු අංකය කාර්ය බහුල බැවින්, කරුණාකර පසුව අමතන්න… කියලා අක්ක කෙනෙක් කිව්වා…

අනිත් පැත්තට නාමලා… හරි හරි… තැන්ක් යූ අක්කා… මං පස්සේ ගන්නම්…. කියලා ෆොන් එක කට් කලා.

කට්ටියට දැන් හිනා. බයිටක් දෙන්න ගිහිං බයිට් වුනේ නාමල් නිසා. ඒත් අනිත් පැත්තට නාමලා කියපි… අපරාදේ බං… වැරදි වෙලාවේ කතා කරේ… අරූගේ ගෑණීට මළ පැනලද කොහෙද බං කතාකලේ… අර කාර්ය බහුලයි කිව්වේ…. ඒකනේ… පොසිෂන් එක අවුල් වුනාද දන්නෙත් නෑ… පවු බං… කියලා… එතනින් එහාට උදාවෙච්ච තත්වය සහ නාමල් ගහ ගත්ත තැන්ක් යූ අක්කා කාඩ් එක ගැන නම් කියන එකත් ශෝචනීයයි…!!!

55 Responses to “තැන්ක් යූ අක්කා….”

  1. Chanaka Says:

    උඹට ඉතිං මඩ කිව්වොත් වෙන දෙයක් ඕනේ නෑ..

  2. ගිනිකුරුල්ලා Says:

    හික් හික්.. කමක් නෑ බන් ඒ ගැන එච්චර දුක්වෙන්න එපා, ඔහොම තමා . එදායින් පස්සේ තැන්කියු අක්කා කිව්වේ නෑනේ මාළුවෝ ? 😛

  3. X-Porter Says:

    උඹ කැලෑපත්තර වියාපාරයක් පටන් ගත්තද ඒගමන….

    හා..හා….. අපිදන්නව හොරේ……. අපෙ මේ ගෝල්පිස්ට නේමෙයි අන්තිම එක උනේ හොඳේ………

  4. පැණි දොඩම් Says:

    ඕක තමයි යකෝ සිහිකල්පනාව නැතිවෙන තරමට බොන්න එපා කියන්නේ හැමදාමත් උඹට.

  5. Observer Says:

    ඉස්සෙල්ල ඒව නං ෆෝන් ආපු කාලෙ ඒව කියමුකො, අන්තිම ඒක උට වෙරි හින්දමද ?

  6. henryblogwalker Says:

    උඹටත් වෙන වැඩ! අර කලු සුදු ඡායාරූපයෙ ඉන්නෙ මුදලාලිගෙ වයිපරේ වෙන්නැති.
    henryblogwalker the Dude

  7. weniweli Says:

    මුලම කාලෙ නම් මට මතක විදියට ඔය රෙකෝඩින් එකත් නෑ..මයික්‍රො ටැක් කියලා ආපු ෆෝන් එක 65ක් ඒ කාලෙ. අපෙ කැම්පස් එකේ එකෙක් අරන් ඒ දවස් වල මල කරදරෙ අපිට.. නයා අරිනවා මතකයි 93 කාලෙ

  8. ඕනයා (Dulip Sikurajapathy) Says:

    උඹට කියන්න මල්ලි . . . මමත් ස්ටාර් ටැක් එකක් පාවිච්චි කලා කාලයක්. හම්මේ ඒක අරං යද්දි තියන තැන

  9. රූ Says:

    ඔය සෙල්ටෙල් ගඩොල් බාගයක් නම් අපේ ගෙදරත් තිබුනා ඉස්සර..පෝන් බිල දාසයදාහක් ආවට පස්සෙ අපි ඒකෙන් කෝල් ගන්න එක අතෑරලා ගෙදර ලස්සනට පේන්න තියලා තිවුනා..වටින බඩුවක්නේ..

  10. ChammA Says:

    මෙව්වා එකේ සභාපති කිව්වේ මොකේ සභාපතිද ?

  11. ලහිරු Says:

    හප්පේ ඉස්සර නම් එන ඒවටත් කැපෙනවානේ, ඒත් මිනිස්සු ගොඩදෙනෙක් පාවිච්චි කලේ ඉට්ටැයිල් එකට මිසක් ඕනකම් වලට නෙවෙයි!!!! ගෝල්ඩ් පිස් නොවේ මඩපෙතියෙකි! !

  12. කෝඩුකාරයා Says:

    හපුච්චියේ….දැන්නම් ෆෝන් එකකින් කට්ටිය ඉන්න තැනක කෝල් එකක් ගන්නත් බයයි බොල.කමක් නෑ කමක් නෑ…කොහොම උනත් පට්ටම මඩ පෝස්ට් එක මචෝ…….

  13. මධුරංග Says:

    අපේ කැම්පස් එකේ යාළුවෙක් කිව්වා රත්නපුරේ මැණික් කාරයෙකුත් ඔය ජාතියේ ෆෝන් එකක් ගත්තාලූ. ඒත් එක්කම තව සේවකයෙකුත් වැඩට ගත්තා ලූ. උට තිබ්බ එකම වැඩේ ෆෝන් එකට කෝල් එකක් ආවම බොත්තමක් ඔබලා ලොක්කාගේ කනේ තියන එක ලූ.
    මතකනේ ඉස්සර තියෙන ගඩොල් ෆෝන් !
    කෝමද වැඩේ !!! 🙂

  14. ඔබ නොදු‍ටු ලොවක් Says:

    හප්පේ අපේ එකෙකුත් මුලින්ම ඉඩං එහෙම උගස්තියලා ගත්තා ඔය සෙල්ටෙල් පත ෆෝන් එකක්.පස්සේ ඌ ඒක බ්‍රවුන් පේපර් බෑග් එකක දාගෙන යන්නේ ලෙමන් පෆ් එකක් සයිස් නේ….

  15. sarath Lankapriya Says:

    ඔහොම සෝචනීය අමරණීය කතා ගොඩයි ඔය ෆෝන් ආපු කාලේ ගැන. ඒ කාලේ මුලින්ම ආවේ මෝටරෝලා ගඩොල් බාගෙනේ..

  16. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    මේ අඩෝ බොලා දැනගනිල්ලා අනුතිම එක වුනේ මූට (නෙමේ)…. හොදේ… 😛

    හලේ පාර ඈ…

  17. ලොකුජෝන් Says:

    හුඟ කාලෙකින් කොමෙන්ටුවක් දැම්මෙ . එ උනාට නිතර අත දාලා බලනවා මාලු ඉන්නවද කියලා ටැංකියට.

  18. sdglhm Says:

    අප්පෝ මාළුවෝ ෆෝන් ෆන් නම් ඕනේම නෑ.

  19. dinesh umagiliya Says:

    මට මතකයි ඉස්සර අපේ ආච්චිත් ඔය ගඩොල් බාගයක් අරන් ඇවිදිනවා.. එයා වාහනෙන් බහිද්දි අපි යන්න ඕන ෆෝන් එක ගන්න…

  20. pissa palaamalla Says:

    ඉන්කමින් වලට විනාඩියට රුපියල් 7 ක් කැපිලත් අපි රස්සාවක් නැතිවත් ඩයලොග් පාවිච්චි කල මිනිස්සු… තප්පර 30 යන්න කලින් තියනවා කෝම හරි…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: