තැන්ක් යූ අක්කා….

මේක නම් ටිකක් මොකද්දෝ එකක් වගේ කතාවක්. සමහර විට බ්ලොග් එක කියවන කට්ටිය මේක කලින් අහලත් ඇති. හැබැයි මං ඇහුවේ පළවෙනි වතාවට. මේක මං දැනගත්තේ නම් අපේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙන්.

ඕං… ඉතිං මුලින්ම මොබයිල් ෆෝන් ආපු දවස්වලම… ඒ කියන්නේ එකදාස් නවසිය අනූ ගනන් වල මුල් හරියත් මැද හරියත් අතරදි තමා මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මොබයිල් ෆෝන් ආපු අළුත කියන්නේ. මොබයිල් ෆෝන් තරමක් අත මිට සරු පුද්ගලයින්ගේ අත් වල ගැවසෙන්න ගත්ත කාලේ. එහෙම නැතුව පොල් කඩන කෙනාගේ ඉඳන් හිඟන්නා දක්වා සමාජයේ හැම තරාතිරමකම කෙනෙකුගේ අතට ආපු කාලේ නෙවෙයි.

ඒ දවස් වලදී බොහෝම තදට වැළඳුන මේ සෙල් ෆෝන් මේනියාවට අපේ ඔෆිස් එකේ කීප දෙනෙකුත් අහුවෙලා තියෙනවා. එයාල කියන විදියට මේ ලෙඩේ මාර බරපතල විදියට තිබිලා තියෙනවා අපේ ෆැක්ටරිය ඇතුලේ. සමහරු එයාලා ගාව තිබ්බ වාහන උකසට තියලත් සෙල් ෆෝන් අරගෙන තියෙනවා.

ඉතිං ඔහොම මොබයිල් ෆෝන් ආපු අළුත ඉන්කමින් වලටත් ගානක් කැපෙනවනේ. මතක ඇතිනේ ඔය වයසක උන්දලට. ඉතිං කොහොම හරි එක මනුස්සයෙක් තමන් සතු රත්තරං බඩු ටිකක් එහෙම උගස් තියලා ෆෝන් එකක් අරගෙන. කනෙක්ෂන් එක තිබිලා තියෙන්නේ සෙල් ටෙල්. දැං ඔය ෆෝන් එක ගත්ත සතුටට පොර, යාළුවන්ට පොඩි සාදයක් සෙට් කරලා.

ඔන්න ඉතිං පොරගේ සාදයට යාළුවෝ හත් අට දෙනෙක් ඇවිත්. මහ රෑ  වෙන කං බීලා බීලා… පස්සේ ඉතිං වැටක් උඩට එහෙම නැගලා ඉන්නක් අල්ලගෙන එහෙම මෑන්ස් කෝල් එක ගන්න හදනවලු අඳුරන මුදලාලි කෙනෙක්ට. පට්ට ඇඩ් එකලු එතෙන. දැන් යාළුවොත් වට වෙලා ෆෝන් එකට කන තියාගෙන ගුලි වෙලා තෙරපිලා ඉන්නවලු මුදලාලිගේ වොයිස් එක අහගන්න. ඒ දවස් වල ෆෝන් වල ලව්ඩ් ස්පීකර් පහසුකම තිබිලා නෑ. ඉතිං කට්ටියම කන් ඔබාගෙන ඉන්නවලු ෆෝන් එකට.

පස්සේ ඉතිං මුදලාලිගේ නොම්මරේ ඩයල් කරලා, පොරත් ලොක්කා වගේ ඉන්නවලු එහා පැත්තෙන් මුදලාලි කතාකරනකං. දැන් වගේ නොම්මරේ ඔබපු ගමන් ඒ දවස් වල කනෙක්ට් වෙන්නේ නෑලු. ටික වෙලාවක් යනවලු. මං දන්නේ නෑ ඇත්තටම ඒ කතා ගැනනම්. සමහර විට ඇත්ත වෙන්න ඇති. ඉතිං කට්ටිය ඔහොම ඇහුන් කං දීගෙන ඉන්න කොට…

මුදලාලිගේ වයිෆ්ද කොහෙද ෆෝන් එක උස්සලා…

වයිපරේ කියනවලු… ඔබ ඇමතු දුරකථනය සම්බන්ධකල නොහැක… කරුණාකර පසුව අමතන්න කියලා. (සමහරවිට වාක්‍ය වෙනස් ඇති… ඉස්සර කොහොම කිව්වද දන්නේ නෑ)

මෙච්චර කාලෙකට ෆෝන් එකකින් කතා නොකරපු එවුන්ට මේක මහ පුදුමයක් වෙලා. කට්ටිය අර ෆෝන් එකේ අයිතිකාරයට බයිනවලු… මොකද්ද බොල මූසලයෝ තෝ ඒ කරපු අසික්කිත වැඩේ…. මේ දෙගොඩහරියේ, ගෑණු මිනිසුස්සු බල්ටි ගහන වෙලාවේ… ඒ ගෑණි තොට කුණුහර්ප නොකිය ඔහොම කිව්ව එකට හෙට උදේට ගිහිං පින් දීපිය මුදලාලිට කියලා…

ඒ දවස් වල ඉතිං කට්ටිය දන්නේ නෑනේ… ස්වීට් අක්කා කෙනෙක්ගේ වොයිස් රෙකෝඩින් එකක් එහෙම ඇහෙන බව. පස්සේ ඉතිං ටික කාලයක් යද්දී ෆෝන් නිතර දෙවෙලේ හැමෝගෙම අත් වල ගැවසෙන්න ගත්තම, එදා අර මෑන්ස්ට බැනපු එවුන්ටත් හිටි ගමන් මුදලාලිගේ වයිපරේම කතාකරන්න ගත්තම තමාලු ටික ටික වැඩේ මීටර් වෙලා තියෙන්නේ. පස්සේ මුදලාලිගේ වයිපරේ දෙමළෙනුයි ඉංග්‍රිසියෙනුත් කතා කරන්න ගත්තලු. (ඒක කතාවේ ඇත්ත නැත්ත මං දන්නේ නෑ… මොකද මට මතක විදියට මුල්ම රෙකෝඩින් එක තිබුනේ ඉංග්‍රිසියෙන් වගෙ)

ඒ පළවෙනි කතාව… මේං දෙවෙනි කතාව…

මේකත් ෆෝන් ආපු අළුත වෙච්චි දෙයක්… ඔන්න දවසක් දා ගෙදරක මල ගෙයක් උනාලු. ඉතිං වටේ පිටේ නෑදෑයින්ට ලඟට ගිහිං කිව්වට, දුර අයට එහෙම බැරි නිසා. එක පොරක් කමියුනිකේෂන් එකකට ගිහිං ගත්තලු ටිකක් දුරක ඉන්න පොරකට කෝල් එකක්.

අම්මට හුඩු මෑන්ස්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑලු. අර මළ ගෙදර තියෙන ගෙදර බුවා කමියුනිකේෂන් එකෙන් එලියට බැහැලා කෑගහවලු…

අඩෝ…. තොපි හිතුවද යකෝ මාව රවට්ටන්න, ගෑණු දම්මලා කතා කරලා. මුංගේ අම්මලට… ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත… අනේ *කේ… නන්නානේ…. භාවිතායේ නැත්තං කොහොමද බොල ඒ ගෑණි කතා කලේ…. තොපි එනවා නෙවෙයි මළගේ ඉවර වුනාට පස්සේ ඉඩම් බෙදාගන්න එහෙම…. කියලා…

තුන්වෙනි එක…

මේකත් අපේ අයියලාගේම කතාවක්… ගිය පාර නුවර එළිය ට්‍රිප් එක ගිහිං තමා වුනේ. සමහර විට නැවත පෙන්වීමක් වෙන්නතු පුළුවං. මේකත් මං දැක්කේ පළවෙනි පාරට. අපේ ඉන්නවා එල බුවෙක් නාමල් කියලා. අර මෙව්වා එකේ සභාපති තමා පොර. හැබැයි පොර බිව්වම දෙන ෆන් එක නම් කියලා වැඩක් නෑ.

ඔන්න ඉතිං ග්‍රෙගරි වැවේ මෙහා පැත්තේ තානයමේ ඉඳන් මූ බීලා… බීලා… එදා ට්‍රිප් එක ආවේ නැති අයියා කෙනෙකුට ගත්තා කෝල් එකක්… බිව්වම පස්සේ ඉතිං කෝල් එකක් ගන්නේ සැප දුක අහන්න නෙවෙයිනේ… ෆුල් බයිටක් දෙන්නනේ… ඉතිං කට්ටියටම ඇහෙන්න ලවුඩ් ස්පීකරුත් දැම්මා…

ඔන්න ඩයල් කරපු ගමන්… ඔබ ඇමතු අංකය කාර්ය බහුල බැවින්, කරුණාකර පසුව අමතන්න… කියලා අක්ක කෙනෙක් කිව්වා…

අනිත් පැත්තට නාමලා… හරි හරි… තැන්ක් යූ අක්කා… මං පස්සේ ගන්නම්…. කියලා ෆොන් එක කට් කලා.

කට්ටියට දැන් හිනා. බයිටක් දෙන්න ගිහිං බයිට් වුනේ නාමල් නිසා. ඒත් අනිත් පැත්තට නාමලා කියපි… අපරාදේ බං… වැරදි වෙලාවේ කතා කරේ… අරූගේ ගෑණීට මළ පැනලද කොහෙද බං කතාකලේ… අර කාර්ය බහුලයි කිව්වේ…. ඒකනේ… පොසිෂන් එක අවුල් වුනාද දන්නෙත් නෑ… පවු බං… කියලා… එතනින් එහාට උදාවෙච්ච තත්වය සහ නාමල් ගහ ගත්ත තැන්ක් යූ අක්කා කාඩ් එක ගැන නම් කියන එකත් ශෝචනීයයි…!!!

%d bloggers like this: