හරියටම මාසයයි සති කීපයකට පස්සේ අයෙමත් මං කුමාරයට මගේ සුන්දර…. ඒත් දුක් මුසු තැන් වලිනුත් අඩු නොවිච්ච, ඒත් හරිම අමුතු ආදරේ ගැන මතක් වුනා. ඒ කාලේ තමා යශෝධරාව විශාරද කර කර හිටයේ. ඉතිං එහෙ යන දවසක් ඇත්තං මං කුමාරයටත් අනිවාර්යෙන් සිංදුවක් අහන්න ලැබෙනවා වගේම සමහර වෙලාවට ලෝකෙ පෙරලලා හරි යශෝධරාව ඉල්ලන සිංදු ගෙනත් දෙන්නත් වෙනවා. ඇත්තටම ඒ දවස් යශෝධරාවගේ කෙසේ වෙතත් මං කුමාරයාගේ හිතේ නම් තිබුනේ පුංචි නංගි කෙනෙක් ගැන ඇතිවෙන අමුතු මෙව්වා එකක් විතරයි.
හැබැයි මේ කියන දවසින් පස්සේ තමා ඒ හැඟීම ටිකක් වෙනස් වෙලා, ඇඩ්වාන්ස් වෙලා එතනින් එහාට… මහා ලොකූ හීන කන්දකුත් ගොඩගහගෙන, ලස්සන ප්රාර්ථනා ගොඩකුත් හිතේ පුරෝගෙන ඉන්න වුනේ.
ඉතිං මේ කියන දවසේ මං කුමාරයට නඩුකාරි ගේ ක්ලාස් තිබ්බ දවසක්. මං කුමාරයත් ස්කෝලේ ගිහිං ඇවිත් පට පට ගාලා නාලා කාලා ලෑස්ති වෙලා ගියේ පුංචි හුරතල් මූනත් දැකබලාගෙන තව සතියකට විතර ඇති වෙන්න අමුතු මතකයන් රොත්තක් එකතු කර ගෙන එන්න. යශෝධරාවත් ස්කෝලේ ගිහිං ඇවිත්, එයාලගේ මාලිගය ඉස්සරහා තියෙන කොන්ක්රිට් කනුවක් උඩ එහෙට මෙහෙට පැන පැන, ඇට්ටේරියා මල් එකතු කරගෙන මං එන දිහා බලාගෙන ඉන්නවා මං දැක්කේ දුර තියාමයි. එදා නම් මට හිතුනේ නෑ එයා පුංචි සුරංගනාවියක් වගේ නේද කියලා… ඒත් අද නම් සිය දහස් සැරයක් එහෙම හිතෙනවා.
කොහොම හරි ඉතිං මං යශෝධරාව පහු කරගෙන ගේට් එක ගාවින් යද්දී ඇට්ටේරියා මල් දෙක තුනක් මගේ ඇඟේ වැදීගෙන හුළඟත් එක්ක මුහු වෙලා මගේ හිතත් තෙමා ගෙන ගිය බව නම් මතකයි. පස්සේ ඉතිං කෝලම් කරන්න වෙලාවක් නැහැනේ. මාලිගයට ආවේ ඉංග්රිසි ඉගෙන ගන්නනේ. ඒක නිසා ඉතිං වැඩිය දඟලන්නේ කරන්නෙ නැතුව ක්ලාස් එකට ගිහිං වාඩි වුනා. පස්සේ ඉතිං මයෙ පෙර අකුසල කර්මයකටද කොහෙද මාත් එක්ක ක්ලාස් එන එක යාළුවෙක්වත් එදා නෑ. දැන් ඉතිං තනියම ඇක්ටිවිටි කොරපංකෝ කියලා හිතින් හිත හිත ඉද්දී… ක්ලාස් එකේ තිබුන ලී කණුවක් ගාව කොහෙන්දෝ ආපු පුංචි කෙල්ලෙක් නතර වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ඒ දිහා බැළුවත් හරි ඒ පුංචි කටෙන් අහන්න ලෑස්ති වෙලා හිටිය ප්රශ්නේ ඇහුවා.
අම්මා ඇහුවා යාළුවෝ එන එකක් නැද්ද කියලා…???
ම්…ම්… ම්… දන්නේ නෑනේ… කවුරුවත් මට හම්බුනේ නෑ… වචන පැටලුනේ නෑ මං හිතන්නේ. ඒත් දිව නම් මොකක් හරි පිස්සුවක් නැටුවා.
හා… මං අම්මට කියන්නම්…. කියාගෙන මට තවත් කිසි දෙයක් කියන්නවත් තත්පරයක්වත් නොදී යශෝධරාව දිව්වා මාලිගයට. ඇත්තටම දැන් හිතුනට එවෙලේ මුකුත් කියන්න වුනේ නෑ නේද කියලා… ඇත්තට මං එවෙලේ මොනා කියන්නද…???
පස්සේ ඉතිං නඩුකාරි එනවා, පොත් ටිකත් අරගෙන. ඇවිත්, අද යාලුවෝ නැහැනේ… ක්ලාස් එක ටිකක් වෙලා කරලා නවත්තමු… කියාගෙන. මටත් ඉතිං ඉක්මනට ගෙදර යන්න පුළුවන් නිසා සංතෝස හිතුනට, මොකක් හරි දුකකුත් දැනුනා. දන්නේ නෑ ඒ මොකද්ද කියලා.
ඊට පස්සේ මොනා හරි ලෙසන් එකක් කරා. පස්සේ ටික වෙලාවක් යද්දී රෝස පාට පුංචි කොල කෑල්ලක් අතේ ගුලි කරගත්ත පුංචි ඇස් දෙකක් එයාගේ අම්මගේ අතේ එල්ලිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ හැඟීම් විස්තර කරන්නවත්, ඒ මතකය ආයෙම කෙනේ ඉදිරියේ මවලා පෙන්නන්වත් විදියක් මං තාම දන්නේ නැති නිසා හොඳයි. නැත්තං ඒ මොහොත කොයිතරම් හැඟීම් බරද කියලා දැක ගන්නම තිබුනා. පස්සේ ඉතිං මගේ ගාවට පුංචි පුංචි අඩි තිය තිය ඇවිත්….
ආ… මේක තියාගන්න… මට මේ සිංදුව හොයලා දෙන්න පුළුවන්නම්….
කියලා ආයෙම හෙමිහිට නඩුකාරි ළඟට ගිහිං ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරට දිව්වා ගෙට. නඩුකාරිත් ඇවිත්…
ඔය සිංදුවට නංගි ආසයිලු. පුතාට පුළුවන්නම් හොයලා ගෙනත් දෙන්න… කියලා ඔලුවත් අතගෑවද කොහෙද…
පස්සේ ඉතිං නඩුකාරිත් ටිකක් එහාට මෙහාට වෙනකං ඉඳලා මං කුමාරයා දිග ඇරියා මෙදා පාර ඉල්ලන සිංදුව මොකද්ද කියලා බලන්න. ලස්සන ලියුම් ලියන රෝස පාට කොලයක නිල් පාට කාබන් පෑනකින් පුංචි වටකුරු අකුරු වලින් මමත් ආසම, මගේ ගාව ඒ වෙනකොටත් තිබුන සිංදුවක් ලියලා ඒ කොලේ….!!! ඉතිං ඒ සිංදුව හොයලා දෙන එක ගැටළුවක් වුනේ නෑ මං කුමාරයට. ඊට පස්සෙන්දම සිංදුව සීඩී එකකට බර්න් කරලා ගිහිං දුන්නා.
ඒත් ඒ සිංදුව ලියලා දුන්න කොලේ….!!! ඒක මං කුමාරයට ලොකු ගැටළුවක් වුනා. එදා විතරක් නෙමේ අදටත්. තාමත් ඒක මගෙ ගාව තියෙනවා. හැබැයි සිය දහස් වාර ගනනක් නවලා දිග ඇරලම නැවුම් පාරවල් වලින් ඉරිලා ගිහිල්ලා. ඒත් එහෙම වෙන්න කලින් කොලේ ස්කෑන් කරලා තිබුන විදියටම ආයෙම එකක් හදාගන්න මට පුළුවන් වුනා. අකුරු ටික විතරක් කොපි කරගෙන කොලේ ආයෙම ඩිසයින් කරලා, දැන් මගෙ ගාව තියෙන සොෆ්ට් කොපිය තමා ඔය උඩ තියෙන්නේ….!!!
මට නම් නෙළුම් විලේ මල් සීයක් නෙමේ… නෙළුම් විල් සීයක් තිබුනත් එක නෙළුමයි…!!!
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 6:53 ට
සෝයි බං මාලුවෝ……
“මට නම් නෙළුම් විලේ මල් සීයක් නෙමේ… නෙළුම් විල් සීයක් තිබුනත් එක නෙළුමයි…”ආදරේ කොරන හැම එකාම ඔහොමනම් කොච්චර හොඳද
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:06 ට
අනිත් පැත්තට කෙල වුනාමත් ඉතිං එහෙම්ම තමා බං…
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 7:08 ට
මාර රොමැන්ටික් මාළුවෙක් නේ… ගති බන් මම යශොදරා ස්ටෝරියට හෙන ආසයි බන්.. සියල්ල හොඳින් විසදෙන්න කියල කියනවා.. ( ස්ටිල්ල් කොන්ටිනුව් වෙනව නේද මේක ? )
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:09 ට
නැතුව නැතුව මේක තමා එකම කනිටිනියුනිග් ෆයිල් එක…
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 8:09 ට
ඕවා පරිස්සමට එකතු කරලා තියපන්. පස්සට ඕවා සෑහෙන්න වැදගත් වෙයි..
මේ වතාවෙ වත් යසෝදරාව මාලුවව පතාගෙන ඇවිත් ඔතාගෙන යේවා කියල පතනවා..
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:10 ට
හික්ස්… උඹත් වරෙන් ඔතා ගෙන යද්දි…
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 8:30 ට
හ්..මාර රොමෑන්ටික් කතාවක්නේ..
සින්දුවෙන්මයි ආදර කතාව පටන් අරන් තියෙන්නේ..අතීතයටත් අනාගතයටත් සුභ පැතුම් මලේ..
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:10 ට
ස්තූතියි අක්කේ…
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 8:36 ට
ඔන්න ඔහොම තමයි මාලුවො ලව් කරන්න ඕන…..ජය වේවා…!!!
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:11 ට
හිටි ගමන් ඉලව් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි බං….
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 9:21 ට
niyama kollek……… anna ehema thama inna one love karanawanam ekekuta vitharamai…….. good luck
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:12 ට
උඹ මට හොඳක් කිව්වමද කොහෙද බොල….
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 9:31 ට
අකුරු නම් මුතු කැට.
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:12 ට
ඈ… අකුරු විතරක්…..
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 11:09 ට
ඩුවෙල් මිෂන් නොකර ඉන්න ආදර්සමත් කොල්ලෙක් නේ මියා.. (අපි ඉතිං ඕක ඉස්සර ඉදංම දන්නවනේ…)
බොගෙ ලවට දිර්ගායුශ පතනව මාළුවෝ… එළැ… කීප් ඉට් අප් ඈ… 😀
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:13 ට
මල්ටි මිෂන් වුනත් මලේ ලව් කරන්නේ එකටයි….
2012 පෙබරවාරි 10 දින පෙ.ව. 9:10 ට
හික් එළ කිරි මචෝ… එහෙම තමයි ඉන්නෝන බං…
2012 පෙබරවාරි 8 දින ප.ව. 1:13 ට
එහෙනං මෙතැනදි කෙල්ලයි, කොල්ලට ලව් ලෙටර් එක දුන්නෙ
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:14 ට
ඔය පළවෙනි අවස්ථාව…. මේං දෙවෙනි එක….
2012 පෙබරවාරි 8 දින ප.ව. 2:23 ට
උඹලගේ ලව් ස්ටෝරි එක නම් මාර සිරා බං…
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:14 ට
තෑන්ක්ස් මචෝ….
2012 පෙබරවාරි 8 දින ප.ව. 2:49 ට
“මට නම් නෙළුම් විලේ මල් සීයක් නෙමේ… නෙළුම් විල් සීයක් තිබුනත් එක නෙළුමයි…!!!”
ඒක නම් පට්ට කතාව.:) අනේ මන්ද මාළු අයියේ…..
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:15 ට
ඇයි බං අනේ මන්ද කියන්නේ….
2012 පෙබරවාරි 8 දින ප.ව. 11:08 ට
මතකද මම අර දවසකුත් කිව්වේ, මට ඔය කතාවේ පොඩි කොස්සක් තියනවා කියල….
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:13 ට
ම්… මතකයි…
2012 පෙබරවාරි 8 දින ප.ව. 4:49 ට
අඩේ අදනෙ මම දන්නෙ විසාරොද කොරන්නෙ.. සින්දුකියල බව…… යකෝ මෙච්චර කල් හිතං හිටිය වැරදියිනේ රාග කියන්න ඕනෙ කියල….. එතකොට නෙලුම්මල් සීයෙ සින්දුවත් විසාරොද විබාගෙට එන එකක්ද…..?
හ්ම්…. ඉස්සෙල්ලාම මුට්ටිය දැම්මෙ එහෙනං යසෝදරා ඈ……..
ඒ අර කනගාවිං අට්ටෙරියා මල් ගිය සීන් එක මොකද්ද…. කෙල්ල මල් වල්ලකිං දමලවත් ගැහුවද…. තොට සනීපෙට දැනුනෙ….ඔයකාලෙ මල් වල්ලකිං නමෙයි පොල් වල්ලකිං ගැහුවත් සනීපයිනෙ….
යසෝදරා…. අයියෝ…අයියෝ… මට බෑ ….. මට බෑ……..
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:16 ට
හිකි හිකි
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:29 ට
ඇත්තටම අයියේ ඔයා ලියන විදිහෙනම් අමුතුම ගතියක් තියනවා.ඇත්තටම ඔයා ඒ සිද්දිය කියපු විදිහට මට මාර හැඟීමක් දැනුනා.ඔයාට බොහෝම ස්තූතියි මම ගොඩාක්ම ආදරය කරන සින්දුවක් මතක් කරල දුන්නට.මම මේ කමෙන්ට් එක දාන වෙලාවෙත් හෙඩ් ෆෝන් එක ගහගෙන ඔය සින්දුව අහනවා.ඇත්තටම පුදුම ලස්සන සින්දුවක් වගේම ඔයාගෙ කතාවත් මාර ලස්සනයි.
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:11 ට
මමත් ඔය සින්දුවට කැමති වුනේ ඔය සීන් එකෙන් පස්සේ බං…
2012 පෙබරවාරි 8 දින ප.ව. 7:02 ට
අන්න හරි බන්… විලේ නෙළුම් මල් කොපමණ තිබුනත් එක මලකට පෙම් කරපන්…
මේ බන් මාළුවෝ, තාම යශෝධරාට කිව්වේ නැද්ද?
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:12 ට
යශෝධරාට ආයෙ අමුතුවෙන් මොනා කියන්නද බං…
2012 පෙබරවාරි 8 දින ප.ව. 7:04 ට
ඔය ආදරය ඔය ලෙසම සදාකල් පවතීවා!
henryblogwalker the Dude
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:12 ට
ම්ම්ම්… ආදරේ තව ටිකක් වැඩි වෙනවනම් තවත් නියමයි…
2012 පෙබරවාරි 11 දින ප.ව. 12:24 ට
නිකං ලෝබ මෝඩයෙක් නොවී හිටු. ඔය තියෙන ගාන ඇති.
henryblogwalker the Dude
2012 පෙබරවාරි 11 දින ප.ව. 1:06 ට
😉
2012 පෙබරවාරි 8 දින ප.ව. 10:14 ට
ප්රසන්න යශෝදරා ආදර කතාවට දීර්ඝායුෂ පතන්නෙමි !
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:13 ට
තෑන්ක්ස් මලේ….
2012 පෙබරවාරි 9 දින පෙ.ව. 12:08 ට
බලාගෙන යනකොට හැමෝම එකයි නේ.
මාගවත් තියෙනවා ඔහොම කොලයක් පරිස්සන් කරලා තියෙන
🙂
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:14 ට
අම්මලට එහෙම මාට්ටු කරගන්න එපා…. විනාසයි …
2012 පෙබරවාරි 9 දින පෙ.ව. 1:22 ට
වංක ආදරවන්තයින්ට අවංක මාළුවාව ආදර්ශයක් වේවා!!!
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:14 ට
හිකිස්… ඔච්චරයි මං හිතන්නේ ආදර්ශයක් ගන්න කියලා තියෙන්නේ…
2012 පෙබරවාරි 9 දින ප.ව. 8:45 ට
මම මාරම ආසාවෙන් කියවන ලවු ස්ටෝරියක් මේක.. මටත් කාලෙකට උඩදි කෙනෙක් මුණගැහුනේ ඉංග්රීසි පන්තියකදිනේ..
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:16 ට
ඉංග්රිසි පන්ති හැමෝටම සුබයි වගේ දිනේෂ්….
2012 පෙබරවාරි 10 දින ප.ව. 7:11 ට
mama harima asai me kathawata…oyata yashodarawa abenna kiyala wish karanawa…!
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:17 ට
තෑන්ක්ස්….
2012 පෙබරවාරි 10 දින ප.ව. 7:13 ට
ikaminma gatalu nirakaranaya wela dennata ekathu wenna labewa kiyanna thama wenne machan….
mage wayase ekekne…
uba kana katta mata hitha ganna puluwan…
supa pathum macho
2012 පෙබරවාරි 10 දින ප.ව. 9:18 ට
තෑන්ක්ස් මචං….