මේක තමා ලේසටස්ම උදාහරණය, මගේ සහ මං අවට ඉන්න ෆිට් බුවාල කිහිපදෙනෙකුගේ යහපත් කල් කිරියාව පෙන්නන්න තියෙන. පොඩි කාලේ කකුල් හූරගෙන අනුන්ගේ තැඹිලි ගහකට බඩ ගාලා තැඹිලි ගෙඩියක් බිව්වත් හරි ගිය සිකුරාදා වෙනකං අවුරුදු ගානක් තිස්සෙම බිව්වේ කඩේ තැඹිලි. ගෙදර තැඹිලි බොන්න තාම චාන්ස් නැහැනේ.
ඔක්කොමත් හරි මේක කරපු තැන වැරදියි කියලා මට බැනුම් අහන්න වෙන එකත් ෂුවර්. කමක් නෑ, පොඩි ෆන් එකක් ගන්නනේ. අනික ආයතනීය ආරක්ෂක සේනාවත් මේකට කෙලින්ම නැතත් වක්රා කාරව සම්බන්ධයි.
ගිය සිකුරාදා, අපි අපේ අළුත් ඔෆිස් එකේ නයිට්. අහන්න එපා ඉතිං මොනාද ඔච්චර කරන්න තියෙන වැඩ කියලා. මොකද එව්වා කියන්න වචන නෑ. ඉතිං ගිය දා ඉඳන්ම කාර් ගේම් ගහන එක සිරිතක් නිසා ගිය සිකුරාදාත් රෑ දහය විතර වෙනකං සෙල්ලං කරායි කියමුකෝ. ඒත් වෙනදට නවයාමාර වෙද්දී නිදි මත හැදෙන එවුන්ට එදා නිදි මත නෑ. පස්සේ කට්ටියම කතා වෙලා ඔෆිස් එකෙන් පහල තියෙන උද්‍යානය වගේ එකට ආවා. උද්‍යානය කිව්වට මොකද එක මලක් වත් නෑ. සමහර විට රෑ නිසා වෙන්න ඇති. පස්සේ කවදාවත් එළිය තියෙන වෙලාවෙදී අපි නොගිය වතුර බාගෙට තියෙන ඉබ්බන්ගෙයි ගෙම්බන්ගෙයි නවාතැනක් වෙච්ච, පොල්, තැඹිලි ගස් වලින් වට වෙච්චි තඩි පොකුන ගාවට ගියා. මේ ඔක්කොම සිද්ධ වෙද්දි රෑ එකොලහට විතර ඇති.
ඊට පස්සේ අපේ එවුන්ට කෘතිම ඒ.සී එකේ ඉඳලා ඇති වෙලා නිසා කට්ටියම පොකුණ ගාව තනකොල බිස්සේ දිගා වෙලා පැය භාගයක් යන්න ඇති…. කව්දෝ එකෙක් කිව්වා… අඩෝ මේ ගස්වල තැඹිලි තියෙනවා, කඩමු බං කියලා. ඊට පස්සේ අනිත් උං තුන් දෙනාත් බෑම කිව්වා.
පස්සේ කොහොම කොහොම හරි ඔන්න කව්රු හරි එනවද බලන්න කියලා බුද්ධි අංශ නායකයෙක්ව පත් කරගත්තා. ඊට පස්සේ ගස් නැගලා පුරුද්දක් තියෙනවා කිව්ව අනිත් එකාට හයියක් වෙන්න කියලා මෙන්න මෙහෙම ඉතුරු දෙන්න ගස් නැග්ග එකාගේ කකුල් ශක්තිමත් කලා. අපේ ගස් නගින්න පුරුදු එවුන් ඔහොම තමා ගස් නගින්නේ ඉතිං.
පස්සේ ඉතිං අමාරුවෙන් අඹරවලා අඹරවලා යාන්තං කුරුම්බා ගෙඩි දෙකක් කඩාගත්තා. කඩාගෙන සාස්… ගාලා එක පාරම දෙකම පොල් ගහ අයිනේ තියෙන තඩි පොකුනට. දැන් ඉතිං ඒක ගන්න වෙනම මිෂන් එකක් කරන්න වෙන බව ගහේ හිටිය එකාට දැනුන නිසාම ආපු හිනාවට ඌට ගහේ ඉන්න බැරුව ගහ දිගේ රූටල අනිත් උං දෙන්නගේ කරමතින් යාන්තං බිමට බැහැගත්තා, කකුල් කඩාගන්නේ නැතුව. පස්සේ තවත් විනාඩි දෙක තුනක් ඉඳලා ඕං නැග්ගා බුද්ධි අංශ නායක ගහට. පොර ගස් නගින්නේ ඉනිමං තියලා උනාට මෙදා පාර නම් යාළුවෝ දෙන්නගේ අත් දෙකට බර දීලා යාන්තං පොල් අත්තක එල්ලිලා ගහේ මුදුනටම නැගලා (අළුත ගත්ත ඩෙනිම පිටින්) කූඹි කකා… තවත් හොඳ කුරුම්බා දෙකක් කඩලා ඉස්සෙල්ලා දෙක වගේ නැතුව පහල කට ඇරගෙන ඉන්න උං දෙන්නගේ අතටම ලෑන්ඩ් කෙරෙව්වා….
ඔන්න ඌත් යාන්තං ඩෙනිමට පිං සිද්ධ වෙන්න කකුල් දෙක තුවාල කරගන්නේ නැතුව ගහෙන් බැස්සා. ඉතිං දැන් හොර කුරුම්බා මිෂන් එක් අන්තිම හරිය. දැන් කොහොමද කුරුම්බා කපන්නේ…??? අන්න ප්‍රශ්නේ…
ඊළඟට වහාම ක්‍රියාත්මක උනේ එච්. ආර් එකේ අධිපති වගේ ඉන්න යාලුවා. ගාඩ් රූම් එකෙන් පිහියක් ඉල්ල ගමු බං…. කියල ඌට කට පියාගන්න හම්බුනේ නෑ, ස්ටෝර්ස් අධිපති වගේ ඉන්න එකා දිව්වා ගාඩ්රූම් එකට පිහියක් ගේන්න. වෙලාවට එච්.ආර් බුවා හිටියේ. නැත්තං ඉතිං කුරුම්බා පොලේ ගහලා ඇඟ පුරාම කහට නාන්න වෙන්නේ. නිකංද එව්.ආර් ඩිපාමන්ට් එකට හිත රත්තරං දෙපාර්තමේන්තුව කියන්නේ….!
පස්සේ වැඩි විස්තර නැතුව ඔෆිස් එකේ සෑර්ලට ගාඩ් රූම් එකෙන් පිහියක් ලැබිලා තිබුනා. පස්සේ ඉතිං ඔය රූපයේ පේන පරිදි යාළුවෙක් ප්‍රථම කුරුම්බා ගෙඩිය කැපුවා.
ඊට පස්සේ ඔන්න අර කිව්ව බුද්ධි අංශ නායක පළමු තැඹිලි ගෙඩිය බොනවා. මේකෙ ඇස්දෙක වැහුවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙයි කියලා හිතාගෙන මිසක්කා අවලං කමකට එහෙම නෙවෙයි. ඊට පස්සේ අනිත් කුරුම්බා ගෙඩි තුනක් කපලා බඩ පැලෙනකං කුරුම්බා බීලා… කෝම්බ ටික එහා පැත්තේ වෙලට, වැට උඩින් ගුවන් ගත කරලා ආයෙම ඔෆිස් එකට ගිහිං ස්පොන්ජ් උඩ නිදාගන්න ඇලවෙද්දී වෙලාව පාන්දර එකයි…!
නැගිටිද්දී උදේ අටයි… ඕෆ් වෙන්න ඕනේ හයයි තිහට…! එතෙනත් වැඩිපුර ඕ.ටී පැය එකාමාරක්….!!!
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 7:01 ට
ඉතිං කොහොමෙයි ලංකාව දියුණු කරන්නෙ….
මේ වගේ අසමජ්ජජාති වැඩ කරන එවුන් එක්ක…
අපි මෙහේ කට කැඩෙනකං ලියනවා… (සොරි අත) යහපත් කල් කිරියාවෙන් යහපත් ආකල්ප වලින් අවංකව සේවය කරන්න කියලා…
මේකා අවලං වැඩ කරලා ඒ මදිවට ප්‍රසිද්දියේ ලියනවත් එක්කලා…..
තියෙනවද ලොක්කගෙ ඊ මේල් එක ලඟ පාතක ?
විස්තරේ ලියලා යවන්න….. ?
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:36 ට
අයියා මොකෝ කියන්නේ ලොක්කත් මේ සෙට් එකේ සාමාජිකයෙක් කිව්වොත්….!!!!
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 7:50 ට
සික් මෙච්චර මිනිස්සු කිව්වේ වල් මාළුවා කියලා. දැන් හොර මාළුවා කියලත් කියන්න වෙනවා. අම්මෝ එව්.ආර් ඩිපාමන්ට් එකට හිත රත්තරං දෙපාර්තමේන්තුව කියලම තමයි මිනිස්සු කියන්නේ.
ඒක නෙමෙයි මොකෝ අර “ගෙදර තැඹිලි බොන්න තාම චාන්ස් නැහැනේ.” කියල තියන ටික ලා පාට කරලා????
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:38 ට
උඹත් ඉඳලා ඉඳලා අහන්නේ මහ ඕනේ නැති ප්‍රශ්නනේ බං… 😀
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 8:37 ට
කසුනට තියෙන ප්‍රශ්නෙම මටත් තියෙනවා.
ඇයි ගෙදරින් තම අවසර දුන්නේ නැද්ද !!!
ප.ලි. – ගෝල්ඩ් fish ගේ මාළු රෑනට එකතු වෙන්න ඔබගේ email ලිපිනය ලබදෙන්න.
මෙහෙම ඊමේල් එක දුන්නම ලිපිය මේල් වෙනවද ???
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:41 ට
ගෙදරින් අවසර දුන්න පලියට එහෙම එව්වා කොරන්න පුළුවන්ද බං… තව කොයිතරම් වැඩ තියෙනවද….
දන්න අයනම් කියන්නේ එහෙම ඊ මේල් එක දුන්නම පෝස්ට් එකේ සමරියක් එක්ක ලින්ක් එකක් මේල් එකට එනවා කියලා… උඹට කියන්න මං වත් තාම ඕකට සෙට් වෙලා නෑ බං.
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 8:55 ට
හික් හික්..හොර මාළුවා
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:42 ට
තවත් කාඩ් එකක් ගහලා…
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 9:26 ට
නෙදකින් තොපිත් කොරලා තියෙන වැඩ..ලජ්ජා නැතුව බ්ලොග් එකෙත් දාලා..
මම කියන්නෙ හොරෙන් තැඹිලි කඩපු එක නෙමෙයි..තැඹිලි කෝම්බ විසි කරපු එක..
දැන් ඩෙංගු මදුරුවො කන්නෙ උඹලවම තමයි..වැරදිලාවත් ඔය කෝම්බෙක ඉපදිච්ච ඩෙංගු මදුරුවෙක් කාවහරි කාලා ඌ මැරුනොත් එහෙම..
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:44 ට
අඩෝ උඹ හිතුවද අපි තැඹිලි කෝම්බ පලන්නේ නැතුව විසික් කලා කියලා… ඈ හරියෝ…. අනික බං මෙහෙ හැම මාසෙකටම පාරක් ඩෙංගු වලට දුමක් ගහනවා බං. අපිටත් ඉන්න හිටින්න බෑ ඒකේ සැරට.
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 9:37 ට
කවදාහරි දවසක ගෙදර තියෙන තැඹිලි බීලා…… ලොඳ කන්න හදන්න එපා.. ගහෙනුත් වැඩක් නැති වෙයි…………:P
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:47 ට
උඹට කතාව හරියට තේරිලා නෑ බං…
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 9:53 ට
ඒ පාර හොරකම් කරන්නත් පටන් අරන් වගේ
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:49 ට
ජොලියටනේ නංගියේ… පුරුද්දකට නෙමෙයි…
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 11:06 ට
මෙහෙමත් මාළු කිව්වලු…..
2012 පෙබරවාරි 5 දින ප.ව. 2:03 ට
හැමාදාම නැහැනේ බං…
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 11:25 ට
ඔය තියෙන්නෙ වැඩ…ඔය වගේ වැඩක් කරේ නැත්නම් කිසි මෙව්ව එකක් නෑනෙ…. 😀
2012 පෙබරවාරි 5 දින ප.ව. 2:04 ට
අන්න ඒකනේ බං…
2012 පෙබරවාරි 5 දින ප.ව. 5:46 ට
ශි…මුං මහ හොරු රැලක්….[ඊරිසියාවෙ බෑ]
2012 පෙබරවාරි 5 දින ප.ව. 8:11 ට
දැන් ඉතිං ගස් නගින වයසක්යෑ… ඉරිසියා නොකර ඉන්න…
2012 පෙබරවාරි 5 දින ප.ව. 7:42 ට
හෙහ් හෙහ් , ඉඳලා හිටලා හරි ඔහොම ෆන් එකකුත් තියෙන්න එපායැ බං
2012 පෙබරවාරි 5 දින ප.ව. 8:15 ට
අපි හිතං ඉන්නේ බං… හැම සෙනසුරාදම ඉඳලා හිටලා ගහට වැඩේ දෙන්න…
2012 පෙබරවාරි 5 දින ප.ව. 8:37 ට
තැබිලි හොර මාළුවා 😀 ඒක නෙවේ මටත් හරි පුරස්නෙනේ අර තාම තැබිලි බොන්න චාන්ස් ඒක නැහැ කිව්ව එක ලා පාට කොරපු එක :P.මිශන් ඉම්පොසිබල් 4
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:48 ට
ඒක ගැන වැඩිය හිතන්න එපා බං…
2012 පෙබරවාරි 5 දින ප.ව. 8:42 ට
කවදාහරි මගේ කොම්පැණියක් දැම්මොත් වැඩට ගන්නෙ කවුද නැත්තෙ කවුද කියන එක මම දෑනටම තීරණය කරලා ඉවරයි.
henryblogwalker the Dude
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:50 ට
එහෙමනම් අයියටහ තමා ඔක්කොම තනතුරු බාරගන්න වෙන්නේ….
2012 පෙබරවාරි 5 දින ප.ව. 9:04 ට
අප්පෝ බං උඹ අපේ දිහා නම් එන්න එපා
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:50 ට
හිකිස්…. උඹත් බය වුනා නේද…
2012 පෙබරවාරි 6 දින පෙ.ව. 1:07 ට
හික් හික් පංසල් වත්තේ හැම තැඹිලි ගහක්ම අඳුරනවා ඒකාලේ….
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:50 ට
සාංගික දේවල්නේ….
2012 පෙබරවාරි 6 දින පෙ.ව. 5:38 ට
බුද්ධි අංශේ නායකයා උනේ බුද්ධි නෙමේ නේද?
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:51 ට
අම්මෝ නෑ….
2012 පෙබරවාරි 6 දින පෙ.ව. 8:01 ට
අනේ මම පොඩ්ඩි කියලා කමෙන්ට් එකක් දැම්මා. ඒක පේන්ටවත් නෑ. 😦
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:51 ට
හරි හරි ඒක ඈක්සෙප්ට් කලා…
2012 පෙබරවාරි 6 දින පෙ.ව. 8:29 ට
අදින් පස්සෙ තැඹිලි ගහට සොරි ඩොට් කොම් තමයි..
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:52 ට
හික්ස්… පිස්සුද බං. වැඩිය කඩන නරක ලමයි නෙවේ අපි…
2012 පෙබරවාරි 6 දින ප.ව. 2:05 ට
හැදෙයිද රට ඉතින්. 😛
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:52 ට
තව මොනා හැදෙන්නද අක්කේ…
2012 පෙබරවාරි 6 දින ප.ව. 2:36 ට
ado ubalata OT denne pol kadannada? horage dasa wahala thibunata api dannawa horai horage kandayai kawda kiyala.mokada kiyanne ammata letter ekak dannada puthage kal kiriyawa kiyala
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:52 ට
ගිය ගමන් අම්මට කිව්වා බං…
2012 පෙබරවාරි 6 දින ප.ව. 5:58 ට
මීට පස්සේ වත්තේ ගහකට එක ගානේ සිකුරුට්ටෝ දාන්න වෙයි වගේ! ඉකමනට ගෙදර තැඹිලි බොන්න ලැබේවා!
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:53 ට
හොඳ ප්‍රාර්ථනයක් මචං….
2012 පෙබරවාරි 6 දින ප.ව. 8:36 ට
රටක දියණු කොරන්නේ කොහොමද මං අහන්නේ
2012 පෙබරවාරි 7 දින පෙ.ව. 9:54 ට
උඹලා අපි වගේ එවුන් ඉන්න කොට නේද බං….
2012 පෙබරවාරි 7 දින ප.ව. 3:52 ට
ඔන්න ඔය වෙලාවට තඹයි හිතෙන්නෙ ලංකාවෙත් ශාරියා නීතිය තිබුනනං කියල . . .
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:04 ට
ඒ අහවල් එකක්ද ඒ…
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 7:05 ට
නොදකින් යකෝ… මෙහෙමත් රස්සාවල්. මම නම් ඔය බුකියට ගොඩ වෙලා.. බ්ලොගයක් බලන එක විතරය් පඩියට. මුන් නොදෝමකින්.. යකො මුන්ට හොර පොල් කඩන්නත් පඩි ගෙවනවනේ
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:08 ට
හරිනම් අපිට වෙනම එලවන්ස් එකක් දෙන්න ඕනේ බං….