හොර කුරුම්බා මෙහෙයුම…

මේක තමා ලේසටස්ම උදාහරණය, මගේ සහ මං අවට ඉන්න ෆිට් බුවාල කිහිපදෙනෙකුගේ යහපත් කල් කිරියාව පෙන්නන්න තියෙන. පොඩි කාලේ කකුල් හූරගෙන අනුන්ගේ තැඹිලි ගහකට බඩ ගාලා තැඹිලි ගෙඩියක් බිව්වත් හරි ගිය සිකුරාදා වෙනකං අවුරුදු ගානක් තිස්සෙම බිව්වේ කඩේ තැඹිලි. ගෙදර තැඹිලි බොන්න තාම චාන්ස් නැහැනේ.

ඔක්කොමත් හරි මේක කරපු තැන වැරදියි කියලා මට බැනුම් අහන්න වෙන එකත් ෂුවර්. කමක් නෑ, පොඩි ෆන් එකක් ගන්නනේ. අනික ආයතනීය ආරක්ෂක සේනාවත් මේකට කෙලින්ම නැතත් වක්‍රා කාරව සම්බන්ධයි.

ගිය සිකුරාදා, අපි අපේ අළුත් ඔෆිස් එකේ නයිට්. අහන්න එපා ඉතිං මොනාද ඔච්චර කරන්න තියෙන වැඩ කියලා. මොකද එව්වා කියන්න වචන නෑ. ඉතිං ගිය දා ඉඳන්ම කාර් ගේම් ගහන එක සිරිතක් නිසා ගිය සිකුරාදාත් රෑ දහය විතර වෙනකං සෙල්ලං කරායි කියමුකෝ. ඒත් වෙනදට නවයාමාර වෙද්දී නිදි මත හැදෙන එවුන්ට එදා නිදි මත නෑ. පස්සේ කට්ටියම කතා වෙලා ඔෆිස් එකෙන් පහල තියෙන උද්‍යානය වගේ එකට ආවා. උද්‍යානය කිව්වට මොකද එක මලක් වත් නෑ. සමහර විට රෑ නිසා වෙන්න ඇති. පස්සේ කවදාවත් එළිය තියෙන වෙලාවෙදී අපි නොගිය වතුර බාගෙට තියෙන ඉබ්බන්ගෙයි ගෙම්බන්ගෙයි නවාතැනක් වෙච්ච, පොල්, තැඹිලි ගස් වලින් වට වෙච්චි තඩි පොකුන ගාවට ගියා. මේ ඔක්කොම සිද්ධ වෙද්දි රෑ එකොලහට විතර ඇති.

ඊට පස්සේ අපේ එවුන්ට කෘතිම ඒ.සී එකේ ඉඳලා ඇති වෙලා නිසා කට්ටියම පොකුණ ගාව තනකොල බිස්සේ දිගා වෙලා පැය භාගයක් යන්න ඇති…. කව්දෝ එකෙක් කිව්වා… අඩෝ මේ ගස්වල තැඹිලි තියෙනවා, කඩමු බං කියලා. ඊට පස්සේ අනිත් උං තුන් දෙනාත් බෑම කිව්වා.

පස්සේ කොහොම කොහොම හරි ඔන්න කව්රු හරි එනවද බලන්න කියලා බුද්ධි අංශ නායකයෙක්ව පත් කරගත්තා. ඊට පස්සේ ගස් නැගලා පුරුද්දක් තියෙනවා කිව්ව අනිත් එකාට හයියක් වෙන්න කියලා මෙන්න මෙහෙම ඉතුරු දෙන්න ගස් නැග්ග එකාගේ කකුල් ශක්තිමත් කලා. අපේ ගස් නගින්න පුරුදු එවුන් ඔහොම තමා ගස් නගින්නේ ඉතිං.

පස්සේ ඉතිං අමාරුවෙන් අඹරවලා අඹරවලා යාන්තං කුරුම්බා ගෙඩි දෙකක් කඩාගත්තා. කඩාගෙන සාස්… ගාලා එක පාරම දෙකම පොල් ගහ අයිනේ තියෙන තඩි පොකුනට. දැන් ඉතිං ඒක ගන්න වෙනම මිෂන් එකක් කරන්න වෙන බව ගහේ හිටිය එකාට දැනුන නිසාම ආපු හිනාවට ඌට ගහේ ඉන්න බැරුව ගහ දිගේ රූටල අනිත් උං දෙන්නගේ කරමතින් යාන්තං බිමට බැහැගත්තා, කකුල් කඩාගන්නේ නැතුව. පස්සේ තවත් විනාඩි දෙක තුනක් ඉඳලා ඕං නැග්ගා බුද්ධි අංශ නායක ගහට. පොර ගස් නගින්නේ ඉනිමං තියලා උනාට මෙදා පාර නම් යාළුවෝ දෙන්නගේ අත් දෙකට බර දීලා යාන්තං පොල් අත්තක එල්ලිලා ගහේ මුදුනටම නැගලා (අළුත ගත්ත ඩෙනිම පිටින්) කූඹි කකා… තවත් හොඳ කුරුම්බා දෙකක් කඩලා ඉස්සෙල්ලා දෙක වගේ නැතුව පහල කට ඇරගෙන ඉන්න උං දෙන්නගේ අතටම ලෑන්ඩ් කෙරෙව්වා….

ඔන්න ඌත් යාන්තං ඩෙනිමට පිං සිද්ධ වෙන්න කකුල් දෙක තුවාල කරගන්නේ නැතුව ගහෙන් බැස්සා. ඉතිං දැන් හොර කුරුම්බා මිෂන් එක් අන්තිම හරිය. දැන් කොහොමද කුරුම්බා කපන්නේ…??? අන්න ප්‍රශ්නේ…

ඊළඟට වහාම ක්‍රියාත්මක උනේ එච්. ආර් එකේ අධිපති වගේ ඉන්න යාලුවා. ගාඩ් රූම් එකෙන් පිහියක් ඉල්ල ගමු බං…. කියල ඌට කට පියාගන්න හම්බුනේ නෑ, ස්ටෝර්ස් අධිපති වගේ ඉන්න එකා දිව්වා ගාඩ්රූම් එකට පිහියක් ගේන්න. වෙලාවට එච්.ආර් බුවා හිටියේ. නැත්තං ඉතිං කුරුම්බා පොලේ ගහලා ඇඟ පුරාම කහට නාන්න වෙන්නේ. නිකංද එව්.ආර් ඩිපාමන්ට් එකට හිත රත්තරං දෙපාර්තමේන්තුව කියන්නේ….!

පස්සේ වැඩි විස්තර නැතුව ඔෆිස් එකේ සෑර්ලට ගාඩ් රූම් එකෙන් පිහියක් ලැබිලා තිබුනා. පස්සේ ඉතිං ඔය රූපයේ පේන පරිදි  යාළුවෙක් ප්‍රථම කුරුම්බා ගෙඩිය කැපුවා.

ඊට පස්සේ ඔන්න අර කිව්ව බුද්ධි අංශ නායක පළමු තැඹිලි ගෙඩිය බොනවා. මේකෙ ඇස්දෙක වැහුවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙයි කියලා හිතාගෙන මිසක්කා අවලං කමකට එහෙම නෙවෙයි. ඊට පස්සේ අනිත් කුරුම්බා ගෙඩි තුනක් කපලා බඩ පැලෙනකං කුරුම්බා බීලා… කෝම්බ ටික එහා පැත්තේ වෙලට, වැට උඩින් ගුවන් ගත කරලා ආයෙම ඔෆිස් එකට ගිහිං ස්පොන්ජ් උඩ නිදාගන්න ඇලවෙද්දී වෙලාව පාන්දර එකයි…!

නැගිටිද්දී උදේ අටයි… ඕෆ් වෙන්න ඕනේ හයයි තිහට…! එතෙනත් වැඩිපුර ඕ.ටී පැය එකාමාරක්….!!!

 

%d bloggers like this: