මේකත් තව චරිත සහතිකයක්ම තමා. මේ ටිකේ කා ගැන හරි අහපුව ලියනවා ඇරෙන්න කතා ගොතන්නවත් හිතන්නවත් වෙලාවක් නෑ…
මෑන්ස්ගේ නම ශාන්ත. ගම හමුබන්තොට කියලා තමා කියන්නේ හැබැය ගියපු අය නම් කියන්නේ හම්බන්තොටත් ට යන්නේ උඩ කෙලවරේ කියලා. ඉතිං ඒ වගේ ටිකක් දුෂ්කර පළාතක කෙනෙක් ගැන කොළඹ අවට බස්නාහිර පලාතේ අය හිතන්නේ මහා මෝඩ විදියටනේ. ඒත් ශාන්ත ටිකක් වෙනස්.
අප්පටසිරි මූත් අපේ කම්පැනියෙම එකෙක් හරිද… නැත්තං බලයි මොකාද මේ කියලා.
ඉතිං මූ වෙනස් කියන්නේ මෙහෙමයි. පොර කැමති නෑ කුණු කසල තැන් තැන් වල දානවට. අඩුම ගානේ වාහනයක යන ගමන් බිස්කට් එකක් කාලා කොලේ පාරට දානවටවත් පොර කැමති නෑ. ඒ වගේ සීන් එකක් නිසා ශාන්තගේ නැන්දම්මත් ටික දවසක් තරහා වෙලා හිටියා. අනිත් එක තමා නිතර දකින, හොඳට අඳුනන කෙනෙක්ගේ වාහනයක් වුනත් චූටි මඩ පාරක්, දූවිලි පාරක් හෝ අඩුම ගානේ පුංචි හීරීමක් තිබුනත් පොරට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකේ හවටස ටාගට් දීලා ඉතුරු වෙලාවෙදී වාහන තම තමන්ගේ වාහන ටික හෝදගන්න කොට වෙලාව ඉතුරු වුනොත් අනිවාර්යෙන් අනුන්ගේ වාහනයක් දෙකක් උනත් ශාන්ත හෝදලා දෙනවා.
වැඩිය ඕනේ නෑ මං ලයිසන් ගන්න කලින් ටෙම්පරි ලයිසන් එකෙන් ඉන්න කාලේ… අන්න මගේ බයික් එක තියෙනවා උඹ ගිහිං පැට්රල් ගහගෙන ඕනෙ තරම් පැදලා අරෙන් වරෙන් කියන්න තරමට හොඳ පොරක්. එහෙම දවසක් දෙකක් ගෙනියද්දී එල් බෝඩ් එක බයික් එකට සෙට් කරලා දුන්නෙත් පොරමයි. බයික් එකත් අරං ඔෆිස් එකෙන් යන්න කලින් කියන්නේ මට බයික් එකක් ගත්තෑකි, උඹ යහතින් හෙට ඔෆිස් වරෙන් කියලා විතරයි. ඇයි ඉතිං මං එතකොට එල් බෝඩ්නේ.
මෙච්චර කල් කිව්ව මං කිව්වේ අපේ ඔෆිස් එකේ ඉන්න අප්සට් ගති ගුන තිබුන අය ගැනනේ. ශාන්ත කියන්නේ තනිකරම හොඳ ගති ගුණ තියෙන පොරක්. සල්ලි පස්සේ යන්නෙ නැති මනුස්සකමම හිතාගෙන ඉන්න පොරක්. හැබැයි ශාන්ත අපේ කම්පැනියට සම්බන්ධ වෙච්චි දාම කාට වරද්දගෙන නාගත්තෙ නැත්තං පොර තවත් සිරාම පොරක්.
ශාන්තගේ කාඩ් එක තමා මොයියා… කියන්නේ. මං දැනන් හිටියෙත් නෑ මුලින් මොයියා කියන එකේ තේරුම. කම්පනියට අළුතින්ම ආපු අය දන්නෙත් නෑ ටික දවසක් යන කං ඔය සීන් එක. අනික ශාන්තව දන්නේ මොයියා කිව්වම විතරයි. මොකද අපේ ෆැකිටරියේම ශාන්තලා ඉන්නවා පහක් හයක් විතර. මොයියාගේ ඩිපාමන්ට් එකෙත් ඉන්නවා තව ශාන්ත කෙනෙක්. ඉතිං මොයි ශාන්තව අමතනවා නම් අනිවාර්යෙන් මොයියා කියලා අහන්නම ඕනේ.
ඔන්න දවසක් දා හෙට ඉඳන් තියෙන මර්කන්ටයිල් නිවාඩු සෙට් එක වගේ දිග නිවාඩුවක් ආපු ගමන් අපේ කම්පැනියේ හිටිය කට්ටියක් සෙට් වෙලා තියෙනවා කතාරගම යන්න ට්‍රයි ෂෝ වලින්. ට්‍රයිෂෝ පහයි… ඔක්කොමලා පහලොවක් දාසයක් විතර. ඉතිං ඔන්න යන ගමන් හම්බන්තොට ලන්ඩන් හන්දියෙන් (පාරෙ නම මතක නෑ) හරවලා මොයියාලගේ ගෙදරට ගිහිං. ඒ වෙලාවේ ටිකක් අඳුර වැටී ගෙන වෙලාවක්ලු. ඉතිං මෙහේ වගේ තමා නිශාචර පක්ෂීන් තමන්ගේ ප්‍රනීත බීම හොයා ගමන් සහ සමහරු ඒ වෙනකොටත් පළමු වඩියෙන් අනුමත මේ වෙලාලු. මං කියන්නේ මොයියගේ ගමේ අය හරිද… අපේ එවුන් බීලා තියෙන්නේ වන්දනාවේ ගිහිං එන ගමන්.
ඉතිං කොහොම හරි මොයියාත් දැන් සෙට් එන බව දන්න නිසා ෆැක්ටරියේ නිවාඩු වක් දාලා ඊට කලින්දාම බෝඩ් වෙලා හිටිය තැනින් ගෙදර ඇවිත් ඉඳලා තියෙන්නේ. පස්සේ ඉතිං අපේ සෙට් එක ගිහිං බලද්දී මොයියගේ ගේ තියෙන්නේ පොඩි කඩ පිලක් ගාවලු. කඩ දෙක තුනක්, සැලුන් එකක් එහෙමත් තියෙනවලු. ඊට එහායින් මහ අඳුරු මැද්දේ රිදී පාටින් පේනවලු අපි රා බොමු කියලා බෝඩ් එකක්.
පස්සේ ඉතිං ඔය ගිය කට්ටියගෙන් වැඩි දෙනක් මොයියගේ ඇත්ත නම දන්නේ නෑනේ. ඉතිං ගේ ඉස්සරහට ගිහිං ඒ මොයියා අපි ආවා… කියලා එක පාරක් කිව්වලු.
කඩේ කතා කර කර හිටිය එවුන් කතා නැවැත්තුවලු… තේ කඩේ මුදලාලි දදා හිටිය තේ යාරේ තාමත් වැක්කෙරෙනවලු. කොන්ඩේ කපන සැළුන් එකේ බාබර්ගේ කතුර කොන්ඩ ගහක් ගාවට ගිහිං එහෙම්ම නැවතුනාලු. සිරාවටම එක පාරටම හෙන නිහැඬියාවක් ඇති වුනාලුත
ඉතිං අපේ එවුන් හිතලා තියෙන්නේ මේ වන්නියට වැඩිය පිට ගම් කාරයෝ එන්නෙත් නැති එකේ ආපු උංව පිළිගන්න තමා හදන්නේ මේ කියලා. ඔන්න ටික වෙලාවකින් මොයියගේ ගෙදර කට්ටියයි, වටේ පිටේ එවුනුයි එනවලු මුං සෙට් එක පිළිගන්න…
මල් මාලා අරගෙන….????
අනේ නෑ….
මෝල්ගස්, මන්න…කැති පිහි අරගෙන…
පස්සේ යාන්තං මොයියා මැද්දට පැනලා වැඩේ ශේප් කරලා. පස්සේ එකෙක් අහනවලු වලු මොයියාගෙන්… මොකේ බං මූං අපිට නෙලන්න හදන්නේ. ගමේ මිනිස්සු උඹත් එක්ක තරහද කියලා.
නෑ හු** ඔය මොයිය කියන එක මේ ගමේදි කියන්න එපා ආයේ තොපිට යන්න වෙන්නේ නෑ කියලා අරූගේ කනට කරලා කිව්වලු.
අනික් එවුන් අහනවලු…. ඒ ඇයි බං… කුණුහරුපයක්ද….
මොයියා කියනවලු… කුණු හරුපයක්ද… යකෝ තෝපේ මොයිය කපලා පො*** කරලා යවයි තොපිව… කියලා….
*** හිතාගත්න පුළුවන්නේ ප්‍රාදේශිය භාෂා නිසා ඇති වෙන ස්වභාවික ව්‍යවසනවල තරම…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 7:10 ට
මම් නම් ඕකෙ තෙරුම අහලා තියෙනො කලිං 😀 😀
අම්මපා උඹලට නෙලුවා නම් තමා මේ කතාව රසවත් වෙන්නෙ 😀
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:17 ට
අම්මට සිරි… උඹත් ටිකක් කිට්ටුයි නේද ඒ හරියට…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 7:32 ට
කොහොමද කතරගම ගිහිල්ලා.. මොයියවත් කපාගෙන…. රා බීලා අවාම තියෙන ආතල් එක….
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:17 ට
ඊට පස්සේ ආයේ කතරගම යන්නේ නෑ… කෙලින්ම මක්කම…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 7:49 ට
ආ හරි හරි මට තේරුණා. (රහසින්:- එතකොට ඒකද බං සීන් එක.. අඩේ උඹ පවු බං. මට දුකයි. හොඳ වෙලාට උඹ හෙමෙ ලිවුවේ)
😀 😀 😀 😀
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:18 ට
අඩෝව්….
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 8:12 ට
නූලෙන් බේරිලා තියෙන්නෙ !
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:18 ට
ඒකනේ… තව චුට්ටක් හිටයනම් බඩු හරි…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 9:11 ට
හප්පෝ ඉතිං උඹට බේරෙන්න බැරි වුණා එහෙනං???
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:19 ට
මේ අනිත් එකා… කොටියම කාපිය…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 9:22 ට
කට්ටිය කොළඹ ආවට පස්සේ “මො” අකුර අයින් කරලා වෙන කාඩ් එකක් එහෙම සෙට් උනේ නැද්ද? හි හි
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:19 ට
ඒක ඉතිං කොහොවත් කියන්න බැහැනේ බං….
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 10:00 ට
හික් හික් තව පොඩ්ඩෙන් සෙට් එකම පොයියෝ…..
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:20 ට
නැතුව… හිකිස් එහෙනම් ආතල් එක… මට මැවිලා පේනවා….
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 10:02 ට
😀
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:21 ට
බයටද හිනා ගියේ….???
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 11:06 ට
මළ හුන්නස්ගිරියයි…..!!!!
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:21 ට
හික්ස්… අන්න ඒ වගේ සභ්‍ය වචනයක්…
2012 පෙබරවාරි 3 දින පෙ.ව. 11:29 ට
නෑමක් නූලෙන් මිස් වෙලා
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:22 ට
මට නෙවේ දෙයියනේ….
2012 පෙබරවාරි 3 දින ප.ව. 12:23 ට
තේරුනේ නෑ අප්පා… 😦
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:23 ට
මොයිය කියන්නේ පුරුෂ අහවල් එකට අයියෝ…
2012 පෙබරවාරි 3 දින ප.ව. 1:06 ට
Niyama Post Ekak
mama Tharaka
http://www.gamedroidlk.com/
2012 පෙබරවාරි 4 දින පෙ.ව. 10:25 ට
ela
2012 පෙබරවාරි 3 දින ප.ව. 2:11 ට
නෙලන්නම තමයි තිබ්බේ. ඇයි යකෝ උගේ ගමටම ගිහින් ඌට කාඩ් කුඩුකරනකොට. අනික ඇයි ඌට මොයියා කියන්නෙ කියලා කිව්වෙ නෑ නේද මාලු?
henryblogwalker the Dude
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:26 ට
මොයියා කියන්නේ අයියේ, අපේ ඔෆිස් එකේ වැඩිපුරම ඉන්නේ පිරිමි නිසා වැඩිපුර භාවිතා වෙන්නේ ශුද්ධ සිංහලනේ… ඉතිං අහවල් එකට කොළඹ එවුන් වෙන වචනයක් කියද්දි මූ කියලා තියෙන්නේ මොයිය කියලා..
2012 පෙබරවාරි 3 දින ප.ව. 4:11 ට
උන්ගෙ පැත්තෙ මොයියා කියන එකට උඹලගෙ පැත්තෙ කියන්නෙ මොකැයි බං?
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:27 ට
අයියා බබා…. අයියලෑ පැත්තේ කියන එකම තමා…..
2012 පෙබරවාරි 3 දින ප.ව. 5:14 ට
මරු! මීට පස්සේ XX දාන්න ඕනෑ නෑ කෙලින්ම මොයිය කියනවා!
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:27 ට
එල එල…
2012 පෙබරවාරි 4 දින පෙ.ව. 8:21 ට
kayya mote… 🙂
2012 පෙබරවාරි 4 දින පෙ.ව. 8:40 ට
😀
2012 පෙබරවාරි 5 දින පෙ.ව. 8:32 ට
දැන් මොයියා කපාගෙන ද ? හික්ස් 🙂
2012 පෙබරවාරි 5 දින ප.ව. 1:39 ට
මගේද…???
2012 පෙබරවාරි 8 දින පෙ.ව. 7:02 ට
ඉතින් උන් උබේ මොයියට අත මෙහෙවරයක් කලේ නැ බන් ?
2012 පෙබරවාරි 8 දින ප.ව. 6:07 ට
ඈ මං….?????