කොල්ලන්ට වින කරන බස් ටී.වී…!!!

මේක නම් හෙන භයානක ප්‍රශ්නයක්. කට්ටිය දන්නවනේ දැන් සීටීබී බස් වලයි ප්‍රයිවට් බස් වලයි ඒසී එව්වායෙයි ඔක්කොගෙම ටීවී එකක් තියෙන බව. ඉතිං ඔය ටීවී තියෙන එක හොඳයි තමා. මහන්සි වෙලා ගෙදර යන මල්ලිලට ගෑණු ළමයි නටන සිංදුවක් එහෙම බලාගෙන ගිහිං හෝල්ට් දෙක තුනක් පහු වෙලා බහින්න වෙන තරමට මහන්සි නිවෙන දෙයක් ඕක.

හැබැයි ඉතිං ‍දැන් ටික දවසක ඉඳන් මං දන්න කියන අය කීප දෙනෙක් ඔය බස් වල ටීවී තියෙන එකට කැමතිම නෑ. ඉතිං මටත් නිකං බැරිපාර මාත් එක එකාගෙන් ඇහුවා මොකද බං සීන් එක කියලා. මෙන්න ලැබුන උත්තර.

1. වැඩක් නෑ බං කතා කරලා. කෑල්ල එක්ක ටිකක් අතින් අල්ලගෙන කතා කරන්න හිතාගෙන මං පෙරුම් පුරලා බස් එකකට නැග්ගා. නෙද්දකිං විතරක් ඒකේ ටීවී එකක්. කෑල්ල මගේ මහපට ඇඟිල්ලෙන් අල්ලගෙන ටීවී එකේ දාලා තිබ්බ ෆිල්ම් එක බැළුවා. මං ඒකිගේ මූන දිහා සයිඩ් එකෙන් බලන් හිටියා. බලපං මේ ටීවී රෙද්දත් එක්ක අපිට යන කලදසාව මොකද්ද කියලා.

2. අනේ වැඩක් නෑ බං ඒ ගැන කියාලා. ක්ලාස් ගිහිං හොර එකත් එක්ක රුපියල් 160 වියදම් කරගෙන ඒසී එකක නැග්ගේ කාලෙකින් කට කන්න බැරිවුන නිසා. මොන කට කෑමක්ද බං, ඒකි පොඩ්ඩක් ඉන්න අනේ… කිය කිය ටීවී එකේ ගිය හිංදු සිංදු බල බල හිටියා. අන්තිමේ ඒකි බැහැලා ගියා මං මගේ ඇඟිල්ල හපා ගත්තා.

3. මේක නම් දන්න කිය එකෙකුට වෙච්ච දෙයක්. මූත් ගිය ඉරිදා ක්ලාස් යන්න කියලා නැග්ගා(ලු) බස් එකට.  හැමදාමත් වගේ ඉතිං ඇන්ටනාව දාලා බැළුවේ කෙලි පොඩ්ඩක් ඉන්නවද කියලා(ලු). කතා කරන්නම නෙමෙයි ඉතිං… ඔන්න ඔහේ නිකං යන එකේ ලස්සන බල බල යන්න කියල(ලු). මල මගුලයි… කෙල්ලෝ හිටයා(ලු) දහයක් විතර. ඒත් උං ඔක්කොම ටීවී එකේ ගිය සිංදු දිහා බලාගෙන(ලු). වෙනදට නිවියා ෆ්‍රෙෂ් ඇක්ටිවි මෙන් – බොඩිස්ප්‍රේ එක ගහලා බහිද්දී මීටර් හත අටක් දුරින් ඉන්න කෙල්ලෙක් වුනත් හැරිලා බැළුවට… දැන් එක කෙල්ලෙක් තියා… අඩුම ගානේ එක චූටි බබෙක්වත් බලන්නේ නෑ(ලු). පුංචි එවුනුත් හරි හරියට ඇඟිල්ල සූප්ප සූප්ප ටීවී බලනවා(ලු).

ඉතිං බලන්න මෙහෙම ගියොත් යෞවන වයසේ ඉන්න කොල්ලන්ට කාගෙ පිහිටක්ද….??? අපි බස් ටීවී වලට විරුද්ධව නැගී සිටිමු. ටීවී මාරයා පළවා හරිමු…!!!  බස් වලදී කොල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු..!!!

Advertisements

63 Responses to “කොල්ලන්ට වින කරන බස් ටී.වී…!!!”

  1. සාතන් Says:

    එකයි දෙකයි නම් ඉතිං දුක්ම සීන් 🙂

  2. ඉන්දික උපශාන්ත Says:

    බස් හෝල්ට් නිසා කපුවොන්ට කෙළෞනා වගේ බස් වල ටී වී නිසා කුකුළන්ට කෙළවෙලා!

  3. ගෝල්ඩ් fish Says:

    හිකිස්… අන්න කතාව….

  4. ගිනිකුරුල්ලා Says:

    හප්පා මට නම් ඔය ටකරං පෙට්ටි පෙන්නන්න බෑ බං මාළුවෝ. වෙන මුකුත් හින්දා නෙවෙයි කන පැලෙන්න දාන මෙලෝ චාරයක් නැති සිලිං බිලිං සිංදු හින්දා.

    • ගෝල්ඩ් fish Says:

      එහෙම කියන්න එපා බං. මාත් හවසට ගෙදර එද්දි ඕක දිහා බලාගෙන එන්නේ…

      • ගිනිකුරුල්ලා Says:

        ඈ.. කොල්ලන්ගේ අයිතිවාසිකම් දිනවමු කියලා පොර ටෝක් එකක් දුන්නා නේද?

      • ගෝල්ඩ් fish Says:

        එහෙම තමා බං… උඹට තේරෙන්නේ නැහැනේ…

  5. Mahesh Nishantha Says:

    අපිත් මේ පැත්තට එන්න කිට්ටුව දවසක කොළඹ යත්දි “මහ මඟ ටීවී‘‘ (මතක විදියට) කියල චැනලයක් සහිත රූපවාහිනියක් , අපි ගිය බස් රථයක තිබුනා . අපි නම් ඒකේ ගිය “Avatar“ ෆිල්ම එක බලාගෙන ගියා , ඉවර වෙනකොට කොළඹ ! ..(ගෝල්ඩ් ෆිෂ් කියනව වගේ කාළයක් අපිටත් තිබුන , ඒ දවස් වල නම් ඔය කරදර නෑ , කළුබෝවිලින් A/C එකකට නැගගත්තට පස්සේ , ගාල්ලට එනකං “කතාව“ ….දැන් ඇවිල්ල අවුරුදු දොළහක් , තාමත් ඉවර නෑ …(ඔබේ සටහන බලන්නට පහුගිය දවස්වල ආවත් යමක් ලියන්න තරම් වෙලාවක් නොවූ තරම් ,)

    • ගෝල්ඩ් fish Says:

      ඇත්තටම සමහර වෙලාවට මාරම වටින දේවල් යනවා. ඒත් ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ රියදුරා හා කොන්දා මත. මොකද එයාලා කැමති එව්වා තමා දාන්නේ…

  6. ChammA Says:

    මේවා ජාතික අපරාධ බන්…ප්‍රජාතන්ත්‍රවාදී අයිතියි නැති කරන මෙව්වා වලට එරෙහිව අපි ක්‍රියා කොරන්න ඕන..

  7. මධුරංග Says:

    ඇයි සමහර වෙලාවට කොටට ඇඳන් කෙල්ලෝ නටන සිංදුවක් එහෙම ගියොත් ටීවි එක යටම ඉදන් බලන එවුනුත් හිටියා දවසක් !!! ඒකා හිතලා තියෙන්නේ ටීවි එක උඩ එල්ලලා තියෙන නිසා පහල ඉදන් බැලුවම මොනාහරි පෙනෙයි කියලා.

    ඔන්න මම් කියන්නේ මම නෙමේ මෙහෙම කොලේ 🙂

    • ගෝල්ඩ් fish Says:

      අන්න අන්න ඉතිං මල්ලි අපිට කොලේ වහනවා….

      • මධුරංග Says:

        පික්ශු ද අයියා. මම් ඕවා බලන්ස්ඩ මහන්සි වෙන්නේ නෑ. පුලුවන් තරම් ඉක්මනටම ගෙදර මැෂින් එක ගාවට එන්නයි ට්‍රයි එක දෙන්නේ. 🙂

  8. සිතුවම් Says:

    අඩේ මමනම් ආසයි බන් ඕකක් දිහා බලන් යන්න.කෝ අම්මප මම යන බස් වල ඕව නෑ නොවැ බන්.

    • ගෝල්ඩ් fish Says:

      ඒක නෙමේ බං පස්නේ… උඹ යන වෙලාවට ටීවී ස්ටේෂන් වහලා….

  9. ඔබ නොදු‍ටු ලොවක් Says:

    වහාම මේ ටිවී ගලවන්න කියලා උද්ගෝසනය කරන්න ඕනේ…මේක අපරාදයක්..

    • ගෝල්ඩ් fish Says:

      නැත්තං…. පේනවනේ කොල්ලෝ කී දෙනෙක් කලකිරිලද ඉන්නේ කියලා…

  10. නිසපු Says:

    ළඟදි මමයි මගෙ හොඳම යාළුවයි මීගමුව කොලඹ බස් එකක නැග්ග ජාඇලට එන්න,බස් එකෙන් බැහැල යන්නතරම් හිතුන මහ දවල් බස් එක ඇතුලෙ දාල තිබුන කැරොකෙ සිංදුටික දැකල….
    මමයි මගෙ යාළුවයි කරකියාගන්න දෙයක් නැතුව බිම බලන් හිනාව තදකරන් ඉන්නකොට අපිත් එක්කම අපේ ශීට් එකේ හිටපු පොඩි කොලු පැටියෙකුයි අම්මෙකුයි කටත් ඇරගෙන ඒක දිහා බලන් හිටිය….
    හනේ දෙයියනේ සිරි ලංකාවට ගිය කලක්……:/

    • ගෝල්ඩ් fish Says:

      පොඩි එවුන්ට ලොකු දේවල් හිතෙන්නේ නැහැනේ….

  11. ශානka Says:

    පිස් මලයෝ මේ තොට වෙච්චි දේවල් නේද ….
    ඒකෙ පලිය ගන්න මේ අහිංසක අපි වගේ කොල්ලෝ ටික ගේමට දාන්න යනවද කොහෙද.
    අපි අහුවෙයි ඕවට. හික්

    • ගෝල්ඩ් fish Says:

      තුන්වෙනි එකේ ලු අයින් කලානම් කතාව දැනගන්න පුළුවන්…!!!

  12. dinesh umagiliya Says:

    හොද වෙලාවට මම ලංකාවේ නැත්තේ.. අර 3න් වෙනි කාරණාව ගැනනම් හිතේ ඇති උනේ සංවේගයක්…

  13. Chanaka Says:

    මට නම් ඔහොම සීන් නෑ බන් මොකද මම බස් වල යන්නෙ බොහොම අඩුවෙන්

  14. Observer Says:

    යක්කල-ගම්පහ 201 රූට් එකේ බස් වලත් ටී.වී. හයි කොරන්න කතා කොරල බලන්න ඕනෙ.

  15. බීටා Says:

    නුවර පැත්තේ නම් තවම ඔහොම සීන් නෑ….. ඔවා නැති වෙන එක හොඳා නැත්තම් නුවර අපිටත් බඩේ පාර තමා…..
    හප්පා හවස හයට හය මාරට විතර ක්ලාස් ඇරිලා එනකොට. කෙල්ලෝ නටන සීන් එකක් දැක්කාම……තුක් විතරක්…

  16. Praසන්ன Says:

    අන්තිම එක උනේ ගෝල්ඩ්ෆිස්ට (ලු)

  17. මාඩා Says:

    ජය වේවා…. මලු ගේ සටනට ජය වේවා………

    • ගෝල්ඩ් fish Says:

      අප්ප​ට සිරි මූ සිංහලෙන් කමෙන්ට් එකක් දාලා….

  18. බුද්ධි Says:

    වැඩැන්නැ මල්ලි ඔවා කතා කරලා…..

  19. mohan kanishka Says:

    gold fish wenuwen mamath parata bahinawa board lallak aragena.

  20. praveena Says:

    බස් ටීවීවලට ජයම වේවා…හී හී…

    • ගෝල්ඩ් fish Says:

      ඈ…. මේං මෙයා විතරක් අනිත් පැත්තට අත උස්සලා…..

  21. henryblogwalker Says:

    කාලෙං කාලෙට එන CIA කුමන්ත්‍රණ නෙ ඕවා

  22. X-Porter Says:

    තුන්වෙනි එක උනේ පොරොසන්න කියල කැහු‍ටු ඩයල් එකකට (ලු)
    හොඳවැඩේ එකක් තියාගෙන අනුංගෙ ඒවටත් පැනි පෙරනවට…….

  23. නිකමා Says:

    අපාරදේ නේද?.

  24. weniwelWeni Says:

    අපි වගේ ගෑල්ලමයි එක්ක යන්නෙ නැති අයට හරි වටිනව ඔය ටීවී.. එව්වට ජයවේවා !!!!

    • ගෝල්ඩ් fish Says:

      අයියගේ කමෙන්ට් එකේ සමහර තැන් වලට කොමා දැම්මම මාර තේරුම් එන්නේ….

  25. පැණි දොඩම් Says:

    මට උඹේ “ලු“ යන්න නම් ඇල්ලුවේ නෑ වල් මාළුවෝ..

  26. pissa palaamalla Says:

    ඔය හුඟක් එව්වල යන්නේ අඩ නිරුව්ස්තරෙන් උඩ පනින් ගෑනු ලමයින්ගෙ වීඩියො එකක් මැද්දට බස්සපු සිංදු නේද

  27. Gimhani Says:

    කෙල්ලො ටික පාඩුවෙ යන නිසා කොල්ලන්ටත් හොඳයිනේ අනේ සතුටු වෙන්න එපෑයි .

    • ගෝල්ඩ් fish Says:

      ඈ… කොල්ලෝ එක්ක යන කෙල්ලොත් පාඩුවේ යන එකනේ කේස් එක….

  28. හිතහොඳ පිස්සා Says:

    හරිම වැදගත්…අපි නැඟී සිටින්න ඕන….

  29. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ශහතික ඇත්ත. බාගෙට ඇද ගත්ත කෙලි පටික්කියෝ නටනවා දැක්කාම සමහර අයට මැජික් ! හැබැයි හොද ෆිල්ම් සෙට් එකක් දාලා තියෙනවා . කාලයක් ලංකාවේ වැඩිහිටියන්ට පමනයි කියාපු ඒවයේ සිඩි කොපි දලා තියනවා.

    • ගෝල්ඩ් fish Says:

      අඩේ එහෙම බස් එකක් අහු වුනොත් නම් අතාරින්නේ නෑ….

      • ලොකුජෝන් Says:

        එහෙම එකක් අහූනොත් කෙල්ල පවු (කෙල්ලට ඇඟිල්ල විකාගන්න තමා වෙන්නෙ )

  30. ලොකුජෝන් Says:

    හොඳ වෙලාවට ඒ කාලෙ ඕවා නොතිබුනෙ

    • ගෝල්ඩ් fish Says:

      අප්පා අපි ස්කෝලෙ යද්දි ඕවා තිබ්බනම් එහෙම… ම්..ම්..ම්…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: