මේ කතාවනම් පොඩි එවුන් නොකියව හිටයට කමක් නෑ….
මේක මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ට වෙච්ච කතාවක්. එක්කෙනෙක් නේවි එකේ අනිත් එකා ආමි එකේ. ඉතින් මේ දෙන්නගෙම ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් වලට කිට්ටුව. ඉතිං නිවාඩුවට ආවම අපේ පැත්තෙත් ඇවිල්ලා යනවා දෙන්න එක්කම. වැඩේ කියන්නේ මුං දෙන්නම නිවාඩු එන්නේ එකම දවසේ… යන්නෙත් එකම දවසේ. කොහොමහරි දෙන්නම නිවාඩුව සෙට් කරගන්නේ එකට.
එකෙක්ට නිවාඩු ගන්න බැරිනම් අනිත් එකාට කතා කරලා කියනවා දැන්ම නිවාඩු ගන්න ලෑස්ති වෙන්න එපා තව ටිකක් ඉඳපන් කියලා. ඔය විදියට කොහොම හරි දෙන්න එක්ක කතා වෙලා එකට නිවාඩු එනවා. එහෙම කරන්නේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ෆිට් එකට.
දැන් ඉතිං කෑම්ප් වලින් ගෙවල් වලට එන්න පිටත් වෙද්දී බලෙන්ම වගේ පවුල් සංස්ථාව පාලනය කරගන්න කියලා රේන් කෝට් දෙනවා. සාමාන්‍යයෙන් දෙන්නෙ තුනයිලු. ඕනේ නම් කැමති තරමක් ගේන්න පුළුවන් කමක් තියෙනවලු. ඉතිං මුං දෙන්න බැඳලා නැති වුනත් බේස් වලින් එද්දි ඔව්ව තුන හතරක් සාක්කුවේ දාන් එනවා. දෙන්නම ඉන්නේ කෙලි පුලුටක් පේන්න නැති ගම්මාන වල වුනාම ඉතිං කොළඹ, බම්බලපිටිය එහෙම පාස් කරගෙන ගමේ එද්දි කෙල්ලෝ දැක්කම ඉවසගෙන ටිකක් අමාරුයිලු….
ඉතිං ඔය ගේන ඔක්කොම මුන් දෙන්නගේ පාවිච්චියටම නෙමේ. උන් දෙන්න ගෙදර එනකං තව සෙට් එකක් සැදී පැහැදී බලාගෙන ඉන්නවා ස්පෙෂල් බ්‍රෑන්ඩ් එකක ෆන් එක ගන්න. ඉතිං ගිය පාර නිවාඩුවට ආපු වෙලාවේ මුං දෙන්නගාව තිබ්බ ඔක්කොම රේන් කෝට් ටික යාළුවන්ට බෙදලා දීලා. බෙදලා දීලා නෙමේ ඇත්තටම බෙදලා දෙන්න වෙලා…
ඉතිං වේලි වේලි හිටිය මුන් දෙන්නට කොටුවක් පයින්න යද්දී මුං දෙන්න ගාව බඩු නෑලු. ඒ පාර පිළියන්දල පැත්තේ හොර පොට් එකක් සෙට් කරගෙන දෙන්නත් එක්ක බයික් එකේ යන ගමන් ඔන්න මග තියෙන ෆාමසි වලින් රේන් කෝට් හොයන්න ගිහිං.
මුං දෙන්නගෙම කරුමෙට ෆාමසි තුනකම විතර ඉඳලා තියෙන්නේ කෙල්ලෝ. ඉතිං ඒ පාර මුං දෙන්නට රේන් කෝට් ඉල්ලන්න නිකං මොකද්ද මොකද්ද වගේ නිසා ආයේ හැරිලා ඇවිල්ලා. පස්සේ ඔන්න අර පොයින්ට් එකට ලං වෙලා ආයෙම නැවැතුත්වලු ෆාමසියක. පස්සේ දෙන්න එකක් ගිහිං බලද්දී වැඩේ ගොඩලු. අංකල් කෙනෙක්ලු ෆාමසියේ ඉන්නේ…
ඉතිං මොකට ලැජ්ජ වෙනවද. අංකල් බබෙක්යැ රේන් කෝට් ගැන නොදැන ඉන්න කියලා හිතලා, අර කලින් ෆාමසි වලදී ඇති වෙච්ච අයහපත් මානසික තත්වයෙන් මිදෙන්නත් එක්ක ගිය එවුන්ගෙන් එකෙක්…
අංකල් මට කොන්ඩම් පැකට් දෙකක් දෙන්න…. කියලා ටිකක් සද්දෙන් ඉල්ලලා.
අංකල් කැෂියර් මේසෙම ඉඳගෙන දකුණු පැත්තේ බිම බලලා…
දුවේ මෙයාට කොන්ඩම් පැකට් දෙකක් දෙන්න… කියලා අපේ පොරගෙන් සල්ලි අරගෙන. කෙල්ල ඉදලා තියෙන්නේ බෙහෙත් වගයක් රාක්ක වලට පැක් කර කර…
අපේ එවුන් දෙන්න ඒ මානසික්වයෙන් මිදෙන්න බැරුව, කොටු පැනිල්ල පැත්තක තියලා බඩුත් අරන් ගෙදර ඇවිල්ලා…!!!
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:30 ට
එතකොට පැකට් දෙකක් ඉවරවෙනකම් දඩයමේ යන්න හිතාගෙනයි ගිහිං තියෙන්නෙ ඈ….
පව් අප්පා…. අපරාදෙ කියන්න බෑ, මාළුව වගේම හොඳ හැදිච්චි කොල්ලො දෙන්නෙක්…. ;D
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:46 ට
ඈ මං වගේ…. අනේ අම්මෝ නෑ….
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:35 ට
කෙල්ලෙක්ගෙන් ඇහැව්වට මොකද? හරියට නිකම් නරක දෙයක් අහනවා වගේනෙ
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:54 ට
උං කොච්චර හමුදාවේ වුනත් කෙල්ලෙක්ගේ නක්කල් හිනාවට ලක්වෙන්න බයයි.
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:48 ට
යකෝ හරි වැඩක්නේ… ඉල්ලන්න බෑ.. කොරන්න පුළුවන්… අහ්… සමහරවිට මාළුවා වගේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො වෙන්න ඇති.
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:56 ට
හා හා උඹ කේන්ති ගන්නේ මොකටද….
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:48 ට
මම අහලා තියන්නෙ ලංකාවේ කොල්ලො රේන් කෝට් දාගෙන නාන්න බෑ කියනවා කියල!!! දැන් වෙනස් වගේ.
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:56 ට
ටික කාලෙකට කලින් එහෙම වෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ ඒ දවස් වල නොහිතපු තමන්ගේ ආරක්ෂාව ගැන දැන් කොල්ලෝ හිතනවා…
2012 ජනවාරි 29 දින පෙ.ව. 8:56 ට
පුරුදු කාරයෝ නෙමෙයි වෙන්න ඇති. මගුල් ගෙදරක ගිෆ්ට් එකකට දාන්න කියලා කියන්න එපාය.. ඕක ඉල්ලන්න ඔච්චර ඇඹරෙනවා නම් අරක දැක්කම දන ගහලා වඳියිද දන්නේ නෑ..
2012 ජනවාරි 29 දින පෙ.ව. 9:00 ට
දන ගහලා වැඳිල්ල ගැන ඉතිං ආයෙ මොන කතාද අයියේ… නැත්තං දෙන්නට තුන තුන පැකට් දෙකක් ගනීයැ…
2012 ජනවාරි 29 දින පෙ.ව. 10:15 ට
ඉතිං ඒ පැකට් දෙකෙන් ඉතුරු වුන ඒවා උඹට දෙද්දී ද සීන් එක කිවුවේ…. 😀
හොහ් හොහ් හොහ්…..
2012 ජනවාරි 29 දින ප.ව. 8:11 ට
මට දෙන්න… උඹ හිතුවද උං ඉතුරු දෙක අරගෙන ආවා කියලා…
2012 ජනවාරි 29 දින පෙ.ව. 11:47 ට
ෆාමසිවල කෙල්ලන්ට ඕකත් “බේතක්” විතරයි. උන් ඇඹරෙන්නෙ නෑ. සමහරවිට උන් ඔය ගැන හරියට දන්නෙත් නෑ.
2012 ජනවාරි 29 දින ප.ව. 8:12 ට
ඒක නම් ඇත්ත….
2012 ජනවාරි 29 දින ප.ව. 12:05 ට
බැඳපු උන්ටත් ගමේදී කොන්ඩම් ගන්න ප්‍රශ්ණ තියෙනවා නං, නොබැඳපු කොල්ලන්ට කෝමට ඇතිද?
2012 ජනවාරි 29 දින ප.ව. 8:12 ට
කා ගැනද මන්දා ඔය බැඳපු උන් කියලා අදහස් කලේ… 😀
2012 ජනවාරි 29 දින ප.ව. 1:29 ට
අපි ඉන්න රටේ නම් රේන් කෝට් තියල තියනව ඕනෙම කාර්යාලයක වැසිකිලි ඇතුලේ. එතකොට ලැජ්ජාව බිමින් තියල කට්ටියට රේන් කෝට් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්. මෙහේ ඒඩ්ස් ප්‍රතිශතය ඉතා ඉහල නිසා තමයි ඒ වගේ දේවල් පවා කරරල තියෙන්නේ…
2012 ජනවාරි 29 දින ප.ව. 8:15 ට
ලංකාවෙත් දැන් වැඩිවී ගෙන යන්නේ…
2012 ජනවාරි 29 දින ප.ව. 2:30 ට
අපේ රටෙ නම් කාර්යාලීය වැසිකිලි බට පිරිසිදු කිරීම්වලදි රේන් කෝට් හමු වෙනව..ඒ භාවිතා කරපුවා…වැසිකිලි සහ වොෂ් රූම් වෙනත් කාර්යයන් වලටත් භාවිත කරනව කියල මට හිතෙන්නෙ…
2012 ජනවාරි 29 දින ප.ව. 3:56 ට
හේතුව මේකයි. අනියම් වේවා, නියම වේවා ජෝඩුවකට නිදහසේ ඒක කරගන්න තැන් නැහැ අපේ සමාජය තුල. ඒක ඒ අයගේ අවශ්‍යතාවක්. අපි තමයි බොරු සදාචාර නීති දාන්නේ. ඒ නිසයි ඔය තැන පාවිච්චි කරන්නේ.
2012 ජනවාරි 29 දින ප.ව. 8:15 ට
හිකිස්…. ඔය අහුවෙන්නේ හොර…
2012 ජනවාරි 29 දින ප.ව. 3:51 ට
බොරු සෝබන. අපිට ඇයි බැරි කොන්ඩම් එකක් ඉල්ලන්න ෆාමසියක ගැණු ලමෙක්ගෙන්? එයා සහ අපි දෙගොල්ලොම නිදහස් පුරවැසියෝ. ඔය අපේ සමාජයේ තියන බොරු සදාචාරය. ඒ ළමයට මොකද අපි බඩු ගැහුවත් අපේ ගෑනිට ගැහුවත්? වයින් ස්ටෝර්ස් එකකින් අරක්කු බෝතලයක් ගන්නවා, රිසිට් එකක් ඉල්ලන්නේ නැහැ. ඇයි දෙයියනේ ඒක පාරිභෝගික අයිතියක්. මමනම් කාර්ගිල්ස් එකෙන් ගන්නේ, වෙන තැන්වලදී මරාගෙන මැරෙන්න වෙන නිසා. අනික රිසිට් එක ස්ථිරවම ලැබෙනවා. මොනවහරි ප්‍රශ්නයක් ආවොත්, කොහොමද ඔප්පු කරන්නේ මේ කඩෙන් තමයි ගත්තේ කියලා. අරක්කු වල තිබුන වරදක් නිසා රෝහල් ගතවෙන්න වුනොත් බොන එක වරදක් කියලා නඩු දාන්න නීති නැහැ. නරක අරක්කු වික්කට නඩු දාන්න පුළුවන්. බොරු සදාචාරය තමයි අපිව කන්නේ.
2012 ජනවාරි 29 දින ප.ව. 4:13 ට
කාලෙකට ඉස්සර වෙච්චි දෙයක්….. මගේ යාලුවෙක් දවසක් ෆාමසියකට ගොඩවෙලා රේන් කෝට් ගන්න. ටිකක් වයසක පහේ ඇන්ටි කෙනෙක් ඉඳලා තියෙන්නේ. මූ අහලා තියෙන්නෙත් ඇඹරී ඇඹරී. බඩු දෙන ගමන් ඇන්ටි කියනවාලු…”පාවිච්චි කරන පිළිවෙල පැකට් එක ඇතුලේ තියනවා” කියලා. මූ එලියට ආවේ කොහොමද කියලා මුට අදත් මතක නෑලු.
2012 ජනවාරි 29 දින ප.ව. 9:00 ට
හික්… අන්දුන් කුන්දුන් වෙන්න ඇති පොරව…
2012 ජනවාරි 29 දින ප.ව. 9:45 ට
කැන්ඩියන්, අපරාදෙනෙ ඕක බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පාවිච්චි නොකලෙ. මරු කතාව ඒක.
අපේ සදාචාරෙ තියෙන්නෙ ඕනෙ නැති තැන් වල. ඕවා කොයින් එකක් දාල ගන්න සෙට් කලානම් වැඩේ ගොඩනෙ අර එක පාරක් කලා වගෙ.
henryblogwalker the Dude
2012 ජනවාරි 30 දින ප.ව. 7:22 ට
මං මේකට කමෙන්ට් නොකලේ… මගේ දැනුම මදි නිසා…
2012 ජනවාරි 29 දින ප.ව. 5:28 ට
pitipasse dora pawichchi kirime wadagathkama …. 😀
2012 ජනවාරි 29 දින ප.ව. 9:04 ට
හ්ම්… හ්ම්….
2012 ජනවාරි 29 දින ප.ව. 5:32 ට
හයියූ ඉතිං බං ඔය ෆාමසියෙං අරං ආපු ඒව ටිකත් අරුන්ට බෙදල දීලද? හික්… එළ ඈ…
2012 ජනවාරි 29 දින ප.ව. 9:05 ට
එව්වා ගෙදර එද්දිම ඉවර කරගෙන ඇවිත් තියෙන්නේ
2012 ජනවාරි 29 දින ප.ව. 6:17 ට
අපේ පැත්තේ නම් කොන්ඩම් බූත් එකක් තියෙනවා. ඒකට මාරු කාසි දාලා බොත්තමක් එබුවම කොන්ඩම් එක එලියට එනවා. පට්ට නේ !
2012 ජනවාරි 29 දින ප.ව. 9:06 ට
උඹ දවසට ඒකට කාසි කීයක් විතර ඔබනවද බං 😀 😀
2012 ජනවාරි 30 දින ප.ව. 9:36 ට
කාසි ටික දාලා පස් වතාවක් විතර බොත්තම එබුවම යාන්තන් එකක් එනවා.
දැන් ඒක අයින් කරලා !!!
ඒක තිබ්බේ කඩවත දිහෑ 🙂
2012 ජනවාරි 29 දින ප.ව. 8:42 ට
ඇත්තමයි අපේ ඉලංදාරි ඕකට ඔච්චර ලැජ්ජ මොකද ඈ…
2012 ජනවාරි 29 දින ප.ව. 9:07 ට
ගෑණූ ළමයි හිනා වෙයි කියලනනේ….
2012 ජනවාරි 29 දින ප.ව. 10:51 ට
මක්කටයි ඉතින් ඕකට ඔච්චර ලැජ්ජ වෙන්නේ?
2012 ජනවාරි 30 දින ප.ව. 7:23 ට
කව්ද බං දන්නේ… උංට බය හිතෙන්න ඇති…
2012 ජනවාරි 29 දින ප.ව. 10:53 ට
යාළුවෝ දෙන්නට නිකන් හම්බෙන ඒවා මේ මාළුවා අරං ගියයිනේ උන් දෙන්නට ඔහොම දේකට මූණ දෙන්න උනේ.. 🙂
2012 ජනවාරි 30 දින ප.ව. 7:24 ට
මූව කොටියම කාපිය… මට කියන කතා වලට…. 😀
2012 ජනවාරි 29 දින ප.ව. 11:53 ට
මේමයි අපේ පැත්තේ බුවාල ඕක ඉල්ලන්න මර ලැජ්ජයි . ඒක නිසා මේ පැත්තේ තියනවා පවුල් සැලසුම් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් ඉතින් ඒකට යන උදවිය නොමිලේම කොන්ඩම් ලබාගන්නවා ..ඉල්ලන්න ඕනෙත් නෑ එයාලා කෙලින්ම කොන්ඩම් පෙට්ටියක් එලියෙන් තියලා යනවා ඕනෙ කෙනෙක්ට ගන්නයි තියෙන්නේ
2012 ජනවාරි 30 දින ප.ව. 12:16 ට
මොලේ තියන එවුන් ඒවා අරන් ගිහින් බිස්නස් කරනවා ඇති
2012 ජනවාරි 30 දින ප.ව. 7:26 ට
මට හිතෙන්නෙම උඹව මේකට ඈඳලා රිප්ලයි කරන්න…
2012 ජනවාරි 30 දින පෙ.ව. 12:25 ට
හප්පෝ උං මොකට හමුදාවට ගියාද බං…..එක රේන් කෝට් එක දෙන්නා පාචිච්චි කරන්නේ හදිස්සියට…..
2012 ජනවාරි 30 දින ප.ව. 7:31 ට
ඈ… එක කෝට් එක….?????
2012 ජනවාරි 30 දින පෙ.ව. 2:11 ට
බඩුම තමා.
අපේ හන්දියෙත් ඉස්සර ඔය කොන්ඩම් බූත් එකක් තිබ්බද කොහෙද දැන්නම් තියෙනවද කියල දන්නේ නැහැ.
2012 ජනවාරි 30 දින ප.ව. 7:32 ට
උඹලා නිසා ඒ කොම්පැනියට පාඩු වුනාද දන්නේ නෑ…. 😀 😀 😀
2012 ජනවාරි 30 දින ප.ව. 12:36 ට
මීට පස්සෙ නම් යාලුවො 2නා එද්දි රේන් කෝට් අම්බානෙක අරගෙන ඒවි……අනේ උඩ එක මකල දාන්නෝ…
2012 ජනවාරි 30 දින ප.ව. 7:33 ට
ඊළඟ පාර තමා ඒක බලන්න වෙන්නේ…
2012 ජනවාරි 30 දින ප.ව. 8:21 ට
මමනම් කෙල්ලෝ ඉන්න එව්ව හොය හොය යන්නේ.. ෆ්‍රී ඩෙමොන්ස්ට්රේසන් එකක් ලැබුණොත් මොන දෙයියන්ට කියන්නෙයි
2012 ජනවාරි 31 දින ප.ව. 7:38 ට
මුංගේ වල් හිත….
2012 පෙබරවාරි 1 දින පෙ.ව. 9:41 ට
යකෝ පැකට් 2 ක් ???? උන් දෙන්න ආමි.. නේවි කිව්ව නේද… මෙහෙව් ලැජ්ජාවක්… අන්බිලීවල්. යකො ලංකාවෙ ෆාමසි වල ඉන්න තරම් ඉන්නෙ කෙල්ලො නේ…
2012 පෙබරවාරි 3 දින ප.ව. 9:15 ට
මොන අන්බිලිවබල්ද බං…. තව ජින්තු තිබුනොත් තව වටයක් යයි.